1. 1 සුමෙධාපදානං
1. 1 සුමෙධාපදානං.
1. 1 සුමේධා අපදානය
1. භගවති කොණාගමනෙ සඞ්ඝාරාමම්හි නවනිවෙසම්හි සඛියො තිස්සො ජනියො විහාරදානං අදාසිම්හ.
1. කෝණාගමන බුදුරජාණන් වහන්සේ අභිනවයෙන් කරවන ලද සඞ්ඝාරමයෙකැ වැඩවසන සමයෙහි යෙහෙළි වූ ධනඤ්ජානී යැ, ඛේමා යැ, මා (සුමේධා) යැ යන අපි තිදෙන ඒ බුදුරදුනට විහාරයක් කරවා දුනුම් හ.
2. දසක්ඛත්තුං සතක්ඛත්තුං දසසතක්ඛත්තුං සතානං ච සතක්ඛත්තුං දෙවෙසු උපපජ්ජිම්හ කො වාදො මානුසකෙ භවෙ.
2. (එ පිනෙන්) දසවරැ සියවරැ දහස්වරැ දසදහස්වරැ දෙවියන් කෙරෙහි උපනුම්හ. මිනිසත්බව්හි උපන්වාර කියනු කිම.
3. දෙවෙ මහිද්ධිකා අහුම්හ මානුසකම්හි කො වාදො සත්තරතනස්ස මහෙසී ඉත්ථිරතනං අහං ආසිං.
3. දෙවියන් කෙරෙහි උපන් කලැ මහත් ඍද්ධි ඇති වූම්හ. මිනිසුන් කෙරෙහි (උපන් කලැ) කවර කථා යැ. මම් සක්විති රජක්හුගේ ස්ත්‍රීරත්නය වූ මෙහෙසි වූමු.
4. ඉධ සඤ්චිතකුසලා සුසමිද්ධකුලප්පජා ධනඤ්ජානී ච ඛෙමා ච අහම්පි ච තයො ජනා.
4. ධනඤ්ජානී යැ, ඛේමා යැ, මා යැ යන අපි තිදෙන මෙලොව්හි රැස්කළ කුසල් ඇත්තමෝ මහත් ඉසුරුමත් කුලඟන වූමු.
5. ආරාමං සුකතං කත්වා සබ්බාවයවමණ්ඩිතං බුද්ධප්පමුඛසඞ්ඝස්ස නිය්යාදෙත්වා පමොදිතා.
5. සියල් අඟින් පිරිපුන් අරමක් මොනොවට කරවා බුදු පාමොක් සඟනට පවරා දී ප්‍රමුදිත වූම්හ.
6. යත්ථ යත්ථූපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා දෙවෙසු අග්ගතං පත්තා මනුස්සෙසු තථෙව ච.
6. (මම) යම් යම් තෙනෙකට උපත් විසින් යෙම් ද, එ කුසල් බෙලෙන් දෙවියන් අතරැ අගතැන් පැමිණියමු. මිනිසුන් අතරැ දු එසේ මැ යි.
7. ඉමස්මිංයෙව කප්පම්හි බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතං වරො.
7. මේ (භද්‍ර) කල්පයෙහි බ්රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍ර විසින් කාශ්‍යප නම් වූ දේශකයන් අතරැ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් කෙනෙක් පහළ වූ සේක.
8. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසිපුරුත්තමෙ.
8. එකලැ බරණැස් පුරවරයෙහි මහර්ෂී බුදුරදුනට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසීරජෙක් වූයේ යැ.
9. තස්සාසුං සත්ත ධීතරො රාජඤ්ඤා සුඛෙධිතා බුද්ධුපට්ඨානනිරතා බ්රහ්මචරියං චරිංසු තා.
9. ඒ රජුට සත් දූ කෙනෙක් වූහු. සුවසේ වැඩුණු ඒ රාජකන්‍යාවෝ බුදුවටන්හි නිරත වූහ. උහු තුමූ බඹසර සැරුහු.
10. තාසං සහායිකා හුත්වා සීලෙසු සුසමාහිතා දත්වා දානානි සක්කච්චං අගාරෙව වතං චරිං.
10. මම් ඔවුනට සහාය වැ සිල්හි මොනොවට පිහිටියා සකසා දන් දී ගිහිගෙහි ම (රැඳී) වත් සපුරාලීමි.
11. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසූපගා අහං.
11. ඒ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස්කය හැරපියා (උත්පත්ති වශයෙන්) තව්තිසා දෙව්ලොවට පැමිණියෙමු.
12. තතො චුතා යාමමගං තතො’හං තුසිතං ගතා තතො ච නිම්මාණරතිං වසවත්තිපුරං තතො.
12. මම එයින් සැවැ යාමදෙව්ලොවට ගියමු, එයින් සැවැ තුෂිතයට ගියමු, එයින් සැවැ නිර්මාණරතියට ද, එයින් සැවැ වශවර්තිපුරයට ද ගියමු.
13. යත්ථ යත්ථූපපජ්ජාමි පුඤ්ඤකමමසමොහිතා තත්ථ තත්ථෙව රාජූනං මහෙසිත්තමකාරයිං.
13. පින්කම්හි මොනොවට පිහිටි මම් යම් යම් තෙනෙකැ උපන්මු ද, ඒ ඒ තෙනැ (දෙව්) රජුනට මෙහෙසිබව කළමු.
14. තතො චුතා මනුස්සත්තෙ රාජූනං චක්කවත්තිනං. මණ්ඩලීනඤ්ච රාජූනං මහෙසිත්තමකාරයිං.
14. එයින් ච්‍යුත වූවා මිනිසත්බව්හි සක්විතිරජුනට ද, පෙදෙස් රජුනට ද මෙහෙසිබව කළමු.
15. සම්පත්තිමනුභොත්වාන දෙවෙසු මානුසෙසු ච සබ්බත්ථ සුඛිතා හුත්වා නෙකජාතිසු සංසරිං.
15. (මෙසෙයින්) දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සියලු තන්හි සුවපත් වැ නොයෙක් ජාතිවලැ (උපත් විසින්) හැසුරුණමු.
16. සො හෙතු ච සො පභවො තං මූලං සා ච සාසනෙ ඛන්ති තං පඨමං සමොධානං තං ධම්මරතාය නිබ්බානං.
16. (යථෝක්ත දෙව්මිනිස් සැපත් ලැබීමට) ඒ විහිර දානය හේතු වියැ, එය ප්රභවය වියැ, එය මුල් වියැ, එය මැ බුදුසසුන්හි නිධ්‍යාන ක්ෂාන්තිය වියැ, එය ප්‍රථම සමාගමය වියැ, එය දම්හි ඇලුණ සුමේධාවගේ නිර්වාණපදප්රාප්තිය වී.
17. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවා.
17. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ සරණ ඇත්රැජිනක සෙයින් ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
18. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
18. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ හමියෙහි මට ඒකාන්තයෙන් යහපතක් වූයේ යැ. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්ත (පිළිවෙළින් පැමිණි) යහ. බුදුසසුන් කොට නිමවන ලදි.
19. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
19. මේ සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද පසක් කරන ලදහ. බුදුසසුන් කොට නිමවන ලදි.
ඉත්ථං සුදං සුමෙධා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් සුමේධා භික්ෂුණී තොමෝ මේ ගාථා පැවැසූ යැ.
සුමෙධාථෙරියාපදානං පඨමං
පළමුවැනි සුමේධා ස්ථවිරි අපදාන යි.