යෙදුමෙන් කියවන්න

2. 6 සාලමාලිකාපදානං

2. 6 සාලමාලිකාපදානං

2. 6 සාලමාලිකාපදානය

215. චන්‍දභාගානදීතීරෙ අහොසිං කින‍්නරී තදා, අද‍්දසං විරජං බුද‍්ධං සයම‍්භුං අපරාජිතං.

215. එක්කලෙක මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරියක් වැ උපන්මු. ඒ (මම්) ස්වයම්භූ වූ විරජ වූ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරදුන් දුටුමු.

216. පසන‍්නචිත‍්තා සුමනා වෙදජාතා කතඤ‍්ජලී, සාලමාලං ගහෙත්‍වාන සයම‍්භුං අභිපූජයිං.

216. පහන් සිතැති (එහෙයින් මැ) සොම්නස් වූ උපන් ප්‍රීති ඇතියෙම් බදැඳිලි වැ සාලමාලාවක් (සල්මල්දමක්) ගෙන එයින් සම්බුදුරදුන් පිදුමු.

217. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා කින‍්නරීදෙහං තාවතිංසමගච‍්ඡහං.

217. ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද කිඳුරු සිරුර හැරපියා දේවත්‍වයට ගියමු.

218. ඡත‍්තිංස දෙවරාජූනං මහෙසිත‍්තමකාරයිං, මනසා පත්‍ථිතං මය‍්හං නිබ‍්බත‍්තති යථිච‍්ඡිතං.

218. සතිසක් දෙව්රජුනට මෙහෙසි වූමු. මනසින් පැතූ යමක් වේද, ඒ සියල්ල මට සිතැඟි සේ උපදියි.

219. දසන‍්නං චක‍්කවත‍්තීනං මහෙසිත‍්තමකාරයිං, ඔචිතත‍්තාව හුත්‍වාන සංසරාමි භවෙස‍්වහං.

219. (මිනිස් ලොවැ) දසසක්විත්තනට මෙහෙසි වූමු. පෙර පින් රැස්කළ හෙයින් කුදුමහත් බෙවෙහි හැසිරෙමි.

220. කුසලං විජ‍්ජතෙ මය‍්හං පබ‍්බජිං අනගාරියං, පූජාරහා අහං අජ‍්ජ සක්‍යපුත‍්තස‍්ස සාසනෙ.

220. මට කුසල් ඇත. බුදුසසුන්හි පැවිදි වූමු. මම් අද ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ශාසනයෙහි පූජාර්‍හ වෙමි.

221. විසුද‍්ධමනසා අජ‍්ජ අපෙතමනපාපිකා, සබ‍්බාසවාපරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.

221. අද පිරිසිදු මනස් ඇති වෙමි. පහවූ චිත්ත සංක්ලේශ ඇති වෙමි. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් (මට) පුනර්‍භවයෙක් නැති.

222. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං බුද‍්ධමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි සාලමාලායිදං ඵලං.

222. මෙයින් සිවු අනූවන කප්හි යම්හෙයෙකින් බුදුරදුන් පිදුයෙම් ද එහෙයින් දුගතිය නො මැ දනිමි. මේ වූකලී සාලමාලා පූජායෙහි ඵලයි.

223-225. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

223. - 225. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.

ඉත්‍ථං සුදං සාලමාලිකා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

සාලමාලිකා මෙහෙණ මෙසෙයින් මේ ගාථා පැවසුවා යැ.

සාලමාලිකා ථෙරියාපදානං ඡට‍්ඨං.

සවැනි සාලමාලිකා ස්ථවිරාපදාන යි.