3. 6 සොණාපදානං
3. 6 සොණාපදානං.
3. 6 සෝණාපදානය
858. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
858. මෙකපින් සුවහස්වන කප්හි සියලු දහම්හි පරතෙරැ පැමිණි (ලොවට) නායක වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේකැ.
859. තදා සෙට්ඨිකුලෙ ජාතා සුඛිතා පූජිතා පියා උපෙත්වා තං මුනිවරං අස්සොසිං මධුරං වචං.
859. එකල්හි සිටුකුලෙකැ සුඛිත වැ පූජිත වැ ප්‍රිය වැ උපන්නෙම් ඒ මුනීන්ද්රයන් වහන්සේ වෙතැ එළැඹැ මිහිරි වදන් ඇසූමු.
860. ආරද්ධවිරියානග්ගං වණ්ණෙසි භික්ඛුනිං ජිනො තං සුත්වා මුදිතා හුත්වා කාරං කත්වාන සත්ථුනො.
860. ජිනේන්ද්රයන් වහන්සේ පිරිපුන් වැර ඇති මෙහෙණන් අතරැ එක් මෙහෙණක අග්‍ර කොට වර්ණනා කළසේකැ, ඒ අසා ප්‍රමුදිත වැ ශාස්තෘන් වහන්සේට සත්කාර කොට -
861. අභිවාදිය සම්බුද්ධං තං ඨානං පත්ථයිං තදා අනුමොදි මහාවීරො “සිජ්ඣතං පණිධී තව.
861. සම්බුදුරජාණන් වහන්සේ සකසා වැඳ එවේලෙහි ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කළමු. මහාවීරයන් වහන්සේ , “තොපගේ ප්‍රාර්‍ත්‍ථනාව සමෘද්ධ වේව” යි අනුමෝදනා කළසේකැ, (වැළිදු වදාරනසේක්)
862. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
862. මෙයින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය උපත් කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ.
863. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා සොණාති නාම නාමෙන හෙස්සසි සත්ථුසාවිකා.”
863. ඔබ දහම්හි දායාද (හිමි) වූ (ලොව්තුරු දහමින් උපන් හෙයින් ධර්‍මනිර්මිත වූ නමින් සෝණා නම් වූ ඖරස ශාස්තෘශ්‍රාවිකාවක් වන්නනු” යි.
864. තං සුත්වා මුදිතා හුත්වා යාවජීවං තදා ජිනං මෙත්තචිත්තා පරිචරිං පච්චයෙහි විනායකං.
864. එවිටැ එ අසා සතුටු වැ මෙත්සිත් ඇතියෙම් විනායක වූ ජිනේන්ද්රයන් වහන්සේ දිවිහිම් කොට ප්‍රත්‍යයෙන් උපස්ථාන කළමු.
865. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගඤ්ඡහං.
865. ඒ කුශලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා තව්තිසාවට ගියමු.
866. පච්ඡිමෙ ච භවෙදානි ජාතා සෙට්ඨිකුලෙ අහං සාවත්ථියං පුරවරෙ ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
866. මම් දැන් පැසුළු බෙවෙහි ද සැවැත් පුරවරයෙහි සමෘද්ධි මත් ධනාඪ්ය මහත් ධන ඇති සිටුකුලෙකැ උපන්මු.
867. යදා ච යොබ්බනප්පත්තා ගන්ත්වා පතිකුලං අහං දසපුත්තානි අජනිං සුරූපානි විසෙසතො.
867-868. යම් කලෙකැ යොවුන්බවට පැමිණියා වෙම් ද, එකලැ මම පතිකුලයට ගොස් සුරූපී දසපුත්කෙනෙකුන් දැනවූමු. සුවසේ වැඩුණු ඔහු සියල්ලෝ වෙසෙසින් දනමනනුවන් හරනාහු වූහ. අමිතුරනට ද රිසි වූහු. උහු මට ප්‍රිය වෙත් යනු කවර කථා යැ.
868. සුඛෙධිතා ච තෙ සබ්බෙ ජනනෙත්තමනොහරා අමිත්තානම්පි තෙ රුචිතා මමං පගෙව තෙ පියා.
869. තතො මය්හං අකාමාය දසපුත්තපුරක්ඛතො පබ්බජිත්ථ ස මෙ භත්තා දෙවදෙවස්ස සාසනෙ.
869. ඉක්බිති අකැමැති මා නොතකා දසපුතුන් විසින් පෙරටු කරන ලද මාගේ ඒ ස්වාමිපුත්‍ර දෙවියන්ට දෙවි වූ බුදුරදුන් සසුන්හි පැවිදි වූයේ යි.
870. තදෙකිකා විචින්තෙසුං ජිවිතෙනාලමත්ථු මෙ චත්තාය පතිපුත්තෙහි වුඩ්ඪාය ච වරාකියා.
870. එකල්හි එකලා වූවා (මෙසේ) සිතූමු: “සැමියා හා පුතුන් විසින් හැරදමනලද මහලු ද වූ පින්මද මට ජීවිතයෙන් කමෙක් නැති.
871. අහම්පි තත්ථ ගච්ඡිස්සං සම්පත්තො යත්ථ මෙ පති” එවා’හං චින්තයිත්වාන පබ්බජිං අනගාරියං.
871. යම් තෙනකැ මාගේ ස්වාමිපුත්‍ර පැමිණියේ ද, මම් දු එහි යන්නෙමි.” මම මෙසේ සිතා බුදුසසුන්හි පැවිදි වූමු.
872. තතො ච මං භික්ඛුනියො එවං භික්ඛුනුපස්සයෙ විහාය ගච්ඡුමොවාදං “තාපෙහි උදකං” ඉති.
872. ඉක්බිති භික්ෂුණීහු “ජලය රත් කරව යි” යි මෙහෙණවරෙහි එකලා වූ මා හැරපියා භික්ඛුනෝවාදය අසන්නට ගියාහු යැ.
873. තදා උදකමාහිත්වා ඔකිරිත්වාන කුම්භියා චුල්ල්යං ඨපෙත්වා ආසීනා තතො චිත්තං සමාදහිං.
873. එකල්හි දිය ගෙනවුත් සැලෙකැ වත් කොට උදුනෙහි තබා ඉක්බිති හුන්නෙම් සිත සමාධිගත කළමු.
874. ඛන්ධෙ අනිච්චතො දිස්වා දුක්ඛතො ච අනත්තතො ඡෙත්වාන ආසවෙ සබ්බෙ අරහත්තමපාපුණිං.
874. ස්කන්ධ අනිත්‍ය වශයෙන් දුඃඛවශයෙන් අනාත්ම වශයෙන් දැක සියලු ආස්‍රව සිඳපියා රහත්බවට පැමිණියමු.
875. තදා’ගන්ත්වා භික්ඛුනියො උණ්හොදකමපුච්ඡිසුං තෙජොධාතුං අධිට්ඨාය ඛිප්පං සන්තාපයිං ජලං.
875. එවිටැ භික්ෂුණීහු අවුත් හුණුදිය පුළුවුත්හු. (මම) තේජෝ ධාතුව ඉටා ජලය වහා හුණු කළමු.
876. විම්හිතා තා ජිනවරං එතමත්ථමසාවයුං තං සුත්වා මුදිතො නාථො ඉමං ගාථං අභාසථ:
876. විශ්මයට පත් ඔහු තෙල කරුණ ජිනවරයන් වහන්සේට ඇස්වූහ. එ අසා සතුටු වූ නාථයන් වහන්සේ මේ ගාථාව වදාළ සේකැ.
877. යො චෙ වස්සසතං ජීවෙ කුසීතො හීනවීරියො එකාහං ජීවිතං සෙය්යො විරියමාරභතො දළ්හං.”
877. “වත්පිළිවෙත් ආදියෙහි මැලි හෙයින් කුසීත වූ කායික චෛතසික වීර්‍ය්‍ය රහිත යමෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වේ ද, ඔහුගේ ජීවත් වීමට වඩා දැඩි සේ වැරවඩන පුඟුල්හුගේ එක්දවසක් ජීවත් වීම උතුමි.”
878. ආරාධිතො මහාවීරො මම සුප්පටිපත්තියා ආරද්ධවිරියානග්ගං මමාහ ස මහාමුනි.
878. මාගේ මනා පිළිවෙතින් මහාවීරයන් වහන්සේ ආරාධිතහ (සතුටු කරන ලද). ඒ මහාමුනිවරයන් වහන්සේ මා රුකුළු වැර ඇති මෙහෙණන් අතරැ අග්‍ර කොට වදාළ සේකි.
879-881. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
879-881. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහ ... බුදුසසුන් කරන ලදි.
ඉත්ථං සුදං සොණා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් සෝණා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
සොණාථෙරියාපදානං ඡට්ඨං.
සවැනි සෝණා ස්ථවිරාපදාන යි.