556. උත්තරත්ථෙරාපදානං
556. උත්තරත්ථෙරාපදානං
556. උත්තර ස්ථවිරාවදානය
6385. සුමෙධො නාම සම්බුද්ධො බත්තිංසවරලක්ඛණො, විවෙකකාමො භගවා හිමවන්ත මුපාගමි.
6385. දෙතිස්මහපුරිස් ලකුණෙන් හෙබි භාග්‍යවත් වූ සුමේධ නම් සම්බුදුරජානන් වහන්සේ විවෙක කැමැතිසේක් හිමවතට එළැඹි සේක.
6386. අජ්ඣොගහෙත්වා හිමවන්තං අග්ගො කාරුණිකො මුනි, පල්ලනඞ්කං ආභුජිත්වාන නිසීදි පුරිසුත්තමො.
6386. අග්‍ර වූ කාරුණික වූ පුරුෂෝත්තම වූ මුනීන්ද්රයන්වහන්සේ හිමවතට පිවිස ගෙණ පළක් බැඳ වැඩහුන් සේකි.
6387. විජ්ජාධරො තදා ආසිං අන්තලික්ඛචරො අහං, තිසූලං සුගතං ගය්හ ගච්ඡාමි අම්බරෙ තදා.
6387. එසමයෙහි මම් අහස්හි හැසිරෙන විද්‍යාධරයෙක් වීමි, එකලැ ත්‍රිශූලයක් රැගෙණ අහසින් යමි.
6388. පබ්බතග්ගෙ යථා අග්ගි පුණ්ණමායෙව චන්දිමා, වනං ඔභාසතෙ බුද්ධො සාලරාජාව ඵුල්ලිතො.
6388. පවුඅග්හි ගින්නක් සෙයින්, පුන්පොහෝ දිනැ සඳ සෙයින්, සුපිපි සල්රුකක් සෙයින් බුදුහු වනය හොබවති.
6389. වනග්ගා නික්ඛමිත්වාන බුද්ධරංසී විධාවරෙ, නළග්ගිවණ්ණසඞ්කාසා දිස්වා චිත්තං පසාදයිං.
6389. බුදුරැස් වනගින් නික් මැ (ඔබමොබ) දුවයි, හුණගින්නක් වන් එරැස් දැක (මම්) සිත පහදවාලීමි.
6390. විචිනං අද්දසං පුප්ඵං කණිකාරං දෙවගන්ධිකං, තීණි පුප්ඵානි ආදාය බුද්ධසෙට්ඨමපූජයිං.
6390. (පුදනට නිස්සක්) සොයනුයෙම් දෙව්සුවඳවහන කිණිහිරිමලක් දිටිමි. මල් තුණක් (නෙලා) ගෙණ (එයින්) බුදුරදුන් පිදීමි.
6391. බුද්ධස්ස ආනුභාවෙන තීණි පුප්ඵානි මෙ තදා, උද්ධවණ්ටා අධොපත්තා ඡායං කුබ්බන්ති සත්ථුනො.
6391. එවිටැ මා විසින් පිදූ ඒ මල් තුණ බුදුරදුන්ගේ ආනුභාවයෙන් උඩුහුරු තුවටු ඇති වැ යටිහුරු පත් ඇති වැ ශාස්තෘන් වහන්සේට සෙවන කෙරෙයි.
6392. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
6392. මැනැවින් කළ ඒ පුණ්යකර්මයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද මිනිස්කය හැරපියා උපත් විසින් තව්තිසා දෙව්ලොවට ගියෙමි.
6393. තත්ථ මෙ සුකතං ව්යම්හං කණිකාරීති ඤායතෙ, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
6393. එහි මට මැනැවින් කරණ ලද විමනෙක් වෙයි. (එ විමන) කණිකාර නමින් දක්නා ලැබෙයි. (එ) සැටයොදුන් උස් ය. තිස් යොදුන් පුළුල් ය.
6394. සහස්සකණ්ඩං සතභෙණ්ඩු ධජාලු හරිතාමයං, සතසස්සනිය්යුහා ව්යම්හෙ පාතුරහංසු මෙ.
6394. දහසක් භාග ඇත්තේ ය, සියයක් ගෝලාකාර ගෙමුදුන් ඇත. ධ්වජ බහුල ය, රන්මුවා ය, මාගේ විමන්හි සියක් දහසක් ද්වාර පහළ විය.
6395. සොවණ්ණමයා මණිමයා ලොහිතඞ්කමයා’පි ච, ඵලිකා’පි ච පල්ලඞ්කා යෙනිච්ඡකා යදිච්ඡකා.
6395. (එහි) රිසිතැනෙක රිසිතාක් රන්මුවා මිණිමුවා පියුම්රාමිණිමුවා පිළිමිණිමුවා පර්‍ය්‍යඞ්කයෝ වෙති.
6396. මහාරහඤ්ච සයනං තූලිකාවිකතීයුතං, උද්ධලොමිඤ්ච එකන්තං බිම්බොහනසමායුතං.
6396. පුලුන් බිහි ඈ යුත් උඩුහුරු ලොම් ඇති එක්දාවලු ඇතිරි හා කන්වයින් (බිම්බොහන) යුත් මාඇඟි ශයන ද ඇති.
6397. භවනා නික්ඛමිත්වාන චරන්තො දෙවචාරිකං, යදා ඉච්ඡාමි ගමනං දෙවසඞ්ඝපුරක්ඛතො.
6397. භවනින් නික් මැ දේවචාරිකා සරනුයෙම් යම් විටෙක ගමන් රිසියෙම් ද, දේවගණයා විසින් පෙරටු කරණ ලදුයෙම්-
6398. පුප්ඵස්ස හෙට්ඨා තිට්ඨාමි උපරිච්ඡදනං මම, සමන්තා යොජනසතං කණිකාරෙහි ඡාදිතං.
6398. මල් යටැ සිටිමි, මා මතුයෙහි (පුෂ්පමය) ඡදනයෙක් වෙයි, (එ) අවට සියක්යොත්නෙකැ කිණිහිරිමලින් වැසුණු ඡදනයෙකි.
6399. සට්ඨිතුරියසහස්සානි සායං පාතං උපට්ඨහුං, පරිවාරෙන්ති මං නිච්චං රත්තින්දිවමතන්දිතා.
6399. සැටදහසක් තූර්ය්යවාදකයෝ උදය - සවස උවටැන් කළහ, දිවාරෑ අනලස් වැ මා පිරිවරත්.
6400. තත්ථ නච්චෙහි ගීතෙහි තාළෙහි වාදිතෙහි ච, රමාමි ඛිඩ්ඩාරතියා මොදාමි කාමකාමහං.
6400. එහි නැටුමෙන්, ගැයුමෙන්, තාළයෙන් හා වැයුමෙන් ඉඳුරන් පිනවමි. මම් රූපාදිකාමසම්පත් රිසියෙනුයෙම් කෙළිදෙළෙන් සතුටු වෙමි.
6401. තත්ථ භුත්වා පිවිත්වා ච මොදාමි තිදසෙ පුරෙ, නාරිගණෙහි සහිතො මොදාමි ව්යම්හමුත්තමෙ.
6401. එකල්හි එ දෙව්ලොවැ අනුභවකොට පානයකොට (කමින්-බොමින්) මුදිත වෙමි, උතුම් විමනෙහි අප්සරාගණයා සමග සතුටු වෙමි.
6402. සතානං පඤ්චක්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං, සතානං තීණික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොස’හං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
6402. මම් පන්සියක් වරැ දෙව්රජය කරවීමි, තුන්සියක් වරැ සක්විති රජ වීමි, මහත් වූ පෙදෙස්රජය ගණන් විසින් සඞ්ඛ්‍යා රහිත යැ.
6403. භවෙ භවෙ සංසරන්තො මහාභොගං ලභාමහං, භොගෙ මෙ ඌනතා නත්ථි බුද්ධපූජායිදං ඵලං.
6403. කුදුමහත් බෙවෙහි හැසිරෙන මම් මහත් භොග ලබමි, මාගේ භෝගසම්පත්හි උනුබවෙක් නැති. මෙ වූකලී බුද්ධපූජායෙහි විපාක යි.
6404. දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ජානාමි බුද්ධපූජායිදං ඵලං.
6404. දෙව්බව යැ යළි මිනිස්බව යැ යන දෙඅත්බව්හි හැසිරෙමි, අන්ගතියක් (-අත්බවක්) නො දනිමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6405. දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ චාපි බ්රාහ්මණෙ, නීචෙ කුලෙ න ජානාමි බුද්ධපූජායිදං ඵලං.
6405. කැත්කුලය, බමුණුකුලය යන දෙකුලෙහි උපදිමි. පහත් කුල නො දනිමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6406. හත්ථියානං අස්සයානං සිවිකං සන්දමානිකං, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
6406. ඇත්යාන, අස්යාන, සිවිකා හා රිය හා යන තෙල සියල්ල ලබමි. මෙ වනාහි බුද්ධපූජායෙහි විපාක යි.
6407. දාසිගණං දාසගණං නාරියො සමලඞ්කතා, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
6407. දැස්ගණයා, දස්ගණයා හා මොනොවට සරහන ලද ඉතිරි ගණයා යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6408. කොසෙය්ය කම්බලියානි ඛොමකප්පාසිකානි ච, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
6408. තිහිරිපිළී යැ, ලොමුපිළී යැ, කොමුපිළී යැ, කපුපිළී යැ යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6409. නවවත්ථං නවඵලං නවග්ගරසභොජනං, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
6409. නවවත් යැ, නවඵල යැ, සුමිහිරි නවබොජුන් යැ යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6410. ඉමං ඛාද ඉමං භුඤ්ජ ඉමස්මිං සයනෙ සය, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
6410. මෙය කව, මෙය අනුභව කර, මෙ යහන්හි සයනය කර යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6411. සබ්බත්ථ පූජිතො හොමි යසො අච්චුග්ගතො මම, මහාපක්ඛො සදා හොමි අභෙජ්ජපරිසො සදා.
6411. හැමතන්හි පුදන ලද වෙමි, මාගේ යශස් ඉතා උස් වැ පැන නැගිණ, හැම කල්හි මහ පිරිස් ඇතියෙම් වෙමි, හැම කල්හි නො බිඳියැ හැකි පිරිස් ඇත්තෙම් ද වෙමි, නෑයනට උතුම් වෙමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6412. සීතං උණ්හං න ජානාමි පරිලාහො න විජ්ජති, අථො චෙතසිකං දුක්ඛං හදයෙ මෙ න විජ්ජති.
6412. සිහිල උණුසුම නො දනිමි, දහයෙක් නැත, යළි චෛතසික දුඃඛයෙක් මා ළෙහි කැල මැ නැති.
6413. සුවණ්ණවණ්ණො හුත්වාන සංසරාමි භවාභවෙ, වෙවණ්ණියං න ජානාමි බුද්ධපූජායිදං ඵලං.
6413. රන්වන් වැ කුදු-මහත් බෙවෙහි සරමි, විවර්ණ බවක් නො දනිමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6414. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, සාවත්ථියං පුරෙ ජාතො මහාසාලෙසු අඩ්ඪකෙ.
6414. දෙව්ලොවින් සැවැ කුශලමූලයෙන් චෝදනා කරණ ලදුයෙම් සැවැත් නුවරැ මහාසාරකුලයන් අතර ආඪ්‍ය කුලයෙකැ උපන්මි.
6415. පඤ්චකාමගුණෙ හිත්වා පබ්බජිං අනගාරියං, ජාතියා සත්තවස්සො’හං අරහත්තමපාපුණිං.
6415. පස්කම්ගුණ හැරපියා (බුදු) සසුන්හි පැවිදි වීමි, උපතින් සත් හැවිරිදි වූ මම් රහත්බවට පැමිණියෙමි.
6416. උපසම්පාදයී බුද්ධො ගුණමඤ්ඤාය චක්ඛුමා, තරුණො පූජනීයො’හං බුද්ධපූජායිදං ඵලං.
6416. පසැස් ඇති බුදුහු ගුණ දැන (මා) උපසපන් කළහ, තරුණ වූ මම් පූජාර්හ වීමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6417. දිබ්බචක්ඛු විසුද්ධං මෙ සමාධිකුසලො අහං, අභිඤ්ඤාපාරමිප්පත්තො බුද්ධපූජායිදං ඵලං.
6417. මට දිවැස විශුද්ධ විය, මම සමාධියෙහි දක්ෂයෙමි, අභිඤ්ඤාපාරයට පැමිණියෙමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
6418. පටිසම්භිදා අනුප්පත්තො ඉද්ධිපාදෙසු කොවිදො, ධම්මෙසු පාරමිප්පත්තො බුද්ධපූජායිදං ඵලං.
6418. (සිවු) පිළිසිඹියාවනට පිළිවෙළින් පැමිණියෙම් වෙමි, ඍද්ධිපාදයන්හි දක්ෂ වෙමි, ලොව්තුරු දහම්හි පාරයට පැමිණියෙමි. මෙ බුද්ධ පූජායෙහි විපාක යි.
6419. තිංසකප්පසහස්සම්හි යං බුද්ධම්හිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
6419. යම්හෙයෙකින් තිස්දහස්වන කප්හි බුදුරදුන් පිදුයෙම් ද, (එහෙයින්) දුගතිය නො හඳුනමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
6420. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- විහරාමි අනාසවො.
6420. කෙලෙස්හු මා විසින් දවන ලදහ, ... අනාස්‍රව වැ වාස කෙරෙමි.
6421. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
6421. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙතැ එළැඹීමෙන් මට ඒකාන්තයෙන් යහපතෙක් විය ... බුදුසසුන් කරණ ලද.
6422. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
6422. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා උත්තරො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මේ ගාථා වදාළාහ.
උත්තරථෙරස්සාපදානං ඡට්ඨං.
සවැනි උත්තරස්ථවිරාවදාන යි.