යෙදුමෙන් කියවන්න

2. 9 උප‍්පලවණ‍්ණාපදානං

2. 9 උප‍්පලවණ‍්ණාපදානං.

2. 9 උප්පලවණ්ණා අපදානය

511. භික‍්ඛුනී උප‍්පලවණ‍්ණා ඉද‍්ධියා පාරමිඞ‍්ගතා වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ ඉදං වචනමබ්‍රවි.

511. ඍද්ධියෙන් අගතැන්පත් උත්පලවර්‍ණා භික්‍ෂුණී තොමෝ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ මෙවදන් පැවසූ:

512. නිත‍්තිණ‍්ණා ජාතිසංසාරං පත‍්තා’හං අචලං පදං සබ‍්බදුක‍්ඛං මයා ඛීණං අරොචෙමි මහාමුනි.

512. ඒ ඒ ජාතිවල (උපන් විසින්) හැසිරීම තරණය කළ මම අචල වූ නිර්‍වාණපදයට පැමිණියා වෙමි. මා විසින් සියලු දුක් ක්‍ෂය කරන ලද, මහාමුනිතුමනි, (එය) සැලකරමි.

513. යාවතා පරිසා අත්‍ථි පසන‍්නා ජානසාසනෙ යෙසඤ‍්ච මෙ’පරධො’ත්‍ථි ඛමන‍්තු ජිනසම‍්මුඛා.

513. බුදුසසුන්හි පහන් වූ යම් පමණ පිරිස් ඇත් ද, යම් කෙකෙකුන් ට මා කළ අපරාධයෙකුත් ඇත් ද, බුදුරදුන් හමුයෙහි (මට) කමත් වා.

514. සංසාරෙ සංසරන‍්තාය ඛලිතං මෙ සචෙ භවෙ ආරොචෙමි මහාවීර අපරාධං ඛමස‍්සු තං

514. මහාවීරයන් වහන්ස, ආරෝචනා කරමි: සසර සැරිසරන මාගේ ඉදින් (යම්) දොසෙක් වී නම් ඒ දොස ක්‍ෂමා කරන සේක්වා.”

515. “ඉද‍්ධිං චාපි නිදස‍්සෙහි මම සාසනකාරිකෙ චතස‍්සො පරිසා අජ‍්ජ කඞ‍්ඛං ජින්‍දාහි යාවතා”

515. (බුදුහු) “මාගේ අනුසසුන් කරන්න, ඍද්ධි ද දක්වව, යම් පමණ සිවුපිරිස් වේ ද, අද (ඔවුන්ගේ) සැක සිඳුව.”

516. “ධීතු තුය‍්හං මහාවීර පඤ‍්ඤාවන‍්ත ජුතින්‍ධර බහුං ච දුක‍්කරං කම‍්මං කතං මෙ අතිදුක‍්කරං.

516. (උප්පලවණ්ණා) “ප්‍රඥාවත් ජුතින්‍ධර මහාවීරයාණෙනි, ඔබගේ දුහිතෘ වූ මා විසින් බෙහෙවින් අපහසු වූ බොහෝ දුෂ්කර වූ ක්‍රියා කරන ලදි.

517. උප‍්පලස‍්සෙව මෙ වණ‍්ණො නාමෙනුප‍්පලනාමිකා සාවිකා තෙ මහාවීර පාදෙ වන්‍දති චක‍්ඛුම.

517. මාගේ (සිවි) පැහැය උපුලක පැහැ බඳු වෙයි. චක්‍ෂුර්මත් මහාවීරයාණනි, නමින් උත්පලා නම් වූ ශ්‍රාවිකා තොමෝ ඔබ පා වඳියි.

518. රාහුලො ච අහඤ‍්චෙව නෙකජාතිසතෙ බහූ එකස‍්මිං සම‍්භවෙ ජාතා සමානච‍්ඡන්‍දමානසා.

518. රාහුලත්, මමත් නොයෙක් බොහෝ සියගණන් ජාතිවලැ එක ම කුලයෙකැ උපනුම්හ, සමාන රිසි හා මනස් ඇත්තෝ ද වූම්හ.

519. නිබ‍්බත‍්ති එකතො හොති ජාතිසු බහුසො මම පච‍්ඡිමභවෙ සම‍්පත‍්තෙ උභොපි නානාසම‍්භවා.

519. බෙහෙවින් (ඒ ඒ) ජාතිවලැ මාගේ ඉපැත්ම (රාහුල) හා එක් වැ වෙයි. පැසුළු භවය පැමිණි කල්හි දෙදෙන ම වෙන වෙන උපත් ඇත්තෝ වූම්හ.”

520. පුත‍්තො ච රාහුලො නාම ධීතා උප‍්පලසව‍්හයා පස‍්ස වීර මමං ඉද‍්ධිං බලං දස‍්සෙමි සත්‍ථුනො.

520. පුත් රාහුල නම් විය, දූ උත්පල නම් වූ. වීරයන් වහන්ස, මාගේ ඍද්ධි බලනු මැනැවි. ශාස්තෲන් වහන්සේ ට (මාගේ) බලය දක්වමි.

521. මහාසමුද‍්දෙ චතුරො පක‍්ඛිපි හත්‍ථපාතියං තෙලං හත්‍ථගතං චෙව වෙජ‍්ජො කොමාරකො යථා.

521. කෝමාරභව්ව නම් වෛද්‍යයා අතට පත්, තෛලයක් සෙයින් සිව්සයුරු අත් නමැති තලියෙහි බහාලූ යැ.

522. උබ‍්බත‍්තයිත්‍වා පඨවිං පක‍්ඛිපි හත්‍ථපාතියං චිත‍්තමුඤ‍්ජං යථා නාම ලුඤ‍්චි කොමාරකො යුවා.

522. තරුණ කෝමාරක යම් පරිදි මුදුතණ සින්දේ ද එසෙයින් පොළොව උපුරා අත් නමැති තලියෙහි බහාලූ යැ.

523. චක‍්කවාළසමං පාණිං ඡාදයිත්‍වාන මත්‍ථකෙ. වස‍්සාපෙත්‍වාන ඵුසිතං නානාවණ‍්ණං පුනප‍්පුනං.

523. සක්වළ සම කොට අත්ලෙන් මස්තකය වසා නැවත නැවත නන්වැදෑරුම් පැහැපත් වැසිපොද වර්‍ෂා කරවා -

524. භූමිං උදුක‍්ඛලං කත්‍වා ධඤ‍්ඤං කත්‍වාන සක‍්ඛරං සිනෙරු මුසලං කත්‍වා මද‍්දි කොමාරිකා යථා.

524. පොළොව වනක් කොට සකුරු (-වැලි කැට) ධාන්‍ය කොට මේරුව මොහොලක් කොට දැරියක මෙන් මැඩලූ යැ.

(උත්පලවර්‍ණා මෙසේ කියයි:)

525. “ධීතා’හං බුද‍්ධසෙට‍්ඨස‍්ස නාමෙනුප‍්පලසව‍්හයා අභිඤ‍්ඤාසු වසීභූතා තව සාසනකාරිකා.

525. මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ දුහිතෘ වෙමි. නමින් උප්පලවණ්ණා නමු. අභිඥාහි වශීභූත වූ මම් ඔබගේ අනුසසුන් කරන්නක් වෙමි.

526. නානා විකුබ‍්බණං කත්‍වා දස‍්සෙත්‍වා ලොකනායකං නාමගොත‍්තඤ‍්ච සාවෙත්‍වා පාදෙ වන්‍දාමි චක‍්ඛුම.

526. නොයෙක් ඍද්ධිවිකුර්‍වණ කොට ලෝකනායකයන් වහන්සේට දක්වා නම්ගොත් ද අස්වා පසැස් ඇති උතුමාණනි, ඔබ පා වඳිමි.

527. ඉද‍්ධියා ච වසී හොමි දිබ‍්බාය සොතධාතුයා චෙතොපරියඤාණස‍්ස වසී හොමි මහාමුනෙ.

527. මහාමුනිතුමනි, (මම) ඍද්ධියෙහි ද වශී වෙමි. දිබ්බසෝත ධාතුයෙහි ද චේතෝපරියඤාණයෙහි ද වශී වෙමි.

528. පුබ‍්බෙනිවාසං ජානාමි දිබ‍්බචක‍්ඛු විසොධිතං. සබ‍්බාසවා පරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.

528. පෙරවිසූ කඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රව ගෙවී ගියේ යැ, දැන් පුනර්‍භවයෙක් (යළි ඉපැත්මෙක්) නැත.

529. අත්‍ථධම‍්මනිරුත‍්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මෙ විමලං සුද‍්ධං පභාවෙන මහෙසිනො.

529. මහර්ෂීන් වහන්සේගේ ප්‍රභායෙන් අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්තියෙහි ද, එසේ මැ ප්‍රතිභානයෙහි ද මගේ ඥානය නිර්‍මල යැ, පරිශුද්ධ යැ.

530. පුරිමානං ජිනග‍්ගානං සම‍්මුඛා ච පරම‍්මුඛා අධිකාරං බහුං මය‍්හං තුය‍්හත්‍ථාය මහාමුනි.

530. මහාමුනිතුමනි, තොප සඳහා පෙර බුදුවරයන්ගේ සම්මුඛයෙහි ද පරාම්මුඛයෙහි ද මාගේ අධිකාරය (-කුසල් රැස් කිරීම) බොහෝ යැ.

531. යං මයා පූරිතං කම‍්මං කුසලං සර මෙ මුනි තවත්‍ථාය මහාවීර පුඤ‍්ඤං උපචිතං මයා.

531. මා විසින් යම් කුශල කර්‍මයක් පුරන ලද ද, මාගේ ඒ කර්‍මය සිහි කරනු මැනැවි, මහාවීරයන් වහන්ස තොප පිණිස මා විසින් පින් රැස් කරන ලද යැ.

532. අභබ‍්බට‍්ඨානෙ වජ‍්ජෙත්‍වා පරිවජ‍්ජෙන‍්තී අනාචාරං තවත්‍ථාය මහාවීර චත‍්තං ජීවිතමුත‍්තමං.

532. අභව්‍යස්ථාන හැරපියා අනාචාරය බැහැර ලන්නක් වූමු. මහාවීරයන් වහන්ස, තොප පිණිස මාගේ උතුම් ජීවිතය ද පරිත්‍යාග කළමු.

533. දසකොටිසහස‍්සානි අදාසිං මම ජීවිතං පරිච‍්චත‍්තං ච මෙ හොති තවත්‍ථාය මහාමුනි.”

533. මහාමුනිතුමනි, තොප පිණිස දසකෙළදහසක් (ධනය) දුන්මු. මා විසින් මාගේ ජීවිතය ද පරිත්‍යාග කරන ලද වෙයි.”

534. තදාතිවිම‍්හිතා සබ‍්බා සිරසාව කතඤ‍්ජලී අවොච’ය්‍යෙ කථං ආසි අතුලිද‍්ධිපරක‍්කමා.

534. එකල්හි අතිවිස්මිත වූ සියලු පිරිස මුදුනින් බදැඳිලි වැ “ආර්‍ය්‍යාවනි, කෙසේ නම් (මෙබඳු) අසම වූ ඍද්ධි පරාක්‍රම ඇතිවූ දැ” යි පිළිවිසී.

(උත්පලවණ්ණා පිළිතුරු දෙයි:)

535. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ නාගකඤ‍්ඤා අහුං තදා විමලා නාම නාමෙන කඤ‍්ඤානං සාධුසම‍්මතා.

535. මෙයින් සුවහස්වන කප්හි නාගකන්‍යාවක් වූමු. එකලැ නමින් විමලා නම් වූ මම කන්‍යාවන් අතරැ සාධුසම්මත වූවා වෙමි.

536. මහොරගො මහානාගො පසන‍්නො ජිනසාසනෙ පදුමුත‍්තරං මහාතෙජං නිමන‍්තෙසි සසාවකං.

536. මහොරග නම් වූ මහනාරජ තෙමේ බුදුසසුන්හි පහන් වූයේ ශ්‍රාවකයන් සහිත වූ මහත් තෙද ඇති පදුමුත්තර මුනිරජුන් නිමන්ත්‍රණය කෙළේ යි.

537. රතනාමයං මණ‍්ඩපඤ‍්ච පල‍්ලඞ‍්කං රතනාමයං රතනවාලුකාකිණ‍්ණං උපභොගං රතනාමයං

537-538. රුවන්මුවා මණ්ඩපයක් ද, රුවන්මුවා පළඟක් ද, රුවන් මුවා උපභෝග දෑ ද, රුවන් දදින් සැරහුණු රුවන්වැලි විසුරුණු මඟ ද පිළියෙළ කෙළේ ය. හේ තූර්‍ය්‍යයන් වයනු ලබන්නේ පෙර ගමන් කොට සම්බුදුරදුන් (වැඩම කරවූයේ යි.)

538. මග‍්ගං ච පටියාදෙසි රතනද‍්ධජභූසිතං පච‍්චුග‍්ගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං වජ‍්ජන‍්තො තුරියෙහි සො

539. පරිසාහි චතුහි සො සහිතො ලොකනායකො මහොරගස‍්ස භවනෙ නිසීදි පරමාසනෙ.

539. ඒ ලෝකනාථයන් වහන්සේ සිවු පිරිස් සහිත වූ සේක් මහොරග නා රජුගේ භවනෙහි උතුම් අස්නෙකැ වැඩහුන්සේකැ.

540. අන‍්නං පානං ඛාදනීයං භොජනීයං මහාරහං වරං වරඤ‍්ච පාදාසි නාගරාජා මහායසො.

540. මහායසස් ඇති නාරජ ආහාර ද පාන ද කෑයුතු දෑ ද බිදියයුතු දෑ ද මා ඇඟි උතුම් උතුම් දෑ ද දුන්නේ යැ.

541. භුඤ‍්ජිත්‍වාන සම‍්බුද‍්ධො පත‍්තං ධොවිය යොනිසො අනුමොදනීයං’කාසි නාගරඤ‍්ඤො මහිද‍්ධිනො.

541. සම්බුදුරජාණන් වහන්සේ අහරකිස නිමවා පා දොවා මහත් ඍද්ධි ඇති නාරජුගේ නුවණ පමණින් අනුමෝදනා කළසේකැ.

542. සබ‍්බඤ‍්ඤුං ඵුල‍්ලිතං දිස‍්වා නාගකඤ‍්ඤා මහායසා පසන‍්නා සත්‍ථුනො චිත‍්තං සුනිබද‍්ධඤ‍්ච මානසං.

542. මහත් යශස් ඇති නාගකන්‍යා තොමෝ විකසිත පියුමක් බඳු සර්‍වඥයන් දැක ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුනා, මොනොවට බඳනා ලද සිත් ඇති වූ,

543. මමඤ‍්ච චිත‍්තමඤ‍්ඤාය ජලජුත‍්තමනායකො තස‍්මිං ඛාණෙ මහාවීරො භික‍්ඛුනිං දස‍්සයිද‍්ධියා.

543. එකෙණෙහි පියුමතුරා බුදුරජාණන් වහන්සේ මාගේ සිත දැන ඍද්ධියෙන් අගතැන්පත් මෙහෙණක දැක් වූ සේකැ.

544. ඉද‍්ධී අනෙකා දස‍්සෙසි භික‍්ඛුනී සා විසාරදා පමොදිතා වෙදජාතා සථොරං ඉදමබ්‍රවිං.

544. විශාරද වූ ඒ මෙහෙණ නොයෙක් ඍද්ධි දැක්වූ. ප්‍රමුදිත වූ හටගත් ප්‍රීති ඇති මම ශාස්තෲන් වහන්සේ ට මෙය කීමු.

545. අද‍්දසාහං ඉමං ඉද‍්ධිං සුමනායිතරායපි ‘කථං අහොසි සා වීර ඉද‍්ධියා සුවිසාරදා’?

545. වීරයන් වහන්ස, සතුටුසිත් ඇති මම් ඒ මෙහෙණගේ මේ ඍද්ධිය දිටිමි. ඕ තොමෝ කිසෙයින් ඍද්ධියෙහි සුවිසාරද වූ ද?

546. “ඔරසා මුඛතො ජාතා ධීතා මම මහිද‍්ධිකා මමානුසාසනිකරා ඉද‍්ධියා සුවිසාරදා.”

546. “මහත්ඍද්ධි ඇති මෝ මාගේ අනුසාසනා කරන ඍද්ධියෙහි අතිශයින් විශාරද වු (දෙසුම් අසා සවුබවට පත් හෙයින්) මුවින් උපන් මාගේ ඖරස දුහිතෘ වෙයි.”

547. බුද‍්ධස‍්ස වචනං සුත්‍වා එවං පත්‍ථෙසහං තදා “අහම‍්පි තාදිසා හොමි ඉද‍්ධියා සුවිසාරදා.”

547. බුදුරදුන්ගේ වදන් අසා එවිටැ මම මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කළමු: මම්දු ඍද්ධියෙහි සුවිශාරද වැ ඇය බඳු වෙමි.

548. පමෙදිතා’හං සුමනා පත‍්තඋත‍්තමමානසා අනාගතම‍්හි අද‍්ධානෙ ඊදිසා හොමි නායක.

548. නායකයන් වහන්ස, ප්‍රමුදිත වූ සුමනස් ඇති මම් අනාගතයෙහි (ඍද්ධි) ප්‍රාප්ත උත්තම මනස් ඇති වැ මැය බඳු වන්නෙමි.

549. මණිමයම‍්හි පල‍්ලඞ‍්කෙ මණ‍්ඩපස‍්මිං පභඞ‍්කරෙ අන‍්නපානෙන තප‍්පෙත්‍වා සසඞ‍්ඝං ලොකනායකං.

549. ප්‍රභා විහිදෙන මණ්ඩපයෙක්හි මිණිමුවා පළඟෙකැ සඞ්ඝයා සහිත ලෝකනාථයන් වහන්සේ වඩා හිඳුවා ආහාරපානයෙන් සන්තර්‍පණය කොට -

550. නාගානං පවරං පුප‍්ඵං අරුණං නාම උප‍්පලං ‘වණ‍්ණං මෙ ඊදිසං හොතු’ පූජෙසිං ලොකනායකං.

550. නාගයන්ගේ උතුම් පුෂ්පයක් වූ අරුණ නම් උපුලෙක් වෙයි. “මාගේ පැහැය මෙසේ වේව” යි (එයින්) ලෝකනාථයන් වහන්සේ පිදුමු.

551. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසං අගච‍්ඡ’හං.

551. මම ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.

552. තතො චුතා’හං මනුජෙ උපපන‍්නා සයම‍්භුනො උප‍්පලෙහි පටිච‍්ඡන‍්නං පිණ‍්ඩපාතමදාහං.

552. එයින් ච්‍යුත වූ මම මිනිසුන් කෙරෙහි උපත් විසින් පැමිණියා වෙමි. පසේබුදු නමකට මම් උපුලින් වැසුණු පිණ්‍ඩාහාරයක් දුනුමු.

553. එකනවුතෙ ඉතො කප‍්පෙ විපස‍්සී නාම නායකො උප‍්පජ‍්ජි චාරු නයනො සබ‍්බධම‍්මෙසු චක‍්ඛුමා.

553. මෙයින් එකානූවන කප්හි සොඳුරු නුවන් ඇති (ලොවී ලොව්තුරු) සියලු දහම්හි චක්‍ෂුර්මත් වූ විපස්සී නම් සර්‍වඥයන් වහන්සේ පහළ වූ සේකැ.

554. සෙට‍්ඨි ධීතා තදා හුත්‍වා බාරාණසිපුරුත‍්තමෙ නිමන‍්තෙත්‍වාන සම‍්බුද‍්ධං සසඞ‍්ඝං ලොකනායකං.

554. එකලැ බරණැස් පුරවරයෙහි සිටු දුවක් වැ සඞ්ඝයා සහිත වූ ලෝකනාථ සම්බුදුරජාණන් වහන්සේ නිමන්ත්‍රණය කොට -

555. මහාදානං දදිත්‍වාන උප‍්පලෙහි විනායකං පූජයිත්‍වා චෙතසාව වණ‍්ණසොභං අපත්‍ථයිං.

555. මහදන් දී විනායක වූ මුනිරජුන් උපුලින් පුදා සිතින් ම වර්‍ණශෝභා ප්‍රාර්‍ත්‍ථනා කළමු.

556. ඉමස‍්මිං භද‍්දකෙ කප‍්පෙ බ්‍රහ‍්මබන්‍ධු මහායසො කස‍්සපො නාම ගොත‍්තෙන උප‍්පජ‍්ජි වදතං වරො.

556. මේ භද්‍ර කල්පයෙහි මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ දේශකයන් අතරැ ශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ සේකැ.

557. උපට‍්ඨාකො මහෙසිස‍්ස තදා ආසි නරිස‍්සරො කාසිරාජා කිකී නාම බාරාණසිපුරුත‍්තමෙ.

557. එකලැ මහර්ෂීන් වහන්සේ ට උපස්ථායක නරදෙටු වූ කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.

558. තස‍්සා’සිං දුතියා ධීතා සමණගුත‍්තසමව‍්හයා ධම‍්මං සුත්‍වා ජිනග‍්ගස‍්ස පබ‍්බජ‍්ජං සමරොචයිං.

558. (මම) ඔහුට සමණගුත්තා නම් වූ දෙවැනි දූ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රිසි කළමු.

559. අනුජානි න නො තාතො අගාරෙව තදා මයං වීසං වස‍්සසහස‍්සානි විචරිම‍්හ අතන්‍දිතා.

559-560. පිය තෙමේ අප පැවිද්ද නො අනුදත්තේ යැ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු පුමුදිත වූ අපි දියණිවරු සත්දෙන එකලැ බුද්ධෝපස්ථානයෙහි නිරත වූවමෝ ගෙහි මැ (හිඳ) අනලස් වැ විසිදහසක් හවුරුදු මුළුල්ලෙහි කුමරි බඹසර සැරූම්හ.

560. කොමාරිබ්‍රහ‍්මචරියං රාජකඤ‍්ඤා සුඛෙධිතා බුද‍්ධුපට‍්ඨානනිරතා මුදිතා සත‍්තධීතරො.

561. සමණී සමණගුත‍්තා ච භික‍්ඛුනී භික‍්ඛුදාසිකා ධම‍්මා චෙව සුධම‍්මා ච සත‍්තමී සඞ‍්ඝදාසිකා.

561. (උහු නම්:) සමණී ය සමණගුත්තා යැ භික්ඛුණී යැ භික්ඛුණීදාසිකා යැ ධම්මා යැ සුධම්මා යැ, සත්වැනි සඞ්ඝදාසිකා යි.

562. අහං ඛෙමා ච සප‍්පඤ‍්ඤා පටාචාරා ච කුණ‍්ඩලා කිසාගොතමී ධම‍්මදින‍්නා විසාඛා හොති තස‍්සමී.

562. (මෙකලැ පිළිවෙළින්) මම් යැ සප්‍රාඥ ඛේමා යැ පටාචාරා යැ කුණ්‍ඩලා යැ කිසාගෝතමී යැ ධම්මදින්නා යැ (යන අපි වෙමු.) විශාඛා සත්වැනි වෙයි.

563. තෙහි කම‍්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසං අගච‍්ඡහං.

563. එ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද, මම මිනිස්කය හැරපියා තව්තිසාවට පැමිණියා වෙමි.

564. තතො චුතා මනුසෙස‍්සු උපපන‍්නා මහාකුලෙ පීතමට‍්ඨං වරං දුස‍්සං අදං අරහතො අහං.

564. එයින් සැවැ මිනිසුන් කෙරෙහි මහාකුලයෙකැ උපන් මම රන්වන් මටසිලිටි උතුම් වස්ත්‍රයක් රහත් නමකට දුන්මු.

565. තතො චුතා’රිට‍්ඨපුරෙ ජාතා විප‍්පකුලෙ අහං ධීතා තිරිටවච‍්ඡස‍්ස උම‍්මාදන‍්තී මනොහරා.

565. එයින් ච්‍යුත වූ මම් අරිට්ඨපුරයෙහි බමුණු කුලයෙකැ තිරීටවච්ඡ නමැත්තහුගේ උම්මාදන්තී නම් මනහර දුහිතෘ වැ උපන්මු.

566. තතො චුතා ජනපදෙ කුලෙ අඤ‍්ඤතරෙ අහං පසුතා නාතිඵිතම‍්හී සාලිං ගොපෙමහං තදා.

566. මම එ අත්බවින් ච්‍යුත වූයෙම් (එරට එක්) දනව්වකැ ඉතා සමෘද්ධිමත් නො වූ එක්තරා කුලෙක්හි උපන්මු. එකලැ මම් හැල් කෙතක් රකිමි.

567. දිස‍්වා පච‍්චෙකසම‍්බුද‍්ධං පඤ‍්චලාජාසතාන’හං දත්‍වා පදුමඡන‍්නානි පඤ‍්චපුත‍්තසතානිපි.

567-568. මම පසේබුදු කෙනෙකුන් දැක පියුමෙන් වසන ලද පන්සියයක් ලාජා (විළඳ ඔබට) දී පන්සියයක් පුතුන් ද පැතුමු. ඔහු ද පසේබුදුරදුනට මී දන් දී (එය ම) පැතූහු. මම ඒ දැයින් ච්‍යුත වූයෙම් අරණ්‍යයෙහි පියුම්ගැබෙකැ උපනුමු.

568. පත්‍ථෙසිං තෙපි පත්‍ථෙසුං මධුං දත්‍වා සයම‍්භුනො තතො චුතා අරඤ‍්ඤෙ’හං අජායිං පදුමොදරෙ.

569. කාසිරඤ‍්ඤො මහෙසී’හං හුත්‍වා සක‍්කතපූජිතා අජනිං රාජපුත‍්තානං අනූනං සතපඤ‍්චකං.

569. මම කසීරට රජුගේ මෙහෙසිය වී සත්කාර - පූජා කරන ලදුයෙම් රාජපුත්‍රයන් පන්සියයක් නො අඩු වැ ප්‍රසූත කළමු.

570. යදා තෙ යොබ‍්බනප‍්පත‍්තා කීළන‍්තා ජලකීළිතං. දිස‍්වා ඔපත‍්තපදුමං ආසුං පච‍්චෙකනායකා.

570. යම් කලෙකැ ඔහු යොවුන්බවට පැමිණියාහු ද ජල ක්‍රීඩා කරන්නාහු පත් ගිලිහුණු පියුමක් දැක පසේබුදු වූහු.

571. සාහං තෙහි විනාභූතා සුතවරෙහි සොකිනී චුතා ඉසිගිලිපස‍්සෙ ගාමකම‍්හී අජායිසං.

571. ඒ මම් ඒ උතුම් පුතුන්ගෙන් වෙන් වූවා (එහෙයින් ම) ශෝක ඇති වූයෙම් ඒ අත්බවින් ච්‍යුත වැ ඉසිගිලි පසැ එක්තරා ගමෙකැ උපන්මු.

572. යදා වුද‍්ධා සුතමතී සුතානං භත‍්තුනොපි ච යාගුමාදාය ගච‍්ඡන‍්තී අට‍්ඨපච‍්චෙකනායකෙ.

572-573. යම් කලෙකැ වැඩිවියපත් වූවා දරුවන් ඇති මම් පුතුනට ද සැමියාට ද හුළුකැන් රැගෙන යන්නෙම් පසේබුදුරදුන් අට නමක් පිඬු පිණිස ගමට වඩිනු දැක පුතුන් සිහි කළමුද, එකලැ මාහට පුත්‍රප්‍රේමයෙන් ක්‍ෂිරධාරා නිකුත්වී.

573. භික‍්ඛාය ගාමං ගච‍්ඡන‍්තෙ දිස‍්වා පුත‍්තෙ අනුස‍්සරිං ඛීරධාරා විනිග‍්ගච‍්ඡි තදා මෙ පුත‍්තපෙමසා.

574. තතො තෙසං අදං යාගුං පසන‍්නා සෙහි පාණිහි තතො චුතා’හං තිදසෙ නන්‍දනං උපපජ‍්ජහං.

574. ඉක්බිති පහන් වූයෙම් ඔබට සියතින් හුළුකැන් දුන්මු. මම් එයින් ච්‍යුත වූයෙම් දෙව්ලොව නන්‍දන උයන්හි උපනුමු.

575. අනුභොත්‍වා සුඛං දුක‍්ඛං සංසරිත්‍වා භවාභවෙ තවත්‍ථාය මහාවීර පරිච‍්චත‍්තඤ‍්ච ජීවිතං.

575. මහාවීරයාණෙනි, (අනතුරුව) කුදුමහත් බෙවෙහි සරා සුව දුක් අනුභව කොට තොප පිණිස ජීවිත පරිත්‍යාග කළා ද වෙමි.

576. එවං බහුවිධං දුක‍්ඛං සම‍්පත‍්ති ච බහුබ‍්බිධා පච‍්ඡිමෙ භවෙ සම‍්පත‍්තෙ ජාතා සාවත්‍ථියං පුරෙ.

576. මෙසේ බහුප්‍රකාර වූ දුක්විඳ බහුප්‍රකාර වූ සම්පත් ද ලැබ පශ්චිම භවය පැමිණි කල්හි සැවැත් නුවර උපන්මු.

577. මහාධනෙ සෙට‍්ඨිකුලෙ සුඛිතෙ සජ‍්ජිතෙ තථා නානාරතනපජ‍්ජොතෙ සබ‍්බකාමසමිද‍්ධිනී.

577. මහත් වූ ධන සම්පත් ඇති සුඛිත වූ සුසැදුණු දිලිසෙන නන්රුවන් ඇති සිටුකුලයෙකැ ඉපද සියලු කාමයෙහි සමෘද්ධ වූ (මම).

578. සක‍්කතා පූජිතා ආසිං මානිතා’පචිතා තථා රූපසොභග‍්ගසම‍්පන‍්නා කුලෙසු අභිසම‍්මතා.

578. (ලෝකයා විසින්) සත්කාර කරන ලද පුදන ලද වූමු. එසේ මැ, බුහුමන් කරන ලද අපචායන කරන ලද වූමු. අග්‍ර වූ රූපශෝභායෙන් යුක්ත වැ කුලයෙහි අභිසම්මත වූමු.

579. අතීව පත්‍ථිතා චා’සිං රූපභොග සිරීහි ච පත්‍ථිතා සෙට‍්ඨිපුත‍්තෙහි අනෙකෙහි සතෙහි ච.

579. රූප ය භෝග ය ශ්‍රී යැ යන මේ කරණ කොටගෙන අතිශයින් ප්‍රාර්‍ත්‍ථනා කරන ලද ද වූමු, නොයෙක් සිය ගණන් සිටු පුත්‍රයන් විසිනුදු ප්‍රාර්‍ත්‍ථනා කරන ලද ද වූමු.

580. අගාරං පජහිත්‍වාන පබ‍්බජිං අනගාරියං අඩ‍්ඪමාසෙ අසම‍්පත‍්තෙ අරහත‍්තමපාපුණිං.

580. ගිහිගෙය හැරපියා ශාසනයෙහි පැවිදි වූමු. අඩ මසක් නො පත් කල්හි රහත්බවට පැමිණියා වෙමි.

581. ඉද‍්ධියා අභිනිම‍්මිත්‍වා චතුරස‍්සරථං අහං බුද‍්ධස‍්ස පදෙ වන්‍දිස‍්ස ලොකනාථස‍්ස සිරීමතො.

581. මම ඍද්ධියෙන් සියුරැස් රියක් නිර්‍මාණය කොට ලෝකනාථ වූ ශ්‍රීමත් වූ බුදුරදුන්ගේ පාසඟුළුවන් වැන්දෙමි.

582. සුපුප‍්ඵිතග‍්ගං උපගම‍්ම භික‍්ඛුනී එකා තුවං තිට‍්ඨසි සාලමූලෙ න ච’ත්‍ථි තෙ දුතියා වණ‍්ණධාතු බලෙ න ත්‍වං භායසි ධුත‍්තකානං.

582. මෙහෙණියනි, තෙපි අග දක්වා පිපුණු මල් ඇති රුකක් කරා එළැඹැ (එ) සල්රුක්මුල එකලාව සිටිනාව. පැහැසටහනින් තොපට දෙවැන්නක් නො ද ඇති, බාලාව, තෙපි ධූර්‍තයනට බියපත් නො වවු ද?

583. සතං සහස‍්සානපි ධුත‍්තකානං ඉධාගතා තාදිසකා භවෙය්‍යුං ලොමං න ඉඤ‍්ජාමි න සන‍්තසාමි න මාර භායාමි තමෙකිකාපි.

583. මෙහි පැමිණි තා බඳු වූවෝ වන්නාහු නම්, (එබඳු) සියදහස් ගණන් ධූර්‍තයනට ද බියපත් නො වෙමි, ලොම් නො සලමි, නො තැතිගනිමි. මාරය, එකලා වුව ද තට බියපත් නො වෙමි.

584. ඵසා අන‍්තරධායාමි කුච‍්ඡිං වා පවිසාමි තෙ පඛුමන‍්තරිකායම‍්පි තිට‍්ඨන‍්තිං මං න දක‍්ඛසි.

584. තෙල මම් අතුරුදහන් වෙමි, තාගේ කුසතුළට හෝ පිවිසෙමි, ඇසිපිය අතුරෙහි සිටිනා වූ ද මා තෝ නො දක්නෙහි.

585. චිත‍්තස‍්මිං වසීභූතම‍්හි ඉද‍්ධිපාදා සුභාවිතා සබ‍්බබන්‍ධනමුත‍්තාම‍්හි න තං භායාමි ආවුසො.

585. සිත වසඟ වූ කල්හි ඍද්ධිපාදයෝ මා විසින් මොනොවට වඩන ලදහ, සියලු බන්‍ධනයෙන් මිදුණා වෙමි. ඇවැත, තට බියපත් නො වෙමි.

586. සත‍්තිසූලූපමා කාමා ඛන්‍ධා’සං අධිකුට‍්ටනා යං ත්‍වං කාමරතිං බ්‍රූසි අරතී’දානි සා මම.

586. කාමයෝ අඩයටිහුල් බන්දහ. ස්කන්‍ධයෝ ඔවුන්ගේ ප්‍රහාරයෝ යැ, තෙපි යමක් කාමරති යයි කියවු ද ඒ මට දැන් අරති යයි.

587. සබ‍්බත්‍ථ විහතා නන්‍දි තමොඛන්‍ධො පදාලිතො එවං ජානාහි පාපිම නිහතො ත්‍වමසි අන‍්තක.

587. සියලු භවයෙහි නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණාව නසන ලද, චතුස්සත්‍යප්‍රතිච්ඡාදක තමස්කන්‍ධය පළන ලද, පාපිමය, මෙසේ දැනගනු, අන්තකය, තෝ මා විසින් නසන ලද.

588. ජිනො තම‍්හි ගුණෙ තුට‍්ඨො එතදග‍්ගෙ ඨපෙසි මං ‘අග‍්ගා ඉද‍්ධිමතීන’න‍්ති පරිසාසු විනායකො.

588. ජිතපඤ්චමාරයන් වහන්සේ ඒ ගුණයෙහි තුටු වූවාහු විනායකයන් වහන්සේ පිරිස් මැද ඍද්ධිමත් මෙහෙණන් කෙරෙහි (මෝ) අග්‍ර යයි මා ඒතදග්‍රහයෙහි තැබූ සේක.

589. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං ඔහිතො ගරුකො භාරො භවනෙත‍්ති සමූහතා.

589. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලදහ. බුදුසසුන් කරන ලද, ගුරු වූ ස්කන්‍ධභාරය බහා තබන ලද. භවතෘෂ්ණාව සමූලඝාතනය කරන ලද.

590. යස‍්සත්‍ථාය පබ‍්බජිතා අගාරස‍්මා’නගාරියං සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො සබ‍්බසංයොජනක‍්ඛයො

590. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූම් ද සර්‍වසංයෝජනක්‍ෂය සංඛ්‍යාත ඒ අර්‍ත්‍ථය මා විසින් ලබන ලද වේ.

591. චීවරං පිණ‍්ඩපාතං ච පච‍්චයං සයනාසනං ඛණෙන උපනාමෙන‍්ති සහස‍්සානි සමන‍්තතො.

591. සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනුසුන් ද දහස් ගණන් ඇසිල්ලෙක හාත්පසින් එළවත්.

592-594. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

592. - 594 මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලද

ඉත්‍ථං සුදං උප‍්පලවණ‍්ණා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

උත්පලවණ්ණා මෙහෙණ, මේ ගාථා කිවු යැයි.

උප‍්පලවණ‍්ණා ථෙරියාපදානං නවමං.

නවවැනි උප්පලවණ්ණා ථේරී අපදාන යි.