යෙදුමෙන් කියවන්න

558. භද‍්දජීත්‍ථෙරාපදානං

558. භද‍්දජීත්‍ථෙරාපදානං

558. භද්දජි ස්ථවිරාවදානය

6428. ඔගය‍්හ යං පොක‍්ඛරණිං නානාකුඤ‍්ජරසෙවිතං, උද‍්ධරාමි භිසං තත්‍ථ ඝාසහෙතු අහං තදා.

6428. බොහෝ ඇතුන් විසින් සෙවුනා ලද යම් පොකුණකට බැසගෙන එකල්හි මම් ක්‍ෂුදා හේතුයෙන් එහි නෙළුඹල උදුරන්නෙම්ද,

6429. භගවා තම‍්හිං සමයෙ පදුමුත‍්තරසව‍්හයො, රත‍්තම‍්බරධරො බුද‍්ධො ගච‍්ඡතෙ අනිලඤ‍්ජසෙ.

6429-6430. එසමයෙහි පදුමුත්තර නමැති භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ රතුවත් (-සිවුරු) ධරණ සේක් පවුල් සිවුරු සලවමින් අහස්හි වඩනාසේක. එකලැ මම් (වඩනා එ) හඬ ඇසීමි. මම උඩු ගුවන බලනුයෙම් ලෝකනායකයන් වහන්සේ දිටිමි.

6430. ධුනන‍්තො පංසුකූලානි සද‍්දං අස‍්සො’හං තදා, උද‍්ධං නිජ‍්ඣායමානො’හං අද‍්දසං ලොකනායකං.

6431. නත්‍ථෙව ඨිතකො සන‍්තො ආයාචිං ලොකනායකං, “මධුංභිසෙහි සහිතං ඛීරං සප‍්පිං මුලාලිකං, පතිගණ‍්හාතු මෙ බුද‍්ධො අනුකම‍්පාය චක‍්ඛුමා.”

6431. එහි මැ සිටියෙම් ලෝකනායකයන් වහන්සේ අයැදීමි: “චක්‍ෂුර්මත් බුදුරජානන් වහන්සේ මට අනුකම්පා පිණිස නෙළුඹල සහිත වූ මී-කිරි-ගිතෙල්-නෙළුම්දැලි පිළිගන්නාසේක්වා”යි.

6432. තතො කාරුණිකො සත්‍ථා ඔරොහිත්‍වා මහායසො, පතිගණ‍්හී මම භික‍්ඛං අනුකම‍්පාය චක‍්ඛුමා, පටිග‍්ගහෙත්‍වා සම‍්බුද‍්ධො අකා මෙ අනුමොදනං.

6432. ඉක්බිති මහායශස් ඇති කාරුණික වූ ශාස්තෲන් වහන්සේ (අහසින්) බැස මාගේ භික්‍ෂාව පිළිගත් සේක, චක්‍ෂුර්මත් සම්බුද්ධයන් වහන්සේ (භික්‍ෂාව) පිළිගෙණ මට අනුමෝදනා කළසේකි:

6433. “සුඛී හොතු මහාපුඤ‍්ඤ ගති තුය‍්හං සමිජ‍්ඣතු, ඉමිනා භිසදානෙන ලභස‍්සු විපුලං සුඛං”.

6433. “මහපිනැත්ත, (භවත්) සුව ඇත්තෙක් වේවා! තොප ගති සමෘද්ධ වේවා! මෙ නෙළුඹල දනින් (-තෙපි) මහත් සුව ලබන්නහුවා”.

6434. ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො ජලජුත‍්තමනාමකො, භික‍්ඛමාදාය සම‍්බුද‍්ධො ආකාසෙනා‘ගමා ජිනො.

6434. සම්බුද්ධ වූ පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙය වදාරා භික්‍ෂාව රැගෙණ අහසින් වැඩිසේකි.

6435. තතො භිසං ගහෙත්‍වාන ආගඤ‍්ජිං මම අස‍්සමං, භිසං රුක‍්ඛෙ ලග‍්ගෙත්‍වාන මම දානං අනුස‍්සරිං.

6435. නෙළුඹල රැගෙණ එතැනින් මාගේ අසපුවට ආයෙමි, නෙළුඹල රුකෙකැ එල්වා තබා මාගේ දානය පුන පුනා සිහි කෙළෙමි.

6436. මහාවාතො උට‍්ඨහිත්‍වා සඤ‍්චාලෙසි වනං තදා, ආකාසො අභිනාදිත්‍ථ අසනී ච ඵලී තදා.

6436. එවිට මහසුළඟෙක් නැඟි වනය සොල්වාලීයැ, අහස ද ගුගුළේ යැ, හෙණ ද පිපිරීණි.

6437. තතො මෙ අසනීපාතො මත්‍ථකෙ නිපතී තදා, සොහං නිසින‍්නකො සන‍්තො තත්‍ථ කාලකතො අහං.

6437. එකෙණෙහි ඒ හෙණ පහර මා මතුයෙහි හිණ, ඒ මම් එහි හුන්වනින් ම කලුරිය කෙළෙමි.

6438. පුඤ‍්ඤකම‍්මෙන සඤ‍්ඤුත‍්තො තුසිතං උපපජ‍්ජ’හං, කලෙවරං මෙ පතිතං දෙවලොකෙ රමා’මහං.

6438. පින්කමින් යුත් මම් උපත් විසින් තුෂිත දෙව්ලොවට පැමිණියෙමි, මා සිරුර හිණ, මම් දෙව්ලොව සිත් අලවා වාස කෙරෙමි.

6439. ඡළාසීති සහස‍්සානි නාරියො සමලඞ‍්කතා, සායං පාතං උපට‍්ඨහන‍්ති භිසදානස‍්සිදං ඵලං.

6439. අසූසදහසක් දෙවඟනෝ මොනවට සැරසුණාහු උදය - සවස (මා) උවටැන් කරත්. නෙළුඹල දානයාගේ මේ විපාක යි.

6440. මනුස‍්සයොනිමාගන‍්ත්‍වා සුඛිතො හොම’හං තදා, භොගෙ මෙ උනතා නත්‍ථි භිසදානස‍්සිදං ඵලං.

6440. මිනිස්ගතියට අවුත් මම සැපවත් වෙමි, එ සමයෙහි මට භෝගයාගේ ඌනතායෙක් නැති. මෙ නෙළුඹල දානයාගේ විපාක යි.

6441. අනුකම‍්පිතකො තෙන දෙවදෙවෙන තාදිනා, සබ‍්බාසවාපරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.

6441. දෙවියන්ට දෙවි වූ අකම්ප්‍ය ගුණ ඇති එ බුදුරදුන් විසින් අනුකම්පා කරනලද වෙමි. සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් (මට) පුනර්‍භවයෙක් නැති.

6442. සතසහස‍්සීතො කප‍්පෙ යං භිසං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි භිසදානදස‍්සිං ඵලං.

6442. මෙයින් සුවහස්වන කප්හි යම් නෙළුඹල දානයක් දිනිම් ද, දුගතියක් නො හඳුනමි. මෙ නෙළුඹල දානයාගේ විපාක යි.

6443. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- විහරාමි අනාසවො.

6443. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වූයෙම් වාස කෙරෙමි.

6444. ස‍්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

6444. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළැඹීමෙන් එකැතින් මට මනාගමනෙක් වියැ ... බුදුසසුන් කරන ලද.

6445. පටිසම‍්භිදා චතස‍්සො ච -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

6445. සිවුපිළිසිඹියාවෝ ද ... බුද්ධශාසනය කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා භද‍්දජිත්‍ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.

භද‍්දජිත්‍ථෙරස‍්සාපදානං අට‍්ඨමං.

අටවැනි භද්දජි ස්ථවිරාවදානය යි.