යෙදුමෙන් කියවන්න

555. වජ‍්ජීපුත‍්තත්‍ථෙරාපදානං

555. වජ‍්ජීපුත‍්තත්‍ථෙරාපදානං

555. වජ්ජිපුත්ත ස්ථවිරාවදානය

6379. සහස‍්සරංසී භගවා සයම‍්භූ අපරාජිතො, විවෙකා වුට‍්ඨහිත්‍වාන ගොචරායාභිනික‍්ඛමි.

6379. ස්වයම්භූ වූ අපරාජිත වූ සහස්‍රරශ්මි වූ (සිද්ධාර්‍ත්‍ථ) භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් (-පලසමවතින්) නැගී සිට පිඬු පිණිස නික්මුණු සේක.

6380. ඵලහත්‍ථො අහං දිස‍්වා උපගඤ‍්ඡිං නරාසභං, පසන‍්නචිත‍්තො සුමනො සවණ‍්ටං අදදිං ඵලං.

6380. අත්හි ඵල ඇති මම් නරශ්‍රේෂ්ඨයන් දැක වෙතැ ගියෙමි. (ගොස්) පහන් සිත් ඇතියෙම් සුමනස් වූයෙම් තුවටුව (-නැට්ට) සහිත ඵලයක් දිනිමි.

6381. චතුනවුතිතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

6381. එකල්හි එනම්, මෙයින් සූඅනූවන කප්හි යම් ඵලයක් (බුදුරදුනට) දිනිම් ද, දුගතිය නො දනිමි. මේ ඵලදානයාගේ විපාකයි.

6382. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- විහරාමි අනාසවො.

6382. මා විසින් කෙලෙස් දවන ලද ... ආස්‍රව නැතියෙම් වෙසෙමි.

6383. ස‍්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

6383. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එළැඹීම මට ඒකාන්තයෙන් ස්වාගත වියැ ... බුදුසසුන් කරණ ලද.

6384. පටිසම‍්භිදා චතස‍්සො ච -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

6384. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා වජ‍්ජිපුත‍්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ ආයුෂ්මත් වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.

වජ‍්ජිපුත‍්තත්‍ථෙරස‍්සාපදානං පඤ‍්චමං.

පස්වැනි වජ්ජිපුත්ත ස්ථවිරාවදාන යි.