යෙදුමෙන් කියවන්න

2. 1 එකුපොසථිකාපදානං

2. 1 එකුපොසථිකාපදානං.

2. 1 ඒකූපොසථිකාපදානය

131. නගරෙ බන්‍ධුමතියා බන්‍ධුමා නාම ඛත‍්තියො, දිවසෙ පුණ‍්ණමායං සො උපවසි උපොසථං.

131. බන්‍ධුමතී නුවරැ බන්‍ධුමත් නමැති රජෙක් වියැ. හේ පුණුපොහෝ දිනැ පෙහෙවස් විසී.

132. අහං තෙන සමයෙන කුම‍්බදාසී අහුං තහිං, දිස‍්වා සරාජිකං සෙනං එවාහං චින‍්තයිං තදා.

132. එසමයෙහි මම එනුවරැ කළදැස්සක් වූමු. (පෙහෙවස් වසන) රජු සහිත සෙනඟ දැක මම මෙසේ සිතූමු:

133. “රාජාපි රජ‍්ජං ඡඩ‍්ඩෙත්‍වා උපවසි උපොසථං, සඵලං නූන තං කම‍්මං ජනකායො පමොදිතො.”

133. “රජ ද රජය හැරපියා පෙහෙවස් විසී යැ. එකැතින් ඒ ක්‍රියාව ඵල සහිත යැ. ජනසමූහයා ප්‍රමුදිත වූයේ වෙයි” යනු යි.

134. යොනිසො පච‍්චවෙක‍්ඛිත්‍වා දුග‍්ගච‍්චඤ‍්ච දළිද‍්දතං, මානසං සංපහංසෙත්‍වා උපවසිං උපොසථං.

134. (මම් දු) දුගී බව ද දිළිඳුබව ද නුවණින් මෙනෙහි කොට සිත පහදවා පෙහෙවස් වුසූමු.

135. අහං උපොසථං කත්‍වා සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ, තෙන කම‍්මෙන සුකතෙන තාවතිංසං අගච‍්ඡහං

135. මම (විපස්සී) සම්බුදුසසුනෙහි පෙහෙවස් වැස ඒ කුශල කර්‍මයෙන් තව්තිසා දෙව්ලොව උපන්මු.

136. තත්‍ථ මෙ සුකතං ව්‍යම‍්හං උද‍්ධං යොජනමුග‍්ගතං, කූටාගාරවරූපෙතං සයනාසනභූසිතං.

136. එහි මට විමනෙක් මැනැවින් කරනලද වෙයි. (එ විමන) යොදුනක් උස් යැ, මනාකුළුගෙවලින් යුතු යැ, (හැඳපුටු ඈ) සෙනසුනෙන් සැරහුණේ ද වේ.

137. අච‍්ඡරා සතසහස‍්සා උපතිට‍්ඨන‍්ති මං සදා, අඤ‍්ඤෙ දෙවෙ අතික‍්කම‍්ම අතිරොචාමි සබ‍්බදා.

137. සියදහසක් අප්සරාවෝ සැම කල්හි මට උවටැන් කෙරෙති. (මම) සැමදා සෙසු දෙවියන් ඉක්මවා අගිශයින් බබළමි.

138. චතුසට‍්ඨිදෙවරාජූනං මහෙසිත‍්තමකාරයිං, තෙසට‍්ඨිචක‍්කවත‍්තීනං මහෙසිත‍්තමකාරයිං.

138. සූසැටක් දෙව්රජුනට මෙහෙසි වූමු. තෙසැටක් සක්විති රජුනට ද මෙහෙසි වූවා වෙමි.

139. සුවණ‍්ණවණ‍්ණා හුත්‍වාන භවෙසු සංසරාමහං, සබ‍්බත්‍ථ පවරා හොමි උපොසථස‍්සිදං ඵලං.

139. මම රන්වන් සිවිපැහැ ඇති වැ භවයන්හි හැසිරෙමි. සියලු තන්හි උතුම් වෙමි. මේ වූකලි පෙහෙවස් විසීමේ විපාක යැ.

140. හත්‍ථියානං අස‍්සයානං රථයානඤ‍්ච සිවිකං ලභාමි සබ‍්බමෙතම‍්පි උපොසථස‍්සිදං ඵලං.

140. හස්තියාන - අශ්වයාන - රථයාන - සිවිගෙවල් යන තෙල සියල්ල ලබමි. මේ වනාහි පෙහෙවස් විසීමේ විපාක යැ.

141. සොවණ‍්ණමයං රූපිමයං අථොපි ඵලිකාමයං, ලොහිතඞ‍්කමයඤ‍්චෙව සබ‍්බං පටිලභාම’හං.

141. මම රන්මුවා වූ ද, රිදීමුවා වූ ද, පිළිමිණිමුවා වූ ද, රත්මිණිමුවා වූ ද (උපභෝග පරිභෝග වස්තු) සියල්ල පිළිලබමි.

142. කොසෙය්‍යකම‍්බලියානි ඛොමකප‍්පාසිකානි ච, මහග‍්ඝානි ච වත්‍ථානි සබ‍්බං පටිලභාම’හං.

142. තිහිරිපිළි යැ, එළුලොම්පිළි යැ, කොමු පිළි යැ, කපු පිළි යැ (අන්‍ය වූත්) මහාර්‍හ වස්ත්‍ර දැයි යන සියල්ල පිළිලබමි.

143. අන‍්නං පානං ඛාදනීයං වත්‍ථසෙනාසනානි ච, සබ‍්බමෙතං පටිලභෙ උපොසථස‍්සිදං ඵලං.

143. ආහාර පාන හා කෑයුතු දෑ ද, වස්ත්‍ර හා ශයනාසන ද යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.

144. වරගන්‍ධඤ‍්ච මාලඤ‍්ච චුණ‍්ණකඤ‍්ච විලෙපනං, සබ‍්බමෙතං පටිලභෙ උපොසථස‍්සිදං ඵලං.

144. මහඟු සුවඳ ද, මල්දම් ද, වත්සුණු හා විලවුන් ද යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.

145. කූටාගාරඤ‍්ච පාසාදං මණ‍්ඩපං හම‍්මියං ගුහං, සබ‍්බමෙතං පටිලභෙ උපොසථස‍්සිදං ඵලං.

145. කුළුගෙවල් යැ, මහපහා යැ, මණ්ඩප යැ, සඳලු සහිත ගේ යැ, ගුහා යැ යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.

146. ජාතියා සත‍්තවස‍්සො’හං පබ‍්බජිං අනගාරියං, අඩ‍්ඪමාසෙ අසම‍්පත‍්තෙ අරහත‍්තං අපාපුණිං,

146. උපතින් සත්හැවිරිදි වූ මම බුදුසසුන්හි පැවිදි වූමු. (පැවිද්දෙන්) අඩමසක් නො පැමිණි කල්හි රහත්බවට පැමිණියා වෙමි.

147. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බාසවා පරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.

147. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂීණ වූහ. දැන් (මට) පුනර්‍භවයෙක් නැති.

148. එකනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි උපොසථස‍්සිදං ඵලං.

148. මෙයින් එක්අනූවන කප්හි යම් කුශලකර්‍මයක් කළමු ද, (ඒ හේතුයෙන්) දුගතිය නො හඳුනමි. මේ පෙහෙවස් විසීමේ ඵල යි.

149. ස‍්වාගතං වත මෙ ආසි මම බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

149. බුදුරදුන් වෙතැ එළැඹීම මට ස්වාගත (-යහපත්) වියැ, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරන ලද යැ.

150. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං

150. මේ සිවුපිළිසිඹියා ද, අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ් අභිඥා ද මා විසින් පසක් කරන ලද යැ. බුදුසසුන් කරන ලදී.

ඉත්‍ථං සුදං එකූපොසථිකා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ඒකුපෝසථිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.

එකූපොසථිකාථෙරියාපදානං පඨමං.

පළමුවැනි ඒකූපොසථිකා ස්ථවිරාපදාන යි.