3. 4 සකුලාපදානං
3. 4 සකුලාපදානං.
3. 4 සකුලාපදානය
769. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
769. මෙකපින් සියක්දහස් වන කප්හි (ලොවි ලොව්තුරු) සියලු දහම්හි පරතෙර පැමිණි (ලොවට) නායක වූ පියුමතුරා නම් සම්බුදු රජාණන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.
770. හිතාය සබ්බසත්තානං සුඛාය වදතං වරො අත්ථාය පුරිසාජඤ්ඤො පටිපන්නො සදෙවකෙ.
770. වක්තෲන් (දේශකයන්) අතරැ උත්තම වූ ආජානේය (උතුම්) පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි සියලු සත්නට හිත පිණිස සුව පිණිස වැඩ පිණිස පිළිපන් සේකැ.
771. යසග්ගප්පත්තො සිරිමා වණ්ණකිත්තිභතො ජිනො පූජිතො සබ්බලොකස්ස දිසා සබ්බාසු විස්සුතො.
771. ජිනේන්ද්රයන් වහන්සේ යශසින් අගපත් සේකැ, ශ්‍රීමත් සේකැ, කීර්ති ප්‍රශංසා දැරූ සේකැ, සියලු ලෝකයා විසින් පූජිත සේකැ, සියලු දිශායෙහි (සර්වඥහ යි) ප්‍රකට වූ සේකැ.
772. උත්තිණ්ණවිචිකිච්ඡො සො වීතිවත්තකථංකථො සම්පුණ්ණමනසඞ්කප්පො පත්තො සම්බොධිමුත්තමං.
772. ඔබ විචිකිච්ඡායෙන් නැගී සිටිසේකැ, ඉක්මැවූ සැක ඇති සේකැ, පිරිපුන් චිත්තසංකල්පනා ඇති සේකැ, උතුම් සම්බෝධියට පැමිණි සේකැ.
773. අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා නරුත්තමො. අනක්ඛාතඤ්ච අක්ඛාසි අසඤ්ජාතඤ්ච සඤ්ජනී.
773. නරෝත්තමයන් වහන්සේ නූපන් (නිවන්) මග උපදවාලු සේකැ, (අන් ශාස්තෘවරයන්) ප්‍රකාශ නො කළ දෑ ප්‍රකාශ කළ සේකැ, නූපන් (ආවෘත) ලොවුතුරු දහම් උපදවාලු (අනාවරණය) කළ සේකැ.
774. මග්ගඤ්ඤූ ච මග්ගවිදූ මග්ගක්ඛායී නරාසභො මග්ගස්ස කුසලො සත්ථා සාරථීනං වරුත්තමො.
774. නරශ්‍රේෂ්ඨයන් වහන්සේ නිවන්මග දත් සේකැ, නිවන් මග අවබෝධ කළ සේකැ, නිවන් මග ප්‍රකාශ කළ සේකැ, නිවන් මගෙහි දක්ෂ සේකැ, ශාස්තෘ සේකැ, උත්තම පුරුෂදම්‍යසාරථි සේකැ.
775. මහාකාරුණිකො සත්ථා ධම්මං දෙසෙසි නායකො නිමුග්ගෙ කාමපඞ්කම්හි සමුද්ධරති පාණිනො.
775. (ලෝක) නායක ශාස්තෘ වූ මහාකාරුණිකයන් වහන්සේ දහම් දෙසූ සේකැ, කාම නැමැති මඩවගුරෙහි එරුණු ප්‍රාණීන් නඟා සිටුවන සේකි.
776. තදා’හං හංසවතියං ජාතා ඛත්තියනන්දනා සුරූපා සධනා චාසිං දයිතා ච සිරීමතී.
776. එසමයෙහි මම හංසවතී නුවරැ කැත් දුවක් වැ ඉපැදැ මනාරූ ඇති ධනඇත්තක් වූමු, ප්‍රිය ද ශ්‍රීමත් ද වූමු.
777. ආනන්දස්ස මහාරඤ්ඤො ධීතා පරමසොභනා වෙමාතුභගිනී චාපි පදුමුත්තරනාමිනො.
777. ආනන්ද මහරජුගේ අතිශය ශෝභා ඇති දුහිතෘ වූමු. පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ වෛමාතෘක (අන් මවකගෙන් උපන්) නැගණි ද වූමු.
778. රාජකඤ්ඤාහි සහිතා සබ්බාභරණභූසිතා උපගම්ම මහාවීරං අස්සොසිං ධම්මදෙසනං.
778. රාජකන්යාවන් සහිත වූවා සර්වාභරණභූෂිත වැ මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ ධර්මදේශනා ශ්‍රවණ කළමු.
779. තදා හි සො ලොකගරු භික්ඛුනිං දිබ්බචක්ඛුකං කිත්තයං පරිසාමජ්ඣෙ අග්ගට්ඨානෙ ඨපෙසි තං.
779. එකල්හි ඒ ලෝකගුරු තථාගතයන් වහන්සේ දිවැස් ඇති මෙහෙණක කීර්තනය (-ගුණ කථා) කරන සේක් පර්ෂද්මධ්යයෙහි ඇය අග්‍රස්ථානයෙහි තබාලූ සේකැ.
780. සුණිත්වා තමහං හට්ඨා දානං දත්වාන සත්ථුනො පූජෙත්වාන ච සම්බුද්ධං දිබ්බචක්ඛුං අපත්ථයිං.
780. එ අසා මම ප්‍රීතිමත් වූවා ශාස්තෘ වූ සම්බුදුරජාණන් වහන්සේට දන් දී පූජා ද කොට දිවැස ප්‍රාර්‍ත්‍ථනා කළමු.
781. තතො අවොච මං සත්ථා “නන්දෙ ලච්ඡසි පත්ථිතං පදීපධම්මදානානං ඵලමෙතං සුනිච්ඡිතං.
781. ඉක්බිති ශාස්තෘන් වහන්සේ නන්දාවතී, පැතූ දෑ ලබන්නෙහි, ප්‍රදීපදාන - ධර්‍මදානයන්ගේ මේ සුනිශ්චිත වූ ප්‍රතිඵල යි මට වදාළහ.
782. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
782. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ.
783. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා සකුලා නාම නාමෙන හෙස්සසි සත්ථුසාවිකා.”
783. ඔබ දහම්හි දායාද වූ ධර්‍මනිර්මිත වූ එහෙයින් ම ඖරස වූ නමින් සකුලා නම් වූ බුද්ධශ්‍රාවිකාවක් වන්නෙහි” යි.
784. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡ’හං.
784. ඒ කුශල කර්මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට (උපත් විසින්) ගියමු.
785. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතං වරො.
785. මේ භද්‍ර කල්පයෙහි බ්රහ්මබන්ධු වූ මහායශස් ඇති ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ ශාස්තෘන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
786. පරිබ්බාජකිනී ආසිං තදා’හං එකචාරිනි භික්ඛාය විචරිත්වාන අලභිං තෙලමත්තකං.
786. එකලැ මම් එකලා වැ හැසිරෙන පිරිවැජ්ජක් වූමු. භික්‍ෂායෙහි හැසිර තෙල් සුඟක් ලත්මු.
787. තෙන දීපං පදීපෙත්වා උපට්ඨිං සබ්බසංවරිං චෙතියං දිපදග්ගස්ස විප්පසන්නෙන චෙතසා.
787. එ තෙලින් පහනක් දල්වා වෙසෙසින් පහන් වූ සිතින් ද්විපදෝත්තමයන් වහන්සේගේ සෑය මුළු රැයෙකැ උවටැන් කළමු.
788. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡ’හං.
788. මම ඒ කුශල කර්මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද මිනිස් කය හැරපියා තව්තිසාවට ගියමු.
789. යත්ථ යත්ථූපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා පජ්ජලන්ති මහාදිපා තත්ථ තත්ථ ගතාය මෙ.
789. යම් යම් තෙනෙකැ උපදිම් ද ඒ කර්මවේගයෙන් ඒ ඒ තෙනැ ගිය මට මහාප්රදීපයෝ දැල්වෙත්.
790. තිරොකුඩ්ඩං තිරොසෙලං සමතිග්ගය්හ පබ්බතං පස්සාම’හං යදිච්චාමි දීපදානස්සිදං ඵලං
790. මම යමක් (දක්නට) රිසියෙම් ද, (එය) පවුර සරසැ, ශෛලය සරසැ පර්වතය ඉක් මැ ගෙන දක්මි. මේ (වූකලි) ප්‍රදීප දානයාගේ ඵල යි.
791. විසුද්ධනයනා හොමි යසසා ච ජලාම’හං සද්ධාපඤ්ඤාවතී චෙව දීපදානස්සිදං ඵලං.
791. මම වෙසෙසින් පහන් නුවන් ඇතියෙම්, යශසින් ද දිලියෙමි, ශ්‍රද්ධා - ප්‍රඥා ද ඇති වෙමි. මේ (වනාහි) ප්‍රදීප දානයාගේ ඵල යි.
792. පච්ඡිමෙ ච භවෙදානි ජාතා විප්පකුලෙ අහං පහූතධනධඤ්ඤම්හි මුදිතෙ රාජපූජිතෙ.
792. මම මෙකලැ පැසුලු බෙවෙහි බොහෝ ධන ධාන්‍ය ඇති ප්‍රමුදිත වූ රාජපූජිත බ්‍රාහ්මණ කුලයෙකැ උපන්නෙම් -
793. අහුං සබ්බඞ්ගසම්පන්නා සබ්බාභරණභූසිතා පුරප්පවෙසෙ සුගතං වාතපානෙ ඨිතා අහං.
793-794. සර්වාඞ්ග සම්පන්න සර්වාභරණභූෂිත වූමු. මම වාකවුළුව වෙතැ සිටියා යශසින් දිලියෙන, දෙව්මිනිසුන් විසින් සත්කෘත, (සත්කාර කරන ලද) අසූ අනුව්‍යඤ්ජනයෙන් හා දෙතිස් මහපුරිස් ලකුණෙන් හෙබි සුගතයන් වහන්සේ නගරයට පිවිසෙන වේලෙහි දැකැ -
794. දිස්වා ජලන්තං යසසා දෙවමානුසසක්කතං අනුබ්යඤ්ජනසම්පන්නං ලක්ඛණෙහි විභූසිතං.
795. උදග්ගචිත්තා සුමනා පබ්බජ්ජං සමරොචයිං න චිරෙනෙව කාලෙන අරහත්තමපාපුණිං.
795. ඔදවැඩි සිත් ඇතියෙම් සුමනස් වැ පැවිද්ද රිසි කළමු. (පැවිද්ද ලබා) නොබෝ කලෙකින් මැ රහත්බවට පැමිණියෙමු.
796. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා පරචිත්තානි ජානාමි සත්ථුසාසනකාරිකා.
796. ශාස්තෘශාසනකාරී වූ මම ඍද්ධියෙහි ද දිබ්බසෝතධාතුයෙහි ද වශී වෙමි, මෙරමා සිත් දනිමි.
797. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ විසුද්ධාසිං සුනිම්මලා.
797. පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදි. සියලු ආස්‍රවයන් නසා මොනොවට මල රහිත වැ විශුද්ධ වූමු.
798. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං ඔහිතො ගරුකොභාරො භවනෙත්ති සමූහතා.
798. මා විසින් ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන ලදහ. බුදු සසුන් කරන ලද යැ, මහත් කෙලෙස්බර බහා තබන ලද යැ, තෘෂ්ණාව මුලිනුපුටා හරන ලදි.
799. යස්සත්ථාය පබ්බජිතා අගාරස්මානගාරියං සො මෙ අත්ථො අනුප්පත්තො තිබ්බසංයොජනක්ඛයො.
799. යම් අර්ත්ථය පිණිස ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූවා වෙම් ද, සියලු සංයෝජනයන්ගේ ක්ෂයය වූ ඒ අර්ත්ථය මා විසින් අනුප්‍රාප්ත යි.
800. තතො මහාකාරුණිකො එතදග්ගෙ ඨපෙසි මං “දිබ්බචක්ඛුකීනං අග්ගා සකුලා”ති නරුත්තමො.
800. ඉක්බිති මහාකාරුණික නරෝත්තමයන් වහන්සේ “සකුලා දිවැස් ඇති මෙහෙණන් අතරැ අග්‍රය” යි මා ඒතදග්‍රයෙහි තබා වදාළ සේක.
801-803. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
801. - 803. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
ඉත්ථං සුදං සකුලා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් සකුලා මෙහෙණ මේ ගාථා පැවසූ.
සකුලාථෙරියාපදානං චතුත්ථං.
සතරවැනි සකුලා ස්ථවිරාපදාන යි.