යෙදුමෙන් කියවන්න

2. 7 මහාපජාපතිගොතමීඅපදානං

2. 7 මහාපජාපතිගොතමීඅපදානං.

2. 7 මහාපජාපතී ගෝතමී අපදානය

226. එකදා ලොකපජ‍්ජොතො වෙසාලියං මහාවනෙ, කූටාගාරෙ සුසාලායං වසතෙ නරසාරථි.

226. ලොවට පහනක් වූ වෙනෙය්‍යජන දමනයෙහි සාරථී වූ බුදුරජාණන් වහන්සේ එක්සමයෙකැ විශාලා මහනුවර මහාවනයෙහි මැනවින් කරන ලද කූටාගාර ශාලායෙහි වැඩ වසන සේකැ.

227. තදා ජිනස‍්ස මාතුච‍්ඡා මහාගොතමි භික‍්ඛුනී, තහිං කතෙ පුරෙ රම‍්මෙ වසී භික‍්ඛුනුපස‍්සයෙ.

227-228. එකල්හි ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ සුළුමවු වූ මහා පජාපති ගෝතමී තෙරණියෝ එ නගරයෙහි කරන ලද රම්‍ය වූ මෙහෙණවරෙහි කෙලෙසුන්ගෙන් මිදුණු (-රහත්) මෙහෙණන් පන්සියයක් සමග වාසය කළහ. විවේකී වැ හුන් ඔවුනට මෙබඳු මනෝසංකල්පයෙක් පහළ වියැ.

228. භික‍්ඛුනීහි විමුත‍්තාහි සතෙහි සහ පඤ‍්චහි, රහොගතාය තස‍්සෙවං චිත‍්තස‍්සාසි විතක‍්කිතං.

229. “බුද‍්ධස‍්ස පරිනිබ‍්බාණං සාවකග‍්ගයුගස‍්ස වා රාහුලානන්‍දනන්‍දානං නාහං ලච‍්ඡාමි පස‍්සිතුං

229. “මම බුදුරදුන්ගේ පිරිනිවීම හෝ දෙ අගසව්වන් වහන්දෑගේ පිරිනිවීම හෝ රාහුල - ආනන්‍ද - නන්‍ද තෙරණුවන්ගේ පිරිනිවීම හෝ දක්නට නො ලබමි.

230. පටිගච‍්චායුසඞ‍්ඛාරෙ ඔස‍්සජිත්‍වාන නිබ‍්බුතිං, ගච‍්ඡෙය්‍යං ලොකනාථෙන අනුඤ‍්ඤාතා මහෙසිනා.”

230. ලෝකනාථ වූ මහර්ෂීන් වහන්සේ විසින් අනුදන්නා ලදු වැ කල් ඇති වැ ආයුසංස්කාරයන් හැර පියා නිවීමට යන්නෙම් නම් මැනැවි.”

231. තථා පඤ‍්චසතානම‍්පි භික‍්ඛුනීනං විතක‍්කිතං, ආසි ඛෙමාදිකානම‍්පි එතදෙව විතක‍්කිතං.

231. පන්සියයක් මෙහෙණන්හට ද එබඳු ම විතර්‍කයෙක් වියැ, ඛේමාදි තෙරණිවරුනට ද තෙල විතර්‍කයම වූයේ යැ.

232. භූමිචාලො තදා ආසි නාදිතා දෙවදුන්‍දුභි, උපස‍්සයාධිවත්‍ථායො දෙවතා සොකපීළිතා. විපලන‍්තා සකරුණං තථෙස‍්සූනි පවත‍්තයුං,

232. එකෙණෙහි මහපොළොව කම්පිත වියැ. මේඝගර්‍ජනා ද වූයේ යැ. මෙහෙණවරට අරක්ගත් දේවතාවෝ ශෝකයෙන් පෙළුණාහු, වැලපෙමින් කඳුළු වැගිරවූහු.

233. මිත‍්තා භික‍්ඛුනියො තා හි උපගන‍්ත්‍වාන ගොතමිං, නිපච‍්ච සිරසා පාදෙ ඉදං වචනමබ්‍රවිං:

233. ඒ (ගෝතමී තෙරණිය හා) මිත්‍ර මෙහෙණෝ ද ගෝතමිය වෙතැ එළැඹැ පා මත සිරසින් වැඳ වැටී මෙවදන් බිණූහු:

234. “තත්‍ථ තොයලවාසිත‍්තා මයමය්‍යෙ රහොගතා සාචලා චලිතා භූමි නදිතා දෙවදුන්‍දුභි, පරිදෙවා ච සූයන‍්ති කිමත්‍ථං නූන ගොතමී.”

234. “ආර්‍ය්‍යාවනි, දිය පොදකින් (සිය සිරුරු) තෙමාගත් අපි එහි රහෝගත (-එකලා) වූම්හ. ඒ අචල වූ පොළොව සැලිණ, මේඝයෝ ගර්‍ජනා කළහ, වැලපීම් ද ඇසෙයි, ගෝතමී උත්තමාවනි, එකැතින් (මේ) කුමක් සඳහා ද?”

235. තදා අවොච සා සබ‍්බං යථාපරිවිතක‍්කිතං, තායොපි සබ‍්බා ආහංසු යථාපරිවිතක‍්කිතං.

235. එවිට ඕ යම් අයුරකින් විතර්‍කකරනලද නම් සියල්ල කීවා යැ. ඒ සියලු මෙහෙණෝ ද (තමන්) විතර්‍කකළ අයුරු (එලෙසින් ම) කීහු.

236. “යදි තෙ රුචිතං අය්‍යෙ නිබ‍්බානං පරමං සිවං, නිබ‍්බායිස‍්සාම සබ‍්බාපි බුද‍්ධානුඤ‍්ඤාය සුබ‍්බතෙ.

236. “ආර්‍ය්‍යාවෙනි, පරම ශාන්ත වූ නිවන ඉදින් ඔබට රිසි නම් මනා ව්‍රත ඇති උත්තමාවනි, (අපි) සියල්ලෝ ද බුද්ධානුඥානයෙන් පිරිනිවෙන්නමු.

237. මයං සහාව නික‍්ඛන‍්තා ඝරාපි ව භවාපි ච සහයෙව ගමිස‍්සාම නිබ‍්බාණපුරමුත‍්තමං”

237. අපි එක් වැ ම ගෙයිනුදු භවයෙනුදු නික්මුණෝ වම්හ. උතුම් නිවන්පුරයට එක්වැ ම යන්නෙමු.”

238. නිබ‍්බානාය වජන‍්තීනං කිං වක‍්ඛාමීති” සා වදං සහ සබ‍්බාහි නිග‍්ගච‍්ඡි භික‍්ඛුනීනිලයා තදා.

238. එවිටැ ඕ තොමෝ (ගෝතමී) “නිවනට යන්නන්හට කුමකු කියම් දැ” යි පවසමින් සියල්ලන් සමග මෙහෙණවරින් බැහැර වැ ගියා යැ.

239. උපස‍්සයෙ යාධිවත්‍ථා දෙවතා තා ඛමන‍්තු මෙ, භික‍්ඛුනීනිලයස‍්සෙදං පච‍්ඡිමං දස‍්සනං මම.

239. “මෙහෙණවර අරක්ගත් යම් දෙවිකෙනෙක් වෙත් නම් උහු තුමූ මට ක්‍ෂමා කෙරෙත්වා. මෙහෙණවර මේ මාගේ පශ්චිම දර්‍ශනයයි.

240. න ජරා මච‍්චු වා යත්‍ථ අප‍්පියෙහි සමාගමො, පියෙහි විප‍්පයොගො’ත්‍ථි තං වජිස‍්සං අසඞ‍්ඛතං.

240. යම් තෙනෙකැ ජරා වේවයි, මරණ වේවයි, අප්‍රියසම්ප්‍රයෝග වේවයි, ප්‍රියවිප්‍රයෝග වේවයි නැත්ද අසංස්කෘත වූ (-ප්‍රත්‍යයෙන් සකස් නොවූ) එතැනට යන්නෙමි.” යි (කිවු.)

241. අවීතරාගා තං සුත්‍වා වචනං සුගතොරසා, සොකට‍්ටා පරිදෙවිංසු “අහො නො අප‍්පපුඤ‍්ඤතා.

241. නො රහත් බුද්ධපුත්‍රයෝ එ වදන් අසා සොවින් පෙළුණාහු “අහෝ, අපගේ මඳපින් ඇතිබවැ” යි වැලපුනාහු යි.

242. භික‍්ඛුනීනිලයො සුඤ‍්ඤො භූතො තාහි විනා අයං, පභාතෙ විය තාරායො න දිස‍්සන‍්ති ජිනොරසා.

242. ඔවුන්ගෙන් වෙන් වැ මේ භික්‍ෂුණී ආරාමය හිස් වියැ, සූර්‍ය්‍යයෝදයයෙහි තාරකා මෙන් බුද්ධපුත්‍රී (භික්‍ෂුණී) හූ නො පැණෙත්.

243. නිබ‍්බානං ගොතමී යාති සතෙහි සහ පඤ‍්චහි, නදීසතෙහිව සහ ගඞ‍්ගා පඤ‍්චහි සාගරං.

243. ගඞ්ගා නදිය පන්සියයක් නදීන් සමග සයුරට වදනාසේ මහාපජාපති ගෝතමි පන්සියයක් මෙහෙණන් සමග නිවනට යෙයි.

244. රථිකාය වජන‍්තිං තං දිස‍්වා සද‍්ධා උපාසිකා, ඝරා නික‍්ඛම‍්ම පාදෙසු නිපච‍්ච ඉදමබ්‍රවිං:

244. වීථියෙහි වඩනා ඇය දැක සැදැහැ ඇති උවැසියෝ ගෙයින් නික් මැ පා මතුයෙහි වැඳ හෙවැ මෙ වදන් බිණූහු.

245. “පසීදස‍්සු මහාභොගෙ අනාථායො විහාය නො, තයා න යුත‍්තං නිබ‍්බාතුං” ඉච‍්චට‍්ටං විලපිංසු තා.

245. “මහාභාග්‍යවත් උත්තමාවනි, (අප කෙරෙහි) පහදිනු මැනැවි. අනාථ වූ අප හැරැ පියා ඔබ පිරිනිවෙන්නට යුතු නැතැ” යි ඔහු මහත්සේ හඬ නගා වැලපුනාහ.

246. තාසං සොකපහාණත්‍ථං අවොච මධුරං ගිරං, “රුදිතෙන අලං පුත‍්තා හාසකාලො’යමජ‍්ජ වො.

246. ඔවුන්ගේ ශෝකප්‍රහාණය සඳහා (ගෝතමි තොමෝ) මිහිරි වදන් පැවැසූ යැ: “දරුවෙනි, හැඬීමෙන් කම් නැත, තොපට අද මේ සිනාසීමට කාලයයි.

247. පරිඤ‍්ඤාතං මයා දුක‍්ඛං දුකඛහෙතු විවජ‍්ජිතො, නිරොධො මෙ සච‍්ඡිකතො මග‍්ගො චාපි සුභාවිතො.

247. මා විසින් දුක පිරිසිඳ දක්නා ලද යැ, දුකට හේතුව දුරු කරන ලද යැ, මා විසින් දුංඛ නිරෝධය පසක් කරන ලද යැ, මාර්‍ගය ද මැනැවින් වඩනා ලද වෙයි.”

(භාණවාරං පඨමං)

(පළමු බණවර යි)

248. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත‍්ති සමූහතා.

248. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලදහ, බුදුසසුන් කොට නිමවන ලද, ස්කන්‍ධාභාරය බහාලන ලද, තෘෂ්ණාව මුලිනුපුටා නසන ලදි.

249. යස‍්සත්‍ථාය පබ‍්බජිතා අගාරස‍්මානගාරියං, සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො සබ‍්බසඤ‍්ඤොජනක‍්ඛයො.

249. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූයෙම් ද සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයය වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්තයි.

250. බුද‍්ධො තස‍්ස ච සද‍්ධම‍්මො අනූනො යාව තිට‍්ඨති, නිබ‍්බාතුං තාව කාලො මෙ මා මං සොචථ පුත‍්තිකා.

250. බුදුරජාණන් වහන්සේත් ඔබගේ අනූන වූ සද්ධර්‍මයත් යම්තාක් සිටුනා සේක් ද ඒතාක් පිරිනිවෙන්නට මට කාලය වෙයි. දියණියනි, මා ගැන සෝක නොකරව.

251. කොණ‍්ඩඤ‍්ඤානන්‍දිනන්‍දාදී තිට‍්ඨන‍්ති රාහුලො ජිනො, සුඛිතො සහිතො සඞ‍්ඝො හතදප‍්පා ච තිත්‍ථියා.

251. කොණ්ඩඤ්ඤ - ආනන්‍ද - නන්‍ද ආදී තෙරණුවෝ ද, ජිනපුත්‍ර රාහුල තෙරහු ද සිටුනාහ. සඞ්ඝ තෙමේ සුඛිත යැ සහිත යැ තීර්‍ත්‍ථකයෝ නැසුණු දර්ප (-මාන) ඇත්තාහු යි.

252. ඔක‍්කාකවංසස‍්ස යසො උස‍්සිතො මාරමද‍්දනො, නනු සම‍්පති කාලො මෙ නිබ‍්බානත්‍ථාය පුත‍්තිකා.

252. ඔක්කාක වංසයේ මරුන් මඩනා යශස උස්වැ නැගැ සිටියේ යැ. දැරියනි, නිවන් සඳහා මාහට දැන් කාලය නො වන්නේ ද?

253. චිරප‍්පභූති යං මය‍්හං පත්‍ථිතං අජ‍්ජ සිජ‍්ඣතෙ, ආනන්‍දභෙරිකාලො’යං කිං වො අස‍්සූහි පුත‍්තිකා.

253. බොහෝ කලෙකැ සිට මා විසින් යමක් පතන ලද නම් එය අද සිදු වෙයි, මේ වනාහි සන්තෝෂජනක හේරිවාදනයට කාලයයි. දැරියනි, තොපගේ කඳුළින් කවර වැඩෙක් ද?

254. සචෙ මයි දයා අත්‍ථි යදි චත්‍ථි කතඤ‍්ඤුතා, සද‍්ධම‍්මට‍්ඨිතියා සබ‍්බා කරොථ විරියං දළ‍්හං.

254. ඉදින් මා කෙරෙහි දයායෙක් ඇත් නම් කෘතඥතායෙක් ඇත් නම් (තෙපි) සියල්ලෝ සද්ධර්‍මස්ථිතිය සඳහා දැඩි වීර්‍ය්‍ය කරව.

255. ථිනං අදාසි පබ‍්බජ‍්ජං සම‍්බුද‍්ධො යාචිතො මයා, තස‍්මා යථා’හං නන්‍දිස‍්සං තථා තමනුතිට‍්ඨථ.

255. මා විසින් අයදනා ලද බුදුරජාණන් වහන්සේ මාගමුන්ට ප්‍රව්‍රජ්‍යාව දුන්සේකැ, එහෙයින් යම්සේ මම් සතුටු වන්නෙම් නම් එසේ ඒ අනු වැ (තෙපි දු) සිටුව” යි.

256. තා එවමනුසාසිත්‍වා භික‍්ඛුනීහි පුරක‍්ඛතා, උපෙච‍්ච බුද‍්ධං වන්‍දිත්‍වා ඉදං වචනමබ්‍රවි:

256. ඔවුනට මෙසේ අනුශාසනා කොට මෙහෙණන් විසින් පෙරටු කරන ලද්දී බුදුරදුන් වෙතැ එළැඹැ වැඳ මෙ වදන් පැවසූ යැ:

257. “අහං සුගත මාතා තෙ ත්‍වං ච වීර පිතා මම, සද‍්ධම‍්මසුඛදො නාථ තයා ජාතම‍්හි ගොතම.

257. “සුගතයන් වහන්ස, මම ඔබගේ මවු වෙමි, වීරයන් වහන්ස, ඔබ ද මාගේ පියා වෙති. නාථයන් වහන්ස, (ඔබ මට) සදහම් සුව දුන්හ, ගෞතමයන් වහන්ස, ඔබ වෙතින් (මම්) උපන්නෙම් වෙමි.

258. සංවඩ‍්ඪිතො’යං සුගත රූපකායො මයා තව, අනින්‍දියො ධම‍්මකායො මම සංවඩ‍්ඪිතො තයා.

258. සුගතයන් වහන්ස, ඔබගේ රූ කය මා විසින් වඩන ලද යැ, මාගේ අනින්‍දනීය දහම් කය ඔබ විසින් වඩන ලදි.

259. මුහුත‍්තතණ‍්හාසමනං ඛීරං ත්‍වං පායිතො මයා, තයා’හං සන‍්තමච‍්චන‍්තං ධම‍්මඛීරං හි පායිතා.

259. මා විසින් ඔබ මොහොතක් (සා) පිපාසා සන්හිඳුවන කිරි පොවන ලදහු. මම ඔබ විසින් අත්‍යන්ත ශාන්ත වූ දහම් නැමැති කිරි පොවන ලද වෙමි.

260. වද‍්ධනරක‍්ඛනෙ මය‍්හං අනණො ත්‍වං මහාමුනෙ, පුත‍්තකාමා ථියො යා තා ලභන‍්තු තාදිසං සුතං.

260. මහාමුණිවරයාණෙනි, මා විසින් වැඩීමෙහි රැකීමෙහි ලා ඔබ ණයගැති නො වෙති. පුතුන් කැමැති යම් ස්ත්‍රීහු වෙත් නම් ඔහු ඔබ බඳු පුතකු ලබත්වා.

261. මන්‍ධාතාදිනරින්‍දානං යා මාතා සා භවණ‍්ණවෙ, නිමුග‍්ගා’හං තයා පුත‍්ත තාරිතා භවසාගරා.

261. මන්‍ධාතු ආදී රජුන්ගේ යම් මවක් වූ නම් ඕ බවසයුරෙහි ගිලුණා යැ. පුත්‍රයාණෙනි, ඔබ විසින් (මම්) බවසයුරෙන් තරණය කරන ලද වෙමි.

262. රඤ‍්ඤො මාතා මහෙසීති සුලභං නාමමිත්‍ථිනං, බුද‍්දමාතාති යං නාමං එතං පරමදුල‍්ලභං.

262. “රාජ මාතා - රාජ මහේසී” යන නම ස්ත්‍රීන්හට සුලභ යැ, බුද්ධමාතා යි යම් නමෙක් ඇද්ද, තෙල නම පරම දුර්‍ලභ යි.

263. තඤ‍්ච ලද‍්ධං මයා වීර පණිධානං මමං තයා, අණුකං වා මහන‍්තං වා තං සබ‍්බං පූරිතං මයා.

263. මාගේ ඒ ප්‍රණිධිය ද ඔබ වෙතින් මා ලද යැ. කුඩා වේවයි, මහත් වේවයි ඒ සියලු කිස මා විසින් පුරණ ලදි.

264. පරිනිබ‍්බාතුමිච‍්ඡාමි විහායෙමං කලෙබරං, අනුජානාහි මෙ වීර දුක‍්ඛන‍්තකර නායක.

264. මේ කය හැර පියා පිරිනිවෙන්නට රිසියෙමි, වීර වූ දුක් කෙළවර කරන නායකයන් වහන්ස, (ඒ සඳහා) මට අනුදැන වදාළ මැනැවි.

265. චක‍්කඞ‍්කුසධජාකිණ‍්ණෙ පදෙ කමලකොමලෙ, පසාරෙහි පණාමං තෙ කරිස‍්සං පුත‍්තපෙමසා.

265. සක් - අකුසු - දද ලකුණින් ගැවැසුණු පියුම් බඳු සියුමැලි පා දිගු කරනු මැනැවි. පුත්‍රප්‍රේමයෙන් ඔබට ප්‍රණාම කරමි.

266. සුවණ‍්ණරාසිසංකාසං සරීරං කුරු පාකටං, කත්‍වා දෙහං සුදිට‍්ඨං තෙ සන‍්තිං ගච‍්ඡාමි නායක.”

266. රන්කඳක් බඳු (ඔබ) සිරුර පාළ කරනු මැනැවි. නායකයන් වහන්ස, ඔබගේ කය මැනැවින් දැකීමකොට ශාන්තියට යන්නෙමි” යි.

267. ද‍්වත‍්තිංසලක‍්ඛණූපෙතං සුප‍්පභාලඞ‍්කතං තනුං. සඤ‍්ඣාඝනාව බාලක‍්කං මාතුච‍්ඡං දස‍්සයී ජිනො.

267. ජිනේන්‍ද්‍රයන් වහන්සේ ද්වත්ත්‍රීංශද්වර ලක්‍ෂණොපේත සුප්‍රභායෙන් අලංකෘත සන්‍ධ්‍යාවලායෙන් ඉවත් වූ බාලාර්ක (ළහිරු) බඳු (ස්ව) ශරීරය සුළුමවට දර්‍ශනය කර වූ සේකැ.

268. ඵුල‍්ලාරවින්‍දසඞ‍්කාසෙ තරුණාදිච‍්චසප‍්පභෙ, චක‍්කඞ‍්කිතෙ පාදතලෙ තතො සා සිරසා පති.

268. ඉක්බිති ඕ තොමෝ ප්‍රබුද්ධපද්මසදෘශ වූ තරුණ සූර්‍ය්‍යා බඳු ප්‍රභාවත් චක්‍ර ලක්‍ෂණ ඇති ශ්‍රීපාද මතුයෙහි සිරසින් වැඳ වැටුනා යැ.

269. “පණමාමි නරාදිච‍්චං ආදිච‍්චකුලකෙතුකං, පච‍්ඡිමෙ මරණෙ මය‍්හං න තං ඉක‍්ඛාමහං පුනො.

269. සූර්‍ය්‍යවංශයට ධ්‍වජයක් වූ නරාදිත්‍යයන් (නරශ්‍රේෂ්ඨයන්) හට මේ පැසුළු මරණයෙහි දී ප්‍රණාම කරමි. මම යළි තොප නො දක්මි.

270. ඉත්‍ථියො නාම ලොකග‍්ග සබ‍්බදොසකරා මතා, යදි කො චත්‍ථි දොසො මෙ ඛමස‍්සු කරුණාකර.

270. ලෝකාග්‍රයන් වහන්ස, ස්ත්‍රීහු නම් සියලු වරද කෙරෙත් යි දන්නා ලදහ. ඉදින් මාගේ කිසියම් දොසෙක් ඇත්නම් කරුණාවට ආකර වූ උතුමාණෙනි, එය ක්‍ෂමා කරනු මැනැවි.

271. ඉත්‍ථිකානඤ‍්ච පබ‍්බජ‍්ජං යමහං යාචිං පුනප‍්පුනං, තත්‍ථ චෙ අත්‍ථි දොසො මෙ තං ඛමස‍්සු නරාසභ.”

271. යම් හෙයෙකින් මම් ස්ත්‍රීනට ද පැවිද්ද පුනපුනා යාඥා කළමු ද, ඉදින් එහිලා මාගේ දොසෙක් ඇත්නම් නරෝත්තමයාණෙනි, එය ක්‍ෂමා කරනු මැනැවි.

272. මයා භික‍්ඛුනියො වීර තවානුඤ‍්ඤාය සාසිතා, තත්‍ර චෙ අත්‍ථි දුනතීතං තං ඛමස‍්සු ඛමාධිප.

272. වීරයන්වහන්ස, ඔබගේ අනුඥානයෙන් භික්‍ෂුණීහු මා විසින් අනුශාසිතයහ. ඉදින් එහිලා වරදවා කළ අනුශාසනයෙක් වේ නම් ක්‍ෂමාධිපයාණනි, එද කමන්න.

273. “අක‍්ඛන‍්තෙ නාම ඛන‍්තබ‍්බං කිං භවෙ ගුණභූසනෙ, කිමුත‍්තරං තෙ වක‍්ඛාමි නිබ‍්බානාය වජන‍්තියා.

273. ගුණාහරණ ඇති තැනැත්තිය, ක්‍ෂමාවට කරුණු නැති තන්හි ක්‍ෂමා කළයුතු කුමක් නම් වන්නේ ද, පිරිනිවන සඳහා යන තොපට මතුයෙහි කුමක් කියම් ද.

274. සුද‍්ධෙ අනූනෙ මම භික‍්ඛුසඞ‍්ඝෙ ලොකා ඉතො නිස‍්සරිතුං කමන‍්තෙ, පභාතකාලෙ ව්‍යසනං ගහානං දිස‍්වාන නිය්‍යාති ච චන්‍දලෙඛා.

274. පවිත්‍ර වූ අනූන වූ මාගේ භික්‍ෂු සඞ්ඝයා මෙ ලොවින් නිස්සරණයට යන කල්හි, පහන්වන කල්හි ග්‍රහතාරකාවන්ගේ ව්‍යසනය දැක චන්‍ද්‍රලේඛාව නික්මැ යන්නා මෙනි.

275. තදෙතරා භික‍්ඛුනියො ජිනග‍්ගං තාරාව චන්‍දානුගතා සුමෙරුං, පදක‍්ඛිණං කත්‍වා නිපච‍්ච පාදෙ ඨිතා මුඛන‍්තං සමුදික‍්ඛමානා.

275. මේරු පර්‍වතය වටා යන චන්‍ද්‍රානුගත තාරකා සෙයින් ඒ සෙසු භික්‍ෂුණීහු ජිනේන්‍ද්‍රයන් වහන්සේ ප්‍රදක්‍ෂිණා තොට පාමුල වැඳ වැටී (බුදුරදුන්) මවග බලමින් සිටියාහ.

276. “න තිත‍්තපුබ‍්බං තව දස‍්සනෙන චක‍්ඛුං න සොතං තව භාසිතෙන, චිත‍්තං මමං කෙවලමෙකමෙව පප‍්පුය්‍ය තං ධම‍්මරසෙන තිත‍්තිං,

276. (වැළි දු ගෝතමිය මෙසේ පවසයි:) “ඔබගේ දර්‍ශනයෙන් (අපගේ) ඇස තෘප්ත නොවූ විරූ යැ. ඔබගේ භාෂිතයෙන් කන තෘප්ත නොවූ විරූ යැ. හුදෙක් මාගේ ඒ එකම සිත ධර්‍ම රසයෙන් තෘප්තියට පැමිණ සිටියි.

277. නදතො පරිසායං තෙ වාදිදප‍්පාපහාරිනො, යෙ තෙ දක‍්ඛන‍්ති වදනං ධඤ‍්ඤා තෙ නරපුඞ‍්ගව.

277. නරශ්‍රේෂ්ඨයාණනි, අභීතනාද පවත්වන (පර) වාදීමානමථනය කරන ඔබගේ ශ්‍රී මුඛය යම් ඒ කෙනෙක් දකිත් ද, උහු තුමූ භාග්‍යවත් හ.

278. දීඝඞ‍්ගුලී තම‍්බනඛෙ සුභෙ ආයතපණ‍්හිකෙ යෙ පාදෙ පණමිස‍්සන‍්ති තෙපි ධඤ‍්ඤා ගුණන්‍ධර.

278. (ලෞකික - ලෝකෝත්තර) ගුණ ධරණ උතුමාණෙනි, දිගු ඇඟිලි ඇති, තඹවන් නිය ඇති, දිගු විළුම් ඇති ශුභ වූ (ඔබ) පා යම් කෙනෙක් ප්‍රණාම කෙරෙත් ද, උහු ද ධන්‍ය (පින්වත්) හ.

279. මධුරානි පහට‍්ඨානි දොසග‍්ඝානි හිතානි ච, යෙ තෙ වාක්‍යානි සොස‍්සන‍්ති තෙපි ධඤ‍්ඤා නරුත‍්තම.

279. නරෝත්තමයාණනි, මිහිරි ප්‍රීතිය ඇති කරන ද්වේෂය නසන (මෛත්‍රීසහගත වූ) හිත වූ ඔබගේ වචන යම් කෙනෙක් ශ්‍රවණ කෙරෙත් ද, ඔහු ද ධන්‍යයෝ යි.

280. ධඤ‍්ඤා’හං තෙ මහාවීර පාදපූජනතප‍්පරා, තිණ‍්ණසංසාරකන‍්තාරා සුවාක්‍යෙන සිරීමතො.”

280. මහාවීරයන් වහන්ස, ඔබ පා පිදීමෙහි නිරත වූ තරණය කළ සසරකතර ඇති මම් ශ්‍රීමතාණන්ගේ සුන්‍දර වාක්‍යයෙන් භාග්‍යසම්පන්න වෙමි.”

281. තතො සා අනුසාසෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝම‍්පි සුබ‍්බතා, රාහුලානන්‍දනන්‍දෙ ච වන්‍දිත්‍වා ඉදමබ්‍රවි:

281. ඉක්බිති මනාව්‍රත ඇති භික්‍ෂුසඞ්ඝයාට ද අනුශාසනා කොට රාහුල - නන්‍ද - ආනන්‍ද යන තෙරණුවන් වැඳ මෙවදන් පැවසූ:

282. “ආසීවිසාලයසමෙ රොගාවාසෙ කලෙබරෙ, නිබ‍්බින‍්නා දුක‍්ඛසංඝාතෙ ජරාමරණගොචරෙ

282-283. “සර්‍පාවාසයක් බඳු රෝගයනට වාසස්ථාන වූ දුක් කඳක් වූ නොහොත් දුකින් පෙලුණු ජරා - මරණ දෙකට ගොදුරු වූ නොයෙක් කුණු කසලින් ආකීර්‍ණ වූ ආත්මායත්ත (තමාසතු) නො වූ අනුත්සුක වූ ශරීරයෙහි කලකිරුණෙම් වෙමි. එහෙයින් පිරිනිවෙන්නට රිසියෙමි. දරුවනි, (එය) අනු දනි වු”.

283. නානාකලිමලාකිණ‍්ණෙ පරායත‍්තෙ නිරීහකෙ, තෙන නිබ‍්බාතුමිච‍්ඡාමි අනුමඤ‍්ඤථ පුත‍්තකා.”

284. නන්‍දො රාහුලභද‍්දො ච වීතසොකා නිරාසවා, ඨිතාචලට‍්ඨිතිථිරා ධම‍්මතං අනුචින‍්තයුං.

284. පහ වූ ශෝක ඇති ආස්‍රව රහිත නන්‍ද තෙරණුවෝ ද රාහුල භද්‍රයෝ ද පව්වක් (නොසැලී) සිටුනා සෙයින් තිර වැ සිටියාහු දහම් සැහැවි අනු වැ සිතූ හු.

285. ධීරත්‍ථු සඞ‍්ඛතං ලොලං අසාරං කදලූපමං, මායාමරීවිසදිසං ඉත‍්තරං අනවට‍්ඨිතං.

285. “ප්‍රත්‍යයෙන් සකැසුණු සැලෙන අසාර (එහෙයින්ම) රඹකඳක් වැනි මායාවක් මිරිඟුවක් බඳු බොහෝ කල් නො පවත්නා තිර වැ නො සිටි මේ කයට නින්‍දා වේවා.

286. යත්‍ථ නාම ජිනස‍්සා’යං මාතුච‍්ඡා බුද‍්ධපොසිකා, ගොතමී නිධනං යාති අනිච‍්චං සබ‍්බසඞ‍්ඛතං.”

286. මෝ තොමෝ වූකලී ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ සුළු මව යැ, බුදුරදුන් පෝෂණය කළ ගෝතමී පිරිනිවීමට යෙයි. සියලු සතර දහම් අනිස යැ.”

287. ආනන්‍දො ච තදා සෙඛො සොකට‍්ටො ජිනවච‍්ඡලො, තත්‍ථස‍්සූනි ධරන‍්තො සො කරුණං පරිදෙවති.

287-288. එකලැ ආනන්‍ද තෙරණුවෝ සේඛ (සෝවාන්) හ, බුදුරදුන් කෙරෙහි ස්නෙහ ඇති සොවින් පෙළුණු ඔබ “අහෝ! ගෝතමි ශාන්තියට යෙයි, නොබෝ දිනකින් බුදුරජාණෝ ද ඉන්‍ධන (දර) රහිත ගිනි සෙයින් නිවීමට යන්නාහ” යි සානුකම්පික වැ කඳුළු දරමින් වැලපෙති.

288. “හා සන‍්තිං ගොතමී යාති නූන බුද‍්ධොපි නිබ‍්බුතිං, ගච‍්ඡති න චිරෙනෙව අග‍්ගිරිව නිරින්‍ධනො.”

289. එවං විලපමානං තං ආනන්‍දං ආහ ගොතමී: ”සුතිසාගර ගම‍්භීර බුද‍්ධුපට‍්ඨානතප‍්පර.

289-290. මෙසේ වැලපෙන ඒ ආනන්‍ද තෙරණුවනට ගෝතමි මෙසේ කිවු: “ශ්‍රැතියට සාගර (බහුශ්‍රුත) වූ, ගැඹුරු ගුණ ඇති බුද්ධෝපස්ථානයෙහි නියැලි පුත්‍රයාණනි, ශෝක කරන්නට අයුතු යැ, හාස (සිනහවට) කාලය එළඹැ සිටියේ යැ, පුත, නිවන වෙත එළැඹ සිටුනා මට තොපගේ පිහිටයි.

290. න යුත‍්තං සොචිතුං පුත‍්ත හාසකාලෙ උපට‍්ඨිතෙ, තව මෙ සරණං පුත‍්ත නිබ‍්බානං සමුපාගතං.

291. තයා තාත සමජ‍්ඣිට‍්ඨො පබ‍්බජ‍්ජං අනුජානි නො, මා පුත‍්ත විමනො හොහි සඵලො තෙ පරිස‍්සමො.

291. දරුව, තොප විසින් සමාරාධිත බුදුහු අපට පැවිද්ද අනු දත්හ. පුත, දොම්නස් නො ව, තොපගේ උත්සාහය සඵලයි.

292. යං න දිට‍්ඨං පුරාණෙහි තිත්‍ථිකාචරියෙහි පි, තං පදං සුකුමාරීහී සත‍්තවස‍්සාහි වෙදිතං.

292. පැරැණි තීර්‍ත්‍ථක ඇදුරන් විසින් යම් ශාන්ත ප්‍රතිෂ්ඨාවක් නො දක්නා ලද ද, ඒ ප්‍රතිෂ්ඨාව සිවුමැලි සත්හැවිරිදි දැරියන් විසිනුදු දක්නා ලද යැ.

293. බුද‍්ධසාසනපාලෙතා පච‍්ඡිමං දස‍්සනං තව, තත්‍ථ ගච‍්ඡාමහං පුත‍්ත ගතො යත්‍ථ න දිස‍්සතෙ.”

293. බුදුසසුන පාලනය කරන පුතණුවනි, මේ තොපගේ පශ්චිම දර්‍ශනයයි. යම් තෙනෙකැ ගියේ නො දක්නා ලැබේ ද, මම එහි යන්නෙමි.

294. කදාචි ධම‍්මං දෙසෙන‍්තො ඛිපි ලොකග‍්ගනායකො, තදාහං ආසිංසවචං අවොචං අනුකම‍්පිකා:

294. ලෝකාග්‍රනායකයන් වහන්සේ කිසිවිටෙකැ දහම් දෙසමින් කිවිසිසේක් ද, එවිට අනුකම්පා ඇති මම ආශිර්‍වාද වචනයක් කීමු:

295. “චිරං ජිව මහාවීර කප‍්පං තිට‍්ඨ මහාමුනෙ, සබ‍්බලොකස‍්ස අත්‍ථාය භවස‍්සු අජරාමරො.”

295. “මහාවීරයන් වහන්ස, බොහෝ කල් ජීවත්වන සේක්වා. මහාමුනීන්‍ද්‍රයන් වහන්ස, කපක් වැඩසිටුනා සේක්වා. මුළුලොවට වැඩ පිණිස අජරාමර වන සේක්වා” යි.

296. තං තථාවාදිනිං බුද‍්ධො මමං සො එතදබ්‍රවි: ”න හෙවං වන්‍දියා බුද‍්ධා යථා වන්‍දසි ගොතමී.”

296. එසේ කියන ඒ මට බුදුහු තෙල වදාළහ: “ගෝතමිය, (තෙපි) යම් අයුරකින් වඳනහු ද, ඒ අයුරින් තථාගතයෝ නො වැන්ද යුත්තාහු” යි.

297. “කථං චරහි සබ‍්බඤ‍්ඤූ වන්‍දිතබ‍්බා තථාගතා, කථං අවන්‍දියා බුද‍්ධා තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.”

297. “සර්‍වඥයන් වහන්ස, තථාගතයෝ කිසෙයින් වැන්ද යුතු ද, බුදුහු කිසෙයින් නො වැන්ද යුතු දැ යි පුළුවුත් ඔබ එ කරුණ මට කියනසේක් වා”.

298. “ආරද‍්ධවිරියෙ පහිතත‍්තෙ නිච‍්චං දළ‍්හපරක‍්කමෙ, සමග‍්ගෙ සාවකෙ පස‍්සෙ ඵසා බුද‍්ධානවන්‍දනා.”

298. බුදුහු “රුකුළු වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇති සතතයෙන් දැඩි පැරකුම් ඇති සමග වැ සිටුනා සව්වන් දක්නේ නම් තෙලෙ බුදුනට වන්‍දනා වෙයි.” වදාළහ.

299. තතො උපස‍්සයං ගන‍්ත්‍වා එකිකාහං විචින‍්තයිං, සමග‍්ගං පරිසං නාථො රොචෙති තිභවන‍්තගො.

299. ඉක්බිති මම මෙහෙණවරට ගොස් එකලා වැ සිතුමු: “ත්‍රිවිධ භවයාගේ අන්තතයට ගිය නාථයන්වහන්සේ සමගපිරිස් රිසිවන සේකැ.

300. හන්‍දාහං පරිනිබ‍්බිස‍්සං මා විපත‍්තිං තමද‍්දසං.” එවාහං චින‍්තයිත්‍වාන දිස‍්වාන ඉසිසත‍්තමං.

300-301. මම පිරිනිවෙන්නෙමි, ඒ විපත නො දකිම්වා” යි මම් මෙසේ සිතා විනායක මහාර්ෂි බුදුරදුන් දැක, මාගේ පරිනිර්‍වාණ කාලය ආරෝචනා කළමු. ඉක්බිති ඔබ “ගෝතමි, කල් දනුව” යි අනුදත්හ.

301. පරිනිබ‍්බානකාලං මෙ ආරොචෙසිං විනායකං, තතො සො සමනුඤ‍්ඤාසි “කාලං ජානාහි ගොතමී.”

302. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගීව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවා.

302. (ගෝතමි) “මා විසින් කෙලෙස්හි දවන ලදහ. සියලු භවයෝ මුලිනුපුටා නසන ලදහ. බැඳුම් සිඳ සරණ ඇත්රැජිනක සෙයින් ආස්‍රව රහිත වැ වාස කරමි.

303. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

303. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙතැ මට යහපතෙක් වියැ. ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරන ලද.

304. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

304. මෙ සිවුපිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂ ද ෂට්අභිඥා ද පසක් කරන ලද යැ, බුදුසසුන් කරන ලදී.

305. ථිනං ධම‍්මාභිසමයෙ යෙ බාලා විමතිං ගතා, තෙසං දිට‍්ඨිපහානත්‍ථං ඉද‍්ධිං දස‍්සෙහි ගොතමී.

305. (බුදුහු) “මාගමුන්ගේ ධර්‍මාභිසමයෙහි යම් අඥානකෙනෙක් විමතියට ගියාහු ද, ඔවුන්ගේ දෘෂ්ටිප්‍රහාණය පිණිස ගෝතමිය, ඍද්ධි දක්වන්න.”

306. තදා නිපච‍්ච සම‍්බුද‍්ධං උප‍්පතිත්‍වාන අම‍්බරං, ඉද‍්ධී අනෙකා දස‍්සෙසි බුද‍්ධානුඤ‍්ඤාය ගොතමී,

306. එකලැ ගෝතමි මෙහෙණ සම්බුදුන් ප්‍රණාම කොට අහසට පැන නැගැ බුදුරදුන්ගේ අනුදැන්මෙන් නොයෙක් ඍද්ධි දැක්වූ.

307. එකිකා බහුධා ආසි බහුකා චෙකිකා තථා, ආවීභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොනගං.

307-308. එකක්වැ බොහෝ ආකාර වූ, එසෙයින් ම බොහෝ වැ එකක් වූ, ප්‍රකට බවට, අප්‍රකට බවට, පවුරෙන් සරසැ පව්වෙන් මරමැ (නොගැටි) ගියා යැ. (දියෙහි මෙන්) පොළොවෙහි ද ගැලුණා යැ. පොළොවෙහි මෙන් දියෙහි නො බිඳිමින් ඇවිද්දා යැ.

308. අසජ‍්ජමානා අගමා භූමියම‍්පි නිමුජ‍්ජථ, අභිජ‍්ජමානෙ උදකෙ අගඤ‍්ඡි මහියා යථා.

309. සකුණීව යථාකාසෙ පල‍්ලඞ‍්කෙන ගමී තදා, වසං වත‍්තෙසි කායෙන යාව බ්‍රහ‍්මනිවෙසනං.

309. කිරිල්ලක මෙන් අහසෙහි පර්‍ය්‍යඞ්කයෙන් යුතු වැ ගියා යැ, බඹලොව තෙක් (මුළු ලොව) කයින් වශයෙහි පැවැත් වූ

310. සිනෙරුං දණ‍්ඩං කත්‍වාන ඡත‍්තං කත්‍වා මහාමහිං, සමූලං පරිවත‍්තෙත්‍වා ධාරෙන‍්තී චඞ‍්කමී නභෙ.

310. මහමෙර සැත්දණ්ඩ කොටැ මහ පොළොව සතක් කොටැ සහමුලින් පෙරළා ධරමින් නභෝගර්‍භයෙහි සක්මන් කළා යැ.

311. ඡස‍්සූරොදයකාලෙව ලොකඤ‍්චාකාසි ධූමිකං, යුගන‍්තෙ විය ලොකං සා ජාලාමාලාකුලං අකා.

311. සහිරු උදා කල්හි මෙන් ලොව දුම් ඇති කළා යැ. ඕ කල්පාන්තයෙහි දී මෙන් ලෝකය අග්නිජාලායෙන් ආකුල කළා යැ.

312. මුචලින්‍දං මහාසෙලං මෙරු මන්‍දාර දද‍්දරෙ, සාසපෙරිව සබ‍්බානි එකෙනග‍්ගහි මුට‍්ඨිනා.

312. මුචලින්‍ද මහාශෛලය, මේරු - මන්‍දාර - දද්දර පර්‍වත යන සියල්ල අබඇට සෙයින් එක් මිටකින් ගත්තා යැ.

313. අඞ‍්ගුලග‍්ගෙන ඡාදෙසි භාකරං සනිසාකරං, චන්‍දසූරසහස‍්සානි ආවෙලමිව ධාරයි.

313. නිසයුරු සහිත හිරු ඇඟිලිතුඩින් වැසූ, දහස්ගණන් සඳ හිරු මුදුන් මල්කඩ සෙයින් ධැරූ.

314. චතුසාගරතොයානි ධාරයී එකපාණිනා, යුගන‍්තජලදාකාරං මහාවස‍්සං පවස‍්සයී

314. සියුසයුරෙහි දිය එක් අත්ලෙන් ධැරූ, යුගාන්ත මෙඝයක් බඳු මහවැසි වැස්වූ.

315. චක‍්කවත‍්තිං සපරිසං මාපයී සා නභත්‍ථලෙ. ගරුළං ද‍්විරදං සීහං විනදන‍්තං ච දස‍්සයී.

315. ඕ අහස්තලෙහි සපිරිස් සක්විතිරජකු මැවූ, ගුරුළකු, ඇතකු ගර්‍ජනාකරන සිංහයකු දැක්වූ.

316. එකිකා අභිනිම‍්මිත්‍වාප‍්පමෙය්‍යං භික‍්ඛුනීගණං, පුන අන‍්තරධාපෙත්‍වා එකිකා මුනිමබ්‍රවි:

316. එකලා වැ අපමණ මෙහෙණ ගණයා මවා යළි අතුරුදන් කොට එකක් වැ මුනිරජුනට (මෙසේ) කිවු:

317. “මාතුච‍්ඡා තෙ මහාවීර තවසාසනකාරිකා අනුප‍්පත‍්තා සකං අත්‍ථා පදෙ වන්‍දති චක‍්ඛුම.”

317. “මහා වීරයන් වහන්ස, (මේ) ඔබගේ අනු සසුන් කරන ඔබගේ සුළුමවයි. චක්‍ෂුර්මතාණනි, (ඕ) ස්වාර්‍ත්‍ථයට පැමිණියා (ඔබ) පා වඳියි.”

318. දස‍්සෙත්‍වා විවිධා ඉද‍්ධී ඔරොහිත්‍වා නභත්‍ථලා, වන්‍දිත්‍වා ලොකපජ‍්ජොතං එකමන‍්තං නිසීදි සා.

318. ඕ නොයෙක් ඍද්ධි දක්වා අහස්තෙලෙන් බැස ලොවට පහනක් වූ බුදුරදුන් වැඳ එකත්පසෙකැ හුන්නා යැ.

319. “සා වීසංවස‍්සසතිකා ජාතියාහං මහාමුනෙ, අලමෙත‍්තාවතා වීර නිබ‍්බායිස‍්සාමි නායක.”

319. (ඉක්බිති මහාපජාපති ගෝතමි මෙසේ කිවු:) “මහා මුනිවරයාණනි, ඒ මම උපතින් එක්සියවිසි හැවිරිදි වෙමි. වීරයාණනි, මෙපමණකින් සෑහෙයි, නායකයාණනි, පිරිනිවෙන්නෙමි” යි .

320. තදා’තිවිම‍්හිතා සබ‍්බා පරිසා සා කතඤ‍්ජලී, අවොච’ය්‍යෙ කථං ආසි අතුලිද‍්ධිපරක‍්කමා.

320. එකලැ අතිවිස්මයට පැමිණි ඒ සියලු පිරිස් කෘතාඤ්ජලී වැ (මෙසේ) කී: “ආර්‍ය්‍යාවනි, කෙසේ නම් (මෙබඳු) අසමාන ඍද්ධි පරාක්‍රම ඇති වූයෙහි ද?”

321. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මෙසු චක‍්ඛුමා, ඉතො සතසහස‍්සම‍්හි කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

321. සියලු ධර්‍මයන්හි චක්‍ෂුර්මත් වූ (ලොවට) නායක වූ පදුමුත්තර ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙයින් සුවහස්වන කප්හි (ලොවැ) පහළ වූ සේකි.

322. තදාහං හංසවතියං ජාතාමච‍්චකුලෙ අහුං, සබ‍්බූපකාරසම‍්පන‍්නෙ ඉද‍්ධෙ ඵීතෙ මහද‍්ධනෙ.

322. එසමයෙහි මම හංසවතී නගරයෙහි සියලු උපකරණයෙන් යුත් සමෘද්ධිමත් සර්‍වසම්පූර්‍ණ මහාධන ඇති ඇමැතිකුලයෙකැ උපන්මු.

323. කදාචි පිතුනා සද‍්ධිං දාසීගණපුරක‍්ඛතා, මහතා පරිවාරෙන තං උපෙච‍්ච නරාසභං.

323. කිසිවිටෙකැ දාසි සමූහයා විසින් පෙරටුකරන ලදු වැ මහ පිරිවරින් පියා සමග ඒ නරශ්‍රේෂ්ඨයන් වෙතැ එළැඹ -

324. වාසවං විය වස‍්සෙන‍්තං ධම‍්මමෙඝං අනාසවං, සරදාදිච‍්චසදිසං රංසිමාලාකුලං ජිනං.

324-326. ශක්‍රදේවේන්‍ද්‍රයා වැනි ධර්‍මමේඝය වස්වන ආස්‍රව රහිත සරාහිරු බඳු රැස්මාලා ඇති ජිනේන්‍ද්‍රයන් දැක සිත පහදවා ඔබගේ සුභාෂිතය ද අසා නරශ්‍රේෂ්‍ඨයන් වහන්සේ (සිය) සුළුමව වූ මෙහෙණ අගතන්හි (ඒතදග්‍රයෙහි) තබනු අසා අකම්ප්‍ය ගුණ ඇති ඔබට සත්දිනක් මහදන්දී සඞ්ඝයා සහිත නරෝත්තමයන් වහන්සේ ට බොහෝ ප්‍රත්‍යය ද ප්‍රදානය කොටැ -

325. දිස‍්වා චිත‍්තං පසාදෙත්‍වා සුත්‍වා චස‍්ස සුභාසිතං, මාතුච‍්ඡං භික‍්ඛුනිං අග‍්ගෙ ඨපෙන‍්තං නරනායකං.

326. සුත්‍වා දත්‍වා මහාදානං සත‍්තාහං තස‍්ස තාදිනො, සසඞ‍්ඝස‍්ස නරග‍්ගස‍්ස පච‍්චයානි බහූනි ච.

327. නිපජ‍්ජ පාදමූලම‍්හි තං ඨානං අභිපත්‍ථයිං, තතො මහාපරිසතිං අවොච ඉසිසත‍්තමො:

327. (ඔබ) පාමුල්හි වැදහෙවැ එ තනතුර පැතූමු. ඉක්බිති ඍෂිශ්‍රේෂ්ඨයන් වහන්සේ මහපිරිස් මැද මෙසේ වදාළ සේක.

328. “යා සසඞ‍්ඝං අභොජෙසි සත‍්තාහං ලොකනායකං, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

328. “යම් කාන්තාවක් සඞ්ඝයා සහිත ලෝකනාථයන් සත් දිනක් මුළුල්ලෙහි වැළඳ වූ ද, මම් ඇය කීර්‍තනය (ප්‍රකාශ) කරමි. (එසේ) කියන මාගේ බස් අසවු:

329. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම ගොත‍්තෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

329. “මෙයින් සියක්දහස්වන කප්හි ඔක්කාක කුලය සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගොතම නම් වූ ශාස්තෘ තෙමේ ලොවැ පහළ වන්නේ යැ.

330. තස‍්ස ධම‍්මෙසු දායාදා ඔරසා ධම‍්මනිම‍්මිතා, ගොතමී නාම නාමෙන හෙස‍්සති සත්‍ථුසාවිකා.

330. (මෙ කාන්තා තොමෝ) ඔබ දහමට හිමි වූ ඖරස වූ ධර්‍මයෙන් නිර්මිත වූ නමින් ගෝතමී නම් වූ ශාස්තෘශ්‍රාවිකාවක් වන්නී යැ.

331. තස‍්ස බුද‍්ධස‍්ස මාතුච‍්ඡා ජීවිතාපාදිකා අයං, රත‍්තඤ‍්ඤූනඤ‍්ච අග‍්ගන‍්තං භික‍්ඛුනීනං ලභිස‍්සති.”

331. ඒ තථාගතයන්ගේ දිවි වඩාලන සුළුමවු වන මෝ රාත්‍රඥ (පැවිදි වැ බොහෝකල් ඇති) මෙහෙණන් අතර අග්‍රබව ලබන්නී යැ.”

332. තං සුත්‍වාන පමුදිතා යාවජීවං තදා ජිනං, පච‍්චයෙහි උපට‍්ඨිත්‍වා තතො කාලකතා අහං.

332. එ අසා ප්‍රමුදිත වූ මම එකලැ දිවිහිම් කොට ජිනේන්‍ද්‍රයන් වහන්සේ (සිවු) පසයෙන් උපස්ථාන කොට එ අත්බැවින් කලුරිය කෙළෙමි -

333. තාවතිංසෙසු දෙවෙසු සබ‍්බකාමසමිද‍්ධිසු, නිබ‍්බත‍්තා දසහඞ‍්ගෙහි අඤ‍්ඤෙ අභිභවිං අහං.

333. සියලු කාමයෙන් සමෘද්ධ වූ තව්තිසා දෙවියන් අතරැ උපන්නෙම් සෙසු දෙවියන් දස කරුණකින් අභිභවා සිටියමු.

334. රූපසද‍්දෙහි ගන්‍ධෙහි රසෙහි ඵුසනෙහි ච, ආයුනාපි ච වණ‍්ණෙන සුඛෙන යසසාපි ච.

334. රූපයෙන් ශබ්දයෙන් ගන්‍ධයෙන් රසයෙන් හා ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද, ආයුෂයෙන් ද වර්‍ණයෙන් සුඛයෙන් හා වැළි යශසින් ද -

335. තථෙවාධිපතෙය්‍යෙන අධිගය‍්හ විරොච’හං, අහොසිං අමරින්‍දස‍්ස මහෙසී දයිතා තහිං.

335. එසෙයින් ම අධිපතිභාවයෙන් ද (සෙසු දෙවියන්) අභිභවා බැබළුණෙම් මම එහි දෙව්රජුගේ ප්‍රේමණීය මෙහෙසි වූමු.

336. සංසාරෙ සංසරන‍්තීහං කම‍්මවායුසමෙරිතා, කාසිස‍්ස රඤ‍්ඤො විසයෙ අජායිං දාසගාමකෙ.

336. සසර සැරිසරන මම කර්‍මවායුයෙන් මෙහෙයන ලදුයෙම් කාසි රජුගේ විජිතයෙහි දාසග්‍රාමයෙකැ උපන්මු.

337. පඤ‍්චදාසසතා’නූනා නිවසන‍්ති තහිං තදා, සබ‍්බෙසං තත්‍ථ යො ජෙට‍්ඨො තස‍්සා ජායා අහොස’හං.

337. එකලැ එගම්හි නො අඩු වැ පන්සියයක් දස්හු වෙසෙති. එහි සියල්ලනට යමෙක් දෙටු ද, මම් ඔහුගේ භාර්‍ය්‍යා වූමු.

338. සයම‍්භුනො පඤ‍්චසතා ගාමං පිණ‍්ඩාය පාවිසුං, තෙ දිස‍්වාන අහං තුට‍්ඨා සහ සබ‍්බෙහි ඤාතිභි.

338-339. පන්සියයක් පසේබුදුහු පිඬු පිණිස ගමට පිවිසුණාහ. ඔබ දැක තුටුපත් වැ සියලු නෑයන් සමග පන්සියයක් කුටි තනා සිවුමසක් මුළුල්ලෙහි උවටැන් කොට තුන්සිවුරු දී සැමියන් සහිත වැ ප්‍රසන්න වූම්හ.

339. කත්‍වා පඤ‍්චසතකුටී චතුමාසෙ උපට‍්ඨිය, තිචීවරානි දත්‍වාන පසන‍්නාම‍්හ සසාමිකා.

340. තතො චුතා සපතිකා තාවතිංසගතා මයං, පච‍්ඡිමෙ ච භවෙ’දානි ජාතා දෙවදහෙ පුරෙ.

340. සැමියන් සහිත අපි එයින් සැවැ තව්තිසාවට ගියම්හ. දැන් පැසුළු බෙවෙහි දු දෙව්දහ නුවරැ (එක්වැ) උපනුම්හ.

341. පිතා අඤ‍්ජනසක‍්කො මෙ මාතා මම සුලක‍්ඛණා, තතො කපිලවත්‍ථුස‍්මිං සුද‍්ධොදනඝරං ගතා.

341. මාගේ පිය තෙමේ අඤ්ජන ශාක්‍යරජ යැ, මාගේ මව සුලක්ඛණාදේවි ය. ඒ දෙව්දහ නුවරින් කිඹුල්වත් පුරැ සුදොවුන් රජුගේ ගෙට (සරණ) ගියා වෙමි.

342. සෙසා සක්‍යකුලෙ ජාතා සක්‍යානං ඝරමාගමුං, අහං විසිට‍්ඨා සබ‍්බාසං ජිනස‍්සා’පාදිකා අහුං.

342. ශාක්‍ය කුලයෙහි උපන් සෙසු දැස්සෝ ශාක්‍යරජුන්ගේ ගෙට ගියහ. (ශාක්‍යරජුන් හා විවාහ වූහ.) සියල්ලන් අතුරෙහි විශිෂ්ට වූ මම ජිනේනද්‍රයන්ගේ පෝෂක (-කිරි) මව වූමු.

343. මම පුතෙතා’භිනික‍්ඛම‍්ම බුද‍්ධො ආසි විනායකො, පච‍්චාහං පබ‍්බජිත්‍වාන සතෙහි සහ පඤ‍්චහි.

343-344. මාගේ පුත් අභිනිෂ්ක්‍රමණය කොට (තමහට නායකයකු නැති හෙයින්) විනායක බුද්ධ වියැ. පසු කලැ මම් පන්සියයක් ශාක්‍ය කුමරියන් සමග පැවිදි වැ ධීර වූ ඔවුන් හා ශාන්තිසුඛය (-නිවන් සුව) ස්පර්‍ශ කළමු. ඒ පෙරදෑහි යම් කෙනෙක් අපගේ ස්වාමිපුරුෂ වූහු ද -

344. සාකියානීහි ධීරාහි සහ සන‍්තිසුඛං ඵුසිං, යෙ තදා පුබ‍්බජාතියං අම‍්හාකං අහු සාමිනො.

345. සහ පුඤ‍්ඤස‍්ස කත‍්තාරො මහාසමයකාරකා, ඵුසිංසු අරහත‍්තං තෙ සුගතෙනානුකම‍්පිතා.

345. එක් වැ පින් කළ (දැන්) මහාසමයකාරක ඔහු සුගතයන් වහන්සේ විසින් අනුකම්පිත වූවාහු අර්‍හත්‍වය ස්පර්‍ශ කළාහ.

346. තදෙතරා භික‍්ඛුනියො ආරුහිංසු නභත්‍ථලං, සඞ‍්ගතා විය තාරායො විරොචිංසු මහිද‍්ධිකා.

346. ඒ සෙසු මෙහෙණහු අහස්තලයට නැගුණාහ. මහත් ඍද්ධි ඇත්තාහු එක්රැස්වූ තාරකා සෙයින් බැබළුණාහු යැ.

347. ඉද‍්ධී අනෙකා දස‍්සෙසුං පිළන්‍ධවිකතී යථා, කම‍්මාරො කනකස‍්සෙව කම‍්මඤ‍්ඤස‍්ස සුසික‍්ඛිතො.

347-348. (ඔහු) නොයෙක් ඍද්ධි දැක්වූහු. රන්කම්හි මොනොවට හික්මුණු කර්‍මාරපුත්‍රයකු (-රන්කරුවකු) කර්‍මණ්‍ය ස්වර්‍ණයකින් බොහෝ ආභරණ විශේෂ (තනා ප්‍රදර්‍ශනය කරන්නාක්) සෙයින් (එ මෙහෙණහු) බොහෝ විසිතුරු පෙළහර දක්වා එදිනැ පිරිස් සහිත වාදීවර මුනීන්‍ද්‍රයන් වහන්සේ සතුටු කොට -

348. දස‍්සෙත්‍වා පාටිහීරානි විචිත‍්තානි බහූනි ච, තොසෙත්‍වා වාදිපවරං මුනිං සපරිසං තදා.

349. ඔරොහිත්‍වාන ගගනා වන්‍දිත්‍වා ඉසිසත‍්තමං, අනුඤ‍්ඤාතා නරග‍්ගෙන යථාඨානෙ නිසීදිසුං.

349. අහසින් බැස උත්තම ඍෂි වූ මුනිරජුන් නැමැ ද නරාග්‍ර තථාගතයන් වහන්සේ විසින් අනුදන්නා ලද්දාහු සුදුසු තන්හි හුන්හ.

350. “අහො’නුකම‍්පිකා අම‍්හං සබ‍්බාසං වීර ගොතමි, වාසිතා තව පුඤ‍්ඤෙහි පත‍්තා නො ආසවක‍්ඛයං.

350. වීරයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයෙක, ගෝතමි තොමෝ අප සියල්ලන්ට අනුකම්පා ඇත්තී යැ, නුඹ වහන්සේගේ කුශලයන් විසින් වාසිත වූ අපි ආස්‍රවක්‍ෂය සංඛ්‍යාත නිවනට පැමිණියම්හ.

351. කිලෙසා ඣාපිතා අම‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගීව බන්‍ධනං ඡෙත්‍වා විහරාම අනාසවා.

351. අප විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ මුල් සිඳ නසන ලදහ. බැඳුම් සිඳ සරණ හස්තිරාජිනීන් සෙයින් ආස්‍රව රහිත වැ වාස කරමු.

352. ස‍්වාගතං වත නො ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

352. බුදුරජාණන් වහන්සේ වෙතැ (එළැඹීමෙන්) අපට ස්වාගතයෙක් වියැ. ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ. බුදුසසුන් කරන ලදි.

353. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං

353. මේ සිවුපිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂ ද ෂට් අභිඥා ද ප්‍රත්‍යක්‍ෂ කරන ලද යැ. බුදුසසුන් කරන ලදි.

354. ඉද‍්ධීසු ච වසී හොම දිබ‍්බාය සොතධාතුයා චෙතොපරියඤාණස‍්ස වසී හොම මහාමුනෙ.

354. මහාමුනිතුමනි, ඍද්ධීන්හි වශී වෙමු, දිබ්බසෝතධාතුයෙහි (-දිවකන්හි) ද චේතෝපරියඤාණයෙහි (-පරසිත් දන්නා නුවණෙහි) ද වශී වෙමු.

355. පුබ‍්බෙනිවාසං ජානාම දිබ‍්බචක‍්ඛු විසොධිතං සබ‍්බාසවා පරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.

355. පෙර විසූ කඳපිළිවෙළ දනිමු. දිවැස පිරිසිදු කරන ලද යැ. සියලු ආස්‍රව ගෙවී ගියේ යැ, දැන් යළි ඉපැත්මෙක් නැති.

356. අත්‍ථෙ ච ධම‍්මෙ නෙරුත‍්තෙ පටිභානෙ ච විජ‍්ජති ඤාණං අම‍්හං මහාවීර උප‍්පන‍්නං තව සන‍්තිකෙ.

356. මහාවීරයන් වහන්ස, අපට අර්‍ත්‍ථයෙහිත් ධර්‍මයෙහිත් නිරුක්තියෙහිත් ප්‍රතිභානයෙහිත් යම් ඥානයක් වේ ද, (එ ඥානය) තොප හමියෙහි දී උපනැ.

357. අස‍්මාහි පරිචිණ‍්ණො’සි මෙත‍්තචිත‍්තාහි නායක අනුජානාහි සබ‍්බාසං නිබ‍්බානාය මහාමුනෙ.”

357. නායකයන් වහන්ස, අප විසින් මෙත් සිතැති වැ පුරුදු (-ඇසුරු) කරන ලදහු. (අප) සියල්ලනට පිරිනිවන් පිණිස අනුදැන වදාළ මැනැවි.

358. “නිබ‍්බායිස‍්සාම ඉච‍්චෙවං කිං වක‍්ඛාමි වදන‍්තියො යස‍්සදානි ච වො කාලං මඤ‍්ඤාථා”ති ජිනො’බ්‍රවි.

358. “පිරිනිවෙන්නමු යි මෙසේ පවසන්නන්හට කුමක් කියම් ද, යමක් පිණිස (කාලය අපේක්‍ෂා කරන්නහු නම්) තෙපි (ඒ කාලය) දනිවු” යි ජිනේන්‍ද්‍රයන් වහන්සේ වදාළ සේකැ.

359. ගොතමී ආදිකා තායො තදා භික‍්ඛුනියො ජිනං වන්‍දිත්‍වා ආසනා තම‍්හා වුට‍්ඨාය අගමංසු තා.

359. එවිට ගෝතමි ආදි ඒ භික්‍ෂුණීහු ජිනේන්‍ද්‍රයන් වැඳ එ හුනස්නෙන් නැගැ ගියාහ.

360. මහතා ජනකායෙන සහ ලොකග‍්ගනායකො අනුසංයාසි සො වීරො මාතුච‍්ඡං යාව කොට‍්ඨකං.

360. ඒ වීර වූ ලෝකාග්‍රනායකයන් වහන්සේ මහාජන සමූහයා සමග දොරකොටුව තෙක් සුළුමව අනුව වැඩම කළ සේකැ.

361. තදා නිපති පාදෙසු ගොතමී ලොකබන්‍ධුනො සහෙතරාහි සබ‍්බාහි පච‍්ඡිමං පාදවන්‍දනං.

361. එකලැ ගෝතමි තෙරණියෝ සෙසු සියල්ලන් සමග පැසුළු පා වැඳුම කෙරෙමින් ලෝකබන්‍ධු බුදුරදුන් පා මුල වැඳ වැටුණාහ.

362. “ඉදං පච‍්ඡිමකං මය‍්හං ලොකනාථස‍්ස දස‍්සනං. න පුනො අමතාකරං පස‍්සිස‍්සාමි මුඛං තව.

362. (ඕ මෙසේ පවසයි:) “ලෝකනාථයන් පිළිබඳ මේ මාගේ පැසුළු දැකුම යි, අමෘතයට ආකර වූ තොපගේ මුඛය යළි නො දක්මු.

363. න ච මෙ වන්‍දනං වීර තව පදෙ සුකොමලෙ සම‍්ඵුසිස‍්සාමි ලොකග‍්ග අජ‍්ජ ගච‍්ඡාමි නිබ‍්බුතිං.

363. වීරයන් වහන්ස, මුඹ වහන්සේගේ සියුමැලි පා සඟළ නැවත වැඳීමෙක් මට නො ද ඇති, ලෝකාග්‍රයන් වහන්ස, (ඔබ පා) ස්පර්‍ශ කරමි. අද පිරිනිවනට යමි.

364. රූපෙන කිං තවා’නෙන දිට‍්ඨෙ ධම‍්මෙ යථාතථෙ සබ‍්බං සඞ‍්ඛතමෙවෙතං අනස‍්සාසිතමිත‍්තරං.”

364. තොපගේ යථාස්වභාව (සත්‍ය) ධර්‍මය දුටු කල්හි මේ රූපයෙන් කවර වැඩෙක් ද, තෙල සියල්ල සඞ්ඛත (හේතුයෙන් හටගත්තේ) යැ, ආස්වාද (අස්වැසිලි) රහිත යැ, බොහෝ කල් නො පවත්නේ” යි.

365. සා තාහි සහ ගන‍්ත්‍වාන භික‍්ඛුනූපස‍්සයං සකං අඩ‍්ඪපල‍්ලඞ‍්කමාභුජ‍්ජ නිසීදි පරමාසනෙ.

365. ඕ ඔවුන් සමග සිය මෙහෙණවරට ගොස් අඩ පළඟ බැඳ උතුම් අස්නෙහි හුන්නා යැ.

366. තදා උපාසිකා තත්‍ථ බුද‍්ධසාසනවච‍්ඡලා තස‍්සා පවත‍්තිං සුත්‍වාන උපෙසුං පාදවන්‍දිකා.

366. එකලැ එහි බුද්ධශාසනමාමක වූ උවැසියෝ ඇය (ගෝතමී) ගේ පුවත් අසා පා වඳිනු රිසියෝ වැ එළඹුණාහ.

367. කරෙහි උරං පහන‍්ත්‍වා ඡින‍්නමූලා යථා ලතා රොදන‍්තා කරුණං රාවං සොකට‍්ටා භූමිපාතිකා

367. (ඔහු) ළෙහි අතින් පැහැර බැගෑ හඬින් හඬමින් සොවින් පෙළුණෝ වැ මුල්සුන් ලියවැල් සෙයින් බිම වැටීම් ඇති වූවාහු -

368. “මා නො සරණදෙ නාථෙ විහාය ගමි නිබ‍්බුතිං නිපතිත්‍වාන යාචාම සබ‍්බායො සිරසා මයං.”

368. “අපහට ශරණදායක වූ, නාථ වූ උත්තමාවනී, අපි සියල්ලෝ සිරසින් වැඳ වැටී (තොප) අයැදුම්හ, අප හැරපියා නිවනට නහමක් යනු මැනැවි” යි කීහු.

369. යා පධානතමා තාසං සද‍්ධා පඤ‍්ඤා උපාසිකා තස‍්සා සීසං පමජ‍්ජන‍්තී ඉදං වචනමබ්‍රවි:

369. ඔවුනතරැ ප්‍රධානතම වූ සැදැහැවත් නුවණ ඇති යම් උවැසියක් වූ ද, (ගෝතමි) ඇය හිස පිරිමදිමින් මෙ වදන් පැවසූ:

370. “අලං පුත‍්තා විසාදෙන මාරපාසානුවත‍්තිනා අනිච‍්චං සඞ‍්ඛතං සබ‍්බං වියොගන‍්තං චලාචලං.”

370. “දරුවනි, මාරබන්‍ධන අනුව වටනා සොවින් කම් නැත, සඞ්ඛත ධර්‍ම සියල්ල අනිස යැ, වෙන්වීම කෙළවර කොට ඇත, නිරතුරු වෙනස්වනසුලු”යි (කියා යි.)

371. තතො සා තා විස‍්සජ‍්ජිත්‍වා පඨමං ඣානමුත‍්තමං දුතියං තතියං චාපි සමාපජ‍්ජි චතුත්‍ථකං.

371-372. ඉක්බිති ඕ ඔවුන් බැහැර යවා උතුම් වූ ප්‍රථමධ්‍යානයට සමවැදුණු. දෙවැනි, තෙවැනි, සිවුවැනි ධ්‍යානයනට ද එසෙයින් ම පිළිවෙළින් ආකාසානඤ්චායතන යැ විඤ්ඤාණඤ්චායතන යැ ආකිඤ්චඤ්ඤායතන යැ නේවසඤ්ඤා නාසඤ්ඤායතන යැ යන සමවතට ද සමවැදුණා යැ.

372. ආකාසායතනඤ‍්චෙව විඤ‍්ඤාණායතනං තථා ආකිඤ‍්චඤ‍්ඤං නෙවසඤ‍්ඤිං සමාපජ‍්ජි යථාක‍්කමං.

373. පටිලොමෙන ඣානානි සමාපජ‍්ජිත්‍ථ ගොතමී යාවතා පඨමං ඣානං තතො යාව චතුත්‍ථකං

373. ගෝතමි තෙරණියෝ පළමුවැනි ධ්‍යානය තෙක් පිළිලොම් විසින් ධ්‍යානයනට සමවැදුණාහ. එයින් (අනුලොම් විසින්) සිවුවැනි ධ්‍යානය තෙක් සමවන්හ.

374. තතො වුට‍්ඨාය නිබ‍්බායි දීපචවීව නිරාසනා භූමිචාලො මහා ආසි නභසා විජ‍්ජුතා පති.

374. එයින් නැගී සිට තෙල් නැති පහන් සිළක් සෙයින් පිරිනිවියාහ. (එකෙණෙහි) මහාභූමිචලනයෙක් වියැ. අහසින් විදුලිධාරා ද පතිත වී.

375. පනාදිතා දුන්‍දුභියො පරිදෙවිංසු දෙවතා පුප‍්ඵවුට‍්ඨි ච ගගනා අභිවස‍්සථ මෙදිනිං.

375. මහාමේඝයෝ ගර්‍ජනා කළහ. දෙවියෝ වැළපුණාහ. අහසින් පොළොවට මල්වැසි ද වට.

376. කම‍්පිතො මෙරුරාජාපි රඞ‍්ගමජ‍්ඣෙ යථා නටො සොකෙනෙවාතිදීනො ච විරවො ආසි සාගරො.

376. රඟමඬලෙහි නළුවකු මෙන් මේරුපර්‍වතය ද කම්පිත වියැ, සොවින් දීන වූ සෙයින් මහසයුර ද විරාව (මහත් ඝෝෂ) ඇති වී.

377. දෙවා නාගාසුරා බ්‍රහ‍්මා සංවිග‍්ගා’හංසු තඞ‍්ඛණෙ: ”අනිච‍්චා වත සඞ‍්ඛාරා යථායං විලයං ගතා.

377-378. එකෙණෙහි දෙවියෝ ද නාගයෝ ද අසුරයෝ ද බ්‍රහ්මයෝ ද සංවිග්න වැ (මෙසේ) කීහු: “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යහ. යම්සේ මෝ නිවීමට ගියා ද, එසේ ශාස්තෘ ශාසනකාරිණී වූ (-බුදුවදන් අනු වැ හැසුරුණු) යම් මෙහෙණ කෙනෙක් මැය පිරිවරා සිටියාහු ද ඔහු ද (තෙල් නැති) පහන් සිළු හෙයින් උපාදාන රහිතවැ නිවීමට ගියාහු” යි.

378. යා චෙ’මං පරිවාරිංසු සත්‍ථුසාසනකාරිකා තායො’පි අනුපාදානා දීපච‍්චී විය නිබ‍්බුතා.”

379. “හා යොගා විප‍්පයොගන‍්තා හා’නිච‍්චං සබ‍්බසඞ‍්ඛතං හා ජීවිතං විනාසන‍්තං” ඉච‍්චාසි පරිදෙවනා.

379. “අහෝ! එක්වීම වෙන්වීම අන්තකොට ඇත්තේ යැ, අහෝ! සියලු සඞ්ඛත ධම්ම අනිත්‍ය යැ. අහෝ! ජීවිතය විනාශය කෙළවර තොට ඇත්තේ යැ” මෙසේ (ඔවුනතර) පරිදේවනා (වැලපීම්) ද ඇති වූයේ යි.

380. තතො දෙවා ච බ්‍රහ‍්මා ච ලොකධම‍්මානුවත‍්තනං. කාලානුරූපං කුබ‍්බන‍්ති උපෙත්‍වා ඉසිසත‍්තමං.

380. ඉක්බිති දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද ඍෂිශ්‍රේෂ්ඨ බුදුරදුන් කරා එළැඹ, ලෝසිරිත් අනු වැ කටයුතු දෑ කාලානුරූප කොට කෙරෙත්.

381. තදා ආමන‍්තයී සත්‍ථා ආනන්‍දං සුතිසාගරං, ”ගච‍්ඡානන්‍ද නිවෙදෙහි භික‍්ඛූනං මාතුනිබ‍්බුතිං.”

381. එකලැ ශාස්තෲන් වහන්සේ ශ්‍රැතිසාගර වූ (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආනන්‍ද තෙරණුවන් ඇමැතූ සේක: “ආනන්‍ද, යව, මවුගේ පිරිනිවීම භික්‍ෂූන්ට දන්ව” යි.

382. තදා’නන්‍දො නිරානන්‍දො අස‍්සුනා පුණ‍්ණලොචනො ගග‍්ගදෙන සරෙනාහ “සමාගච‍්ඡන‍්තු භික‍්ඛවො.

382. එවිටැ නිරානන්‍ද (සතුටින් තොර) ආනන්‍ද තෙරණුවෝ කඳුළින් පිරුණු නෙත් ඇති වැ “(ආයුෂ්මත්) මහණෙනි, එක්රැස් වෙත්වයි” ගද්ගද (පැකුලුණු) හඬින් කීහ.

383. පුබ‍්බදක‍්ඛිණපච‍්ඡාසු උත‍්තරායං වසන‍්ති යෙ සුණන‍්තු භාසිතං මය‍්හං භික‍්ඛවො සුගතොරසා.

383. “පෙර - දකුණු - පැසුළු - දිග්හි ද, උතුරු දිග්හි ද බුද්ධපුත්‍ර යම් භික්‍ෂු කෙනෙක් වෙසෙත් නම් ඔහු මගේ වචනය අසත්වා.

384. යා වඩ‍්ඪයී පයත‍්තෙන සරීරං පච‍්ඡිමං මුනෙ සා ගොතමී ගතා සන‍්තිං තාරාව සුරියොදයෙ.

384. මුනීන්‍ද්‍රයන් වහන්සේගේ පශ්චිම ශරීරය යම් මවක් ප්‍රයත්නයෙන් වර්ධනය කළා ද, ඒ ගෝතමි තොමෝ සූර්‍ය්‍යයෝදයෙහි තාරකාවක් සෙයින් ශාන්තියට ගියා යැ.

385. බුද‍්ධමාතාති පඤ‍්ඤත‍්තිං ඨපයිත්‍වා ගතා’සමං න යත්‍ථ පඤ‍්චනෙත‍්තොපි ගතං දක‍්ඛති නායකො.

385. පසැස් ඇති නායකයන් වහන්සේ පවා යම් තෙනෙකැ ගිය ඇය නො දක්නාසේක් ද (ඕ) ‘බුද්ධමාතා’ යන අසම වූ ප්‍රඥප්තිය (අප අතර) කබා (නිවීමට) ගියා යැ.

386. යස‍්සත්‍ථි සුගතෙ සද‍්ධා යො ච පියො මහාමුනෙ. බුද‍්ධමාතරි සක‍්කාරං කරොතුං සුගතොරසො.”

386. සුගතයන් වහන්සේ කෙරෙහි යමකුගේ ශ්‍රද්ධා ඇත් ද, මහාමුනි කෙරෙහි යමෙක් ප්‍රිය ද, (ඒ) බුද්ධ පුත්‍රතෙමේ බුද්ධමාතෘ කෙරෙහි සත්කාර කෙරේවා.”

387. සුදූරට‍්ඨාපි තං සුත්‍වා සීඝමාගඤ‍්ඡු භික‍්ඛවො කෙචි බුද‍්ධානුභාවෙන කෙචි ඉද‍්ධිසු කොවිදා.

387. ඉතා දුර සිටියාවූ ද භික්‍ෂූහු එ අසා බුද්ධානුභාවයෙන් ඇතැම්හු ද ඍද්ධිවිෂයෙහි නිපුණ ඇතැම්හු ද වහා පැමිණියාහු යි.

388. කූටාගාරවරෙ රම‍්මෙ සබ‍්බසොණ‍්ණමයෙ සුභෙ මඤ‍්චකං සමරොපෙසුං යත්‍ථ සුත‍්තාසි ගොතමී.

388. ගෝතමි තොමෝ යම්තෙනෙකැ සැතපී සිටියා ද ඒ මඤ්චකය (හැඳ) සියල්ල රනින් නිම වූ ශුභ වූ රම්‍ය වූ උතුම් කුළුගෙයකැ ආරෝපණය කළහ.

389. චත‍්තාරො ලොකපාලා තෙ අංසෙහි සමධාරයුං සෙසා සක‍්කාදයො දෙවා කූටාගාරෙ සමග‍්ගහුං.

389. ඒ ලෝකපාල දෙවියෝ සිවුදෙන (කුළුගෙය) දසරුවෙහි ලා ධැරූහ. සෙසු ශක්‍රාදි දෙවියෝ කුළුගෙවල් ගත්හු.

390. කූටාගාරානි සබ‍්බානි ආසුං පඤ‍්චසතානිපි සරදාදිච‍්චවණ‍්ණානි විස‍්සකම‍්මකතානි හි.

390. කුළුගෙවල් පන්සියයක් වියැ, එ සියල්ල සරාහිරු බඳු වියැ, විස්කම්හු විසින් කරන ලද වී.

391. සබ‍්බාපි තා භික‍්ඛුනියො ආසුං මඤ‍්චෙසු සායිතා දෙවානං ඛන්‍ධමාරුළ‍්හා නීය්‍යන‍්ති අනුපුබ‍්බසො.

391. ඒ සියලු භික්‍ෂුණීහු මඤ්චයන්හි ශයනය කරවන ලද වූහු. දෙවියන්ගේ දසරුවට නංවන ලද්දාහු අනුපිළිවෙළින් (ආදාහනස්ථානය වෙතැ) ගෙනයනු ලැබෙත්.

392. සබ‍්බසො ඡාදිතං ආසි විතානෙන නභත්‍ථලං. සතාරා චන්‍දසුරියා ලඤ‍්ඡිතා කනකාමයා

392. අහස්තලය හැමදෙසින් වියනින් වසනලද වියැ, තරු සහිත සඳහිරු රන්මුවා වැ ලකුණු කරන ලද වී.

393. පතාකා උස‍්සිතා නෙකා විතතා පුප‍්ඵකඤ‍්චුකා ඔගතාකාසපදුමා මහියා පුප‍්ඵමුග‍්ගතං.

393. නොයෙක් පතාකාවෝ ඔසවන ලදහ, පුෂ්පකඤ්චුකයෝ පතුරුවා හරින ලදහ, අහසෙහි පද්මයෝ එල්බුණාහ, පොළොවෙන් පුෂ්පයෝ උද්ගත වූහු.

394. දිස‍්සන‍්ති චන්‍දසුරියා පජ‍්ජලන‍්ති ච තාරකා මජ‍්ඣංගතොපි චාදිච‍්චො න තාපෙති සසි යථා.

394. සඳහිරු දක්නා ලැබෙයි, තාරකා දිලියෙයි, හිරු මධ්‍යාහ්න ගත නමුදු සඳ මෙන් (කිසිවකු) නො තවයි.

395. දෙවා දිබ‍්බෙහි ගන්‍ධෙහි මාලෙහි සුරභීහි ච වාදිතෙහි ච නඡි සඞ‍්ගීතීහි ච පූජයුං.

395. දෙවියෝ දිව්‍යමය ගන්‍ධයෙනුදු මනාසුවඳැති මල්දමිනුදු වාදනයෙනුදු නෘත්‍යයෙනුදු සංගීතියෙනුදු පිදූහු.

396. නාගා සුරා ච බ්‍රහ‍්මානො යථාසත‍්ති යථාබලං පූජයිංසු ච නීයන‍්තිං නිබ‍්බුතං බුද‍්ධමාතරං.

396. නාගයෝ ද අසුරයෝ ද බ්‍රහ්මයෝ ද පිරිනිවි (සොහොන වෙතැ) ගෙනයනු ලබන බුද්ධමාතාව ශක්ති පමණින් බල පමණින් පූජා කළෝ යි.

397. සබ‍්බායො පුරතො නීතා නිබ‍්බුතා සුගතොරසා ගොතමී නීයතෙ පච‍්ඡා සක‍්කතා බුද‍්ධපොසිතා.

397. සුගතෝරස වූ පිරිනිවි සියලු මෙහෙණහු පෙරටු කොට ගෙනයන ලද්දාහු ය, බුදුන් (ළදරුකල) පෝෂණය කළ ගෝතමි තොමෝ සත්කාර කරනලදුව පසුව ගෙනයනු ලබයි.

398. පුරතො දෙවමනුජා සනාගා’සුරබ්‍රහ‍්මකා පච‍්ඡා සසාවකො බුද‍්ධො පූජත්‍ථං යාති මාතුයා.

398. නාග අසුර බ්‍රහ්ම ගණයා සහිත දෙව්මිනිස්හු පෙරටුව ගමන් කළහ. මවට පූජා පිණිස ශ්‍රාවකයන් සහිත වූ බුදුහු පසුවැ වැඩම කළාහු යැ.

399. බුද‍්ධස‍්ස පරිනිබ‍්බානං නෙදිසං ආසි යාදිසං. ගොතමී පරිනිබ‍්බානං අතීවච‍්ඡරියං අහු.

399. ගෝතමියගේ පරිනිර්‍වාණය යම්සේ අතිශයින් ආශ්චර්‍ය්‍ය ජනක වී ද, බුද්ධපරිනිර්‍වාණය එසේ ආශ්චර්‍ය්‍යජනක නො වී යැ.

400. බුද‍්ධො බුද‍්ධස‍්ස නිබ‍්බානෙ නොපදිස‍්සති භික‍්ඛවො බුද‍්ධො ගොතමිනිබ‍්බානෙ සාරිපුත‍්තාදිකා තථා.

400. බුද්ධපරිනිර්‍වාණයෙහි බුදුහු නො දක්නා ලැබෙති, ගෝතමි පරිනිර්‍වාණයෙහි බුදුහු ද එසේ ම ශාරිපුත්‍රාදි තෙරණුවෝ ද දක්නා ලැබෙත්.

401. චිතකානි කරිත්‍වාන සබ‍්බගන්‍ධමයානි තෙ ගන්‍ධචුණ‍්ණාවකිණ‍්ණානි ඣාපයිංසු ච තා තහිං.

401. ඒ දෙව්මිනිස්හු සුවඳ සුණු බහාලූ සියලු සුවඳ දැයින් යුතු සෑ කරවා ඔවුන් (ඒ මෙහෙණන්) එහි තැන්පත් කොට දැවූහු.

402. සෙසභාගානි ඩය‍්හිංසු අට‍්ඨිසෙසානි සබ‍්බසො ආනන්‍දො ච තදා’වොච සංවෙගජනනං වචො:

402. අස්ථිධාතු ශේෂ කොට ඇති (ශරීරගත) සෙසු කොටස්හු සර්‍වප්‍රකාරයෙන් දැවුණාහ. එවිට අනඳ තෙරණුවෝ ද සංවේග දනවන වදන් පැවසූහ:

403. “ගොතමී නිධනං යාතා දඩ‍්ඪං චස‍්සා සරීරකං සඞ‍්කෙ හං බුද‍්ධනිබ‍්බානං න චිරෙන භවිස‍්සති.”

403. “ගෝතමී නිවීමට ගියායැ. ඇගේ සිරුර ද දැවිණ, බුද්ධ පරිනිර්‍වාණය නොබෝ කලකින් වෙතැයි මම සැක කරමි.”

404. තතො ගොතමිධාතූනි තස‍්සා පත‍්තගතානි සො උපනාමෙසි නාථස‍්ස ආනන්‍දො බුද‍්ධචොදිතො.

404. ඉක්බිති බුදුරදුන් විසින් මෙහෙයවන ලද ඒ අනඳ තෙරණුවෝ ගෝතමි තෙරණියගේ අස්‍ථිධාතු ඇයගේ පාත්‍රගත කොට නාථ වූ බුදුරදුන්හට එළැවූහ.

405. පාණිනා තානි පග‍්ගය‍්හ අවොච ඉසිසත‍්තමො: “මහතො සාරවන‍්තසස යථා රුක‍්ඛස‍්ස තිට‍්ඨතො.

405-406. ඒ අස්ථිධාතූන් අතින් පිළිගෙන ඍෂිශ්‍රේෂ්ඨයන් වහන්සේ (මෙසේ) වදාළ සේක: “හරඇති පවත්නා මහරුකෙක යම් ඒ ඉතා මහත්වූ කඳ යම්සේ අනිත්‍යතා හේතුයෙන් වැනසියේ ද එසේ භික්‍ෂුණීසඞ්ඝයාගේ මහත්කඳ වූ ගෝතමී පිරිනිවියා යැ.”

406. යො සො මහත‍්තරො ඛන්‍ධො පලුජ‍්ජෙය්‍ය අනිච‍්චතා, තථා භික‍්ඛුනීසඞ‍්ඝස‍්ස ගොතමී පරිනිබ‍්බුතා.

407. අහො අච‍්ඡරියං මය‍්හං නිබ‍්බුතායපි මාතුයා සරීරමත‍්තසෙසාය නත්‍ථි සොකපරිද‍්දවො.

407. අහෝ! ආශ්චර්‍ය්‍යයෙකි, සිරුර පමණක් ඉතුරු කොට මව පිරිනිවිකල්හි දු මට ශෝකයෙක් පරිදේවයෙක් නැති.

408. න සොචියා පරෙසං සා තිණ‍්ණසංසාරසාගරා පරිවජ‍්ජිතසන‍්තාපා සීතිභූතා සුනිබ‍්බුතා.

408. තරණය කළ සසර සයුරු ඇති දුරු කළ සන්තාප ඇති සිහිල් වූ මොනොවට නිවුණු ඕ මෙරමා විසින් ශෝක කටයුතු නො වෙයි.

409. පණ‍්ඩිතාසි මහාපඤ‍්ඤා පුථුපඤ‍්ඤා තථෙව ච රත‍්තඤ‍්ඤූ භික‍්ඛුනීනං සා එවං ධාරෙථ භික‍්ඛවො.

409. මහණෙනි, මෙසේ ධරවු: ඕ පණ්ඩිත යැ, මහාප්‍රාඥ යැ, පුථුප්‍රාඥ (පැතුරුණු නුවණ ඇති) යැ, මෙහෙණන් අතරැ රාත්‍රඥ (පැවිදි වැ බොහෝකල් ඇතැ) යි.

410. ඉද‍්ධියා ච වසී ආසි දිබ‍්බාය සොතධාතුයා චෙතොපරියඤාණස‍්ස වසී ආසි ච ගොතමී.

410. ගෝතමි ඍද්ධියෙහි වශී වූ යැ, දිබ්බසෝතධාතුයෙහි (දිව කනෙහි) ද, චේතෝපරියඤාණයෙහි (පරසිත් දන්නා නුවණෙහි) ද වශී වූ.

411. පුබ‍්බෙනිවාසං අඤ‍්ඤාසි දිබ‍්බචක‍්ඛු විසොධිතං. සබ‍්බාසවපරික‍්ඛීණා නත්‍ථි තස‍්සා පුනබ‍්භවො.

411. පෙර විසූ කඳ පිළිවෙළ දතු, දිවැස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් ඇයට පුනර්‍භවයෙක් නැති.

412. අත්‍ථධම‍්මනිරුත‍්තීසු පටිභානෙ තථෙව ච පරිසුද‍්ධං අහූ ඤාණං තස‍්මා සොචනියා න සා.

412. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්තියෙහි ද එසේ ම ප්‍රතිභානයෙහි ද (ඇගේ) ඥානය පිරිසිදු වියැ. එහෙයින් ඕ ශෝක කටයුතු නො වෙයි.

413. අයොඝනහතස‍්සෙව ජලතො ජාතවෙදසො අනුපුබ‍්බූපසන‍්තස‍්ස යථා න ඤායතෙ ගති.

413. යකුළින් පහළ පිළිවෙළින් නිවුණු දිලියෙන ගින්න ගිය තැන් යම්සේ නො පැනේ ද,

414. එවං සම‍්මා විමුත‍්තානං කාමබන්‍ධොඝතාරිනං පඤ‍්ඤාපෙතුං ගති නත්‍ථි පත‍්තානං අචලං පදං.

414. එසේ මොනොවට (සමුච්ඡේදප්‍රහාණ විසින් කෙලෙසුන් කෙරෙන්) මිදුණු බන්‍ධන සඞ්ඛ්‍යාත කාමෝඝය (හා සෙසු ඕඝ ද) තරණය කළ නිර්‍වාණ පදයට පැමිණි රහතුන්හට පනවන්නට (දෙව්මිනිස් ආදි) ගතියෙක් නැති.

415. අත‍්තදීපා තතො හොථ සතිපට‍්ඨානගොචරා භාවෙත්‍වා සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සථා’ති.

415. එසේ හෙයින් තමා පිහිට කොට ඇති වව, සතිපට්ඨාන විෂය දොට ඇති වව. සප්තබෝධ්‍යඞ්ග වඩා දුක් කෙළවර කරව” යි.

ඉත්‍ථං සුදං මහාපජාපති ගොතමී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් මහාපජාපතී ගෝතමි මේ ගාථා ප්‍රකාශ කළා යැ.

මහාපජාපති ගොතමී ථෙරියාපදානං සත‍්තමං.

පස්වැනි මහාපජාපතී ගෝතමී ස්ථවිරාපදාන යි.