යෙදුමෙන් කියවන්න

3. 3 ධම‍්මදින‍්නාපදානං

3. 3 ධම‍්මදින‍්නාපදානං.

3. 3 ධම්මදින්නාපදානය

733. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මානපාරගූ ඉතො සතසහස‍්සම‍්හි කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

733. මෙ කපින් සුවහස් වන කප්හි සියලු ධර්‍මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.

734. තදා’හං හංසවතියං කුලෙ අඤ‍්ඤතරෙ අහුං පරකම‍්මකරී ආසිං නිපකා සීලසංවුතා.

734. එ සමයෙහි මම හංසවතී නුවරැ එක්තරා කුලයෙකැ උපන්මු. නුවණැති ශීලයෙන් සංවර වූ මෙරමා වැඩ කරන්නක් (දැස්සක්) වූමු.

735. පදුමුත‍්තර බුද‍්ධස‍්ස සුජාතො අග‍්ගසාවකො විහාරා අභිනික‍්ඛම‍්ම පිණ‍්ඩපාතාය ගච‍්ඡති.

735. පියුමතුරා බුදුරදුන්ගේ සුජාත නම් අග්‍රශ්‍රාවකයාණෝ වෙහෙරින් නික්මැ පිඬු පිණිස වඩනාහ.

736. ඝටං ගහෙත්‍වා ගච‍්ඡන‍්තී තදා උදකහාරිකා තං දිස‍්වා අදදිං පූවං පසන‍්නා සෙහි පාණිහි.

736. එකලැ ඝටවෙටිකාවක් (කළදැස්සක්) වූ මම කළයක් රැගෙන යන්නෙම් ඔබ දැක ස්වකීය ප්‍රාණපරිත්‍යාගයෙන් ප්‍රසන්න වැ පූපයක් දුනුමු.

737. පටිග‍්ගහෙත්‍වා තත්‍ථෙව නිසින‍්නො පරිභුඤ‍්ජි සො තතො නෙත්‍වාන තං ගෙහං අදාසිං තස‍්ස භොජනං.

737. ඔබ (එය) පිළිගෙන එහි මැ හිඳ වැළඳූහ. ඉක්බිති ඒ තෙරණුවන් ගෙට කැඳවා ගෙන ගොස් ඔබට බොජුන් පිළිගැන්වූමු.

738. තතො මෙ අය්‍යකො තුට‍්ඨො අකරී සුණිසං සකං සස‍්සුයා සහ ගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං අභිවාදයිං.

738. එයින් මාගේ ස්වාමි තෙමේ සතුටු වූයේ (මා) සිය ලෙහෙලිය කෙළේ යැ. නැන්දණිය සමග (අරමට) ගොස් සම්බුදු රදුන් අභිවාදන කළමු.

739. තදා සො ධම‍්මකථිකං භික‍්ඛුනිං පරිකිත‍්තයං ඨපෙසි එතදග‍්ගස‍්මිං තං සුත්‍වා මුදිතා අහං.

739-740. එකල්හි උන්වහන්සේ ධර්‍මකථික මෙහෙණක ගුණ කථනය කරනසේක් ඒතදග්‍රයෙහි තැබූසේකැ. එ අසා ප්‍රමුදිත වූ මම් සඞ්ඝයා සහිත ලෝකනායක වූ සුගතයන් වහන්සේ නිමන්ත්‍රණ කොට මහදන් දී ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු.

740. නිමන‍්තයිත්‍වා සුගතං සසඞ‍්ඝං ලොකනායකං මහාදානං දදිත්‍වාන තං ඨානං අභිපත්‍ථයිං.

741. තතො මං සුගතො ආහ ඝනනින‍්නාදසුස‍්සරො “මමූපට‍්ඨානනිරතෙ සසඞ‍්ඝං පරිවෙසිකෙ.

741-742. ඉක්බිති සුගත වූ බුදුරජාණන් වහන්සේ ගැඹුරු නින්නාද සහිත මනාහඬ ඇති වැ මට මෙසේ වදාළසේක: “උපස්ථාන කිරීමෙහි ඇලුණු, සඞ්ඝයා සහිත මා වළඳවන, සදහම් ඇසීමෙහි යෙදුණු, ගුණයෙන් වැඩුණු සිත් ඇති භද්‍රාවනි, ප්‍රමුදිත වව, ප්‍රාර්‍ත්‍ථනාඵලය ලබන්නෙහි.

742. සද‍්ධම‍්මසවණෙ යුත‍්තෙ ගුණවඩ‍්ඪිතමානසෙ භද‍්දෙ භවස‍්සු මුදිතා ලච‍්ඡසෙ පණිධීඵලං.

743. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලසම‍්භවො ගොතමො නාම ගොත‍්තෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

743. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නා හ.

744. තස‍්ස ධම‍්මෙසු දායාදා ඔරසා ධම‍්මනිම‍්මිතා ධම‍්මදින‍්නාති නාමෙන හෙස‍්සසි සත්‍ථුසාවිකා”.

744. (තෝ) ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් ධම්මදින්නා යි ප්‍රසිද්ධ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නෙහි” යි.

745. තං සුත්‍වා මුදිතා හුත්‍වා යාවජීවං මහාමුනිං මෙත‍්තචිත‍්තා පරිචරිං පච‍්චයෙහි විනායකං.

745. එ අසා සතොස් වැ විනායක වූ මහාමුනිවරයන් වහන්සේ මෙත්සිත් ඇතියෙම් දිවිහිම් කොට ප්‍රත්‍යයෙන් උපස්ථාන කළමු.

746. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසං අගච‍්ඡහං.

746. ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.

747. ඉමස‍්මිං භද‍්දකෙ කප‍්පෙ බ්‍රහ‍්මබන්‍ධු මහායසො කස‍්සපො නාම ගොත‍්තෙන උප‍්පජ‍්ජි වදතං වරො.

747. මේ භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණවංශික මහා යශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ වක්තෘවර සර්‍වඥයන් වහන්සේ (ලෝකයෙහි) පහළ වූ සේකැ.

748. උපට‍්ඨාකො මහෙසිස‍්ස තදා ආසි නරිස‍්සරො කාසිරාජා කිකී නාම බාරාණසිපුරුත‍්තමෙ.

748. එකලැ මහර්ෂි බුදුරජුනට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කාශිරාජයෙක් බරණැස් පුරවරයෙහි වූයේ යැ.

749. ඡට‍්ඨා තස‍්සාසහං ධීතා සුධම‍්මා ඉති විස‍්සුතා ධම‍්මං සුත්‍වා ජිනග‍්ගස‍්ස පබ‍්බජ‍්ජං සමරොචයිං.

749. මම ඒ රජුට සුධම්මා යි ප්‍රසිද්ධ සවැනි දුහිතෘ වූමු. ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ ධර්‍මය අසා ප්‍රව්‍රජ්‍යාව කැමැති වූමු.

750. නානුජානාසි මං තාතො අගාරෙ’නාලයා මයං වීසං වස‍්සසහස‍්සානි විචරිම‍්හ අතන්‍දිතා.

750-751. පිය තෙමේ මා නො අනුදත්තේ යැ. අපි ගිහිගෙහි අනාලය වූවමෝ විසිදහසක් හවුරුදු අනලස් වැ කුමරිබඹසර සැරුම්හ. රාජකන්‍යා වූ සුවසේ වැඩුණු බුද්ධෝපස්ථානයෙහි නිරත ප්‍රමුදිත සත් දුහිතෘහු නම්:

භාණවාරං තතියං.

751. කොමාරිබ්‍රහ‍්මචරියං රාජකඤ‍්ඤා සුඛෙධිතා බුද‍්ධුපට‍්ඨාන නිරතා මුදිතා සත‍්ත ධීතරො.

752. සමණී සමණගුත‍්තා ච භික‍්ඛුනී භික‍්ඛුදාසිකා ධම‍්මා චෙව සුධම‍්මා ච සත‍්තමී සඞ‍්ඝදාසිකා.

752. සමණී යැ, සමණගුත්තා යැ, භික්ඛුනී යැ, භික්ඛුනීදාසිකා යැ, ධම්මා යැ, සුධම්මා යැ, සත්වැනි සංඞ්ඝදායිකා යැ යන මොහු වෙත්.

753. ඛෙමා උප‍්පලවණ‍්ණා ච පටාචාරා ච කුණ‍්ඩලා ගොතමී ච අහං චෙව විසාඛා හොති සත‍්තමී.

753. (මෙකලැ) ඛේමා යැ, උප්පලවන්නා යැ, පටාචාරා යැ, කුණ්ඩලකේසා යැ, කිසාගෝතමී යැ, මම් යැ යන අපි වෙමු. විශාඛා සත්වැනි වෙයි.

754. තෙහි කම‍්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසං අගච‍්ඡහං.

754. මම ඒ කුශල කර්‍මයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද, මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.

755. පච‍්ඡිමෙ ච භවෙදානි ගිරිබ‍්බජපුරුත‍්තමෙ, ජාතා සෙට‍්ඨිකුලෙ ඵීතෙ සබ‍්බකාමසමිද‍්ධකෙ.

755. දැන් පශ්චිම භවයෙහි ගිරිව්‍රජ (-රජගහ) පුරවරයෙහි ධනාඪ්‍ය සියලු කම්සැපතින් සමෘද්ධ වූ සිටු කුලයෙකැ උපන්මු.

756. යදා රූපගුණොපෙතා පඨමෙ යොබ‍්බනෙ ඨිතා තදා පරකුලං ගන‍්ත්‍වා වසිං සුඛසමප‍්පිතා.

756. යම් කලෙකැ රූපයෙන් ගුණයෙන් යුතුවැ පළමු යොවුන් වියෙහි සිටියා වෙම් ද එකලැ පර (-පති) කුලයට ගොස් සැපයෙන් සමර්පිත වූමු.

757. උපෙත්‍වා ලොකසරණං සුණිත්‍වා ධම‍්මදෙසනං අනාගාමිඵලං පත‍්තො සාමිකො මෙ සුඛුද‍්ධිමා.

757. වෙසෙසින් බුද්ධිමත් වූ මාගේ ස්වාමිපුරුෂ (-විශාඛ) තෙමේ ලෝකනාථයන් වහන්සේ වෙතැ එළැඹැ දම් දෙසුම් අසා අනාගාමී ඵලයට පැමිණියේ යි.

758. තදා තං අනුජානෙත්‍වා පබ‍්බජිං අනගාරියං න චිරෙනෙව කාලෙන අරහත‍්තමපාපුණිං.

758. එකල්හි ඔහු අනුදන්වා බුදුසසුන්හි පැවැදි වූමු. නොබෝ කලකින් මැ රහත්බවට පැමිණියමු.

759. තදා උපාසකො සො මං උපගන‍්ත්‍වා අපුච‍්ඡථ ගම‍්භීරෙ නිපුණෙ පඤ‍්ඤෙ තෙ සබ‍්බෙ ව්‍යාකරිං අහං

759. ඒ උවසු මා වෙතැ අවුත් ගැඹුරු සියුම් පැන විචාළේ යැ. මම් ඒ සියල්ල විසඳා කීමු.

760. ජිනො තස‍්මිං ගුණෙ තුට‍්ඨො එතදග‍්ගෙ ඨපෙසි මං භික‍්ඛුනිං ධම‍්මකථිකං නාඤ‍්ඤං පස‍්සාමි එදිසං.

760-761. ඒ ගුණයෙහි සතුටු වූ බුදුහු “තෙල මෙහෙණ බඳු ධර්‍මකථික අනෙකක නො දක්මි, ධම්මදින්නා යම් හෙයෙකින් ධීර ද මහණෙනි, එසේ ධරවු” යි මා ඒතදග්‍රයෙහි තබාලූහ. මෙසේ ලෝකනාථයන් වහන්සේ විසින් අනුකම්පිත වූ මම් නුවණැති වූමු.

761. ධම‍්මදින‍්නා යථා ධීරා එවං ධාරෙථ භික‍්ඛවො එවාහං පණ‍්ඩිතා ජාතා නායකෙනානුකම‍්පිතා.

762. පරිචිණ‍්ණො මයා සත්‍ථා කතං බුද‍්ධස‍්ස සාසනං. ඔහිතො ගරුකො භාරො භවනෙත‍්ති සමූහතා.

762. මා විසින් ශාස්තෘහු ඇසුරු කරන ලදහ, බුදුසසුන් කරන ලද යැ, ගුරු වූ කෙලෙස් බර බහා තබන ලදයැ, තෘෂ්ණාව සමූල කොට නසන ලදී.

763. යස‍්සත්‍ථාය පබ‍්බජිතා අගාරස‍්මානගාරියං සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො සබ‍්බසංයොජනක‍්ඛයො.

763. යම් ඵලයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවැදි වූමු නම් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වීම වූ ඒ ඵලය මාහට අනුපිළිවෙළින් පැමිණියේ වෙයි.

764. ඉද‍්ධීසු ච වසී හොමි දිබ‍්බාය සොතධාතුයා පරචිත‍්තානි ජානාමි සත්‍ථු සාසනකාරිකා.

764. ශාස්තෘන් වහන්සේගේ අනුසසුන් කරන මම ඍද්ධියෙහි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි. පරසිත් ද දනිමි.

765. පුබ‍්බෙනිවාසං ජානාමි දිබ‍්බචක‍්ඛු විසොධිතං ඛෙපෙත්‍වා ආසවෙ සබ‍්බෙ විසුද‍්ධාම‍්හි සුනිම‍්මලා.

765. පෙර විසූ තඳපිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රවයන් නසා වෙසෙසින් මල රහිත වැ විශුද්ධ වෙමි.

766-768. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

766. - 768. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.

ඉත්‍ථං සුදං ධම‍්මදින‍්නා භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ධම්මදින්නා මෙහෙණ මේ ගාථා පැවැසූ.

ධම‍්මදින‍්නාථෙරියාපදානං තතියං.

තෙවැනි ධම්මදින්නා ස්ථවිරාපදාන යි.