යෙදුමෙන් කියවන්න

1. 10 උදකදායිකාපදානං

1. 10 උදකදායිකාපදානං.

1. 10 උදකදායිකාපදානය

116. නගරෙ බන්‍ධුමතියා අහොසිං උදහාරිකා, උදහාරෙන ජීවාමි තෙන පොසෙමි දාරකෙ.

116. බන්‍ධුමතී නගරයෙහි (පෙරැ මම්) දිය අදනා කළදැස්සක් වූමු. දිය ඇදීමෙන් ජීවත් වෙමි, එයින් දරුවනුදු පෝෂණය කෙරෙමි.

117. දෙය්‍යධම‍්මො ච මෙ නත්‍ථි පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ අනුත‍්තරෙ, කොට‍්ඨකං උපසඞ‍්කම‍්ම උදකං පට‍්ඨපෙස’හං.

117. අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි මාහට දේයධර්‍මයෙක් (පුදනට නිසි දැයෙක්) නැත. (එ හෙයින්) නහන කොටුව වෙත එළැඹැ මම් දිය එළවා තැබූයෙමි.

118. තෙන කම‍්මෙන සුකතෙන තාවතිංසමගච‍්ඡ’හං, තත්‍ථ මෙ සුකතං ව්‍යම‍්හං උදහාරෙන නිම‍්මිතං.

118. එ කුශලකර්‍මයෙන් මම (උපත් විසින්) තව්තිසා දෙව්ලොවට ගියමු. එහි මා හට දිය ඇදීමේ පිනෙන් නිර්මිත වූ මොනොවට කළ විමනෙක් විය.

119. අච‍්ඡරානං සහස‍්සස‍්ස අහං හි පවරා තදා, දසට‍්ඨානෙහි තා සබ‍්බා අභිභොමි සදා අහං.

119. එකල්හි මම දහසක් අප්සරාවනට අග්‍ර වූමු. හැම කල්හි දස කරුණෙකින් ඒ සියල්ලන් අභිභවා සිටිමි.

120. පඤ‍්ඤාසං දෙවරාජූනං මහෙසිත‍්තමකාරයිං, වීසතිචක‍්කවත‍්තීනං මහෙසිත‍්තමකාරයිං.

120. පනසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙමි. විසිසක්විති රජුනට ද මෙහෙසිබව කරවූයෙමි.

121. දුවෙ භවෙ සංසරාමි දෙවත‍්තෙ අථ මානුසෙ, දුග‍්ගතිං නාභිජානාමි දකදානස‍්සිදං ඵලං.

121. දෙවිබව යැ, යළි මිනිසත්බව යැ යන භවද්වයයෙහි සැරි සරමි, දුගතිය නො ම දනිමි. උදකදානයාගේ මේ විපාක යි.

122. පබ‍්බතග‍්ගෙ දුමග‍්ගෙ වා අන‍්තලික‍්ඛෙ ච භූමියං, යදා උදකමිච‍්ඡාමි ඛිප‍්පං පටිලභාමහං.

122. පවු අග්හි වේවයි, රුක් අග්හි වේවයි, අහස්හි වේවයි, පොළොව්හි වේවයි යම් විටෙකැ දිය රිසියෙම් ද, (එවිටැ) මම් වහා (දිය) ලබමි.

123. අවුට‍්ඨිකා දිසා නත්‍ථි සන‍්තත‍්තකුථීතා න ච, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය මහාමෙඝො පවස‍්සති.

123. වැසි නොවටනා දිශායෙක් (මට) නැත. තැවීමෙක් කැකෑරුණු බවෙක් දු නැති. මාගේ අදහස් දැන (මෙන්) මහාමේඝය වෙසෙසින් වස්නේ යි.

124. කදාචි නීයමානාය ඤාතිසඞ‍්ඝෙන මෙ තදා යදා ඉච‍්ඡාමහං වස‍්සං මහාමෙඝො පවස‍්සති

124. යම් විටෙකැ මම් වැසි රිසි වන්නෙම් නම් එවිටැ නෑ සමූහයා විසින් ගෙන යනු ලබන මට මහවැසි වසී.

125. උණ‍්හං වා පරිළාහො වා සරීරෙ මෙ න විජ‍්ජති, කායෙ ච මෙ රජො නත්‍ථි දකදානස‍්සිදං ඵලං.

125. මාගේ සිරුරෙහි උණුසුමෙක් වේවයි, දාහයෙක් වේවයි නැත, මාගේ කයෙහි රජස් ද නැති. මේ වූකලී උදකදනයාගේ විපාක යි.

126. විසුද‍්ධමනසා අජ‍්ජ අපෙතමලපාපිකා, සබ‍්බාසවා පරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.

126. අද (මම) විශුද්ධ මනස් ඇති වෙමි, පහ වැ ගිය කෙලෙස්මල ඇති වෙමි, සියලු ආස්‍රව ගෙවී ගියේ යැ, දැන් පුනර්‍භවයෙක් නැති.

127. එකනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි දාකදානස‍්සිදං ඵලං.

127. මෙයින් එකානූවන කප්හි, එකලැ යම් පුණ්‍යකර්‍මයක් කළමු ද, (එ හේතුයෙන්) දුගතිය නො දනිමි. මේ උදකදානයාගේ විපාක යි.

128-130. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

128. - 130. මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුද්ධශාසනය කරන ලද්දේ යි.

ඉත්‍ථං සුදං උදකදායිකා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් උදකදායිකා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.

උදකදායිකාථෙරියාපදානං දසමං.

දසවැනි උදකදායිකා ස්ථවිරීඅපදාන යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සුමෙධා මෙඛලාදායි මණ‍්ඩපසඞ‍්කමං දදා, නළමාලී පිණ‍්ඩදදා කටච‍්ඡු උප‍්පලප‍්පදා.

සුමේධා යැ, මෙඛලාදායිකා යැ, මණ්ඩපදායිකා යැ, සංකමනත්‍ථා යැ, නළමාලිකා යැ, පිණ්ඩපාතදායිකා යැ, කටච්ඡුභික්ඛාදායිකා යැ, උප්පලමාලිකා යැ,

දීපදා දකදා චෙව ගාථායො ගණිතා ඉහ, එකං ගාථාසතං චෙව තිංසතී ච තදුත‍්තරිං.

දීපදායිකා යැ, උදකදායිකා යැ යන මොවුන් පිළිබඳ අපදාන දසය යි. මෙහි ගාථා එක්සිය තිසෙකි.

සුමෙධාවග‍්ගො පඨමො.

පළමුවැනි සුමේධා වර්‍ග යි.