480. පුලිනචඞ්කමියත්ථෙරාපදානං
480. පුලිනචඞ්කමියත්ථෙරාපදානං
480. පුලිනචඞ්කමිය ස්ථවිරාවදානය
5025. මිගලුද්දො පුරෙ ආසි අරඤ්ඤෙ කානනෙ අහං, වාතමිගං ගවෙසන්තො චඞ්කමං අද්දසං අහං.
5025. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. වාතමෘගයකු සොයන්නෙම් මම සක්මනක් දුටුවෙමි.
5026. උච්ඡඞ්ගා පුලිනං ගය්හ චඞ්කමං ඔකිරිං අහං, පසන්නචිත්තො සුමනො සුගතස්ස සිරීමතො.
5026. මම ඇකයෙන් (ඔඩොක්කුවෙන්) වැලි ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ශ්‍රීමත් වූ බුදුරජුන්ගේ සක්මනෙහි ඉස්සෙමි.
5027. එකතිංසෙ ඉතො කප්පෙ පුලිනං ඔකිරිං අහං, දුග්ගතිං නාභිජානාමි පුලිනස්ස ඉදං ඵලං.
5027. මෙයින් එක්තිස්වන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි, පුලිනදානයාගේ මේ විපාක යි.
5028. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5028. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5029. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5029. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5030. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5030. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා පුලිනචඞ්කමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් පුලිනවඞ්කමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුලිනචඞ්කමියත්ථෙරස්ස අපදානං දසමං.
පුලිනවඞ්කමියස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
නළමාලී මණිදදො උක්කාසතික-වීජනී, කුම්මාසො ච කුසට්ඨො ච ගිරිපුන්නාගියොපි ච. වල්ලිකාරො පානධිදො අථො පුලිනචඞ්කමො, ගාථායො පඤ්චනවුති ගණිතායො විභාවිහි.
නළමාලිමණිද ද උක්කාසතික වීජනී කුම්මාසකුසට්ඨ ගිරිපුන්නාගිය ද යළි වල්ලීකාරපානධි ද පුලිනවඞ්කම දස වේ. පඬුවන් විසින් ගිණූ ගී මෙහි පස්අනූවෙකි.
නළමාලීවග්ගො අට්ඨචත්තාළීසමො.
නළමාලීවර්ගය අටසාළිස්වැනී යි.