යෙදුමෙන් කියවන්න

553. ගයාකස‍්සපත්‍ථෙරාපදානං

553. ගයාකස‍්සපත්‍ථෙරාපදානං

553. ගයාකාශ්‍යප ස්ථවිරාවදානය

6365. අජිනචම‍්මවත්‍ථොහං ඛාරිභාරධරො තදා, ඛාරිකං හාරයිත්‍වාන කොලං අහාසිමස‍්සමං.

6365. අඳුන්දිවිසම් වස්ත්‍ර කොට ඇති, පිරිකර කද දරන මම කද උසුලා ගෙන අසපුවට ඩෙබරපල ගෙණ ආයෙමි.

6366. භගවා තස‍්මිං සමයෙ එකො අදුතියො ජිනො, මමස‍්සමං උපාගඤ‍්ජි ජොතෙන‍්තො සබ‍්බකාලිකං.

6366. එ සමයෙහි හැමකල්හි ලොව බබුළුවන ජිනේන්‍ද්‍ර වූ භාග්‍යවතුන්වහන්සේ එකලා වූසේක් දෙවැන්නකු නැති වැ මාගේ අසපුවට එළැඹිසේක.

6367. සකං චිත‍්තං පසාදෙත්‍වා අභිවාදෙත්‍වාන සුබ‍්බතං, උභොහත්‍ථෙහි පග‍්ගය‍්හ කොලං බුද‍්ධස‍්ස’දාස’හං.

6367. මම සිය සිත පහදවා ගෙණ මනාව්‍රත ඇති ඔබ වැඳ ඩෙබරපල දෙඅතින් ගෙණ බුදුරදුනට දිනිමි.

6368. එකතිංසෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි කොලදානස‍්සිදං ඵලං.

6368. එකලැ එනම් මෙයින් එක්තිස්වන කප්හි යම් ඵලයක් බුදුනට දිනිම් ද, දුගතිය නො හඳුනමි. මේ ඩෙබරපල දානයාගේ විපාක යි.

6369. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

6369. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ උපුටාහරණ ලදහ, බැඳුම් සිඳ සරණ ඇත්රජකු සෙයින් ආස්‍රව නැතියෙම් වාස කෙරෙමි.

6370. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

6370. මාහට, බුද්ධශ්‍රේෂ්ඨයන්වහන්සේ වෙතැ ඒකාන්තයෙන් මනා එළැඹීමෙක් විය, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරණ ලද.

6371. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛා පි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

6371. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ්අභිඥා ද, සාක්‍ෂාත්කෘත යැ, බුදුසසුන් කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගයාකස‍්සපො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් ගයාකාශ්‍යප ස්ථවිරයන්වහන්සේ මේ ගාථා වදාළාහ.

ගයාකස‍්සපත්‍ථෙරස‍්සාපදානං තතියං.

තෙවැනි ගයාකාශ්‍යප ස්ථවිරාවදාන යි.