1. 9 පඤ්චදීපිකාපදානං
1. 9 පඤ්චදීපිකාපදානං.
1. 9 පඤ්චදීපිකාපදානය
91. නගරෙ හංසවතියා චාරිකී ආස’හං තදා, ආරාමෙන ච ආරාමං චරාමි කුසලත්ථිකා.
91. එකල්හි මම් හංසවතී නගරයෙහි හැසිරෙන්නක් වූමු. කුසල් කැමති වැ අරමින් අරැමැ හැසුරුණමු.
92. කාලපක්ඛම්හි දිවසෙ අද්දසං බොධිමුත්තමං, තත්ථ චිත්තං පසාදෙත්වා බොධිමූලෙ නිසීදහං.
92. (එක්) කළුවර පොහෝ දිනෙකැ උතුම් බෝරුක දුටුමු. එහි සිත් පහදවා මම් බෝමුල්හි හුන්මු.
93. ගරුචිත්තං උපට්ඨපෙත්වා සිරෙ කත්වාන අඤ්ජලිං, සොමනස්සං පවෙදෙත්වා එවං චින්තෙසි තාවදෙ.
93. එකල්හි බුහුමන් සිත් එළවා හිස් මුදුන්හි ඇඳිලි බැඳ සොම්නස් ලැබ මෙසේ සිතුවෙමු.
94. “යදි බුද්ධො අමිතගුණො අසමප්පටිපුග්ගලො, දස්සෙතු පාටිහීරං මෙ බොධි ඔභාසතු අයං.”
94. “ඉදින් (පියුමතුරා) බුදුහු අපමණ ගුණ ඇතිසේක් නම් අසම වූ අප්‍රතිපුද්ගල සේක් නම් මට පෙළහර දක්වන සේක්වා! මේ බෝරුක බබළාවා!” යි.
95. සහ ආවජ්ජනා මය්හං බොධි පජ්ජලි තාවදෙ, සබ්බසොණ්ණමයො ආසි දිසා සබ්බා විරොචයුං.
95. මාගේ ආවර්ජනාව හා සමග එකෙණෙහි බෝරුක දිලුණේ ය. සියල්ල රන්මුවා මෙන් විය. සියලු දිශාවෝ බැබළුණාහ.
96. සත්තරත්තින්දිවං තත්ථ බොධිමූලෙ නිසීද’හං, සත්තමෙ දිවසෙ පත්තෙ දීපපූජං අකාස’හං.
96. මම් ඒ බෝමුල්හි සත්රූදාවලක් හුන්නමු. සත්වැනි දවස පැමිණි කල්හි මම් දීප පූජාවක් කළමු.
97. ආසනං පරිවාරෙත්වා පඤ්චදීපානි පජ්ජලුං, යාව උදෙති සුරියො දීපා මෙ පජ්ජලුං තදා.
97. ආසනය පිරිවරා ප්‍රදීප පසෙක් දිලුණේ ය. එදවස හිරු උදාවන තාක් මාගේ ප්රදීපයෝ දිලුණාහ.
98. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
98. එ පුණ්යකර්ම හේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද, මම් මිනිස්කය හැර පියා තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියමු.
99. තත්ථ මෙ සුකතං ව්යම්හං පඤ්චදීපීති වුච්චති සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
99. එහි මට මොනොවට කරන ලද විමනෙක් වියැ. සැටයොදුන් උස් වූ තිස්යොදුන් පුළුල් වූ එ විමන “පඤ්චදීපි” යි කියනු ලැබෙයි.
100. අසඞ්ඛ්යානි දීපානි පරිවාරෙ ජලන්ති මෙ යාවතා දෙවභවනං දීපාලොකෙන ජොතති.
100. දෙව්විමන යම් තාක් ප්‍රදීපාලෝකයෙන් දිලියේ ද (එ තාක්) අසංඛ්යසංඛ්යාත ප්රදීපයෝ හාත්පස දිලියෙන්නාහ.
101. පරම්මුඛා නිසීදිත්වා යදි ඉච්ඡාමි පස්සිතුං, උද්ධං අධො ච තිරියං සබ්බං පස්සාමි චක්ඛුනා.
101. ඉදින් (මම) පරාම්මුඛ වැ හිඳ දක්නට රිසියුම් නම් උඩ ද යට ද සරසැ ද (වූ) සියල්ල මසැසින් දකිමි.
102. යාවතා අභිකඞ්ඛාමි දට්ඨුං සුගතදුග්ගතෙ, තත්ථ ආවරණං නත්ථි රුක්ඛෙසු පබ්බතෙසු වා.
102. සුගත දුර්ගතයන් දක්නට යම් පමණින් රිසියුම් ද රුක්හි වේවයි පවුහි වේවයි එහිලා ආවරණයෙක් නැති,
103. අසීති දෙවරාජූනං මහෙසිත්තමකාරයිං, සතානං චක්කවත්තීනං මහෙසිත්තමකාරයිං.
103. අසූවක් දෙව්රජුනට මෙහෙසිබව කරවීමි. සියක් ගණන් සක්විත්තනට ද මෙහෙසිබව කරවූයෙමි.
104. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, දීපසතසහස්සානි පරිවාරෙත්වා ජලන්ති මං
104. දෙවි අත්බව යැ, යළි මිනිසත් බව යැ යන යම් යම් අත්බවකට (උපත් විසින්) එළැඹෙම් ද, මා පිරිවරා සියදහසක් ගණන් පහන්හු දිලියෙත්.
105. දෙවලොකා චවිත්වාන උප්පජ්ජිං මාතුකුච්ඡියං, මාතුකුච්ඡිගතං සන්තිං අක්ඛි මෙ න නිමීලති.
105. දෙව්ලොවින් සැව (මනුලොවැ) මවුකුස්හි උපන්මි, මවුකුසට ගියා වූ ම මාගේ ඇස් (පිය) නිමිලනය නො වෙයි.
106. දීපසතසහස්සානි පුඤ්ඤකම්මසමඞ්ගිතා, සූතිඝරෙ පජ්ජලන්ති පඤ්චදීපානිදං ඵලං.
106. (මම) පුණ්යකර්මසමන්වාගත යෙමි, (එහෙයින්) සියක් දහසක් පහන්හු තිඹිරි ගෙහි දිලියෙන්නාහ. මේ දීපදානයාගේ ප්‍රතිඵල යි.
107. පච්ඡිමෙ භවෙ සම්පත්තෙ මානසං විනිවට්ටයිං, අජරාමරං සීතිභාවං නිබ්බානං ඵස්සයිං අහං.
107. පශ්චිමභවය පැමිණි කල්හි මනස කෙලෙසුන්ගෙන් මුදවා ලීමි. ජරාමරණ නැති සිහිල්බව වූ නිවන මම් ස්පර්ශ කළමු.
108. ජාතියා සත්තවස්සා’හං අරහත්තමපාපුණිං, උපසම්පාදයී බුද්ධො ගුණමඤ්ඤාය ගොතමො.
108. ජාතියෙන් සත්හැවිරිදි වූ මම් රහත්බවට පැමිණියමු, ගෞතම ගෝත්‍ර ඇති බුදුහු ගුණ සලකා (මා) උපසපන් කළහ.
109. මණ්ඩපෙ රුක්ඛමූලෙ වා පාසාදෙසු ගුහාසු වා, සුඤ්ඤාගාරෙ ච ඣායන්ත්යා පඤ්චදීපා ජලන්ති මෙ.
109. මණ්ඩපයෙහි වේවයි, රුක්මුල්හි වේවයි, පහයෙහි වේවයි, ගුහායෙහි වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි ධ්‍යාන කරන මාහට ප්‍රදීප පසෙක් දිලියෙන්නේ ය.
110. දිබ්බචක්ඛු විසුද්ධං මෙ සමාධිකුසලා අහං, අභිඤ්ඤාපාරමිප්පත්තා පඤ්චදීපානිදං ඵලං.
110. මට දිවැස විශුද්ධ වියැ, මම් සමාධියෙහි නිපුණ වීමි. අභිඥාපාරයට පැමිණියෙම් වෙමි. මෙ වූකලී පඤ්චප්‍රදීපදානයාගේ ප්‍රතිඵල යි.
111. සබ්බවොසිතවොසානා කතකිච්චා අනාසවා, පඤ්චදීපා මහාවීර පාදෙ වන්දති චක්ඛුම.
111. චක්ෂුර්මත් මහාවීරයන් වහන්ස, සියලු බ්‍රහ්මචර්‍ය්‍යවාස වැස නිම වූ කෘතකෘත්‍ය වූ අනාස්‍රව වූ පඤ්චදීපා මෙහෙණ (ඔබ) පා වඳියි.
112. සතසහස්සෙ ඉතො කප්පෙ යං දීපමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.
112. මෙයින් සුවහස්වන කප්හි, එකලැ යම් ප්‍රදීපදානයක් ප්රදානය කළමු ද, (එ හේතුයෙන්) දුර්ගතිය නො මැ දනිමි, මෙ වනාහි පඤ්චප්‍රදීපදානයාගේ ප්‍රතිඵල යි.
113-115. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
113. - 115. මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුද්ධශාසනය කරන ලදි.
ඉත්ථං සුදං පඤ්චදීපිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් පඤ්චදීපිකා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
පඤ්චදීපිකාථෙරියාපදානං නවමං.
නවවැනි පඤ්චදීපිකා ස්ථවිරීඅපදාන යි.