3. 5 නන්දාජනපදකල්යාණී අපදානං
3. 5 නන්දාජනපදකල්යාණී අපදානං.
3. 5 නන්දා ජනපදකල්යාණී අපදානය
804. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
804. සියලු ධර්මයන්ගේ පාරයට පැමිණි ලෝකනායක වූ පදුමුත්තර ජිනේන්ද්රයන් වහන්සේ මෙයින් සුවහස්වන කප්හි (ලොවැ) පහළවී වදාළ සේකැ.
805. ඔවාදකො විඤ්ඤාපකො කාරකො සබ්බජාණිනං දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
805. සියලු ප්‍රාණීන්ට අවවාද කරන, (දහම්) අවබෝධ කරවන (සසරින්) එතර කරවන, දේශනාකූශල වූ බුදුරජාණන් වහන්සේ බොහෝ ජනතාව (සසරින්) එතෙර කරවූ සේකැ.
806. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨහි.
806. සියලු ප්‍රාණීන්ට අනුකම්පා කරන කරුණා ඇති හිතෛෂී වූ ශාස්තෘන් වහන්සේ වෙතැ පැමිණි සියලු අන්තොටුවන් පන්සිල්හි පිහිට වූ සේකි.
807. එවං නිරාකුලං ආසි සුඤ්ඤකං තිත්ථියෙහි ච විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
807. මෙසේ (ලොව) නිරවුල් වියැ, අන්තොටුවන්ගෙන් සිස් ද වියැ, චිත්තවශී වූ මැදහත් ගුණ ඇති රහතුන්ගෙන් විසිතුරු වී.
808. රතනානට්ඨපඤ්ඤාසං උග්ගතො සො මහාමුනි කඤ්චනග්ඝියසඞ්කාසො බත්තිංසවරලක්ඛණො.
808. ඒ මහාමුනිහු අටපනස් රියනක් උස් වූහ, රන්ඇගෑයක් බඳු වූහ, දෙතිස් මහාපුරිස් ලකුණින් යුතු වූහ.
809. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
809. එකලැ (මිනිස්නට) හවුරුදු සියක්දහසක් ආයු වෙයි. එපමණ කල් වැඩසිටිමින් ඔබ බොහෝ ජනතාව සසරින් ගොඩ නඟාලූහු.
810. තදා’හං හංසවතියං ජාතා සෙට්ඨිකුලෙ අහුං නානාරතනපජ්ජොතෙ මහාසුඛසමප්පිතෙ.
810. එකලැ මම හංසවතී නුවරැ නන් රුවනින් බබළන මහත් සුවයෙන් සමර්පිත සිටුකුලෙකැ උපන්මු.
811. උපෙත්වා තං මහාවීරං අස්සොසිං ධම්මදෙසනං අමතං පරමස්සාදං පරමත්ථනිවෙදකං.
811. ඒ (පියුමතුරා) මහාවීරයන් වහන්සේ වෙතැ එළැඹැ අමෘත වූ පරම ආස්වාදකර පරමාර්ත්ථප්රකාශක ධර්මදේශනා ශ්‍රවණ කළමු.
812. තදා නිමන්තයිත්වාන සසඞ්ඝං ලොකනායකං දත්වා තස්ස මහාදානං පසන්නා සෙහි පාණිහි.
812-813. එකල්හි සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ නිමන්ත්‍රණය කොට ඔබට මහදන් දී සිය දිවිහිමියෙන් ප්‍රසන්න වූවා සඞ්ඝයා සහිත ලෝකනායක වීරයන් වහන්සේ (වෙත) මස්තකයෙන් වැඳ වැටී ඣායිනී (ධ්‍යාන කරන) භික්ෂුණීන් අතරැ අග්‍ර ස්ථානය ප්‍රාර්‍ත්‍ථනා කළමු.
813. ඣායිනීනං භික්ඛුනීනං අග්ගට්ඨානං අපත්ථයිං. නිපච්ච සිරසා වීරං සසඞ්ඝං ලොකනායකං.
814. තදා අදන්තදමකො තිලොකසරණො පභූ ව්යාකාසි නරසද්දුලො ලච්ඡසෙ තං සුපත්ථිතං.
814. එවිට අදාන්තදමක වූ තිලෝකසරණ වූ ප්‍රභූ වූ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ ‘ඒ මනා ප්‍රාර්‍ත්‍ථනාව ලබන්නෙහි’ යි ප්‍රකාශ කළ සේකැ. (වැළිදු)
815. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
815. “මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ.
816. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා නන්දාති නාම නාමෙන හෙස්සසි සත්ථුසාවිකා.
816. ඔබ දහම්හි දායාද වූ ඖරස වූ ධර්‍මනිර්මිත වූ නමින් නන්දා නම්වූ ශාස්තෘශ්‍රාවිකාවක් වන්නෙහි” යි (ප්‍රකාශ කළ සේකැ.)
817. තං සුත්වා මුදිතා හුත්වා යාවජීවං තදා ජිනං මෙත්තචිත්තා පරිචරිං පච්චයෙහි විනායකං.
817. එ අසා ප්‍රමුදිත වැ මෙත්සිත් ඇතිව විනායක වූ ජිනේන්ද්රයන් වහන්සේ දිවිහිම් කොට (සිවු) පසින් උවටැන් කළමු.
818. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
818. මම ඒ කුශලකර්ම හේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.
819. තතො චුතා යාමමගං තතො’හං තුසිතං අගං තතො ච නිම්මාණරතිං වසවත්තීපුරං තතො.
819. මම එයින් ච්‍යුත වූවා යාම දෙව්ලොවට ගියමු, එයින් තුෂිතයට ද, එයින් නිර්මාණරතියට ද, එයින් වශවර්ති පුරයට ද ගියමු.
820. යත්ථ යත්ථූපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා තත්ථ තත්ථෙව රාජානං මහෙසිත්තමකාරයිං.
820. ඒ කර්මබලයෙන් යම් යම් තෙනෙකැ උපන්මු ද, ඒ ඒ තැන (දෙව්) රජුනට මෙහෙසිබව කරවූමු.
821. තතො චුතා මනුස්සත්තෙ රාජානං චක්කවත්තිනං මණ්ඩලීනඤ්ච රාජානං මහෙසිත්තමකාරයිං.
821. ඒ දෙව්ලොවින් ච්‍යුත වූවා මිනිසත්බෙවෙහි සක්විති රජුනට ද පෙදෙසි රජුනට ද මෙහෙසිබව කරවූමු.
822. සම්පත්තිං අනුභොත්වාන දෙවෙසු මනුජෙසු ච සබ්බත්ථ සුඛිතා හුත්වා නෙකකප්පෙසු සංසරිං.
822. සැපත් වළඳා දෙවියන් කෙරෙහි ද මිනිසුන් කෙරෙහි ද සුඛිත වැ නොයෙක් කප්හි සැරිසැරූමු.
823. පච්ඡිමෙ භවෙ සම්පත්තෙ පුරම්හි කපිලව්හයෙ රඤ්ඤො සුද්ධොදනස්සාහං ධීතා ආසිං අනින්දිතා.
823. පශ්චිම භවය පැමිණිකල්හි මම කිඹුල්වත් නුවරැ සුද්ධෝදන රජුහට අනින්දිත වූ දුහිතෘ වූමු.
824. සිරිංව රූපිනිං දිස්වා නන්දිතං ආසි තං කුලං තෙන නන්දාති මෙ නාමං සුන්දරොපපදං අහූ.
824. සිරිකතවන් රූමත් මා දැක එකුලය ප්‍රීතිමත් වියැ, ඒ හේතුයෙන් නන්දා යන මාගේ නාමය ‘සුන්දරී’ යන උපපද ඇති වී.
825. යුවතීනඤ්ච සබ්බාසං කල්යාණීති ච විස්සුතා තස්මිම්පි නගරෙ රම්මෙ ඨපෙත්වා ච යසොධරා.
825. ඒ රම්‍ය වූ නගරයෙහි යශෝධරාව තබා සියලු යුවතීන් අතරැ ‘කල්‍යාණී’ යි ප්‍රකට වූමු.
826. ජෙට්ඨො භාතා තිලොකග්ගො පච්ඡිමො අරහා තථා එකාකිනී ගහට්ඨාහං මාතරා පරිචොදිතා:
826. (මාගේ) දෙටු බෑයා තුන්ලොවට අග්‍ර වූ බුදුරජාණෝ යැ, එසෙයින් මැ කණිටු බෑයා රහත් නමකි. එකලා වැ ගිහිගෙහි සිටුනා මම් මව විසින් චෝදනා කරන ලදමු:
827. “සාකියම්හි කුලෙ ජාතා පුත්තෙ බුද්ධානුජා තුවං නන්දෙනපි විනා භූතා අගාරෙ කින්නු වච්ඡසි?
827. “දියණිනි, තෝ ශාක්‍යකුලයෙහි උපන්හි, බුදුරදුන්ගේ බුහුන වෙහි, නන්දයන්ගෙනුදු වෙන් වූවා කුමක් හෙයින් ගෙහි වසනෙහි ද?
828. ජරාවසානං යොබ්බඤ්ඤං රූපං අසුවිසම්මතං රොගන්තම්පි ච ආරොග්යං ජීවිතං මරණන්තිකං
828. යොවුන්බව ජරාව අන්ත කොට ඇත්තේ යැ, රූපය අපවිත්‍ර යයි සම්මත යැ, නිරෝගි බව රෝගය අන්ත කොට ඇත්තේ යැ, ජීවිතය මරණය අන්ත කොට ඇත්තේ යි.
829. ඉදම්පි තෙ සුභං රූපං සසිකන්තං මනොහරං භූසනානමලඞ්කාරං සිරිසඞ්ඝාතසන්නීභං.
829-830. චන්ද්‍රයා සේ කාන්ත වූ මනහර වූ භූෂණයනට වඩා අලඞ්කාර වූ ශ්‍රී සමූහයක් බඳු වූ ලෝකසාරය පිඬු කළාක් වැනි වූ නේත්රරසායන වූ තොපගේ මේ ශුභ වූ රූපය ද -
830. පිණ්ඩිතං ලොකසාරංව නයනානං රසායනං පුඤ්ඤානං කිත්තිජනනං ඔක්කාකකුල නන්දනං.
831. න චිරෙනෙව කාලෙන ජරා සමතිභොස්සති විහාය ගෙහං තාරුඤ්ඤෙ චර ධම්මමනින්දිතෙ.
831. නොබෝ කලකින් ම ජරාව (මහලු බව) මැඩලන්නේ යැ (ජරාවෙන් රූපය මඩිනු ලැබේ.) අනින්දිත දියණියනි, ගෙය හැරපියා තුරුණුවියෙහි දී ධර්මචාරී වව” යි.
832. සුත්වා’හං මාතුවචනං පබ්බජිං අනගාරියං දෙහෙන නතු චිත්තෙන රූපයොබ්බනලාලිතා.
832. රූපලාවණ්‍ය යොබ්බනලාලන පරවශ වූ මම මවුගේ බස් අසා බුදුසසුන්හි කයින් පැවිදි වූමු, එසේ වුවද සිතින් පැවිදි නුවූමු.
833. මහතා ච පයත්තෙන ඣානජ්ඣෙනපරං මමං කාතුං ච වදතෙ මාතා න චාහං තත්ථ උස්සුකා.
833. මවු තොමෝ මහත්ප්රයත්නයෙන් මා ධ්‍යාන ඉගැන් මෙහි යෙදුනක කරන්නට කථා කරයි, මම එහි නොද උත්සුක වූමු.
834. තතො මහාකාරුණිකො දිස්වා මං කාමලාලසං නිබ්බින්දනත්ථං රූපස්මිං මම චක්ඛූපථෙ ජිනො.
834-835. ඉක්බිති මහාකාරුණික ජිනේන්ද්රයන් වහන්සේ කාමයෙහි ලොල් වූ මා දැක රූපයෙහි කළකිරවනු පිණිස මා ඇස් හමුයෙහි ස්වකීය අනුභාවයෙන් ශෝභා ඇති දැකුම්කලු ඉතා මනහර මාහටත් වඩා අතිශයින් රූමත් වූ ස්ත්‍රියක මැවූසේකැ.
835. සකෙන අනුභාවෙන ඉත්ථිං මාපෙසි සොභනිං දස්සනීයං සුරුචිරං මමතොපි සුරූපිනිං.
836. තමහං විම්හිතා දිස්වා අතිවිම්හිතදෙහිනිං චින්තයිං ‘සඵලං මෙති නෙත්තලාභඤ්ච මානුසං’.
836. අතිවිෂ්මයජනක සිරුරු ඇති ඇය දැක විස්මයට පැමිණි මම “මාගේ නේත්රලාභයත් මිනිසත්බවත් සඵලැ” යි සිතූමු.
(මම)
837. තමහං එහි සුභගෙ යෙනත්ථා තං වදෙහි මෙ කුලං තෙ නාමගොත්තඤ්ච වද මෙ යදි තෙ පියං.
837. “ප්‍රියාවනි, එව, යමකින් ප්‍රයෝජන ඇත් ද එය මට කියව, ඉදින් තොපට ප්‍රිය වේ නම් තොපගේ නාමගෝත්ර ද කියව” යි කීමු.
(නිර්මිත ස්ත්‍රිය)
838. න පඤ්හකාලො සුභගෙ උච්ඡඞ්ගෙ මං නිවෙසය සීදන්තීව මමඞ්ගානි සුපසුප්පය මුහුත්තකං.
838. “ප්‍රියාවනි, ප්‍රශ්න කිරීමට කල් නො වෙයි මා (තොපගේ) ඇකයට ගනු, මාගේ අවයව කිඳා බස්නාක් මෙනි, මෙහොතක් (මා) හොවව” යි කිවු.
839. තතො සීසං මමඞ්කෙ සා කත්වා සයි සුලොචනා තස්සා නලාටෙ පතිතා ලූතා පරමදාරුණා.
839. ඉක්බිති ශෝභන නෙත් ඇති ඕ මාගේ ඇකයෙහි හිස තබා ශයනය කළා යැ. (එ වේලෙහි) ඉතා දරුණු මකුළුවෙක් ඇයගේ නලළෙහි වැටුණි.
840. සහ තස්සා නිපාතෙන පිළකා උප්පජ්ජථ පග්ඝරිංසු පභින්නා ච කුණපා පුබ්බලොහිතා.
840. ඒ මකුළුවා වැටීම සමගම පොළක් නැඟුණේ ය. (පොළ) බිඳණ. (පුපුළේ යැ) කුණු වූ පූයා ලෙහෙ වැගිරිණි.
841. පභින්නං වදනං චාසි කුණපං පූතිගන්ධිකං උදධුමාතං විනීලඤ්ච විපුබ්බඤ්ච සරීරකං.
841. මුව ද බිඳුණේ කුණු දුගඳ ඇති වියැ, සිරුර ඉදිමි නිල් වැ පූයා වගුරුවාලී යැ.
842. සා පවෙධිතසබ්බඞ්ගී නිස්සසන්තී මුහුං මුහුං වෙදයන්තී සකං දුක්ඛං කරුණං පරිදෙවයී.
842. වෙව්ළන සියලු අවයව ඇති ඕ වරින් වර නිශ්ශ්වාස කරන්නී සිය දුක හඟවමින් බැගෑසේ වැලපුණා යැ.
843. “දුක්ඛෙන දුක්ඛිතා හොමි ඵුසයන්ති ච වෙදනා මහාදුක්ඛෙ නිමුග්ගාම්හි සරණං හොහි මෙ සඛී.”
843. “දුකින් දුක්ඇති වෙමි, වේදනාවෝ (මා) පහසිත්, මහදුක්හි එවිට මම් ගැලුණා වෙමි, යෙහෙළිය, මට පිහිට වව” යි.
844. “කුහිං වදනසොහා තෙ කුහිං තෙ තුඞ්ගනාසිකා තම්බබිම්බවරොට්ඨං තෙ වදනං තෙ කුහිං ගතං.
844. “තොපගේ මුඛශෝභාව කොහි ද? තොපගේ තුඟු නැහැය කොහි ද? තොපගේ තඹවන් බිඹුපල බඳු ලවන් කොහි ද? තොපගේ මුව කොහි ගියේ ද?
845. කුහිං සසිනිභං වත්තං කම්බුගීවා කුහිං ගතා දොළාලාලා ච තෙ කණ්ණා වෙවණ්ණං සමුපාගතා.
845. ඉඳුවන් උවන කොහි ගියේ ද? රන් මිහිඟු බෙරයක් බඳු ග්‍රීවා ව කොහි ගියා ද? රනෝවිලි වන් ලෙලදෙන කර්ණයෝ විවර්ණයට එළැඹියාහ.
846. මකුළම්බුරුහාකාරා කලසාව පයොධරා පභින්නා පූතිකුණපා දුග්ගන්ධිත්තමාගතා.
846. පද්මකුඩ්මලාකාර (පියුම් කැකුළු බඳු) කලස් වැනි පයෝධරයෝ බිඳුණාහු කුණු වැ ගියාහු දුගඳ ඇතිබවට පැමිණියාහු යැ.
847. තනුමජ්ඣා පුථුස්සොණි සූනා වණිතකිබ්බිසා ජාතා අමෙජ්ඣභරිතා අහො රූපං අසස්සතං.
847. සිහිනිඟ හා පුළුලුකුල ඇති ඕ ඉදිමුණි වුණයෙන් කිලිටි වූවා අසූචියෙන් භරිත වූවා යැ. රූපය අශාශ්වත යැ ආශ්චර්‍ය්‍ය යි.
848. සබ්බං සරීරසඤ්ජාතං පූතිගන්ධං භයානකං සුසානමිව බීභච්ඡං රමන්තෙ යත්ථ බාලිසා”
848. මුළා වූවෝ යම් තෙනෙකැ ඇලෙත් ද, සිරුරෙහි හටගත් ඒ සියල්ල දුඟඳ යැ, බිහිසුණු යැ, සොහොනක් සෙයින් පිළිකුලැ” යි කීමු.
849. තදා මහාකාරුණිකො භාතා මෙ ලොකනායකො දිස්වා සංවිග්ගචිත්තං මං ඉමා ගාථා අභාසථ.
849. එවේලෙහි මහාකාරුණික මාගේ බෑයා වූ ලෝකනාථයන් වහන්සේ කලකිරුණු සිතැති මා දැක මේ ගාථා වදාළසේකැ:
850. “ආතුරං අසුචිං පූතිං පස්ස නන්දෙ සමුස්සයං අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
850. “නන්දාවෙනි, ලෙඩ වන, කුණු වන, වැගිරෙන අපිරිසිදු (මෙය) බලව. සිත අසුභ වශයෙන් වඩා එකඟ කරගනුව.
851. යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං දුග්ගන්ධං පූතිකං වාපි බාලානං අභිනන්දිතං.
851. දුගඳ වහනය වය, මළ වැගිරෙන, නුනුවණ අයගේ මන වඩන, මෙය යම්සේ ද එය මෙසේ යි. එය යම්සේ ද මෙය එසේ යි.
852. එවමෙතං අවෙක්ඛන්තී රත්තින්දිවමතන්දිතා තතො සතාය පඤ්ඤාය අභිනිබ්බිජ්ජ දක්ඛසි.”
852. රෑ දාවල් අනලස් වැ මෙසේ සිතන්නී, ඒ නිසාම සිය නැණින් එළඹ දකුව.”
853. තතො’හං අතිසංවිග්ගා සුත්වා ගාථා සුභාසිතා තත්රට්ඨිතා විපස්සන්තී අරහත්තමපාපුණිං.
853. මනාව දේශනා කළ ඒ ගාථා අසා, අතිශය වශයෙන් සංවේගයට පැමිණි මම, එහි ම සිටැ විදසුන් වඩා රහත් වීමි.
854. යත්ථ යත්ථ නිසින්නාහං සදා ඣානපරායනා ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගෙ ඨපෙසි මං.
854. ඒ ඒ තන්හි සියලු කල්හි මැ ධ්යානපරවශ වැ, පිළිපන් මා, මාගේ ගුණය දැක බුදුරජාණන් වහන්සේ ඒතදග්‍රයෙහි තැබූ සේක.
855-857. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
855. - 857. මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
ඉත්ථං සුදං නන්දා භික්ඛුනී ජනපදකල්යාණී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් නන්දා ජනපදකල්යාණී මෙහෙණ මේ ගාථා පැවසූ.
නන්දාථෙරියාපදානං පඤ්චමං.
පස්වැනි නන්දා ස්ථවිරාපදාන යි.