යෙදුමෙන් කියවන්න

2. 8 ඛෙමාපදානං

2. 8 ඛෙමාපදානං

2. 8 ඛේමාපදානය

416. පදුමුත‍්තරනාමජිනො සබ‍්බධම‍්මෙසු චක‍්ඛුමා ඉතො සතසහස‍්සම‍්හි කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

416. සියලු (ලොවී ලොවුතුරා) දහම්හි චක්‍ෂුර්මත් වූ (භවත්‍රයට ම) නායක වූ පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙයින් සියක් දහසක් වන කප්හි පහළ වූ සේකැ.

417. තදා’හං හංසවතියං ජාතා සෙට‍්ඨිකුලෙ අහුං නානාරතනපජ‍්ජොතෙ මහාසුඛසමප‍්පිතා.

417. එකල මම හංසවතී නගරයෙහි දිලියෙන නන් රුවන් ඇති සිටු කුලයෙකැ උපන්නෙම් මහත් සුවයෙන් සමර්පිත ද වූමු.

418. උපෙත්‍වා තං මහාවීරං අස‍්සොසිං ධම‍්මදෙසනං තතො ජාතප‍්පසාදා’හං උපෙසිං සරණං ජිනං.

418. ඒ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් ඇසූමු. එයින් උපන් ප්‍රසාද ඇති මම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ සරණ කොට ගියා වෙමු.

419. මාතරං පිතරං චාපි ආයාචිත්‍වා විනායකං නිමන‍්තයිත්‍වා සත‍්තාහං භොජයිං සහසාවකං.

419. මව ද පියා ද ආයාචනා කොට බුදුරජාණන් වහන්සේ පවරා ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ සත් දිනක් වැළඳවූමු.

420. අතික‍්කන‍්තෙ ච සත‍්තාහෙ මහාපඤ‍්ඤානමුත‍්තමං. භික‍්ඛුනිං එතදග‍්ගම‍්හි ඨපෙසි නරසාරථි.

420. සත් දවස ඉක්මගිය කල්හි මහනුවණැත්තන් අතුරෙහි අග්‍ර වූ මෙහෙණක නරදම් සැරි තථාගතයන් වහන්සේ ඒතදග්‍රස්ථානයෙහි තබාලූ සේකැ.

421. තං සුත්‍වා මුදිතා හුත්‍වා පුනො තස‍්ස මහෙසිනො කාරං කත්‍වාන තං ඨානං පණිපච‍්ච පණිදහිං.

421. එ අසා ප්‍රමුදිත වැ යළි ඒ මහර්ෂීන් වහන්සේට සත්කාර කොට වැඳ හෙවැ ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු.

422. තතො මං ස ජිනො ආහ “සිජ‍්ඣතං පණිධි තව සසංඝෙ මෙ කතං කාරං අප‍්පමෙය්‍යඵලං තයා.

422. ඉක්බිති ඒ ජිනේන්‍ද්‍රයන් වහන්සේ “තොපගේ ප්‍රාර්‍ත්‍ථනාව සමෘද්ධ වේවා. සඞ්ඝයා සහිත මට තොප විසින් කරන ලද සත්කාරය අප්‍රමේය විපාක ඇත්තකි.”

423. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලම‍්හවො ගොතමො නාම ගොත‍්තෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

423. මෙයින් සියක්දහස් වන කප්හි ඔක්කාක වංසය සම්භව කොට ඇති ගොතින් ගොතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොවැ පහළ වන සේකැ.

424. තස‍්ස ධම‍්මෙසු දායාදා ඔරසා ධම‍්මනිම‍්මිතා එතදග‍්ගං අනුප‍්පත‍්තා ඛෙමා නාම භවිස‍්සසි”.

424. (තෙපි) ඔබ ධර්‍මයට හිමිවූ ධර්‍මයෙන් නිර්මිත වූ ඒතදග්‍රයට පැමිණි ඛේමා නම් ඖරස ශ්‍රාවිකා වන්නහු.”

425. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසූපගා අහං.

425. ඒ කුශල කර්‍ම හේතුයෙන් ද චේතනා ප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොව ට පැමිණියා වෙමි.

426. තතො චුතා යාමමගං තතො’හං තුසිතං ගතා තතො ච නිම‍්මාණරතිං වසවත‍්තිපුරං තතො.

426. එයින් සැව යාම දෙව්ලොවට ගියමු, මම් එයින් තුෂිතයට ගියමු, එයින් නිර්‍මාණරතියට ද එයින් පරනිර්මිතවශවර්ති දෙව් ලොවට ද ගියමු.

427. යත්‍ථ යත්‍ථූපපජ‍්ජාමි තස‍්ස කම‍්මස‍්ස වාහසා තත්‍ථ තත්‍ථෙව රාජූනං මහෙසිත‍්තමකාරයිං.

427. යම් යම් තෙනෙක උපනුමු ද, ඒ (කුශල) කර්‍ම බලයෙන් ඒ ඒ තන්හි රජුනට මෙහෙසිබව කරවූමු.

428. තතො චුතා මනුස‍්සත‍්තෙ රාජූනං චක‍්කවත‍්තිනං. මණ‍්ඩලීනඤ‍්ච රාජූනං මහෙසිත‍්තමකාරයිං.

428. එයින් සැව මිනිසත් බව්හි සක්විති රජුනට ද, පෙදෙසි රජුනට ද මෙහෙසි බව කරවූමු.

429. සම‍්පත‍්තිං අනුභොත්‍වාන දෙවෙසු මනුජෙසු ච සබ‍්බත්‍ථ සුඛිතා හුත්‍වා නෙකකප‍්පෙසු සංසරිං.

429. දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සැම තන්හි සුවපත් වැ නොයෙක් කප්හි හැසුරුණමු.

430. එකනවුතෙ ඉතො කප‍්පෙ විපස‍්සී ලොකනායකො උප‍්පජ‍්ජි චාරුනයනො සබ‍්බධම‍්මවිපස‍්සකො.

430. මෙයින් එක් අනූවන කප්හි මනහර නුවන් ඇති සියලු ධර්‍මයන් දක්නා විදර්ශී නම් ලෝකනාථයන් වහන්සේ උපන් සේකැ.

431. තමහං ලොකනායකං උපෙත්‍වා නරසාරථිං. ධම‍්මං පණීතං සුත්‍වාන පබ‍්බජිං අනගාරියං.

431. මම නරසාරථී වූ ඒ ලෝකනාථයන් වහන්සේ වෙතැ එළැඹැ ප්‍රණීත ධර්‍මය අසා (ඔබ) සසුන්හි පැවිදි වූමු.

432. දසවස‍්සහස‍්සානි තස‍්ස වීරස‍්ස සාසනෙ බ්‍රහ‍්මචරියං චරිත්‍වාන යුත‍්තයොගා බහුස‍්සුතා.

432-433. දස දහස් වසරක් ඒ වීරයන් වහන්සේගේ සසුන්හි බඹසර සරා ශමථ - විදර්‍ශනා භාවනානුයෝගී වැ බහුශ්‍රුත වැ (පර්‍ය්‍යාප්ති - ප්‍රතිපත්ති දෙක්හි) නිපුණ වැ චිත්‍ර කථා ඇති වැ ශාස්තෲන් වහන්සේගේ අනුසසුන් කරන්නක් වැ වුසූමු.

433. පච‍්චයාකාරකුසලා චතුසච‍්චවිසාරදා නිපුණා චිත‍්තකථිකා සත්‍ථුසාසනකාරිකා.

434. තතො චුතාහං තුසිතං උපපන‍්නා යසස‍්සිනී අහිභොසිං තහිං අඤ‍්ඤෙ බ්‍රහ‍්මචරියඵලෙන’හං

434. එ අත් බැවින් සැවැ තුෂිත දෙව්ලොවැ යශස් ඇති වැ උපන්මු. බඹසර බෙලෙන් එහි සෙසු දෙවියන් අභිභවා සිටියා වෙමි.

435. යත්‍ථ යත්‍ථූපපන‍්නා’හං මහාභොගා මහද‍්ධනා මෙධාවිනී රූපවතී විනීතපරිසා’පි ච.

435-436. යම් යම් තෙනෙකැ මම් (උපත් විසින්) එළැඹියෙම් ද, ඒ (ඒ තෙනැ) මහාභෝග - මහාධන ඇති වූමු, නුවණැති වූමු. රූමත් වූමු, වැළි විනීත පිරිස් ඇති වූමු. ඒ කුශල කර්‍මයෙන් බුදුසසුන්හි බ්‍රහ්මචර්‍ය්‍යයෝග හේතුයෙන් චිත්තප්‍රිය වූ සියලු සම්පත්තීහු මට සුලභ වූහු.

436. භවාමි තෙන කම‍්මෙන යොගෙන ජිනසාසනෙ සබ‍්බා සම‍්පත‍්තියො මය‍්හං සුලභා මනසො පියා.

437. යොපි මෙ භවතෙ භත‍්තා යත්‍ථ යත්‍ථ ගතායපි විමානෙති න මං කොචි පටිපත‍්තිඵලෙන මෙ.

437. (උත්පත්ති වශයෙන්) යම් යම් තෙනකට ගියා වූ ද, මා හට යම් කිසිවෙක් ස්වාමි පුරුෂ වේ ද, හේ මාගේ (පූර්‍ව) ප්‍රතිපත් ඵල හේතුයෙන් මට අවමන් නො කරයි.

438. ඉමස‍්මිං භද‍්දකෙ කප‍්පෙ බ්‍රහ‍්මබන්‍ධු මහායසො නාමෙන කොණාගමනො උප‍්පජ‍්ජි වදතං වරො.

438. මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණගෝත්‍රික මහායශස් ඇති කෝණාගමන නම් වූ බුදුරජාණන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.

439. තදාහං බාරාණසියං සුසමිද‍්ධකුලප‍්පජා ධනඤ‍්ජානි සුමෙධා ච අහම‍්පි ච තයො ජනා.

439-440. එකලැ මම බරණැසැ බොහෝ සමෘද්ධිමත් කුලයෙකැ දුහිතෘවක් වූමු. පෙර (අත්බව්හි) දානසහායිකා වූ ධනඤ්ජානී යැ, සුමේධා යැ, මම් යැ යන අපි තිදෙන මහසඟනට අරමක් දුනුම්හ. සඟන උදෙසා වෙහෙරක් ද කරවූම්හ.

440. සඞ‍්ඝාරාමමදාසිම‍්හ දානසහායිකා පුරෙ සඞ‍්ඝස‍්ස ච විහාරම‍්පි උද‍්දිස‍්ස කාරිකා මයං.

441. තතො චුතා මයං සබ‍්බා තාවතිංසූපගා අහුං යසසා අග‍්ගතං පත‍්තා මනුස‍්සෙසු තථෙව ච.

441. එයින් සැවැ අපි සියල්ලෝ තව්තිසා දෙව්ලොවැ උපනුම්හ. යශසින් අගතැන් පැමිණියමු. මිනිසුන් කෙරෙහි දු එසේමැ යි.

442. ඉමස‍්මිං යෙව කප‍්පම‍්හි බ්‍රහ‍්මබන්‍ධු මහායසො කස‍්සපො නාම ගොත‍්තෙන උප‍්පජ‍්ජි වදතං වරො.

442. මේ කල්පයෙහි ම බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ ශාස්තෲන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.

443. උපට‍්ඨාකො මහෙසිස‍්ස තදා ආසි නරිස‍්සරො කාසිරාජා කිකී නාම බාරාණසිපුරුත‍්තමෙ.

443. එකලැ බරණැස් පුරවරයෙහි මහර්ෂි බුදුරජාණන් වහන්සේ ගේ උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසී රජෙක් වූයේ යැ.

444. තස‍්සා’සිං ජෙට‍්ඨිකා ඨිතා සමණී ඉති විස‍්සුතා ධම‍්මං සුත්‍වා ජිනග‍්ගස‍්ස පබ‍්බජ‍්ජං සමරොචයිං.

444. එ රජුහට සමණී යයි විශ්‍රැත වූ දෙටු දියණි වූ මම් ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රිසි වූමු.

445. අනුජානි න නො තාතො අකාරෙව තදා මයං වීසවස‍්සසහස‍්සානි විචරිම‍්හ අතන්‍දිතා.

445-446. පිය තෙමේ අපගේ පැවිද්ද නො අනුදත්තේ යැ. එකලැ අපි හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වැ කුමරි බඹසර වුසූම්හ, රාජදුහිතෘ වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිරතුරු ඇලුණු ප්‍රමුදිත වූ (කිකී රජුගේ) සත් දියණිවරු නම්:

446. කොමාරිබ්‍රහ‍්මචරියං රාජකඤ‍්ඤා සුඛෙධිතා ඛුද‍්ධූපට‍්ඨානනිරතා මුදිතා සත‍්ත ධීතරො.

447. සමණී සමණගුත‍්තා ච භික‍්ඛුනී භික‍්ඛුදාසිකා ධම‍්මා චෙව සුධම‍්මා ච සත‍්තමී සඞ‍්ඝදාසිකා

447. සමණී යැ සමණගුත්තා යැ භික්ඛුනී යැ භික්ඛුදාසිකා යැ ධම්මා යැ සුධම්මා යැ සත්වැනි සඞ්ඝදාසී යැ යන මොහු යි.

448. අහං උප‍්පලවණ‍්ණා ච පටාචාරා ච කුණ‍්ඩලා කිසාගොතමී ධම‍්මදින‍්නා විසාඛා හොති සත‍්තමී.

448. (මෙ කලැ) මම් යැ උප්පලවණ්ණා යැ පටාචාරා යැ කුණ්ඩලා (කුණ්ඩල කේසී) යැ කිසාගෝතමී යැ ධම්මදින්නා යැ (යන අපි වෙමු) විශාඛා උවැසි සත්වැනි වෙයි.

449. කදාචි සො නරාදිච‍්චො ධම‍්මං දෙසෙති අබ‍්භුතං මහානිදානසුත‍්තන‍්තං සුත්‍වා තං පරියාපුණිං.

449. ඒ නරශ්‍රේෂ්ඨ (කාශ්‍යප) බුදුරජාණන් වහන්සේ කිසි විටෙකැ ආශ්චර්‍ය්‍ය ජනක දහම් දෙසන සේකැ, මහානිදාන සූත්‍රාන්තය අසා එය ප්‍රගුණ කළමු.

450. තෙහි කම‍්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසං අගච‍්ඡහං.

450. ඒ කුශල කර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට (උපත් විසින්) ගියමු.

451. පච‍්ඡිමෙ ච භවෙදානි සාගලායං පුරුත‍්තමෙ. රඤ‍්ඤො මද‍්දස‍්ස ධීතාම‍්හි මනාපා දයිතා පියා.

451. දැන් පැසුළු බෙවෙහි උතුම් සාගල නුවර මද්‍ද රජුගේ මනවඩන දයාජනක ප්‍රිය වූ දුහිතෘ වෙමි.

452. සහ මෙ ජාතමත‍්තම‍්හි ඛෙමං තම‍්හි පුරෙ අහු, තතො ඛෙමාති නාමං මෙ ගුණතො උපපජ‍්ජථ.

452. මා උපන් කෙණෙහි ඒ සමග ම එ නුවර ක්‍ෂේම (-නිර්‍භය) වියැ, එහෙයින් මට ඛේමා යන නම ගුණ වශයෙන් ලැබිණි.

453. යදාහං යොබ‍්බනං පත‍්තා රූපලාවඤ‍්ඤභූසිතා තදා අදාසි මං තාතො බිම‍්බිසාරස‍්ස රාජිනො.

453. රූපලාවණ්‍යයෙන් භූෂිත වූ මා යම් කලෙකැ යොවුන් බවට පැමිණියා ද, එකලැ පිය තෙමේ මා බිම්සර රජහට (මෙහෙසි කොට) දුන්නේ යැ.

454. තස‍්සාහං සුප‍්පියා ආසිං රූපකෙලායනෙ රතා රූපානං දොසවාදීති න උපෙසිං මහාදයං.

454. රූපයෙහි මමායනයෙන් ඇලුණු මම ඒ රජුට අතිශයින් ප්‍රිය වූමු. රූපයෙහි දොස් පවසතැ යි මහාකාරුණික බුදුරදුන් වෙතැ නො එළඹුණමු.

455. බිම‍්බිසාරො තදා රාජා මමානුග‍්ගහබුද‍්ධියා වණ‍්ණයිත්‍වා වෙළුවනං ගායකෙ ගාපයී මමං.

455. එකල්හි බිම්සර මහරජ මට අනුග්‍රහ බුද්ධියෙන් වේළුවනය වර්‍ණනා කරවා ගායකයන් ලවා මා උදෙසා ගායනා කරවී.

456. “රම‍්මං වෙළුවනං යෙන න දිට‍්ඨං සුගතාලයං න තෙන නන්‍දනං දිට‍්ඨං ඉති මඤ‍්ඤාමසෙ මයං

456. “බුදුරදුන්ගේ ගඳකිළිය පිහිටි රම්‍ය වූ වේළුවනය යමකු විසින් නො දක්නා ලද නම් ඔහු නන්‍දන වනය නොදක්නා ලදැ යි අපි හඟනෙමු.

457. යෙන වෙළුවනං දිට‍්ඨං නරනන්‍දනනන්‍දනං සුදිට‍්ඨං නන්‍දිනං තෙන අමරින්‍දසුනන්‍දනං.

457. යමක්හු විසින් නරපුත්‍රයන්ට නන්‍දන වූ සතුටු එළවන (වේළුවනය) දක්නා ලද ද ඔහු විසින් දෙවියන්ට අතිශයින් සතුටු එළවන නදුනුයන දක්නා ලද වෙයි.

458. විහාය නන්‍දනං දෙවා ඔතරිත්‍වා මහීතලං රම‍්මං වෙළුවනං දිස‍්වා න තප‍්පන‍්ති සුවිම‍්හිතා.

458. දෙවියෝ නඳුනුයන හැරපියා මිහිතලයට බැස රම්‍ය වූ වේළුවනය දැක බෙහෙවින් විස්මිත වූවාහු තෘප්තිමත් නො වෙත්.

459. රාජපුඤ‍්ඤෙන නිබ‍්බත‍්තං බුද‍්ධපුඤ‍්ඤෙන භූසිතං කො වත‍්තා තස‍්ස නිස‍්සෙසං වනස‍්ස ගුණසඤ‍්චයං.”

459. රජුගේ පිනින් උපන්, බුදුරදුන්ගේ පිනින් මනරම් වූ යම් වනයෙක් වේ ද, ඒ වනයාගේ ගුණ සමුදායය කවරෙක් නොඅඩු වැ කියන්නේ ද,”

460. තං සුත්‍වා වනසමිද‍්ධිං මම සොතමනොහරං දට‍්ඨුකාමා තමුය්‍යානං රඤ‍්ඤො ආරොචයිං තදා.

460. එවිටැ මාගේ කනට මිහිරි වූ ඒ වනසමෘද්ධිය අසා එ උයන දකිනු රිසි වැ රජුට සැලකෙමු.

461. මහතා පරිවාරෙන තදා ච සො මහීපති මං පෙසෙසි තමුය්‍යානං දස‍්සනාය සමුස‍්සුකං.

461. එවිටැ ඒ මිහිපල් තෙමේ එ උයන දක්නට උත්සුක වූ මා මහත් පිරිවරින් (උයනට) යැවී.

462. “ගච‍්ඡ පස‍්ස මහාභොගෙ වනං නෙත‍්තරසායනං යං සදා භාති සිරියා සුගතාභානුරඤ‍්ජිතං.”

462. මහාභෝග ඇත්ත, සුගතයන් වහන්සේගේ ප්‍රහායෙන් යළි යළි රැඳුණු යම් වනයක් සැමදා බබළා ද, යා, නේත්‍රරසායන “නෙත්කලු” එ වනය බල.

463. යදා ච පිණ‍්ඩාය මුනි ගිරිබ‍්බජපුරුත‍්තමෙ පවිට‍්ඨො’හං තදායෙව වනං දට‍්ඨුමුපාගමිං.

463. යම් දිනෙක මුනීන්‍ද්‍රයන් වහන්සේ පිඬු පිණිස ගිරිව්‍රජ (රජගහ) පුරවරයට වැඩිසේක් ද එදින මම් වේළුවනය දක්නට එළඹුණමු.

464. තදා’හං ඵුල‍්ලවිපිනං නානාභමරකූජිතං කොකිලාගීතසහිතං මයූරගණනචචිතං.

464-466. එදවසැ මම් නානා බමරුන්ගේ ගුමු ගුමු රැව් ඇති කෙවිල්ලන්ගේ ගී හඬ සහිත වූ මොනර ගණයාගේ නැටුම් ඇති, විරල මිනිස් හඬ ඇති ජනාකීර්‍ණ නොවූ නොයෙක් සක්මන් මළුයෙන් හොබනා කුටිමණ්ඩපයෙන් ගැවසුණු යෝගීවරයන්ගෙන් බැබැළුණු පිපුණු උයනට පිවිසැ හැසිරෙනුයෙම් “මාගේ නෙත් සළුල විණැ” යි සිතුමු. එහි දු යෝගාවචර (-භාවනානුයෝගී) තරුණ මහණ කෙනෙකුන් දැක (මෙසේ) සිතූමු.

465. අප‍්පසද‍්දමනාකිණ‍්ණං නානාචඞ‍්කමභූසිතං කුටිමණ‍්ඩපසඞ‍්කිණ‍්ණං යොගීවරවිරාජිතං.

466. විචරන‍්තී අමඤ‍්ඤිස‍්සං ‘සඵලං නයනං මම’ තත්‍ථාපි තරුණං භික‍්ඛුං යුත‍්තං දිස‍්වා විචින‍්තයිං.

467. ඊරිසෙ’පි වනෙ රම‍්මෙ ඨිතො’යං නවයොබ‍්බනෙ වසන‍්තමිව කන‍්තෙන රූපෙන ච සමන්‍විතො.

467. මෙබඳු සිත්කලු වෙනෙහි වසන නව යොවුන් වියෙහි සිටි මේ මහණ රූපයෙන් සමන්‍විත ද වෙයි, කාන්තියෙන් වසන්තය මෙනි.

468. නිසින‍්නො රුක‍්ඛමූලම‍්හි මුණ‍්ඩො සඞ‍්ඝාටිපාරුතො ඣායතෙ වත’යං භික‍්ඛු හිත්‍වා විසයජං රතිං.

468. මුඬු වූ මේ මහණ සඟළ සිවුරු පෙරවැ (රූපාදි) විෂයජ රතිය (ඇල්ම) හැරපියා රුක් මුල්හි හුන්නේ ධ්‍යාන කරනුයේ විනැ.

469. නනු නාම ගහට‍්ඨෙන කාමං භුත්‍වා යථාසුඛං පච‍්ඡා ජිණ‍්ණෙන ධම‍්මො’යං චරිතබ‍්බො සුභද‍්දකො.

469. ගෘහස්ථයා විසින් සුවසේ කම් සැප විඳ පසුවැ ජරාවට පැමිණියහු විසින් මේ ධර්‍මය සැරියයුතුයැ. එය සුභද්‍ර (යහපත්) නො වන්නේ නො?

470. සුඤ‍්ඤකන‍්ති විදිත්‍වාන ගන්‍ධගෙහං ජිනාලයං උපෙත්‍වා ජිනමද‍්දක‍්ඛිං උදයන‍්තංව භාකරං.

470. සිස් යයි (-බුදුරදුන් නැතැ යි) සිතා ජිනාලය (ජිනේන්‍ද්‍රයන්ගේ වාසස්ථානය) වූ ගඳකිළියට එළැඹැ උදාහිරු වැනි ජිනේන්‍ද්‍රයන් දුටුමු.

471. එකකං සුඛමාසීනං වීජමානා වරිත්‍ථියා දිස‍්වානෙවං විචින‍්තෙසිං ‘නායං ලූඛො නරාසභො.’

471. පවන් සලන වරඟනක සමග එකලා වැ සුවසේ වැඩ හුන් මුනිඳුන් දැක ‘මේ නරශ්‍රේෂ්ඨයා රූක්‍ෂ නො වෙති’ යි මෙසේ සිතුමු.

472. සා කඤ‍්ඤා කනකාභාසා පදුමානනලොචනා බිම‍්බොට‍්ඨි කුන්‍දදසනා මනොනෙත‍්තරසායනා.

472. එ යුවතිය රන්වන් පැහැ ඇත්තක, පියුම් බඳු මුහුණ හා නෙත් ඇත්තක, බිඹුපල වන් ලවන් ඇත්තක, කොඳවන් දසන් ඇත්තක, මන නුවන් පිනවන්නක.

473. හෙමදොලාභසවනා කලසාකාරසුත්‍ථනී තනුමජ‍්ඣා ච සුස‍්සොණී රම‍්හොරු චාරුභූසනා.

473. රනෝවිලි වන් සවන් ඇත්තක, කලස් වැනි මනා පියොවුරු ඇත්තක, සිහිනිග ඇත්තක, මනා උකුල් පෙදෙස් ඇත්තක, රඹ වන් ඌරු ඇත්තක, මනහර අබරණ ඇත්තක.

474. රත‍්තංසුකූපසබ්‍යානා නීලමට‍්ඨනිවාසනා අතප‍්පනෙය්‍යරූපෙන හාවභාවසමන්‍විතා

474. රතු වස්ත්‍ර පොරෝනා හැඳි නිල්වන් මටසිලුටු වස්ත්‍ර ඇති තෘප්තියට නො පැමිණියහෙන රූපයෙන් යුතු ඕ භාවහාවයෙන් සමන්‍විත වූ යැ.

475. දිස‍්වා තමෙවං චින‍්තෙසිං “අහො’යං අභිරුපිනී න මයා’නෙන නෙත‍්තෙන දිට‍්ඨපුබ‍්බා කුදාචනං.”

475. ඇය දැක මෙසේ සිතූමු. ආශ්චර්‍ය්‍යයෙකි! මේ අභිරූපිකාව කිසි කලෙකත් මේ ඇසින් මා නුදුටුවිරූ යැ.

476. තතො ජරාභිභූතා සා විවණ‍්ණා විතතානනා භින‍්නදන‍්තා සෙතසිරා සලාලවදනා’සුචි.

476. ඉක්බිති ඕ ජරාවෙන් මඩනාලදු වැ විවර්‍ණ වැ පුළුල් මුව ඇති වැ බුන් දත් ඇති වැ සුදු කෙහෙ ඇති වැ කෙලතොලු වැ අපිරිසිදු වැ -

477. සඞ‍්ඛිත‍්තකණ‍්ණා සෙතක‍්ඛි ලම‍්බාසුභපයොධරා වලිවිතතසබ‍්බඞ‍්ගී සිරාවිතතදෙහිනී.

477. හැකුළුණු කන් ඇති වැ සුදුවන් නෙත් ඇති වැ එල්බෙන අශුභ වූ පියෙවුරු ඇති වැ රැළි වැටුණු සියලඟ ඇති වැ නහර ඉල්පුණු සිරුරැති වැ -

478. නතඞ‍්ගා දණ‍්ඩදුතියා උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකා කිසා පවෙධමානා පතිතා නිස‍්සසන‍්තී මුහුං මුහුං.

478. වක්වූ කය ඇති වැ සැරයටිය දෙවැනි වැ බෙහෙවින් පඬුවන් වැ කෘශ වැ වෙවුළුම් ඇති වැ වරින් වර නිශ්ශ්වාස කෙරෙමින් ඇද වැටුණා යැ.

479. තතො මෙ ආසි සංවෙගො අබ‍්භුතො ලොමහංසනො ධිරත්‍ථු රූපං අසුචිං රමන‍්තෙ යත්‍ථ බාලිසා.

479. ඒ හේතුයෙන් මාහට “යමෙක්හි අන්‍ධබාලයෝ ඇලෙත් ද ඒ අපවිත්‍ර රූපයට නින්‍දා වේව” යි නො වූ විරූ ලොමුදහගන්වන සංවේගයෙක් වූයේ යි.

480. තදා මහාකාරුණිකො දිස‍්වා සංවිග‍්ගමානසං උදග‍්ගචිත‍්තො සුගතො ඉමා ගාථා අභාසථ:

480. එකල්හි මහාකාරුණික වූ උඩුහුරු සිතැති සුගතයන් වහන්සේ සංවිග්න මනසැති මා දැක මේ ගාථා වදාළ සේකැ.

481. “ආතුරං අසුචිං පූතිං පස‍්ස ඛෙමෙ සමුස‍්සයං උග‍්ඝරන‍්තං පග‍්ඝරන‍්තං බාලානං අභිනන්‍දිතං.

481. “ඛේමාවනි, (රෝගාදියෙන්) ආතුර වූ (දෙතිස් කුණප හෙයින්) අපවිත්‍ර වූ කුණු වූ (පූයා) උතුරන වැගිරෙන අඥයන් විසින් (තෘෂ්ණා විසින්) අභිනන්‍දිත වූ කය බලව,

482. අසුභාය චිත‍්තං භාවෙහි එකග‍්ගං සුසමාහිතං සති කායගතා ත්‍යත්‍ථු නිබ‍්බීදාබහුලා භව.

482. අසුභානුපස්සනා සම්පාදනය පිණිස සිත (උපචාර සමාධි විසින්) එකඟ කොට (අර්‍පණා සමාධි විසින්) සුසමාහිත කොට වඩව. තොපට කායගතාසතිය වේවා. (පස් කඳෙහි කලකිරීම සංඛ්‍යාත) නිර්විදාව බහුල කොට ඇති වව.

483. යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච කායෙ ඡන්‍දං විරාජය.

483. මේ අධ්‍යාත්මකාය යම්සේ ද තෙල බාහිරකයත් එසේ යැ, තෙල බාහිර කය යම්සේ ද මේ අධ්‍යාත්ම කයත් එසේ යැ යි අධ්‍යාත්ම වූත් බාහිර වූත් කයෙහි කාමච්ඡන්‍දය දුරු කර.

484. අනිමිත‍්තඤ‍්ච භාවෙථ මානානුසයමුජ‍්ජහ තතො මානාභිසමයා උපසන‍්තා චරිස‍්සසි.

484. (නිත්‍යනිමිති රහිත හෙයින්) අනිමිත්ත (නම් වූ අනිත්‍ය) සංඥාව වඩව, මානානුශය උපුටාලව, ඉක්බිති මානයාගේ ප්‍රහාණාහි සමයෙන් උපශාන්ත වැ හැසිරෙන්නෙහි.

485. යෙ රාගරත‍්තානුපතන‍්ති සොතං සයං කතං මක‍්කටකොව ජාලං එතම‍්පි ඡෙත්‍වාන පරිබ‍්බජන‍්ති අනපෙක‍්ඛිනො කාමසුඛං පහාය.”

485. යම් කෙනෙක් රාගයෙන් ඇලුණාහු වෙත් ද, තමා කළ දැලෙහි වැටෙන මකුළුවා සෙයින් උහු පුන පුනා ශෝකයට වැටෙත්. අපේක්‍ෂා රහිතයෝ තෙල රාගය සිඳ කම්සුව හැරපියා සසර හැරයෙත්” යි.

486. තතො කල‍්ලිතචිත‍්තං මං ඤත්‍වාන නරසාරථි මහානිදානං දෙසෙසි සුත‍්තන‍්තං විනයාය මෙ.

486. නරසාරථි වූ සර්‍වඥයන් වහන්සේ (අශ්‍රද්‍ධාදියෙන් දුරු වැ මතු දේශනාවට බඳුන් වැ සිටුනා හෙයින්) කර්‍මණ්‍ය වූ සිතැති මා දැන හික්මෙනු පිණිස මට මහානිදාන සූත්‍රාන්තය දේශනා කළ සේකැ.

487. සුත්‍වා සුත‍්තන‍්තසෙට‍්ඨං තං පුබ‍්බසඤ‍්ඤමනුස‍්සරිං තත්‍ථ ඨිතාව’හං සන‍්තී ධම‍්මචක‍්ඛුං විසොධයිං.

487. ඒ උතුම් සූත්‍රාන්තය ශ්‍රවණ කොට පෙර (කසුප් බුදුන් සෙමෙහි භාවිත (මහානිදාන සූත්‍රාන්‍ත) සංඥාව සිහි කළමු. එහි සිටියා වූ මැ මම් ධර්‍මචක්‍ෂුස (-සෝතාපත්තිමග්ග ඤාණය) පිරිසිදු කළමු.

488. නිපතිත්‍වා මහෙසිස‍්ස පාදමූලම‍්හි තාවදෙ අච‍්චයං දෙසනත්‍ථාය ඉදං වචනමබ්‍රවිං:

488. එකෙණෙහි මහර්ෂීන් වහන්සේගේ පාමුල වැඳ වැටී (කළ) වරද දෙසනු පිණිස මෙ වදන් කීමු.

489. “නමො තෙ සබ‍්බදස‍්සාවී නමො තෙ කරුණාකර නමො තෙ තිණ‍්ණසංසාර නමො තෙ අමතංදද.

489. සියල්ල දක්නාසුලු උතුමාණෙනි, තොපට නමස්කාර වේවා, කරුණාකරයාණනි, තොපට නමස්කාර වේවා. සසර තරණය කළ මහතාණනි, තොපට නමස්කාර වේවා. අමෘතදායකයාණනි, තොපට නමස්කාර වේවා.

490. දිට‍්ඨිගහනපක‍්ඛන‍්තා කාමරාගවිමොහිතා තයා සම‍්මා උපායෙන විනීතා විනයෙ රතා.

490. දෘෂ්ටිගහන (-වන) යට වැදුනු කාමරාගයෙන් බෙහෙවින් මුළා වූ මම සම්‍යග්උපායෙන් තොප විසින් හික්මවන ලදුයෙම් විනයෙහි ඇලුණා වෙමි.

491. අදස‍්සනෙන විබ‍්භොගා තාදිසානං මහෙසිනං අනුභොන‍්ති මහාදුක‍්ඛං සත‍්තා සංසාරසාගරෙ.

491. තොප වැනි මහර්ෂීන්ගේ නොදැක්මෙන් (සම්‍යග් මාර්‍ගයෙන්) වෙන් වූ සත්‍වයෝ සසර සයුරෙහි (ගිලී) මහදුක් විඳිති.

492. යදා’හං ලොකසරණං අරණං මරණන‍්තගුං නාද‍්දසාසිමදූරට‍්ඨං දෙසයාමි තමච‍්චයං.

492. යම් කලෙක මම ලොවට පිහිට වූ කෙලෙස් රහිත වූ මරණාන්තයට ගිය නුදුරු අරම්හි වැඩ සිටුනා බුදුරදුන් නුදුටුයෙම් ද ඒ වරද දෙසමි.

493. මහාහිතං වරදදං අහිතොති විසඞ‍්කිතං. නොපෙසිං රූපනිරතා දෙසයාමි තමච‍්චයං.”

493. මහාහිත වූ නිර්‍වාණදායක වූ (මා විසින්) අහිත යයි සැක කරන ලද බුදුරදුන් වෙතැ රූපලාලනයෙහි නිරත වූ යෙම් නො එළැඹුණුමු. ඒ වරද දේශනා කරමි’යි කියා යි.

494. තදා මධුරනිග‍්ගොසො මහාකාරුණිකො ජිනො අවොච ‘තිට‍්ඨ ඛෙමෙ’ති සිඤ‍්චන‍්තො අමතෙන මං.

494. එකල්හි මහා කාරුණික වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ මා අමා දියෙන් ඉසිනසේක් මිහිරි වූ ගැඹුරුඝෝස ඇති වැ ‘ඛේමාවනි, නැඟී සිටුව’ යි වදාළ සේකැ.

495. තදා පණම්‍ය සිරසා කත්‍වා ච නං පදක‍්ඛිණං ගන‍්ත්‍වා දිස‍්වා නරපතිං ඉදං වචනමබ්‍රවිං.

495. එවිටැ මස්තකයෙන් නැමැද ඔබ ප්‍රදක්‍ෂිණා ද කොට (රජ ගෙට) ගොස් රජු දැක මෙ වදන් පැවසූමු.

496. “අහො සම‍්මාඋපායො තෙ චින‍්තිතො’යමරින්‍දම වනදස‍්සනකාමාය දිට‍්ඨො නිබ‍්බානදො මුනි.

496. “රජතුමනි, පුදුමයෙකි. ඔබ විසින් මේ සම්‍යග්උපාය සිතන ලද යැ, උයන දකිනු රිසි ඇත්ත විසින් නිර්‍වාණදායක මුනිඳු දක්නා ලදි.

497. යදි තෙ රුච‍්චතෙ රාජ සානෙ තස‍්ස තාදිනො පබ‍්බජිස‍්සාමි රූපෙ’හං නිබ‍්බින‍්නා මුනිවාණිනා.

497. මහරජ, ඉදින් තොපට රිසි වේ නම් අකම්ප්‍ය ගුණ ඇති ඒ බුදුන්ගේ සසුන්හි පැවිදි වන්නෙමි, බුදු වදනින් මම රූපයෙහි කලකිරුණා වෙමි.”

භාණවාරං දුතියං.

දෙවැනි බණවර යි.

498. අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන තදාහ ස මහීපති “අනුජානාමි තෙ භද‍්දෙ පබ‍්බජ‍්ජා තව සිජ‍්ඣතු.”

498. එවිටැ ඒ මිහිපල් තෙමේ ඇඳිලි බැඳ “සොඳුර තොපට (පැවිද්ද) අනුදනිමි. තොපගේ පැවිද්ද සිදු වේවා.”

499. පබ‍්බජිත්‍වා තදාචාහං අද‍්ධමාසෙ උපට‍්ඨිතෙ දීපොදයඤ‍්ච භෙදඤ‍්ච දිස‍්වා සංවිග‍්ගමානසා.

499. එකල්හි මම පැවිදි වැ අඩමසක් එළැඹැසිටි කල්හි පහන දැල්වීමත් නිවීමත් දැක සංවිග්නමනස් ඇතියෙම් -

500. නිබ‍්බින‍්නා සබ‍්බසඞ‍්ඛාරෙ පච‍්චයාකාරකොවිදා චතුරොඝෙ අතික‍්කම‍්ම අරහත‍්තමපාපුණිං.

500. සියලු සංස්කාරයෙහි කලකිරුණෙම් ප්‍රත්‍යයාකාරයෙහි දක්‍ෂ වැ චතුරෝඝ ඉක්මැ රහක් බවට පැමිණියෙමු.

501. ඉද‍්ධියා ච වසී ආසිං දිබ‍්බාය සොතධාතුයා චෙතොපරියඤාණස‍්ස වසී චාපි භවාමහං.

501. මම ඍද්ධියෙහිද දිබ්බසෝතධාතුයෙහි ද වශී වූමු. චේතෝපරියඤාණයෙහි (-පරසිත් දන්නා නුවණෙහි) දු වශී වූවා වෙමි.

502. පුබ‍්බෙනිවාසං ජානාමි දිබ‍්බචක‍්ඛු විසොධිතං සබ‍්බාසවා පරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.

502. පෙරැ විසූකඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් පුනර්‍භවයෙක් නැති.

503. අත්‍ථධම‍්මනිරුත‍්තීසු පටිභානෙ තථෙව ච පරිසුද‍්ධං මම ඤාණං උප‍්පන‍්නං බුද‍්ධසාසනෙ.

503. අත්‍ථ - ධර්‍ම - නිරුත්තියෙහි ද එසෙයින් ම ප්‍රතිභානයෙහි ද මාගේ ඥානය පිරිසිදු යැ, බුදුසසුන්හි ඥානය උපනැ.

504. කුසලා’හං විසුද‍්ධීසු කථාවත්‍ථු විසාරදා අභිධම‍්මනයඤ‍්ඤූ ච වසිප‍්පත‍්තා’ම‍්හි සාසනෙ.

504. මම (සප්ත) විශුද්ධියෙහි දක්‍ෂයෙමි, කථාවස්තුවිෂයෙහි විශාරද (-නිර්‍භය) වෙමි, අභිධර්‍මනය දන්මි, සසුන්හි වශීප්‍රාප්ත වෙමි.

505. තතො භොජනවත්‍ථුස‍්මිං රඤ‍්ඤා කොසලසාමිනා පුච‍්ඡිතා නිපුණෙ පඤ‍්හෙ ව්‍යාකරොන‍්තී යථාතථං.

505. ඉක්බිති කෝශලාධිපති රජු විසින් භෝජනවස්තුයෙහි පුළුවුත් සියුම් පැන ඇති සැටියෙන් විසඳන්නක් වූමු.

506. තදා ස රාජා සුගතං උපසඞ‍්කම‍්ම පුච‍්ඡථ තථෙව බුද‍්ධො ව්‍යාකාසි යථා තෙ ව්‍යාකතා මයා.

506. එකල්හි ඒ රජ සුගතයන් වහන්සේ වෙතැ එළැඹ විචාළේ ය. ඒ පැන යම් අයුරෙකින් මා විසඳන ලදද, එසෙයින් ම බුදුහු විසඳා වදාළහ.

507. ජිනො තස‍්මිං ගුණෙ තුට‍්ඨො එතදග‍්ගෙ ඨපෙසි මං “මහාපඤ‍්ඤානමග‍්ගාති භික‍්ඛුනීනං නරුත‍්තමො.

507. නරෝත්තම ජිනේන්‍ද්‍රයන් වහන්සේ ඒ ගුණයෙහි තුටු වූ සේක් මහා ප්‍රඥා ඇති භික්‍ෂුණීන් අතරැ අග්‍ර යයි මා ඒතදග්‍රයෙහි තැබූ සේකැ.

508-510. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

508. - 510. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.

ඉත්‍ථං සුදං ඛෙමා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් වනාහි ඛේමා තෙරණියෝ මේ ගාථා පැවසූහ.

ඛෙමාථෙරියාපදානං අට‍්ඨමං.

අටවැනි ඛේමා ස්ථවිරාපදාන යි.