1. 5 නළමාලිකාපදානං
1. 5 නළමාලිකාපදානං
1. 5 නළමාලිකා අපදානය
37. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරී තදා, අද්දසං විරජං බුද්ධං සයම්භුං අපරාජිතං.
37. එක්කලෙක මම චන්ද්රභාගා නදී තීරයෙහි කිඳුරියක් වූමු. ස්වයම්භූ වූ අපරාජිත වූ විරජ වූ (සිද්ධාර්ත්ථ) බුදුරදුන් දුටුමු.
38. පසන්නචිත්තා සුමනා වෙදජාතා කතඤ්ජලී, නළමාලං ගහෙත්වාන සයම්භුං අභිපූජයිං.
38. පහන් සිතැති (එහෙයින් මැ) සොම්නස් වූ උපන් ප්‍රීති ඇති මම් බදැඳිලි වැ නළමාලාවක් (හුණ මල්දමක්) ගෙණ (එයින්) සම්බුදුරදුන් ගරුබුහුමනින් යුතු වැ පිදුමු.
39. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා කින්නරීදෙහං අගච්ඡිං තිදසං ගතිං.
39. එ කුශලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද කිඳුරු සිරුර හැරපියා (උපත් විසින්) දේවගතියට ගියමු.
40. ඡත්තිංසදෙවරාජූනං මහෙසිත්තමකාරයිං, දසන්නං චක්කවත්තීනං මහෙසිත්තමකාරයිං, සංවෙජෙත්වාන මෙ චිත්තං පබ්බජිං අනගාරියං.
40. (එහි) සතිසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙමි. (පසුව) දස සක්විති රජුනට ද මෙහෙසි වූමු. (මෙ අත්බව්හි) මා සිත සංවේගයට පමුණුවා බුදුසසුන්හි පැවැදි වූවා වෙමි.
41. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
41. මෙයින් සූඅනුවනකප්හි යම් පුෂ්ප පූජාවක් කරන ලද ද, (එ පිනෙන්) දුගතිය නො මැ දනිමි, මේ පුෂ්පපූජායෙහි විපාක යි.
42. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
42. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, සියලු ආස්‍රවයෝ ක්‍ෂීණයහ, දැන් (මට) පුනර්භවයෙක් නැති.
43. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- භවා සබ්බෙ සමූහතා,
43. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... සියලු භවයෝ නසන ලදහ.
44. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
44. මට ඒකාන්තයෙන් යහපතෙක් මැ වියැ ... බුදුසසුන් කරන ලද.
45. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
45. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලදි.
ඉත්ථං නළමාළිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ නළමාලිකා භික්ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා යැ.
නළමාලිකාථෙරියාපදානං පඤ්චමං.
පස්වැනි නළමාලිකා ස්ථවිරීඅපදාන යි.