1. 6 එකපිණ්ඩපාතදායිකාපදානං
1. 6 එකපිණ්ඩපාතදායිකාපදානං.
1. 6 ඒකපිණ්ඩදායිකා අපදානය
46. නගරෙ බන්ධුමතියා බන්ධුමා නාම ඛත්තියො තස්ස රඤ්ඤො අහුං භරියා එකජ්ඣං චාරයාමහං
46. බන්ධුමතී නගරයෙහි බන්‍ධුමත් නම් රජෙක් වියැ. මම් ඒ රජහට භාර්‍ය්‍යා වූමු, නිරතුරු ඉඳුරන් පිනවා වාස කළමු.
47. රහොගතා නිසීදිත්වා එවං චින්තෙස’හං තදා, “ආදාය ගමනීයං හි කුසලං නත්ථි මෙ කතං.
47. එකලැ මම් රහසිගත වැ හිඳ මෙසේ සිතුමු: “(පරලොව) රැගෙන යායුතු, මා විසින් කළ කුශලකර්මයෙක් නැත.
48. මහාභිතාපං කටුකං ඝොරරූපං සුදාරුණං, නිරයං නූන ගච්ඡාමි එත්ථ මෙ නත්ථි සංසයො.”
48. මහත් බිහිසුණු තැවීම් ඇති කටුක වූ භයානක ස්වභාව ඇති අතිශයින් දරුණු වූ නිරයට ඒකාන්තයෙන් යමු, තෙල කරුණෙහි ලා මට සැකයෙක් නැති.”
49. රාජානං උපසඞ්කම්ම ඉදං වචනමබ්රවිං, “එකං මෙ සමණං දෙහි භොජයිස්සාමි ඛත්තිය.”
49. රජු කරා එළඹැ මම් මෙ වදන් කීමු: “රජතුමනි, මා හට එක් මහණ කෙනකුන් දෙනු මැනැවැ, (මම ඔවුන්) වළඳ වමු” යි.
50. අදාසි මෙ මහාරාජා සමණං භාවිතින්ද්රියං, තස්ස පත්තං ගහෙත්වාන පරමන්නෙන පූරයිං.
50. මහරජ මාහට භාවිතෙන්‍ද්‍රිය මහණ කෙනකුන් දුන්නේ යැ. ඔබ පාත්‍රය ගෙන උතුම් බොජුනෙන් (එය) පුරවා ලීමු.
51. පූරයිත්වා පරමන්නං ගන්ධාලෙපමකාසහං, සහස්සග්ඝනකෙනෙව වත්ථයුගෙන ඡාදයිං.
51. මම උතුම් බොජුනෙන් (පාත්‍රය) පුරවා සුවඳ විලවුන් ද දුනුමු දහසක් අගනා පිළිසඟළෙකින් (සිරුර) වැස්වූමු.
52. ආරම්මණං මම එතං සරාමි යාවජීවිතං, තත්ථ චිත්තං පසාදෙත්වා තාවතිංසං අගච්ඡහං.
52. මාගේ තෙල අරමුණ දිවිහිමියෙන් සිහි කෙරෙමි, මම එහි (එ මහණුන් කෙරෙහි) සිත පහදවා උපත් විසින් තව්තිසාවට ගියමු.
53. තිංසානං දෙවරාජූනං මහෙසිත්තමකාරයිං, මනසා පත්ථිතං මය්හං නිබ්බත්තති යථිච්ඡිතං
53. තිසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙම්, මනසින් පැතූ ද සිතැඟි සේ මට නිපැයෙයි.
54. වීසානං චක්කවත්තීනං මහෙසිත්තමකාරයිං, ඔචිතත්තාව හුත්වාන සංසරාමි භවෙස්වහං.
54. විසි සක්විතිරජුනට මෙහෙසි වූමු, මම තමා මැ රැස්කළ පින් ඇති වැ (සුගති) භවයන්හි (උපත් විසින්) හැසුරණමු.
55. සබ්බබන්ධනමුත්තාහං අපෙතා මෙ උපාදිකා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
55. මම සියලු භවබන්ධනයෙන් මුක්ත වෙමි, මාහට උපාදානයෝ පහවැ ගියහ, සියලු ආස්‍රවයෝ ක්‍ෂීණයහ, දැන් මට පුනර්භවයෙක් නැති.
56. එකනවුතෙ ඉතො කප්පෙ - යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පිණ්ඩපාතස්සිදං ඵලං.
56. මෙයින් එකානූවන කප්හි එකලැ යම් දනක් දුනුම් ද, (එතැන් පටන්) දුගතිය නො දනිමි, මෙ පිණ්ඩදානයාගේ විපාක යි.
57-59 කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
57. - 59. මා විසින් කෙලෙස් දවන ලද ... බුදුසසුන් කරන ලදි.
ඉත්ථං සුදං එකපිණ්ඩපාතදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ඒකපිණ්ඩදායිකා මෙහෙණ මේ ගාථා ප්‍රකාශ කළා යැ.
එකපිණ්ඩපාතදායිකාථෙරියාපදානං ඡට්ඨං.
සවැනි ඒකපිණ්ඩදායිකා ස්ථවිරීඅපදාන යි.