1. 8 සත‍්තුප‍්පලමාලිකාපදානං
1. 8 සත‍්තුප‍්පලමාලිකාපදානං.
1. 8 සත්තුප්පලමාලිකා අපදානය
71. නගරෙ අරුණවතියා අරුණවා නාම ඛත‍්තියො, තස‍්ස රඤ‍්ඤො අහුං භරියා චාරිකං චාරයාමහං.
71. අරුණවතී නගරයෙහි අරුණවත් නම් රජෙක් වියැ. මම එරජහට භාර්‍ය්‍යා වූමු. ඉඳුරන් පිනවීමෙහි ලා (රජු) මෙහෙයවා ලූමු.
72. සත‍්තමාලා ගහෙත්‍වාන උප‍්පලා දෙවගන්‍ධිකා, නිසජ‍්ජපාසාදවරෙ එවං චින‍්තෙසි තාවදෙ.
72. එකල්හි දෙව්සුවඳවහන උපුල්මල්දම් සතක් ගෙන උතුම් පහා මතුයෙහි හිඳ මෙසේ සිතුමු.
73. “කිං මෙ ඉමාහි මාලාහි සිරසාරොපිතාහි මෙ, වරං මෙ බුද‍්ධසෙට‍්ඨස‍්ස ඤාණම‍්හි අභිරොපිතං.”
73. “මෙ මල්දම් (මා) හිසෙහි පළඳවාලීමෙන් මට කවර නම් වැඩෙක් ද? (මෙය) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඥාන (ශීර්‍ෂ) යෙහි අභිරෝපණය කරන ලද්දේ වඩා ලා මට උතුම් වෙයි.
74. සම‍්බුද‍්ධං පතිමානෙන‍්ති ද‍්වාරාසන‍්නෙ නිසීද’හං, ”යදා එහීති සම‍්බුද‍්ධො පූජයිස‍්සං මහාමුනිං.”
74. යම් විටෙකැ සම්බුදුරජාණන් වහන්සේ වඩනා සේක් ද, එවිටැ (ඒ සිඛී) මහාමුනීන්‍ද්‍රයන් වහන්සේ පුදන්නෙමි” යි මම් සම්බුදුරදුන් බුහුමන් සහිත වැ අපේක්‍ෂා කෙරෙමින් දොර වෙතැ හුන්නමු.
75. කකුධො විලසන‍්තොව මිගරාජාව කෙසරී, භික‍්ඛුසඞ‍්ඝෙන සහිතො ආගඤ‍්ඡි වීථියං ජිනො.
75. දිලිසෙන පර්‍වතකූටයක් සෙයින්, කේශර සිංහරාජයකු සෙයින් ජිනේන්‍ද්‍රයන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සහිත වැ වීථියෙහි වැඩම කළසේක.
76. බුද‍්ධස‍්ස රංසිං දිස‍්වාන හට‍්ඨා සංවිග‍්ගමානසා, ද‍්වාරං අවාපුරිත්‍වාන බුද‍්ධසෙට‍්ඨං අපූජයිං.
76. බුදුරැස් දැක හර්‍ෂ (සතුටු) වූයෙම්, සංවිග්නමනස් ඇතියෙම් දොර හැරපියා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදුමු.
77. සත‍්තඋප‍්පලපුප‍්ඵානි පරිකිණ‍්ණානි අම‍්බරෙ, ඡදං කරොන‍්තා බුද‍්ධස‍්ස මත්‍ථකෙ ධාරයන‍්ති තෙ.
77. සත් උපුල්මල් අහස්කුසැ විසිරිණ. ඒ උපුල්හු සෙවෙණියක් කෙරෙමින් බුදුරදුන් මතුයෙහි ධරා සිටුනාහ.
78. උදග‍්ගචිත‍්තා සුමනා වෙදජාතා කතඤ‍්ජලී, තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා තාවතිංසං අගඤ‍්ඡ’හං.
78. ඔදවැඩි සිතැති සුමනස් වූ ප්‍රීතිමත් වූ කෘතාඤ්ජලී වූ මම් ඔබ කෙරෙහි සිත් පහදවා තව්තිසා දෙව්ලොව උපනුමු.
79. මහානෙලස‍්ස ඡදනං ධාරෙන‍්ති මම මුද‍්ධනි, දිබ‍්බගන්‍ධං පවායාමි සත‍්තුප‍්පලානිදං ඵලං.
79. මා මුදුන්හි මහනෙල් සියනක් ධරත්. (මම්) දෙව්සුවඳ වහන කෙරෙමි. මෙ වනාහි සත් උපුලක් පිදීමේ විපාක යි.
80. කදාචි නීයමානාය ඤාතිසඞ‍්ඝෙන මෙ තදා, යාවතා පරිසා මය‍්හං මහානෙලං ධරීයති.
80. කිසිවිටෙකැ නෑ සමූහයා විසින් ගෙන යනු ලබන මට යම් පමණ පිරිස් වේ ද, (එ පිරිස්) එකල්හි මට මහනෙල් ධරනු ලැබෙයි.
81. සත‍්තති දෙවරාජූනං මහෙසිත‍්තමකාරයිං, සබ‍්බත්‍ථ ඉස‍්සරා හුත්‍වා සංසරාමි භවාභවෙ.
81. සැත්තෑවක් දෙව්රජුනට මෙහෙසිබව කරවූමු. (මෙසේ) සියලු තන්හි ඉසුරු වැ කුදුමහත් බෙවෙහි හැසිරෙමි.
82. තෙසට‍්ඨිචක‍්කවත‍්තීනං මහෙසිත‍්තමකාරයිං, සබ‍්බෙ මං අනුවත‍්තන‍්ති ආදෙය්‍යවචනා අහුං.
82. තෙසැටක් සක්විතිරජුනට මෙහෙසිබව කරවූමු. සියල්ලෝ මා අනු වැ වැටෙති, (මම්) හැදහියයුතු වදන් ඇතිවූමු.
83. උප‍්පලස‍්සෙව මෙ වණ‍්ණො ගන්‍ධො චෙව පවායති දුබ‍්බණ‍්ණියං න ජානාමි බුද‍්ධපූජායිදං ඵලං.
83. මාගේ පැහැය උපුලක පැහැය මෙන් වෙයි. (උපුල්) සුවඳ (මගේ කයින්) හමා යෙයි. දුර්වර්‍ණ බවක් නො දනිමි. මේ බුද්ධ පූජායෙහි විපාක යි.
84. ඉද‍්ධිපාදෙසු කුසලා බොජ‍්ඣඞ‍්ගභාවනාරතා, අභිඤ‍්ඤාපාරමිප‍්පත‍්තා බුද‍්ධපූජායිදං ඵලං.
84. ඍද්ධිපාදයන්හි නිපුණ වෙමි. බෝධ්‍යඞ්ගභාවනායෙහි ඇලුනෙම් අභිඥාපාරයට පැමිණියෙම් (ද) වෙමි. මේ වූකලී බුද්ධපූජායෙහි විපාක යි.
85. සතිපට‍්ඨානකුසලා සමාධිජ‍්ඣානගොචරා, සම‍්මප‍්පධානමනුයුත‍්තා බුද‍්ධපූජායිදං ඵලං.
85. සතිපට්ඨානයෙහි දක්‍ෂ වෙමි. සමාධි-ධ්‍යාන ගෝචර කොට ඇත්තෙමි. සම්‍යක්ප්‍රධන්හි පුන පුනා යෙදුණමු. මේ වනාහි බුද්ධ පූජායෙහි ඵල යි.
86. විරියං මෙ ධුරධොරය‍්හං යොගක‍්ඛෙමාධිවාහනං, සබ‍්බාසවා පරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.
86. මාගේ වීර්‍ය්‍ය (යෝගක්‍ෂේමසංඛ්‍යාත නිවනට පමුණුවන) ධුරවාහක (ගැල අදනා) ගවයා යි, (මාගේ) සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් (මට) පුනර්‍භවයෙක් නැති.
87. එකතිංසෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා දුග‍්ගතිං නාභිජානාමි පුප‍්ඵදානස‍්සිදං ඵලං.
87. මෙයින් එක්තිස්වන කප්හි යම් කුශල කර්‍මයක් කළමු ද, (එ හේතුයෙන්) දුගතිය නො දන්මි, මේ වූකලී පුෂ්පදානයාගේ ඵල යි.
88-90. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.
88-90. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
ඉත්‍ථං සුදං සත‍්තුප‍්පලමාලිකා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙසෙයින් සත්තුප්පලමාලිකා මෙහෙණි මේ ගාථා පැවසූ යැ.
සත‍්තුප‍්පලමාලිකාථෙරියාපදානං අට‍්ඨමං.
අටවැනි සත්තුප්පලමාලිකා ස්ථවිරීඅපදාන යි.