යෙදුමෙන් කියවන්න

1. 2 මෙඛලාදායිකාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 2 මෙඛලාදායිකාපදානං

1. 2 මෙඛලාදායිකා අපදානය

20. සිද‍්ධත්‍ථස‍්ස භගවතො ථූපං කාරාපිකා අහුං, මෙඛලිකා මයා දින‍්නා නවකම‍්මාය සත්‍ථුනො.

20. සිද්ධාර්‍ත්‍ථ භගවත්හට ස්තූප කරන්නෝ වූහ. ශාස්තෘහු පිණිස (කරනු ලබන) නවකම් සඳහා මා විසින් මේඛලාවක් දෙන ලදි.

21. නිට‍්ඨිතෙ ච මහාථූපෙ මෙඛලං පුන’දාසහං, ලොකනාථස‍්ස මුනිනො පසන‍්නා සෙහි පාණිහි.

21. මහසෑ (නවහම්) නිමි කල්හි දු මම් යළි මෙවුලක් දුනුමු. ලෝකනාථ වූ මුනිඳුන්හට සියදිවියෙන් (දිව් හිම් කොට) ප්‍රසන්න වූවා වෙමි.

22. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං මෙඛලමදං තදා, දුග‍්ගතිං නාභාජානාමි ථූපකාරස‍්සිදං ඵලං.

22. මෙයින් සූඅනුවන කප්හි, එකලැ යම් මෙවුලක් දුන්නෙම් ද, (එ හේතුයෙන්) දුගතිය නො මැ දනිමි. මෙ වූකලී සෑයක් කරවීමේ විපාක යි.

23. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- විහරාමි අනාසවා.

23. මා විසින් කෙලෙස්හු දවන ලද … අනාස්‍රව වැ වෙසෙමි.

24. ස‍්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

24. මාහට එකැතින් යහපතෙක් වියැ ... බුදුසසුන් කරන ලද.

25. පටිසම‍්භිදා චතස‍්සො ච -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

25. සිව්පිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලදි.

ඉත්‍ථං සුදං මෙඛලාදායිකා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් මෙඛලාදායිකා භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළායැ.

මෙඛලාදායිකාථෙරීඅපදානං දුතියං.

දෙවැනි මෙඛලාදායිකා ස්ථවිරීඅපදාන යි.

1. 3 මණ‍්ඩපදායිකාපදානං

1. 3 මණ්ඩපදායිකා අපදානය

26. කොණාගමනස‍්ස මුනිනො මණ‍්ඩපො කාරිතො මයා ධුවං ච චීවරමදං බුද‍්ධස‍්ස ලොකබන්‍ධුනො.

26. කෝණාගමන බුදුරදුන්හට මා විසින් මණ්ඩපයක් කරවන ලදි. ලෝකබන්‍ධු වූ භාග්‍යවතුන්හට නිරන්තරයෙන් සිවුරු ද දුන්මු.

27. යං යං ජනපදං යාමි නිගමෙ රාජධානියො සබ‍්බත්‍ථ පූජිතා හොමි පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං.

27. යම් යම් දනව්වකට යන්නෙම් ද, නියම්ගම්-රජදහනකට යන්නෙම් ද එ හැමතන්හි පුදනලද වෙමි. මේ වූකලි පින්කම්හි ඵල යි.

28. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- විහරාමි අනාසවා.

28. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.

29. ස‍්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

29. ඒකාන්තයෙන් මා හට ස්‍වාගතයෙක් වී යැ ... බුදුසසුන් කරන ලද.

30. පටිසම‍්භිදා චතස‍්සො ච -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

30. සිවු පිළිසිඹියාවෝ ද ... බුදුසසුන් කරන ලදි.

ඉත්‍ථං සුදං මණ‍්ඩපදායිකා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ මණ්ඩපදායිකා භික්‍ෂුණී තොමෝ මේ ගාථා ප්‍රකාශ කළා යැ.

මණ‍්ඩපදායිකාථෙරීඅපදානං තතියං.

තෙවැනි මණ්ඩපදායිකා ස්ථවිරීඅපදාන යි.

1. 4 සඞ‍්කමනත්‍ථාපදානං

1. 4 සඞ්කමනත්‍ථ අපදානය

31. විපස‍්සිස‍්ස භගවතො ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, රථියං පටිපන‍්නස‍්ස කාරයන‍්තස‍්ස පාණිනො.

31. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී (අකම්ප්‍ය) ගුණයුක්ත, ප්‍රාණීන් (සසරකතරින්) එතෙරැ කරවන විදර්ශී භාග්‍යවතුන් වහන්සේ වීථියට පිළිපන්නවුන් හමියෙහි ...

32. ඝරතො නික‍්ඛමිත්‍වාන අවක‍්කුජ‍්ජා නිප‍්පජ‍්ජ’හං අනුකම‍්පකො ලොකනාථො සීසන‍්තෙ අක‍්කමී මම

32. මම් ගෙන් නික්මැ යටිහුරු වැ වැඳ වැටුණමු. ලෝකනාථයන් වහන්සේ අනුකම්පා කරන සේක් මාගේ ශීර්‍ෂාන්ත (කෙහෙ) ඇක්මැවූ සේක.

33. අක‍්කමිත්‍වාන සිරසි අගමා ලොකනායකො තෙන චිත‍්තප‍්පසාදෙන තුසිතං උපපජ‍්ජහං

33. (මා) හිස ඇක්මැ ලෝකස්වාමි වූ බුදුරජාණන් වහන්සේ වැඩිසේකි. මම් ඒ චිත්ත ප්‍රසාදහේතුයෙන් උත්පත්ති වශයෙන් තුෂිත දෙව්ලොවට (උපත් විසින්) පැමිණියමු.

34. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- විහරාමි අනාසවා.

34. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.

35. ස‍්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

35. ඒකාන්තයෙන් මට ස්‍වාගතයෙක් වියැ ... බුදුසසුන් දරන ලද යැ.

36. පටිසම‍්භිදා චතස‍්සො ච -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

36. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලද්දේ යි.

ඉත්‍ථං සුදං සඞ‍්කමනත්‍ථා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ සඞ්කමනත්‍ථ භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා යැ.

සඞ‍්කමනත්‍ථාථෙරියාපදානං චතුත්‍ථං.

සිවුවැනි සඞ්කමනත්‍ථා ස්ථවිරීඅපදාන යි.