2. 2 සලලපුප්ඵිකාපදානං
2. 2 සලලපුප්ඵිකාපදානං.
2. 2 සලලපුෂ්පිකාපදානය
151. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරී තදා, අද්දසාහං දෙවදෙවං චඞ්කමන්තං නරාසභං.
151. (පෙරැ) මම චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරියක් වූමු. එකලැ දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනු දුටුමු.
152. ඔචිනිත්වාන සලලං බුද්ධසෙට්ඨස්ස’දාස’හං, “උපසිඞ්ඝ මහාවීර සලලං දෙවගන්ධිකං.”
152. මම් සලල මල් නෙලා “මහාවීරයන් වහන්ස, දිව්‍යමය සුවඳැති සලල මල් සුඹුනා සේක්ව” යි බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුන්මු.
153. පටිග්ගහෙත්වා සම්බුද්ධො විපස්සී ලොකනායකො, උපසිඞ්ඝි මහාවීරො පෙක්ඛමානාය මෙ තදා.
153. එවිට මහාවීර වූ ලෝකනායක විපස්සී සම්බුදුරජාණන් මා බලා සිටිය දී මැ (එමල් ) සිඹ වදාළසේකැ.
154. අඤ්ජලිං පග්ගහෙත්වාන වන්දිත්වා දිපදුත්තමං, සකං චිත්තං පසාදෙත්වා තතො පබ්බතමාරූහිං.
154. ද්විපදෝත්තම බුදුරදුන් ඇඳිලි බැඳ වැඳ සිය සිත පහදවා ගෙන එතැනින් නික්මැ පර්වතයට නැගුණමු.
155. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
155. මෙයින් එක්අනූවන කප්හි යම් මලක් (පූජා විසින්) දිනිම් ද, (එ පිනෙන්) දුගතිය නො දනිමි. පුෂ්පපූජායෙහි මේ ඵල යි.
156. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- විහරාමි අනාසවා.
156. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... අනාස්‍රව වැ වාස කෙරෙමි.
157. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
157. මට යහපතක් වියැ ... බුදුසසුන් කරන ලද යැ.
158. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
158. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලදී.
ඉත්ථං සුදං සලලපුප්ඵිකාභික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙ සෙයින් සලලපුෂ්පිකා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
සලලපුප්ඵිකා ථෙරියාපදානං දුතියං.
දෙවැනි සලලපුෂ්පිකා ස්ථවිරීඅපදාන යි.
2. 3 මොදකදායිකාපදානං.
2. 3 මෝදකදායිකාපදානය
159. නගරෙ බන්ධුමතියා කුම්හදාසි අහොස’හං, මම භාගං ගහෙත්වාන ගච්ඡිං උදකහාරිකා.
159. මම බන්ධුමතී නගරයෙහි කළදැස්සක් වූමු. දිය අදනා මම මගේ (අහර) කොටස රැගෙන (දිය අදනට) ගියමු.
160. පන්ථම්හි සමණං දිස්වා සන්තචිත්තං සමාහිතං, පසන්නචිත්තා සුමනා මොදකෙ තීණි’දාස’හං.
160. මගැ (වඩනා) ශාන්ත සිත් ඇති සන්හුන්ගමන් ඇති මහණ කෙනකුන් දැක මම් පහන් සිතැති වැ සොම්නස් වැ මෝදක (-රසකැවිලි) තුනක් ඔබට දුන්මු.
161. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, එකනවුති කප්පානි විනිපාතං න ගච්ඡ’හං.
161. ඒ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද මම එක්අනු කපක් මුළුල්ලෙහි දුගතියකට (උපත් විසින්) නො ගියමු.
162. සම්පත්තිං තං කරිත්වාන සබ්බං අනුභවාමහං, මොදකෙ තීණි දත්වාන පත්තා’හං අචලං පදං.
162. ම ඒ කුශලය කොට සියලු සැපත් අනුභව කරමි. මම් මෝදක තුනක් දන් දී අචලපදය වූ නිවනට පැමිණියා වෙමි.
163-165. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
163-165. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
ඉත්ථං සුදං මොදකදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ මෝදකදායිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.
මොදකදායිකා ථෙරියාපදානං තතියං.
තෙවැනි මෝදකදායිකා ස්ථවිරාපදාන යි.