යෙදුමෙන් කියවන්න

554. කිම‍්බිලත්‍ථෙරාපදානං

554. කිම‍්බිලත්‍ථෙරාපදානං

554. කිම්බිල ස්ථවිරාවදානය

6372. නිබ‍්බුතෙ කකුසන්‍ධස‍්මිං බ්‍රාහ‍්මණස‍්මිං වුසීමති, ගහෙත්‍වා සලලං මාලං මණ‍්ඩපං කාරයිං අහං.

6372. විසූ බඹසර ඇති බාහිතපාපී වූ කකුසඳ බුදුරදුන් පිරිනිවි කල්හි (ඔබ උදෙසා) මම හොරදඬුයෙන් මණ්ඩපමාලයක් කරවීමි.

6373. තාවතිංසං ගතො සන‍්තො ලභිම‍්හ ව්‍යම‍්හමුත‍්තමං, අඤ‍්ඤෙ දෙවෙ’තිරොචාමි පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං.

6373. (මිනිස් බැවින් සැවැ) තව්තිසා දෙව්ලොවට (උපත් විසින්) ගියෙම් උතුම් පහයක් ලදිමි. සෙසු දෙවියන් ඉක්මැ බබළමි, පින්කම්හි මේ විපාක යි.

6374. දිවා වා යදි වා රත‍්තිං චඞ‍්කමන‍්තො ඨිතො චහං, ඡන‍්නො සලලපුප‍්ඵෙහි පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං.

6374. දාවලෙහි හෝ ඉදින් රෑහි හෝ මම් සක්මන් කරනුයෙම් ද, සිටියෙම් ද සලලපුෂ්පයෙන් වැසුණේ වෙමි. මෙ වූකලි පින්කම්හි ඵල යි.

6375. ඉමස‍්මිං යෙව කප‍්පම‍්හි යං බුද‍්ධම‍්හිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

6375. මෙ කප්හි මැ යම් බුදුකෙනෙකුන් පිදුයෙම් ද, දුගතිය නො හඳුනමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.

6376. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

6376. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ හැසිරෙන ඇත්රජෙකු සෙයින් ආස්‍රව නැතියෙම් වෙසෙමි.

6377. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

6377. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එකැතින් මාගේ මනා එළැඹීමෙක් වියැ, ත්‍රිවිද්‍යාවෝ පිළිවෙළින් එළැඹියහ, බුදුසසුන් කරණ ලද.

6378. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛා පි ච අට‍්ඨි’මෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

6378. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ්අභිඥා ද, සාක්‍ෂාත්කෘත යැ, බුදුවදන් කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කිම‍්බිලො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.

කිම‍්බිලත්‍ථෙරාපදානං චතුත්‍ථං.

සතරවැනි කිම්බිලස්ථවිරාවදාන යි.