යෙදුමෙන් කියවන්න

2. 5 පඤ‍්චදීපදායිකාපදානං

2. 5 පඤ‍්චදීපදායිකාපදානං.

2. 5 පඤ්චදීපදායිකාපදානය

190. නගරෙ හංසවතියා චාරිකා ආස’හං තදා, ආරාමෙන ච ආරාමං චරාමි කුසලථිකා.

190. ඒ සුවහස්වන කප්හි මම හංසවතී නගරයෙහි චාරිකා කරන්නක් වූවා කුසල් කැමැති වැ අරමින් අරමැ හැසුරුණමු.

191. කාලපක‍්ඛම‍්හි දිවසෙ අද‍්දසං බොධිමුත‍්තමං, තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා බොධිමූලෙ නිසීදහං.

191. මම (එක්) කළුවර පොහෝ දිනෙකැ උතුම් බෝරුක දුටුයෙම් එහි සිත පහදවා බෝරුක් මුල්හි හුන්නමු.

192. ගරුචිත‍්තං උපට‍්ඨපෙත්‍වා සිරෙ කත්‍වාන අඤ‍්ජලිං, සොමනස‍්සං පවෙදෙත්‍වා එවං චින‍්තෙසිං තාවදෙ:

192. එවේලෙහි බුහුමන් සිත් එළවා ඇඳිලි බැඳ සොම්නස් ලැබ මෙසේ සිතුවෙමි:

193. “යදි බුද‍්ධො අමිතයසො අසමප‍්පටිපුග‍්ගලො, දස‍්සෙතු පාටිහීරං මෙ බොධි ඔභාසතු අයං.”

193. “ඉදින් (පියුමතුරා) බුදුහු අපමණගුණ ඇතිසේක් නම් අසම වූ අප්‍රතිපුද්ගල සේක් නම් මට පෙළහර දක්වන සේක්වා. මේ බෝරුක බබළාවා” යි.

194. සහ ආවජ‍්ජනා මය‍්හං බොධි පජ‍්ජලි තාවදෙ, සබ‍්බසොණ‍්ණමයා අසි දිසා සබ‍්බා රොචයි.

194. මාගේ ආවර්‍ජනාව හා සමග එකෙණෙහි බෝරුක දිලුණේ යැ. සියල්ල රනින් කරන ලද මෙන් වියැ. සියලු දිශාවෝ බැබළුණාහ.

195. සත‍්තරත‍්තින්‍දිවං තත්‍ථ බොධිමූලෙ නිසීදහං, සත‍්තමෙ දිවසෙ පත‍්තෙ දීපපූජං අකාසහං.

195. මම සත්රූදවාලක් ඒ බෝරුක්මුල්හි හුන්නෙම් සත්වැනි දවස එළැඹි කල්හි පහන් පූජාවක් කළමු.

196. ආසනං පරිවාරෙත්‍වා පඤ‍්චදීපානි පජ‍්ජලුං, යාව උදෙති සුරියො දීපා මෙ පජ‍්ජලුං තදා.

196. ආසනය පිරිවරා ප්‍රදීප පසෙක් දිලුණේයැ. එදවසැ හිරු උදාවනතෙක් මාගේ ප්‍රදීපයෝ දිලුණ හ.

197. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

197. මැනැවින් කළ ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනා ප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා මම දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියා වෙමි.

198. තත්‍ථ මෙ සුකතං ව්‍යම‍්හං පඤ‍්චදීපීති වුච‍්චති, සට‍්ඨියොජනමුබ‍්බෙධං තිංසයොජන විත්‍ථතං.

198. එහි මට මොනොවට කරනලද විමනෙක් වියැ. සැට යොත්නක් උස් වූ තිස්යොත්නක් පුළුල් වූ ඒ විමන පඤ්චදීපි යි කියනු ලැබෙයි.

199. අසඞ‍්ඛියානි දීපානි පරිවාරෙ ජලන‍්ති මෙ, යාවතා දෙවභවනං දීපාලොකෙන ජොතති.

199. යම්තාක් දෙව්විමන ප්‍රදීපාලෝකයෙන් දිලියේද (ඒතාක්) අසඞ්ඛ්‍යසඞ්ඛ්‍යාත ප්‍රදීපයෝ හාත්පස දිලෙත්.

200. පරම‍්මුඛා නිසීදිත්‍වා යදි ඉච‍්ඡාමි පස‍්සිතුං, උද‍්ධං අධො ච තිරියං සබ‍්බං පස‍්සාමි චක‍්ඛුනා.

200. ඉදින් (මම) පරාම්මුඛ වැ හිඳැ දක්නට රිසියෙම් නම් උඩ ද යට ද සරස ද වූ සියල්ල මසැසින් දකිමි.

201. යාවතා අභිකඞ‍්ඛාමි දට‍්ඨුං සුගතදුග‍්ගතෙ තත්‍ථ ආවරණං නත්‍ථි රුක‍්ඛෙසු පබ‍්බතෙසු වා.

201. සුගත - දුර්‍ගතයන් දක්නට යම්පමණින් කැමැත්තෙම් නම් එහිලා රුක්හි වේවයි පවුහි වේවයි ආවරණයෙක් නැති.

202. අසීති දෙවරාජූනං මහෙසිත‍්තමකාරයිං, සතානං චක‍්කවත‍්තීනං මහෙසිත‍්තමකාරයිං.

202. දෙව්රජුන් අසූදෙනකුන්හට මෙහෙසි වූමු. සියගණන් සක්විති රජුන්හට ද මෙහෙසි වූමු.

203. යං යං යෙනුපපජ‍්ජාමි දෙවත‍්තං අථ මානුසෙ, දීපසතසහස‍්සානි පරිවාරෙ ජලන‍්ති මෙ.

203. දෙව්බව යැ, මිනිස්බව යැ, යන යම්යම් ගතියෙකැ උපදනෙම් ද සියදහස්ගණන් පහන් මා අවට දිලියෙයි.

204. දෙවලොකා චවිත්‍වාන උප‍්පජ‍්ජිං මාතුකුච‍්ඡියං, මාතුකුච‍්ඡිගතං සන‍්තී අක‍්ඛි මෙ න නිමීලති.

204. දෙව්ලොවින් සැවැ (මනුලොවැ) මවුකුසැ උපන්නෙම්, මවුකුසට ගියා වූ මාගේ ඇස් නිමිලනය (පිය) නො වෙයි.

205. දීපසතසහස‍්සානි පුඤ‍්ඤකම‍්මසමඞ‍්ගිතා, ජලන‍්ති සූතිකාගෙහෙ පඤ‍්චදීපානිදං ඵලං.

205. (මම්) පුණ්‍යකර්‍මසමන්‍වාගතයෙමි. (එහෙයින්) සුවහස් පහන්හු තිඹිරිගෙහි දිලෙන්නාහ. මේ වූකලී පඤ්චදීපදානයාගේ ඵලයි.

206. පච‍්ඡිමෙ භවෙ සම‍්පත‍්තෙ මානසං විනිවට‍්ටයිං, අජරාමරං සීතිභූතං නිබ‍්බානං ඵස‍්සයිං අහං.

206. පශ්චිමභවය පැමිණිකල්හි මනස කෙලෙසුන්ගෙන් මුදවා ලූමු. ජරා - මරණ රහිත සිහිල් වූ නිවන මම ස්පර්‍ශ කළමු.

207. ජාතියා සත‍්තවස‍්සාහං අරහත‍්තමපාපුණිං, උපසම‍්පාදයී බුද‍්ධො ගුණමඤ‍්ඤාය ගොතමො.

207. ජාතියෙන් සත්හැවිරිදි වූ මම් රහත්බවට පැමිණියෙමු. ගෞතම ගෝත්‍ර ඇති බුදුහු ගුණ සලකා (මා) උපසපන් කළහ.

208. මණ‍්ඩපෙ රුක‍්ඛමූලෙ වා සුඤ‍්ඤාගාරෙ වසන‍්තියා, සදා පජ‍්ජලතෙ දීපං පඤ‍්චදීපානිදං ඵලං

208. මණ්ඩපයෙහි වේවයි, රුක්මුල්හි වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි වෙසෙන මාහට හැමකල්හි පහනක් දිලෙයි. මේ වූකලී පඤ්චප්‍රදීපදානයාගේ ඵලයි.

209. දිබ‍්බචක‍්ඛු විසුද‍්ධං මෙ සමාධිකුසලා අහං, අභිඤ‍්ඤාපාරමිප‍්පත‍්තා පඤ‍්චදීපානිදං ඵලං.

209. මට දිවැස විශුද්ධ වියැ, මම සමාධියෙහි දක්‍ෂ වූමු. අභිඥාපාරයට පැමිණියා වෙමි. මේ වනාහි පඤ්චප්‍රදීපදානයාගේ ඵලයි.

210. සබ‍්බවොසිතවොසානා කතකිච‍්චා අනාසවා, පඤ‍්චදීපා මහාවීර පාදෙ වන්‍දති චක‍්ඛුම.

210. චක්‍ෂුර්මත් මහාවීරයන් වහන්ස, සකල බ්‍රහ්මචර්‍ය්‍යවාස වැස නිම වූ කෘතකෘත්‍ය ඇති අනාස්‍රව වූ පඤ්චදීපා මෙහෙණ (ඔබ) පා වඳියි.

211. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං දීපමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පඤ‍්චදීපානිදං ඵලං.

211. මෙයින් සුවහස්වන කප්හි යම් පහන් පූජාවක් කළා වෙම් ද, (ඒ හේතුයෙන්) දුගතිය නො මැ දනිමි. මේ වූකලී පඤ්චදීපදානයාගේ ප්‍රතිඵලයි.

212-214. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

212. - 214. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.

ඉත්‍ථං සුදං පඤ‍්චදීපයිකා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් පඤ්චදීපදායිකා භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා යැ.

පඤ‍්චදීපදායිකා ථෙරියාපදානං පඤ‍්චමං.

පස්වැනි පඤ්චදීපදායිකා ස්ථවිරාපදාන යි.