2. 4 එකාසනදායිකාපදානං
2. 4 එකාසනදායිකාපදානං.
2. 4 ඒකාසනදායිකාපදානය
166. නගරෙ හංසවතියා අහොසිං බාලිකා තදා, මාතා ච මෙ පිතා චෙව කම්මන්තං අගමංසු තෙ.
166. එක්කලෙක මම් හංසවතී නගරයෙහි බාලිකාවක් වූමු. මාගේ මවත් පියාත් කර්මාන්තස්ථානයට ගියාහු යැ.
167. මජ්ඣන්තිකම්හි සුරියෙ අද්දසං සමණං අහං, වීථියං අනුගච්ඡන්තං ආසනං පඤ්ඤපෙස’හං.
167. හිර මුදුන් සමයෙහි වීථියෙහි වඩනා මහණ කෙනෙකුන් මම දුටුමු. (මම් ඔබට හිඳුනා සඳහා) අස්නක් පැනවූමු.
168. ගොණකචිත්තකාදීහි පඤ්ඤපෙත්වා’හමාසනං, පසන්නචිත්තා සුමනා ඉදං වචනමබ්රවිං.
168. මම කොඳුපලස්, විසිතුරු එළුලොම් ඇතිරි, ආදියෙන් අසුනක් පනවා පහන් සිත් ඇති වැ සොම්නස් වැ මෙ වදන් කීමි.
169. “සන්තත්තා කුථිතා භූමි සූරො මජ්ඣන්තිකෙ ඨිතො, මාලුතා ච න වායන්ති කාලො චෙත්ථ උපට්ඨිතො.
169. පොළොව රත්වී ඇත, ක්වථිත (-කැකෑරුණාක් මෙන්) යැ, හිර මධ්‍යාහ්නයෙහි සිටියේ යැ, සුළං ද නො හමයි, වළඳනා කාලය ද එළැඹැ සිටියේ යැ.
170. “පඤ්ඤත්තමාසනමිදං තවත්ථාය මහාමුනි, අනුකම්පමුපාදාය නිසීද මම ආසනෙ.”
170. (මම් මෙසේ කීමි.) “මහාමුනිතුමනි, මෙ අස්න ඔබ සඳහා පනවන ලද යැ, මාගේ අස්නෙහි අනුකම්පා කොට වැඩ හිඳිනු මැනැවි.”
171. නිසීදි තත්ථ සමණො සුදන්තො සුද්ධමානසො, තස්ස පත්තං ගහෙත්වාන යථාරන්ධමදාසහං.
171. මොනොවට දැමුණු පිරිසිදු මනස් ඇති ශ්රමණයන් වහන්සේ එහි වැඩහුන්හ. ඔබගේ පාත්‍රය ගෙන මම (අහරින්) පුරවා දුන්මු.
172. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
172. ඒ කුසලකර්මයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද, මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවැ උපන්මු.
173. තත්ථ මෙ සුකතං ව්යම්හං ආසනෙන සුනිම්මිතං, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
173. එහි මට විමනක් කරන ලදි. (එය) අස්නෙන් යුතු කොට මොනොවට නිමවන ලද යැ. සැට යොත්නක් උස් යැ, පනස් යොත්නක් පුළුල් යැ.
174. සොණ්ණමයා මණිමයා අථොපි ඵලිකාමයා, ලොහිතඞ්කමයා චෙව පල්ලඞ්කා විවිධා මම.
174. මාගේ විවිධ පර්‍ය්‍යඞ්කයෝ රන්මුවා යැ, මිණිමුවා යැ, පිළිමිණිමුවා යැ, රන්මිණිමුවා ද වෙත්.
175. තූලිකාවිකතිකාහි කට්ඨිස්සචිත්තකාහි ච, උද්දඑකන්තලොමීහි පල්ලඞ්කා මෙ සුසන්ථතා.
175. මාගේ පර්‍ය්‍යඞ්කයෝ පුළුන් මෙට්ටයෙන් හා රූ නඟාකළ එළුලොම් ඇතිරියෙන් ද රන්කම් කළ තිහිරි ඇතිරියෙන් හා විසිතුරු එළුලොම් ඇතිරියෙන් ද දෙ දා ඇතිරි එක් දා ඇතිරියෙන් ද මොනොවට අතුරන ලද්දාහ.
176. යදා ඉච්ඡාමි ගමනං හාසඛිඩ්ඩා සමප්පිතං, සහ පල්ලඞ්කසෙට්ඨෙන ගච්ඡාමි මම පත්ථිතං.
176. හාසයෙන් හා ක්‍රීඩායෙන් සමර්පිත වැ යම් විටෙකැ ගමනක් රිසියෙම් ද, වරපර්ය්යඞ්කය සහිත වැ මා රිසි තෙනට යෙමි.
177. අසීතිදෙවරාජූනං මහෙසිත්තමකාරයිං, සත්තතිචක්කවත්තීනං මහෙසිත්තමකාරයිං.
177. අසූදෙව්රජුනට මෙහෙසිබව කරවූමු. සැත්තෑවක් සක්විති රජුනට ද මෙහෙසි වූමු.
178. භවාභවෙ සංසරන්ති මහාභොගං ලභාමහං, භොගෙ මෙ ඌනතා නත්ථි එකාසනඵලං ඉදං.
178. කුදුමහත් බෙවෙහි හැසිරෙන මම් මහත් භෝග ලබමි. මාගේ භෝගයන්හි අඩුබවෙක් නැති. එක අසුනක ඵල යි මේ.
179. දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤෙ භවෙ න ජානාමි එකාසනඵලං ඉදං.
179. දෙව් බව යැ මිනිසත් බව යැ යන භව දෙක්හි හැසිරෙමි. අන් භවයෙක් නො දනිමි. මේ එක් අසුනක් පිදීමේ ඵල යි.
180. දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ චාපි බ්රාහ්මණෙ, උච්චාකුලීනා සබ්බත්ථ එකාසනඵලං ඉදං.
180. කැත් කුලෙහි යළි බමුණු කුලෙහි බමුණු කුලෙහි යන දෙකුලෙහි උපදිමි. සැමතන්හි උසස් කුල ඇති වූමු. ඒකාසනදානයේ ඵල යි මේ.
181. දොමනස්සං න ජානාමි චිත්තසන්තාපනං මම, වෙවණ්ණියං න ජානාමි එකාසනඵලං ඉදං.
181. දොම්නස නො දනිමි. මාහට, සිත්තැවිල්ලකුදු නැත. විවර්ණ බව නො දනිමි. මේ වූකලි එක් අසුනක් දීමේ විපාක යි.
182. ධාතියො මං උපට්ඨන්ති ඛුජ්ජා ඛෙළාසිකා බහූ, අඞ්කෙන අඞ්කං ගච්ඡාමි එකාසනඵලං ඉදං.
182. කුදු වූ ද, කෙළතොලු වූ ද බොහෝ උපමවුහු මට උවටන් කෙරෙති, (මම ඔවුන්ගේ) ඇකයෙන් ඇකයට යමි, මේ එක් අසුනක් දීමෙහි විපාක යි.
183. අඤ්ඤා නහාපෙන්ති භොජෙන්ති අඤ්ඤා රමෙන්ති මං සදා, අඤ්ඤා ගන්ධං විලිම්පෙන්ති එකාසනඵලං ඉදං.
183. සැම කල්හි මා අන්හු නහවති, අන්හු වළඳවති, අන්හු තුටු කරවති, අන්හු ගඳ විලෙවුන් දෙත්. මේ ඒකාසනදාන ඵලයි.
184. මණ්ඩපෙ රුක්ඛමූලෙ වා සුඤ්ඤාගාරෙ වසන්තියා, මම සඞ්කප්පමඤ්ඤාය පල්ලඞ්කො උපතිට්ඨති.
184. මණ්ඩපයෙහි වේවයි, රුක්මුලැ වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි මාගේ සිත්හසර දැන පළඟ එළැඹැ සිටියි.
185. අයං පච්ඡිමකො මය්හං චරිමො වත්තතෙ භවො, අජ්ජාපි රජ්ජං ඡඩ්ඩෙත්වා පබ්බජිං අනගාරියං.
185. මේ මාගේ අන්තිම (පැසුලු) භවයයි, අද රජය හැරපියා බුදුසසුන්හි පැවිදි වීමි.
186. සතසහස්සෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි එකාසනඵලං ඉදලං.
186. මෙයින් සුවහස්වන කප්හි යම් දනක් දුනුමු ද, (එතැන් පටන්) දුගතිය නො දනිමි. මේ වනාහි එක් අස්නක් පිදීමේ විපාක යි.
187-189. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
187. - 189. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන කරන ලදි.
ඉත්ථං සුදං එකාසනදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ ඒකාසනදායිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.
එකාසනදායිකා ථෙරියාපදානං චතුත්ථං.
සිවුවැනි ඒකාසනාදායිකා ස්ථවිරාපදානයි.