3. 1 කුණ්ඩලකෙසාපදානං
3. 1 කුණ්ඩලකෙසාපදානං.
3. 1 කුණ්ඩලකේසාපදානය
639. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
639. මෙයින් සියක්දහස්වන කප්හි ලොවට නායක වූ සියලු ධර්මයන්ගේ පාරයට පැමිණි පදුමුත්තර නම් ජිනේන්ද්රයන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
640. තදාහං හංසවතියං ජාතා සෙට්ඨිකුලෙ අහුං. නානාරතනපජ්ජොතෙ මහාසුඛසමප්පිතෙ.
640. එකල්හි මම හංසවතී නුවර නොයෙක් රුවනින් දිලියෙන මහත්සුඛයෙන් සමර්පිත වූ සිටුකුලයෙකැ උපන්මු.
641. උපෙත්වා තං මහාවීරං අස්සොසිං ධම්මදෙසනං තතො ජාතප්පසාදා’හං උපෙසිං සරණං ජිනං.
641.ඒ මහාවීර වූ බුදුරදුන් වෙතැ එළැඹැ (ඔබ) දම්දෙසුන් ඇසූමු. එයින් උපන් පැහැදීම් ඇති මම් ජිනේන්ද්රයන් සරණ කොට ගියමු.
642. තදා මහාකාරුණිකො පදුමුත්තරනාමකො ඛිප්පභිඤ්ඤානමග්ගත්තෙ ඨපෙසි භික්ඛුනිං සුභං.
642. එකලැ මහාකාරුණික වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ සුභ නම් මෙහෙණ ඛිප්පාභිඤ්ඤා (ධර්මය වහා අවබෝධ කළ) මෙහෙණනන් අතරැ අගතන්හි තබා වදාළසේකැ.
643. තං සුත්වා මුදිතා හුත්වා දානං දත්වා මහෙසිනො නිපජ්ජ සිරසා පාදෙ තං ඨානං අභිපත්ථයිං.
643. එ අසා ප්‍රමුදිත වැ මහර්ෂිබුදුරදුනට දන් දී පාමුල මස්තකයෙන් නමස්කාර කොට ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු.
644. අනුමොදි මහාවීරො භද්දෙ යං තෙ’භිපත්ථිතං සමිජ්ඣිස්සති තං සබ්බං සුඛිනී හොහී නිබ්බුතා.
644. “භද්‍රාවනි, තොප විසින් යමක් පතනලද නම් ඒ සියල්ල සමෘද්ධ වන්නේ යැ, සැප ඇති වවු, නිවුණා වවු” යි මහා වීරයන් වහන්සේ අනුමෝදනා කළසේකැ.
645. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
645.මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලෝකයෙහි පහළ වන්නාහ.
646. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා භද්දා කුණ්ඩකෙසාති හෙස්සසි සත්ථුසාවිකා.
646. ඔබ දහම්හි දායාද (හිමි) වූ (දහම් පසක් කොට රහත් වූ හෙයින්) ධර්‍මනිර්මිත වූ (එහෙයින් මැ) ඖරස (දුහිතෘ) වූ “භද්දා කුණ්ඩලකේසා” යි බුද්ධශ්‍රාවිකාවක් වන්නෙහි.
647. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
647. ඒ කුසලකර්මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා (උපත් විසින්) තව්තිසාවට ගියමු.
648. තතො චුතා යාමමගා තතො’හං තුසිතං ගතා තතො ච නිම්මාණරතිං වසවත්තීපුරං තතො.
648. එතැනින් ච්‍යුත වූවා යාම දෙව්ලොවට ගියමු. මම එයින් තුසිතයට ද, එයින් නිම්මාණරතියට ද, එයින් වසවත්තිපුරයට ද ගියා වෙමි.
649. යත්ථ යත්ථූපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා තත්ථ තත්ථෙව රාජූනං මහෙසිත්තමකාරයිං.
649. ඒ කුශලකර්‍මයාගේ ශක්තියෙන් යම් යම් තෙනෙකැ (උපත් විසින්) යෙම් ද ඒ ඒ තෙනැ දෙව්රජුනට මෙහෙසිබව කරවූමු.
650. තතො චුතා මනුස්සෙසු රාජූනං වසවත්තිනං මණ්ඩලීනඤ්ච රාජූනං මහෙසිත්තමකාරයිං.
650. එයින් සැවැ මිනිසුන් කෙරෙහි සක්විතිරජුනට ද, මාණ්ඩලික රජුනට ද මෙහෙසිබව කරවූමු.
651. සම්පත්තිං අනුභොත්වාන දෙවෙසු මානුසෙසු ච සබ්බත්ථ සුඛිතා හුත්වා නෙකකප්පෙසු සංසරිං.
651. දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සැමතන්හි සුඛිත වැ නොයෙක් කල්පයන්හි සැරූමු.
652. ඉමස්මිං භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතං වරො.
652. මේ භද්‍ර කල්පයෙහි බ්රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
653. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසි පුරුත්තමෙ.
653. එකල්හි මහර්ෂි මුනිරජුනට උපස්ථායක නරපති වූ කිකී නම් කාසිරාජයෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.
654. තස්ස ධීතා චතුත්ථා’සිං භික්ඛුදාසීති විස්සුතා ධම්මං සුත්වා ජිනග්ගස්ස පබ්බජ්ජං සමරොචයිං.
654. එ රජුහට භික්ඛුදාසී යි ප්‍රසිද්ධ වූ සිවුවැනි දුහිතෘ වූමු. ජිනේන්ද්රයන් වහන්සේගේ ධර්මය අසා පැවිද්ද රිසි කළමු.
655. අනුජානි න නො තාතො අගාරෙව තදා මයං වීසං වස්සසහස්සානි විචරිම්හ අතන්දිතා.
655-656. පිය තෙමේ අප නො අනුදත්තේ යැ, එවිට අපි හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වැ කුමරිබඹසර සැරූමු. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිරත ප්‍රමුදිත සප්තදුහීතෘහු නම්:
656. කොමාරිබ්රහ්මචරියං රාජකඤ්ඤා සුඛෙධිතා බුද්ධුපට්ඨාන නිරතා මුදිතා සත්තධීතරො.
657. සමණී සමණගුත්තා ච භික්ඛුනී භික්ඛුදාසිකා ධම්මා චෙව සුධම්මා ච සත්තමී සඞ්ඝදාසිකා.
657. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුනීදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ, සඞ්ඝදාසිකා යැ යන මොහු වූහු.
658. ඛෙමා උප්පලවණ්ණා ච පටාචාරා අහං තථා කිසාගොතමී ධම්මදින්නා විසාඛා හොති සත්තමී.
658. (උහු මෙකලැ) ඛේමා යැ, උප්පලවණ්ණා යැ, පටාචාරා යැ, එසේ ම මම් යැ, කිසාගෝතමී යැ, ධම්මදින්නා යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.
659. තෙහි කම්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
659. මම ඒ කුශලකර්මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට ගියමු.
660. පච්ඡිමෙ ච භවෙදානි ගිරිබ්බජපුරුත්තමෙ ජාතා සෙට්ඨිකුලෙ ඵීතෙ යදා’හං යොබ්බනෙ ඨිතා.
660. දැන් පැසුළු බෙවෙහි සමෘද්ධිමත් සිටුකුලයෙකැ උපන් මම යම් කලෙකැ තුරුණු වියෙහි සිටියා වමු ද, (එකලැ)
661. චොරං වධත්ථං නීයන්තං දිස්වා රත්තා තහිං අහං පිතා මෙ තං සහස්සෙන මොචයිත්වා වධා තතො.
661-662. වධ (මරනු) පිණිස ගෙනයනු ලබන සොරකු දැක මම ඔහු කෙරෙහි ඇලුණුමු. මාගේ පිය තෙමේ දහසකින් ඔහු ඒ වධයෙන් මුදා මාගේ සිත දැන මා ඔහුට (සරණ කොට) දුන්නේ යැ. මම ඔහුට නිසැක වූමු, අතිශයින් ප්‍රිය වූමු. හිත වූමු.
662. අදාසි තස්ස මං තාතො විදිත්වාන මනං මම තස්සාහමාසිං විස්සත්ථා අතීව දයිතා හීතා.
663. සො මෙ භූසනලොභෙන ඛලිතජ්ඣාසයො දිසො චොරප්පපාතං නෙත්වාන පබ්බතං චෙතයී වධං.
663. කිලිටි අදහස් ඇති ඒ සොරා මාගේ අබරණවලට ලොබින් චෝරප්‍රපාත (සොරුන් හෙළා මරන) පර්වතයට ගෙන ගොස් (මා) මරන්නට සිතුයේ යැ.
664. තදා’හං පණමිත්වාන භත්තුකං සුකතඤ්ජලී රක්ඛන්ති අත්තනො පාණං ඉදං වචනමබ්රවිං:
664. එවිටැ මම සැමියා ප්රණාම කොට මොනොවට බදැඳිලි වැ සියදිවි රක්නෙම් මෙවදන් කීමු:
665. “ඉදං සුවණ්ණං කෙයූරං මුත්තා වෙළුරියා බහූ සබ්බං හරස්සු භද්දන්තෙ මඤ්ච දාසීති සාවය.”
665. “ස්වාමීනි, මේ අඟුපලඳනා ද, බොහෝ මුතු හා වෙරළුමිණි ද යන සියල්ල ගනු මැනැවැ, මාද දස්සකැයි අස්වනු මැනැවි” යි.
(එවිට සොරා)
666. ඔරොපයස්සු කල්‍යාණි මා බාළ්හං පරිදෙවසි න චා’හං අභිජානාමි අහනත්වා ධනමාභතං.”
666. “භද්‍රාව, (අබරණ) මුදුනු, දැඩි වැ නො වැළපෙනු, නෝ නසා ධන පැහැර ගැනීමෙක් මම නො ද දන්මි.”
(භද්‍රා)
667. යතො සරාමි අත්තානං යතො පත්තාස්මි විඤ්ඤුතං න චා’හං අභිජානාමි අඤ්ඤං පියතරං තයා.
667. “යම් කලෙක පටන් තමා සරනුයෙම් ද යම් කලෙක පටන් දන්නාබවට පැමිණියා වෙම් ද, තොපට වඩා අන් ප්‍රියතරයෙක් මම නො දනිමි.
668. එහි තං උපගූහිස්සං කස්සඤ්ච තං පදක්ඛිණං. න චදානි පුනො අත්ථි මම තුය්හඤ්ච සඞ්ගමො.
668. එව, තොප වැළඳගන්නෙමි, තොප ප්රදක්ෂිණා කරන්නෙමි, මාගේත් තොපගේත් සඞ්ගමයෙක් දැන් යලි නො ද ඇත්තේ යි.” (මෙසේ කියා සොරා ප්‍රපාතයට පෙරළා හැරියා යැ.)
(මෙය දැක දෙවියෙක් මෙසේ කියයි:)
669. න හි සබ්බෙසු ඨානෙසු පුරිසො හොති පණ්ඩිතො ඉත්ථිපි පණ්ඩිතා හොති තත්ථ තත්ථ විචක්ඛණා.
669. “සියලු තන්හි පුරුෂ තෙමේ පණ්ඩිත නො වේ මැ යි, ස්ත්‍රී ද පණ්ඩිත වෙයි, ඒ ඒ කරුණෙහි විචක්ෂණ ද වේ.
670. න හි3 සබ්බෙසු ඨානෙසු පුරිසො හොති පණ්ඩිතො ඉත්ථිපි පණ්ඩිතා හොති ලහුං අත්ථවිචින්තකා.
670. සියලු තන්හි පුරුෂ තෙමේ පණ්ඩිත නො වේ මැ යි, ස්ත්‍රී ද පණ්ඩිත වෙයි, වහා අරුත් සිතන්නී ද වේ.”
671. ලහුඤ්ච වත ඛිප්පඤ්ච නිකිට්ඨෙ සමචෙතයිං මිගමුණ්ණා යථා එවං තදා’හං සත්තුකං වධිං.
671. ඒකාන්තයෙන් නිකෘෂ්ඨයා කෙරෙහි මැනැවින් සිතීමි. මෘගරෝමයෙකින් යම්සේ ද, එසෙයින් එකල්හි මම සතුරා නැසීමි.
672. යො ච උප්පතිතං අත්ථං න ඛිප්පමනුබුජ්ඣති සො හඤ්ඤතෙ මන්දමති චොරොව ගිරිගබ්භරෙ.
672. යමෙක් උපන් කරුණ වහා වටහා නො ගනී ද, හේ ගිරිගුහායෙහි නැසුණු අනුවණ සොරු මෙන් නැසෙයි.
673. යො ච උප්පතිතං අත්ථං ඛිප්පමෙව නිබොධති මුච්චතෙ සත්තුසම්බාධා තදා’හං සත්තුකා යථා.
673. යමෙකුත් උපන් කරුණ වහා වටහාගනී ද, හේ යම්සේ එදවසැ මම් සතුරාගෙන් මිදිණුමු ද, එසේ සතුරු උවදුරින් මිදෙයි.
674. තදා තං පාතයිත්වාන ගිරිදුග්ගම්හි සත්තුකං සන්තිකං සෙතවත්ථානං උපෙත්වා පබ්බජිං අහං.
674. එදවසැ මම ඒ සතුරා ගිරිදුර්ගයෙහි හෙළා ශ්වේතාම්බරයන් (සුදුවත් හඳනා නිවටුන්) වෙතැ එළැඹැ පැවිදි වූමු.
675. සණ්ඩාසෙන ච කෙසෙ මෙ ලුඤ්චිත්වා සබ්බසො තදා පබ්බාජෙත්වා සසමයං ආචික්ඛිංසු නිරන්තරං.
675. එකල්හි (ඔහු) හඬුවකින් මාගේ කෙහෙ සර්වප්රකාරයෙන් උදුරා පැවිදි කොට නිරතුරු ස්වසමය කීහු.
676. තතො තං උග්ගහෙත්වාන නිසීදිත්වාන එකිකා සමයං තං විචින්තෙසිං සුවානො මානුසං කරං.
676-677. ඔවුන්ගෙන් එය ඉගෙන එකලා වැ හිඳ ඒ සමය විමසාලූමු. (එවිටැ) සුනඛයෙක් සුන් මිනිස් අතක් ඩැහැගෙන අවුත් මා වෙතැ හෙළා ඉවත් වැ ගියේ යැ. පණුවන් පිරුණු ඒ අත දැක අසුබනිමිති ලදුමු.
677. ඡින්නං ගය්හ සමීපෙ මෙ පාතයිත්වා අපක්කමි දිස්වා නිමිත්තමලභිං හත්ථං තං පුළවාකුලං.
678. තතො වුට්ඨාය සංවිග්ගා අපුච්ඡිං සහධම්මිකෙ තෙ අවොචුං: ‘විජානන්ති තමත්ථං සක්යභික්ඛවො.’
678. එතැනින් නැගැ සංවිග්න වැ සහධැමියන් පුළුවුත්මු. උහු ‘එහි අරුත ශාක්යභික්ෂුහු දනිතැ’ යි කීහු.
679. සාහං තමත්ථං පුච්ඡිස්සං උපෙත්වා බුද්ධසාවකෙ තෙ මමාදාය ගච්ඡිංසු බුද්ධසෙට්ඨස්ස සන්තිකං.
679. ‘බුද්ධශ්‍රාවකයන් වෙතැ එළැඹැ එහි අරුත පුළුවුස්නෙමි’ යි ඒ මම් (ඔවුනට කීමු.) ඔහු මා කැඳවාගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ ගියාහු යැ.
680. සො මෙ ධම්මමදෙසෙසි ‘ඛන්ධායතනධාතුයො අසුභානිච්චා දුක්ඛාති අනත්තා’ති ච නායකො.
680. ඒ නායකයන් වහන්සේ ‘ස්කන්ධ - ආයතන - ධාතූහු අශුභය, අනිත්‍යහ, දුඃඛහයි ද අනාත්මහ’ යි ද දහම් දෙසූ සේකැ.
681. තස්ස ධම්මං සුණිත්වා’හං ධම්මචක්ඛුං විසොධයිං තතො විඤ්ඤාතසද්ධම්මා පබ්බජ්ජං උපසම්පදං.
681-682. ඔබගේ දහම් අසා මම් ධර්මචක්ෂුස (සෝතාපත්ති මග්ගඤාණය) පිරිසිදු කළමු. ඉක්බිති දත් සදහම් ඇතියෙම් පැවිද්ද හා උපසම්පදාව යාච්ඤා කළමු. එකල්හි ඒ නායකයන් වහන්සේ ‘භද්‍රාවනි, එව’ යි වදාළ සේකැ. එවිටැ උපසම්පන්න වූ මම මද ජලයක් දුටුමු.
682. ආයාචිං සො තදා ආහ ‘එහි භද්දෙ’ති නායකො තදා’හං උපසම්පන්නා පරිත්තං තොයමද්දසං.
683. පාදපක්ඛාලනෙනා’හං ඤත්වා සඋදයං වයං තථා සබ්බෙපි සඞ්ඛාරා ඉති සංචින්තයිං තදා
683. එකල්හි මම පා දෙවීමෙන් (ඒ ජලය) උදයව්‍යය (ඇති වීම හා නැතිවීම) සහිත යයි දැන සියලු සංස්කරායෝ ද එසෙයින් මැ ඇති වැ නැති වන්නාහ යි මෙසේ සිතූමු.
684. තතො චිත්තං විමුච්චි මෙ අනුපාදාය සබ්බසො ඛිප්පාභිඤ්ඤානමග්ගං මං තදා පඤ්ඤාපයි ජිනො.
684. එයින් මාගේ සිත උපාදාන විසින් ග්‍රහණය නො කොට සැමඅයුරින් (කෙලෙසුන්ගෙන්) සිත මිදුනේ යැ. එකල්හි ජිනේන්ද්රයන් වහන්සේ ඛිප්පාභිඤ්ඤා (වහා දහම් අවබෝධ කළ) මෙහෙණන් අතරැ මා අග්‍ර කොට පැනවූ සේකැ.
685. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා පරචිත්තානි ජානාමි සත්ථුසාසනකාරිකා.
685. බුදුරදුන්ගේ අනුසසුන් කරන මම ඍද්ධින්හි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දනිමි.
686. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුවිසොධිතං ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ විසුද්ධා’සිං සුනිම්මලා.
686. පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලද යැ, සියලු ආස්‍රව ක්ෂය කොට මොනොවට කෙලෙස්මල රහිත වැ විශුද්ධ වූමු.
687. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං. ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
687. මැ විසින් ශාස්තෘහු ඇසුරු කරන ලදහ, බුදුසසුන් කරන ලද යැ, ගුරු වූ කෙලෙස්බර බහා තබන ලද යැ, තෘෂ්ණාව නසන ලදි.
688. යස්ස’ත්ථාය පබ්බජිතා අගාරස්මානගාරියං සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.
688. යම් අර්‍ත්‍ථයක් පිණිස ගිහිගෙන් නික් මැ බුදුසසුන්හි පැවිදි වූවා නම් සියලු සංයෝජනයන්ගේ ක්ෂය වීම වූ ඒ අර්ත්ථය මා විසින් අනුප්‍රාප්ත යැ.
689. අථෙධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මෙ විපුලං සුද්ධං බුද්ධසෙට්ඨස්ස සාසනෙ.
689. අර්ත්ථ - ධර්ම - නිරුක්තියෙහි ද ප්‍රතිභානයෙහි ද එසේ මැ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අනුශාසනයෙහි ද මාගේ ඥානය පැතිර පවත්නේ යැ, විශුද්ධ වැ සිටුනේ යි.
690. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවා.
690. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ සරන ඇත් රැජිනක සෙයින් ආස්‍රව රහිත වූවා වාස කරමි.
691. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
691. බුදුරජාණන් වහන්සේ වෙතැ ඒකාන්තයෙන් මට ස්වාගතයෙක් (යහපතෙක්) වියැ. ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ. බුදුසසුන් කරන ලදි.
692. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
692. මේ සිවුපිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂය ද ෂට් අභිඥා ද සාක්ෂාත් කරන ලද යැ, බුදුසසුන් කරන ලදී.
ඉත්ථං සුදං භද්දා කුණ්ඩලකෙසා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් භද්දා කුණ්ඩලකේසා මෙහෙණ මේ ගාථා පැවසූ.
කුණ්ඩලකෙසාථෙරියාපදානං පඨමං.
පළමුවැනි කුණ්ඩලකේසා ස්ථවිරාපදාන යි.