යෙදුමෙන් කියවන්න

1. 7 කටච‍්ඡුභික‍්ඛාදායිකාපදානං

1. 7 කටච‍්ඡුභික‍්ඛාදායිකාපදානං.

1. 7 කටච්ඡුභික්ඛාදායිකාපදානය

60. පිණ‍්ඩචාරං චරන‍්තස‍්ස තිස‍්ස නාමස‍්ස සත්‍ථුනො, කටච‍්ඡුභික‍්ඛං පග‍්ගය‍්හ බුද‍්ධසෙට‍්ඨස‍්ස’දාස’හං.

60. පිඬු පිණිස හැසිරෙන ශාස්තෘ වූ තිස්ස නම් බුදුරජාණන් වහන්සේට මම් කෙණෙසි අහරක් සපයා ගෙන දුනුමු.

61. පටිග‍්ගහෙත්‍වා සම‍්බුද‍්ධො තිස‍්සො ලොකග‍්ගනායකො, වීථියා සණ‍්ඨිතො සත්‍ථා අකා මෙ අනුමොදනං.

61. ශාස්තෘ වූ ලෝකාග්‍රනායක තිස්ස සම්බුදුරජාණන් වහන්සේ (එ අහර) පිළිගෙන වීථියෙහි වැඩසිටිසේක් මට අනුමෝදනා කළ සේක.

62. “කටච‍්ඡුභික‍්ඛං දත්‍වාන තාවතිංසං ගමිස‍්සසි, ඡත‍්තිංසදෙවරාජූනං මහෙසිත‍්තං කරිස‍්සසි.

62. “(තෝ) කෙණෙසි අහරක් දී තව්තිසායෙහි උපදනෙහි. (එහි) සතිස් දෙව්රජුනට මෙහෙසිබව කරන්නෙහි.

63. පඤ‍්ඤාස චක‍්කවත‍්තීනං මහෙසිත‍්තං කරිස‍්සසි, මනසා පත්‍ථිතං සබ‍්බං පටිලච‍්ඡසි සබ‍්බදා.

63. පනසක් සක්විත්තනට ද මෙහෙසිබව කරන්නෙහි, මනසින් පැතූතාක් සියල්ල හැම කල්හි ලබන්නෙහි.

64. සම‍්පත‍්තිං අනුභොත්‍වාන පබ‍්බජිස‍්සසි’කිඤ‍්චනා, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සසි’නාසවා.”

64. සැපත් වළඳ කොට පළිබෝධ රහිත වැ පැවිදිවන්නෙහි, සියලු ආස්‍රව (පහාන පරිඤ්ඤා විසින්) පිරිසිඳ දැන අනාස්‍රව වැ පිරිනිවෙන්නෙහි” යි.

65. ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො තිස‍්සො ලොකග‍්ගනායකො, නභං අබ‍්භුග‍්ගමී ධීරො හංසරාජාව අම‍්බරෙ.

65. ලෝකාග්‍රනායක ධීර වූ සම්බුදුරජාණන් වහන්සේ මෙය වදාරා අහසට (වදනා) හංසරාජයක්හු සෙයින් නභෝගර්‍හයට පැන නැංග සේකි.

66. සුදින‍්නං මෙ දානවරං සුයිට‍්ඨා යාගසම‍්පදා, කටච‍්ඡුභික‍්ඛං දත්‍වාන පත‍්තාහං අචලං පදං.

66. මා විසින් උතුම් දනක් දෙනලද යැ, යාගසම්පත් මොනොවට යාග විසින් කරන ලදයැ, කෙණෙසි අහරක් දී මම් අචල වූ නිවනට පැමිණායෙම් වෙමි.

67. ද‍්වෙ නවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි භික‍්ඛාදානස‍්සිදං ඵලං.

67. මෙ කපින් දෙයානූවන කප්හි (උපන් මම) එකලැ යම් දනක් දුනුම් ද, (ඒ හේතුයෙන්) දුගතිය නො දන්මි. මේ වූකලී භික්‍ෂාදානයෙහි විපාක යි.

68-70. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

68-70. මා විසින් කෙලෙස් දවන ලද ... බුදුසසුන් කොට නිමවන ලදී.

ඉත්‍ථං සුදං කටච‍්ඡුභික‍්ඛාදායිකා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙ සෙයින් කටච්ඡුභික්‍ඛාදායිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.

කටච‍්ඡුභික‍්ඛාදායිකා ථෙරියාපදානං සත‍්තං.

සත්වැනි කටච්ඡුභික්‍ඛාදායිකා ස්ථවිරීඅපදාන යි.