යෙදුමෙන් කියවන්න

3. 2 කිසාගොතමී අපදානං

3. 2 කිසාගොතමී අපදානං.

3. 2 කිසාගෝතමී අපදානය

693. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මානපාරගූ ඉතො සතසහස‍්සම‍්හි කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

693. (තුන්ලොවට) නායක වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට පැමිණි පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.

694. තදා’හං හංසවතියං ජාතා අඤ‍්ඤතරෙ කුලෙ උපෙත්‍වා තං නරවරං සරණං සමුපාගමිං.

694. එකල්හි මම හංසවතී නුවර එක්තරා කුලයෙකැ උපන්නෙම් ඒ නරෝත්තමයන් වහන්සේ කරා එළැඹැ (ඔවුන්) සරණ කොට ගියමු.

695. ධම‍්මඤ‍්ච තස‍්ස අස‍්සොසිං වතුසච‍්චූපසංහිතං මධුරං පරමස‍්සාදං වට‍්ටසන‍්ති සුඛාවහං.

695. ඔබගේ චතුස්සත්‍යයෙන් යුක්ත වූ මධුර වූ පරමාස්වාදජනක වූ වෘත්ත (දුඃඛොපසම සඞ්ඛ්‍යාත) ශාන්ති සුඛය එළවන ධර්‍මය ද ඇසූමු.

696. තදා ච භික‍්ඛුනිං වීරො ලූඛචීවරධාරිනිං ඨපෙන‍්තො එතග‍්ගම‍්හී වණ‍්ණයී පුරිසුත‍්තමො.

696. එකල්හි වීර වූ පුරුෂෝත්තමන් වහන්සේ ඒතදග්‍රයෙහි තබමින් රුක්‍ෂචීවර ධරන මෙහෙණක වර්‍ණනා කළ සේකැ.

697. ජනෙත්‍වානප‍්පකං පීතිං සුත්‍වා භික‍්ඛුණියා ගුණං කාරං කත්‍වාන බුද‍්ධස‍්ස යථාසත‍්ති යථාබලං.

697. මෙහෙණගේ ගුණ අසා අපමණ ප්‍රීතිය උපදවා ශක්ති පමණින් බල පමණින් බුදුරජාණන් වහන්සේට සත්කාර කොට

698. නිපච‍්ච මුනිවීරං තං තං ඨානමභිපත්‍ථයිං තාදානුමොදි සම‍්බුද‍්ධො ඨානලාභාය නායකො.

698. ඒ මුනිවරයන් වහන්සේ ප්‍රණාම කොට ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු. එකල්හි නායක වූ සම්බුද්ධයන් වහන්සේ අනුමෝදනා කළ සේකැ.

699. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලසම‍්භවො ගොතමො නාම ගොත‍්තෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

699. මෙකපින් සියදහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොව පහළ වන්නාහ.

700. “තස‍්ස ධම‍්මෙසු දායාදා ඔරසා ධම‍්මනිම‍්මිතා ගොතමී නාම නාමෙන හෙස‍්සසි සත්‍ථු සාවිකා.”

700. “තෝ ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් ගෝතමී නම් වූ ශාස්තෘශ්‍රාවිකාවක් වන්නෙහි.”

701. තං සුත්‍වා මුදිතා හුත්‍වා යාවජීවං තදා ජිනං මෙත‍්තචිත‍්තා පරිචරිං පච‍්චයෙහි විනායකං.

701. එ අසා මෘදු වැ විනායක වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේ දිවිහිම් කොට සිවුපසයෙන් උවටැන් කළමු.

702. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසං අගච‍්ඡහං.

702. ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස්කය හැරපියා තව්තිසාවට ගියමු.

703. ඉමස‍්මිං භද‍්දකෙ කප‍්පෙ බ්‍රහ‍්මබන්‍ධු මහායසො කස‍්සපො නාම ගොත‍්තෙන උප‍්පජ‍්ජි වදතං වරො.

703. මේ භද්‍ර කල්පයෙහි බ්‍රහ්මබන්‍ධු වූ මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ සර්‍වඥයන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.

704. උපට‍්ඨාකො මහෙසිස‍්ස තදා ආසි නරිස‍්සරො කාසිරාජා කිකී නාම බාරාණසි පුරුත‍්තමෙ.

704. එ සමයෙහි මහර්ෂී බුදුරජාණන් වහන්සේ ට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසීරජෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.

705. පඤ‍්චමී තස‍්ස ධීතා’සිං ධම‍්මා නාමෙන විස‍්සුතා ධම‍්මං සුත්‍වා ජිනග‍්ගස‍්ස පබ‍්බජ‍්ජං සමරොචයිං.

705. ඒ රජුට ධම්මා යන නමින් විශ්‍රැත වූ පස්වැනි දුහිතෘ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා ප්‍රව්‍රජ්‍යාව කැමැති වූමු.

706. අනුජානි න නො තාතො අගාරෙව තදා මයං වීසං වස‍්සසහස‍්සානි විචරිම‍්හ අතන්‍දිතා.

706-707. පියතෙමේ අපට පැවිද්ද නො අනුදත්තේ යැ, එකල්හි අපා ගෙහි මැ හවුරුදු විසිදහසක් මුළුල්ලෙහි අනලස් වූවමෝ කුමරි බඹසර සැරූම්හ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුදුවටන්හි නියැලි ප්‍රමුදිත වූ සප්තදුහිතෘහු නම්:

707. කොමාරිබ්‍රහ‍්මචරියං රාජකඤ‍්ඤා සුඛෙධිතා බුද‍්ධුපට‍්ඨානනිරතා මුදිතා සත‍්තධීතරො.

708. සමණී සමණගුත‍්තා ච භික‍්ඛුනී භික‍්ඛුදාසිකා ධම‍්මා චෙව සුධම‍්මා ච සත‍්තමී සඞ‍්ඝදාසිකා.

708. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ, සත්වැනි සඞ්ඝදාසිකා යැ යන මොහු වෙති.

709. ඛෙමා උප‍්පලවණ‍්ණා ච පටාචාරා ච කුණ‍්ඩලා අහං චෙව ධම‍්මදින‍්නා විසාඛා හොති සත‍්තමී.

709. (මෙකලැ) ඛේමා යැ, උප්පලවණ්ණා යැ, පටාචාරා යැ, කුණ්ඩලා යැ, මම් යැ, ධම්මදින්නා යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.

710. තෙහි කම‍්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

710. එ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමු.

711. පච‍්ඡිමෙ ච භවෙදානි ජාතා සෙට‍්ඨිකුලෙ අහං, දුග‍්ගතෙ අධනෙ නට‍්ඨෙ ගතා ච සධනං කුලං.

711. මෙකලැ පැසුලු බෙවෙහි මම දුගී ධන නැති ධනය නැසුණු සිටු කුලයෙකැ උපන්මු. ධන ඇති (පති) කුලයකට ගියා ද වෙමි.

712. පතිං ඨපෙත්‍වා සෙසා දිසන‍්ති අධනා ඉති යදා ච සසුතා ආසිං සබ‍්බෙසං දයිතා තදා.

712. සැමියා තබා සෙස්සෝ ‘නිර්ධන එකකැ’ යි මට ද්වේෂ කරත්. යම් කලෙකැ සපුත්‍ර වූවා ද එකලැ සියල්ලන්ට ප්‍රිය වූමු.

713. යදා සො තරුණො භද්‍රො කොමලඞ‍්ගො සුඛෙධිතො සපාණමිව කන‍්තො මෙ තදා යමවසං ගතො.

713. යම් කලෙක්හි හේ (පුත්) තරුණ ද, භද්‍ර ද, කොමළ අවයව ඇත්තේ ද, සුවසේ වැඩුණේ වේද, සිය පණ මෙන් මට කාන්ත ද, එකල්හි මරුවශයට ගියේ යි.

714. සොකට‍්ටා දීනවදනා අස‍්සුනෙත‍්තා රුදම‍්මුඛා මතං කුණපමාදාය විලපන‍්තී භමාමහං.

714. සොවින් පෙළුණු මම බැගෑ මුහුණු ඇති වැ කඳුළු පිරුණු නෙත් ඇති වැ හඬන මුව ඇති වැ මළකුණ රැගෙන වැලපෙමින් (ඒ ඒ තෙනැ) ඇවිද්දෙමි.

715. තදා එකෙන සන්‍දිට‍්ඨා උපෙත්‍වා භිසජුත‍්තමං. අවොචං “දෙහි භෙසජ‍්ජං පුත‍්තසඤ‍්ජීවනන‍්ති භො.”

715. එවිටැ එකකු විසින් දක්නවු ලදුයෙම් වෛද්‍යරාජයන් (බුදුරදුන්) වෙතැ පැමිණ “පින්වත් උතුමාණනි, පුතු ජීවත් කරන බෙහෙදක් දෙනු මැනැවැ” යි කීමු.

716. “න විජ‍්ජන‍්තෙ මතා යස‍්මිං ගෙහෙ සිද‍්ධත්‍ථෙකං තතො ආහරා”ති ජිනො ආහ විනයොපායකොවිදො.

716. “යම් ගෙයෙකැ මළාහු නො වෙත් ද, එබඳු ගෙයකින් සිදුහතු (අබ) සුඟක් ගෙන එව” යි හික්මවීමේ උපායෙහි දක්‍ෂ ජිනේන්‍ද්‍රයන් වහන්සේ වදාළසේකැ.

717. තදා ගමිත්‍වා සාවත්‍ථිං න ලභිං තාදිසං ඝරං කුතො සිද‍්ධත්‍ථකං කස‍්මා තතො ලද‍්ධා සතිං අහං.

717-718. එවිටැ සැවතට ගොස් (ඇවිද) එබඳු ගෙයක් නො ලත්මු. සිදුහතු කොතැනින් ලබම් ද? කුමක් හෙයින් ද? එයින් මම සිහිය ලැබ මළකුණ හැරදමා ලෝකනායකයන් වහන්සේ වෙතැ එළැඹුණමු. මධුරස්වර ඇති ඔබ දුර දී මැ මා දැක මෙසේ වදාළහ:

718. කුණපං ඡඩ‍්ඩයිත්‍වාන උපෙසිං ලොකනායකං දූරතොව මමං දිස‍්වා අවොච මධුරස‍්සරො.

719. “යො ච වස‍්සසතං ජීවෙ අපස‍්සං උදයබ‍්බයං එකාහං ජීවිතං සෙය්‍යො පස‍්සතො උදයබ‍්බයං.

719. පඤ්චස්කන්‍ධයාගේ උදයව්‍යය (ඇතිවීම හා නැතිවීම) නො දක්නා යමෙක් හවුරුදු සියයක් ජීවත්වන්නේ නමුදු (ඔහුගේ ජීවත් වීමට වඩා) උදයව්‍යය නුවණින් දක්නහුගේ එක් දවසක් ජීවත්වීම උතුම් වෙයි.

720. න ගාමධම‍්මො නො නිගමස‍්ස ධම‍්මො නචාපයං එකකුලස‍්ස ධම‍්මො සබ‍්බස‍්ස ලොකස‍්ස සදෙවකස‍්ස එසොව ධම‍්මො යදිදං අනිච‍්චතා.”

720. මේ මරණ දහම එක් ගමකට අයත් ස්වභාවයෙක් නො වෙයි, එක් නියම් ගමකට අයත් ස්වභාවයෙක් ද නො වෙයි, එක් කුලයකට අයත් ස්වභාවයකුදු නො වෙයි, තෙල දහම සදේවක ලෝකයාට මැ අයත් ස්වභාවයෙකි. එනම් අනිත්‍යතාව යි.

721. සාහං සුත්‍වානිමා ගාථා ධම‍්මචක‍්ඛුං විසොධයිං. තතො විඤ‍්ඤාතසද‍්ධම‍්මා පබ‍්බජිං අනගාරියං.

721. ඒ මම මේ ගාථා අසා සෝතාපත්තිමග්ගඤාණය පිරිසිදු කළමු. ඉක්බිති දත් සදහම් ඇත්තෙම් බුදුසසුනෙහි පැවැදි වූමු.

722. තථා පබ‍්බජිතා සන‍්තී යුඤ‍්ජන‍්තී ජිනසාසනෙ න චිරෙනෙව කාලෙන අරහත‍්තමපාපුණිං

722. එසේ පැවිදි වූවා මැ ජිනසසුන්හි යෙදෙන්නෙම් (විවසුන් වඩනුයෙම්) නොබෝ කලකින් මැ රහත්බවට පැමිණියෙමු.

723. ඉද‍්ධීසු ච වසී හොමි දිබ‍්බාය සොතධාතුයා පරචිත‍්තානි ජානාමි සත්‍ථුසාසනකාරිකා.

723. ශාස්තෘශාසනකාරිණී වූයෙම්, ඍද්ධියෙහි ද, දිව්‍යශ්‍රෝත්‍ර ධාතුයෙහි ද වශී වෙමි. පරසිත් දනිමි.

724. පුබ‍්බෙනිවාසං ජානාමි දිබ‍්බචක‍්ඛුං විසොධිතං ඛෙපෙත්‍වා ආසවෙ සබ‍්බෙ විසුද‍්ධාසිං සුනිම‍්මලා.

724. පෙර විසූ කඳපිළිවෙළ දිනිමි, දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රව නසා අතිශයින් නිර්‍මල වූයෙම් විශුද්ධ වූමු.

725. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං ඔහිතො ගරුකොහාරො භවනෙත‍්ති සමූහතා.

725. ශාස්තෘහු මා විසින් ඇසුරු කරන ලදහ. බුදුසසුන් කරන ලදි. මහත් කෙලෙස් බර බහා තබන ලද්දේ වෙයි. තෘෂ්ණාව මුලිනුපුටා නසන ලදි.

726. යස‍්සත්‍ථාය පබ‍්බජිතා අගාරස‍්මානගාරියං සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො සබ‍්බසංයොජනක‍්ඛයො.

726. යම් අර්‍ත්‍ථයක් පිණිස ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවා වෙම් ද, සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්ත යි.

727. අත්‍ථධම‍්මනිරුත‍්තීසු පටිභානෙ තථෙවච ඤාණං මෙ විමලං සුද‍්ධං බුද‍්ධසෙට‍්ඨස‍්ස වාහසා.

727. අර්‍ත්‍ථ - ධර්‍ම - නිරුක්තියෙහි ද එසේ මැ ප්‍රතිභානයෙහි ද බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අනුබලයෙන් මාගේ ඥානය නිරුමල යැ. පිරිසිදු යැ.

728. සඞ‍්කාරකූටා ආහත්‍වා සුසානා රථියාපි ච තතො සඞ‍්ඝාටිකං කත්‍වා ලූඛං ධාරෙමි චීවරං.

728. කසළගොඩින් ද සොහොනෙන් ද වීථියෙන් ද (රෙදි කඩ) අවුලාගෙන අවුත් එයින් සඟලක් කොට රූක්‍ෂ සිවුරු ධරමි.

729. ජිනො තස‍්මිං ගුණෙ තුට‍්ඨො ලූඛචීවරධාරණෙ ඨපෙසි එතදග‍්ගම‍්හි පරිසාසු විනායකො.

729. (තමන්හට නායකයකු නැති හෙයින්) විනායක වූ බුදුරජාණන් වහන්සේ රූක්‍ෂ චීවර ධැරීම වූ ඒ ගුණයෙහි සතුටු වූ සේක් පිරිස් මධ්‍යයෙහි මා ඒතදග්‍රයෙහි තැබූසේකැ.

730-732. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

730. - 732. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.

ඉත්‍ථං සුදං කිසාගොතමී භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් කිසාගෝතමී මෙහෙණ මේ ගාථා පැවැසූ.

කිසාගොතමීථෙරියාපදානං දුතියං.

දෙවැනි කිසාගෝතමී ස්ථවිරාපදාන යි.