යෙදුමෙන් කියවන්න

559. සීවකත්‍ථෙරාපදානං

559. සීවකත්‍ථෙරාපදානං

559. සීවක ස්ථවිරාවදානය

6446. එසනාය චරන‍්තස‍්ස විපස‍්සිස‍්ස මහෙසිනො, රිත‍්තකං පත‍්තං දිස‍්වාන කුම‍්මාසං පූරයිං අහං.

6446. පිඬු සොයා හැසිරෙන විපස්සී මහර්ෂීන්වහන්සේගේ සිස්වූ පාත්‍රය දැක මම කොමුයෙන් පිරැ වීමි.

6447. එකනවුතිතො කප‍්පෙ යං භික‍්ඛමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි කුම‍්මාසස‍්ස ඉදං ඵලං.

6447. මෙයින් එක් අනූවන කප්හි යම් භික්‍ෂාවක් දිනිම් ද, (එතැන් පටන්) දුගතිය නො දනිමි, කොමු දානයෙහි මේ විපාක යි.

6448. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

6448. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ පියා හැසිරෙන ඇත්රජකු සෙයින් අනාස්‍රව වූයෙම් වාස කෙරෙමි.

6449. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

6449. බුදුරදුන් වෙතැ එළැඹීමෙන් මට ඒකාන්තයෙන් යහපතෙක් විය, ත්‍රිවිද්‍යා අනුපිළිවෙළින් පැමිණියා, බුදුසසුන් කරණ ලද.

6450. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛා පි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

6450. සිවු පිළිසිඹියා ද, මේ අෂ්ට විමෝක්‍ෂ ද, ෂඩ් අභිඥා ද සාක්‍ෂාත් කෘත යැ, බුද්ධශාසනය කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සීවකත්‍ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් සීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.

සීවකත්‍ථෙරස‍්සාපදානං නවමං.

නවවැනි සීවක ස්ථවිරාවදාන යි.

තස‍්සුද‍්දානං

එහි උද්දානය:

යසො නදීකස‍්සපො ච ගයාකිම‍්බිලවජ‍්ජිනො, ද‍්වෙ උත‍්තරා භද‍්දජි ච සීවකො චාපි උත‍්තමො.

යස යැ, නදීකස්සප යැ, ගයාකස්සප යැ, කිම්බිල වජ්ජි යන අපදාන දෙක යැ, උත්තර අපදාන දෙක යැ, භද්දජි යැ, සීවක යැ යන අපදාන නවය යි.

යසවග‍්ගො ඡපඤ‍්ඤාසතිමො.

සපනස් වැනි යසවර්‍ග යි.

ථෙරාපදානං සමත‍්තං.

ථේරාපදාන නිමි.

(රට‍්ඨපාල - උපවාන ත්‍ථෙරානං අපදානානි “මඡසං” පොත්‍ථකෙ යසවග‍්ගන‍්තොගධානි දිස‍්සන‍්තෙ, තථාපි අපදානපාළි පඨමභාගෙ දුතිය තතියවග‍්ගෙසු තෙසං ආගතත‍්තා ඉධ න දස‍්සිතානීති දට‍්ඨබ‍්බං.)

[need trans]