යෙදුමෙන් කියවන්න

3. 7 භද‍්දාකාපිලානි අපදානං

3. 7 භද‍්දාකාපිලානි අපදානං.

3. 7 භද්දකාපිලානි අපදානය

882. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මෙසු චක‍්ඛුමා ඉතො සතසහස‍්සම‍්හි කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

882. සියලු ධර්‍මයන්හි චක්‍ෂුර්මත් වූ (සියලු ධර්‍ම දත්) (ලොවට) නායක වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේ මෙයින් ලක්‍ෂයක් වන කප්හි (ලොවැ) පහළ වූ සේකැ.

883. තදා’හු හංසවතියං විදෙහො නාම නාමතො සෙට‍්ඨි පහූතරතනො තස‍්ස ජායා අහොස’හං

883. එසමයෙහි හංසවතී නුවරැ නමින් විදේහ නම් වූ බොහෝ රන්රුවන් ඇති සිටුවරයෙක් වියැ, මම ඔහුගේ භාර්‍ය්‍යා වූමු.

884. කදාචි සො නරාදිච‍්චං උපෙච‍්ච සපරිජ‍්ජනො ධම‍්මමස‍්සොසි බුද‍්ධස‍්ස සබ‍්බදුක‍්ඛක‍්ඛයාවහං.

884. කිසියම් දිනෙකැ හේ පිරිවරජනයා සහිත වැ නරාදිත්‍යයන් (බුදුරදුන්) වෙතැ එළැඹැ නිවන්සුව එළවන බුදුදහම් ශ්‍රවණ කෙළේ යැ.

885. සාවකං ධුතවාදානං අග‍්ගං කිත‍්තෙසි නායකො සුත්‍වා සත‍්තාහිතං දානං දත්‍වා බුද‍්ධස‍්ස තාදිනො.

885. බුදුරජාණෝ ධූතවාදී භික්‍ෂූන් අතරැ එක් ශ්‍රාවකයකු අග්‍ර කොට වදාළහ. එ අසා සිටු තෙමේ තාදී ගුණ ඇති බුදුරදුනට සත්දිනක දනක් දී -

886. නිපච‍්ච සිරසා පාදෙ තං ඨානං අභිපත්‍ථයි ස හාසයන‍්තො පරිසං තදා හි නරපුඞ‍්ගවො.

886-887. දොහොත් මුදුන් නඟා සිරිපා නැමැද ඒ තනතුර ප්‍රාර්‍ත්‍ථනා කෙළේ යි. එවිට නරෝත්තම බුදුරජාණන් වහන්සේ පිරිවර ජනයා ප්‍රීතිමත් කරවමින් සිටුහට අනුකම්පා පිණිස මේ ගාථා වදාළසේකැ: ‘දරුව නිවුනෙක් වන්න, පැතූ තනතුර මතු ලබන්නෙහි.

887. සෙට‍්ඨිනො අනුකම‍්පාය ඉමා ගාථා අභාසථ: “ලච‍්ඡසෙ පත්‍ථිතං ඨානං නිබ‍්බුතො හොහි පුත‍්තක.

888. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලසම‍්භවො ගොතමො නාම ගොත‍්තෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

888. මෙකපින් සුවහස්වන කප්හි ඔක්කාක කුලය සම්භව කොට ඇති ගොතින් ගෞතම නම් වූ සතරහු (ලොවැ) පහළ වන්නාහ.

889. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො කස‍්සපො නාම නාමෙන හෙස‍්සසි සත්‍ථුසාවකො.”

889. ඔබ දහමට හිමි වූ දහමින් නිපන් නමින් කසුප් නම් වූ උරෙහි දා ස්ථිර සව්වෙක් වන්නෙහි.”

890. තං සුත්‍වා මුදිතො හුත්‍වා යාවජීවං තදා ජිනං මෙත‍්තචිත‍්තො පරිචරි පච‍්චයෙහි විනායකං.

890. එවිටැ එ අසා ප්‍රමුදිත වැ විනායක ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙත් සිත් ඇතියේ සිවුපසයෙන් දිවිහිම් කොට උවටැන් කෙළේ යි.

891. සාසනං ජොතයිත්‍වාන මද‍්දිත්‍වා ච කුතිත්‍ථියෙ වෙනෙය්‍යෙ විනයිත්‍වා ච නිබ‍්බුතො සො සසාවකො.

891. ඒ තථාගතයන් වහන්සේ අන්තොටුවන් ද මැඩ විනෙදනා ද විනයනය කොට සසුන් බබුළුවා සව්වන් සහිත වැ පිරිනිවිසේකි.

892. නිබ‍්බුතෙ තම‍්හි ලොකග‍්ගෙ පූජනත්‍ථාය සත්‍ථුනො ඤාතිමිත‍්තෙ සමානෙත්‍වා සහ තෙහි අකාරයි.

892-893. ලෝකනාථයන් වහන්සේ පිරිනිවි කල්හි ශාස්තෘ වූ ඔබ පුදනු පිණිස නෑ - මිතුරන් කැඳවා ඔවුන් සමඟ දිලියෙන සූර්‍ය්‍යයා වැනි පිපුණු ශාලවෘක්‍ෂ රාජයකු වැනි සත් යොත්නක් උස් වූ රත්නමය ස්තූපයක් කරවූයේ යැ.

893. සත‍්තයොජනිකං ථූපං උබ‍්බිද‍්ධං රතනාමයං ජලන‍්තං සතරංසීව සාලරාජංව ඵුල‍්ලිතං.

894. සත‍්තසතසහස‍්සානි පාතියො තත්‍ථ කාර’යි නළග‍්ගි විය ජොතන‍්තී රතනෙහෙව සත‍්තහි.

894. ඒ සෑයෙහි නඩාග්නියක් (ඇවිලගත් හුණුවනයක්) සෙයින් දිලියෙන සත් සියදහසක් පාත්‍රාකෘතීහු සත්රුවනින් මැ කරවූයේ යැ.

895. ගන්‍ධතෙලෙන පූරෙත්‍වා දීපානුජාලයි තහිං පූජත්‍ථාය මහෙසිස‍්ස සබ‍්බභූතානුකම‍්පිනො.

895. සියලු සත්නට අනුකම්පා කරන මහර්ෂීන් වහන්සේට පූජා පිණිස සුවඳ තෙලින් (පාත්‍ර) පුරවා එහි පහන් දැල්වූයේ යැ.

896. සන‍්ත සතසහස‍්සානි පුණ‍්ණකුම‍්භානි කාරයි රතනෙහෙව පුණ‍්ණානි පූජත්‍ථාය මහෙසිනො.

896. මහර්ෂීන් වහන්සේට පූජා පිණිස රුවනින් මැ පිරුණු සත් සියදහසක් පුන්කුඹු කරවූයේ යැ.

897. මජ‍්ඣෙ අට‍්ඨට‍්ඨ කුම‍්හීනං උස‍්සිතා කඤ‍්චනග‍්ඝියා අතිරොචන‍්ති වණ‍්ණෙන සරදෙව දිවාකරො.

897. කුඹු මධ්‍යයෙහි අටෙන් අටෙන් රන්ඇගෑහු ඔසවනලදහ. සරා කල්හි හිරුසෙයින් (ඔහු) පැහැයෙන් වෙසෙසින් බබළයි.

898. චතුද‍්වාරෙසු සොභන‍්ති තොරණා රතනාමයා උස‍්සිතා ඵලකා රම‍්මා සොභන‍්ති රතනාමයා.

898. සිවුදොරහි රුවන්මුවා තොරණහු හොබිති, ඔසවන ලද රුවන්මුවා සිත්කලු පුවරුහු ද හොබිත්.

899. විරොචන‍්ති පරික‍්ඛිත‍්තා අවතංසා සුනිම‍්මිතා උස‍්සිතානි පටාකානි රතනානි විරොචරෙ.

899. (සෑය) වටා බඳනාලද මනාසේ නිමවනලද අවතංසයෝ බබළති, ඔසවනලද රුවන් පතාක ද බබළත්.

900. සුරත‍්තං සුකතං චෙතං චෙතියං රතනාමයං අතිරොචති වණ‍්ණෙන සසඤ‍්ඣොව දිවාකරො.

900. ඉතා රතු මොනොවට කළ රුවන්මුවා තෙලසෑය සැඳෑ වලා සහිත හිරුසේ පැහැයෙන් වෙසෙසින් බබළයි.

901. ථූපස‍්ස වෙදියො තිස‍්සො හරිතාලෙන පූරයි එකං මනොසිලායෙකං අඤ‍්ජනෙන ච එකිකං.

901. ස්තූපයාගේ වේදිකා තුනෙකි. එකක් හිරියෙලින් (රන්වන් ගෛරිකයෙන්) ද එකක් මනෝසිලා (රතුගෛරික)යෙන් ද, එකක් අඤ්ජන (කළු ගෛරික)යෙන් ද පිරවි.

902. පූජාමෙතාදිසං රම‍්මං කාරෙත්‍වා වරවාදිනො අදාසි දානං සඞ‍්ඝස‍්ස යාවජීවං යථාබලං.

902. උත්තමවාදී වූ බුදුරදුනට තෙල බඳු රම්‍ය පූජා පවත්වා සඟනට දිවිහිම් කොට ශක්තිපමණින් දන් දුන්නේ යි.

903. සහා’හං සෙට‍්ඨිනා තෙන තානි පුඤ‍්ඤානි සබ‍්බසො. යාවජීවං කරිත්‍වාන සහාව සුගතිං ගතා.

903. මම ඒ සිටුහු සමග දිවි ඇති තාක් සර්‍වප්‍රකාරයෙන් ඒ පුණ්‍යකර්‍ම සිදු කොට එක් වැ මැ සුගතියට ගියමු.

904. සම‍්පත‍්තියොනුභොත්‍වාන දෙවත‍්තෙ අථ මානුසෙ ඡායා විය සරීරෙන සහ තෙනෙව සංසරිං.

904. දෙව් බවෙහි ද වැළි මිනිස් බවෙහි ද සැපත් වළඳා සිරුරින් සෙවනැල්ල මෙන් ඔහු සමග මැ සැරූමු.

905. එකනවුතෙ ඉතො කප‍්පෙ විපස‍්සී නාම නායකො උප‍්පජ‍්ජි චාරුනයනො සබ‍්බධම‍්මවිපස‍්සකො.

905. මෙකපින් එක් අනූවන කප්හි මනහර නුවන් ඇති සියලු දහම් වෙසෙසින් දක්නා ලෝකනායක විදර්ශී බුදුරජාණන් වහන්සේ (ලොවැ) පහළ වූ සේකැ.

906. තදා’යං බන්‍ධුමතියං බ්‍රාහ‍්මණො සාධුසම‍්මතො අඩ‍්ඪො සත්‍ථාගමෙනා’සි ධනෙන ච සුදුග‍්ගතො.

906. එසමයෙහි මේ සිටු තෙමේ බන්‍ධුමතී නගරයෙහි ශාස්ත්‍රාගමයෙන් ආඪ්‍ය, ධනයෙන් ඉතා දුගී වූ බමුණෙක් වී.

907. තදාපි තස‍්ස’හං ආසිං බ්‍රාහ‍්මණී සමචෙතසා කදාචි සො දිජවරො සංගමෙසි මහාමුනිං.

907-908. එකල්හි දු මම සම අදහස් ඇති ඔහුගේ බැමිණි (බිරිය) වූමු. ඒ බමුණු උතුමා කිසියම් දිනෙකැ පිරිස් මැද වැඩහුන් අමා දහම් දෙසන මහමුනිඳුන් හමු වියැ. දහම් අසා තුටුපත් වූයේ (හැඳ පෙරැ වූ දේවතින්) එක්වතක් (මුනිඳුනට) දුන්නේ යැ.

908. නිසින‍්නං ජනකායස‍්මිං දෙසෙන‍්තං අමතං පදං සුත්‍වා ධම‍්මං පමුදිතො අදාසි එකසාටකං.

909. ඝරමෙකෙන වත්‍ථෙනාගත්‍වානෙතං මම’බ්‍රවි අනුමොද මහාඤ‍්ඤෙ දින‍්නං බුද‍්ධස‍්ස සාටකං.

909. එක්වතකින් යුතු වැ ගෙට අවුත් තෙල මට කී: “මහා නුවණැත්ත, (මා විසින්) බුදුරදුනට සළුවක් දෙන ලදි, (එපින්) අනුමෝදන් වව” යි.

910. තදා’හං අඤ‍්ජලිං කත්‍වා අනුමොදිං සුපීණිතා සුදින‍්නො සාටකො සාමි බුද‍්ධසෙට‍්ඨස‍්ස තාදිනො.

910. එසඳ මම් අතිශයින් ප්‍රීතියට පැමිණියා ඇඳිලි බැඳ “හිමියනි, තාදී ගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට සළුව මොනොවට දෙන ලදැ” යි අනුමෝදන් වූමු.

911. සුඛිතො සජ‍්ජිතො හුත්‍වා සංසරන‍්තො භවාභවො බාරාණසීපුරෙ රම‍්මෙ රාජා ආසි මහීපති.

911. (හේ) සුඛිත වූයේ සව්සැපතින් සැදුණේ කුදුමහත් බෙවෙහි සරනුයේ (එක් කලෙකැ) සිත්කලු බරණැස් පුරයෙහි රජ වූයේ යැ.

912. තදා තස‍්ස මහෙසීහං ඉත්‍ථිගුම‍්බස‍්ස උත‍්තමා තස‍්සාතිදයිතා ආසිං පුබ‍්බස‍්නෙහෙන භත‍්තුනො.

912. එසමයෙහි මම ඔහුට මෙහෙසි වූමු, ඔහුගේ (අන්තඃපුර) ස්ත්‍රීසමූහයාට උතුම් වූමු. පූර්‍වජාතිසේනහ හේතුයෙන් ස්වාමියාට ප්‍රිය වූමු.

913. පිණ‍්ඩාය විචරන‍්තෙ සො අට‍්ඨ පච‍්චෙකනායකෙ දිස‍්වා පමුදිතො හුත්‍වා දත්‍වා පිණ‍්ඩං මහාරහං.

913. හේ පිඬු පිණිස හැසිරෙන අට පසේබුදු කෙනකුන් දැක සොම්නස් වැ මහාර්‍හ පිණ්ඩාහාරයක් දී -

914. පුනො නිමන‍්තයිත්‍වාන කත්‍වා රතනමණ‍්ඩපං කම‍්මාරෙහි කතං ඡත‍්තං සොවණ‍්ණං සතහත්‍ථකං.

914-915. යළි නිමන්ත්‍රණ කොට රත්නමය මණ්ඩපයක් තනා තරහලුන් විසින් කරන ලද රන්මුවා සියහත් සැතක් (නඟා) ඒ සියලු පසේබුදුන් වහන්සේ එහි වැඩම කරවා රන් අසුන්හි වැඩහුන් ඔබට සියතින් දන් දුන්නේ යි.

915. සමානෙත්‍වාන තෙ සබ‍්බෙ තෙසං දානමදාසි සො සොණ‍්ණාසනොපවිට‍්ඨානං පසන‍්නො සෙහි පාණිහි.

916. තම‍්පි දානං සහා’දාසිං කාසිරාජෙන’හං තදා පුනා’හං බාරාණසියං අජායිං ද‍්වාරගාමකෙ

916. එසඳ මම ඒ දන් ද කසීරජු හා එක් වැ දුන්මු. යළි මම් බරණැස දොරගමෙකැ උපනුමු.

917. කුටුම‍්බිකකුලෙ ඵීතෙ සුඛිතො සො සහාතුකො ජෙට‍්ඨස‍්ස භාතුනො ජායා අහොසිං සුපතිබ‍්බතා.

917. හේ (බරණැස් රජ) සමෘද්ධිමත් කෙළෙඹි කුලෙකැ බෑයන් සහිත වූයේ සුඛිත වැ උපන්නේ යැ. මම දෙටු බෑයාගේ මනා පතිව්‍රත ඇති භාර්‍ය්‍යා වූමු.

918. පච‍්චෙකබුද‍්ධං දිස‍්වාන මම භත‍්තු කනීයසී භාගන‍්නං තස‍්ස දත්‍වාන ආගතෙ තම‍්හි පාවදි

918. පසේබුදු කෙනකුන් දැක මාගේ සැමියාගේ කණිටු බුහුන ඔහුගේ අහර කොටස (පසේබුදුනට) දී ඔහු ආකල්හි (එය) කීවා යැ.

919. නාභිනන්‍දිත්‍ථ සො දානං තතො තස‍්ස අදාස’හං ඌඛා ආනීය තං අන‍්නං පුනො තස‍්සෙව සො අදා.

919. හේ දානය අභිනන්‍දන නො කෙළේ යැ. (සතුටු නො වියැ) මම එ අහර (පසේමුනිඳුන්ගේ පාත්‍රයෙන්) උකහා ගෙන ඔහුට දුන්මු. හේ යළි ඔබට මැ දුන්නේ යි.

920. තදන‍්නං ඡඩ‍්ඩයිත්‍වාන දුට‍්ඨා බුද‍්ධස‍්ස’හං තදා පත‍්තං කලලපුණ‍්ණං තං අදාසිං තස‍්ස තාදිනො.

920. එකල්හි මම් ද්වේෂිත වූවා එ අහර ඉවතැ ලා පසේ බුදුරදුන්ගේ පාත්‍රය කලලින් පිරුණක් කොට අකම්ප්‍ය ගුණ ඇති ඔබට දුන්මු.

921. දානෙ ච ගහණෙ චෙව අමෙජ‍්ඣෙ පදුමෙ යථා සමචිත‍්තමුඛං දිස‍්වා තදාහං සංවිජිං භුසං.

921. දීමෙහිත් ගැනීමෙහිත් අමේධ්‍යයෙහි හා පද්මයෙහි යම්සේ ද එසේ සමසිත් ඇති මුහුණ දැක එකල්හි මම බෙහෙවින් සංවේගයට පැමිණියෙමු.

922. පුනො පත‍්තං ගහෙත්‍වාන සොධයිත්‍වා සුගන්‍ධිනා පසන‍්නචිත‍්තා පූරෙත්‍වා සඝතං සක‍්ඛරං අදං.

922. නැවත පාත්‍රය ගෙන සුවඳ දියෙන් සෝදා පහන්සිත් ඇති වැ පාත්‍රය පුරා ගිතෙල් සහිත සකුරු දුන්මු.

923. යත්‍ථ යත්‍ථූපපජ‍්ජාමි සුරූපා හොමි දානතො බුද‍්ධස‍්ස අපකාරෙන දුග‍්ගන්‍ධා වදනෙන ච.

923. යම් යම් තෙනෙකැ උපදනෙම් ද දාන හේතුයෙන් සුරූප වෙමි. පසේබුදුනට (කළ) අපකාර හේතුයෙන් දුගඳ මුව ඇති වෙමි.

924. පුන කස‍්සපවීරස‍්ස නිට‍්ඨායන‍්තම‍්හි චෙතියෙ සොවණ‍්ණඉට‍්ඨකවරං අදාසිං මුදිතා අහං.

924. යළි කසුප් බුදුරදුන්ගේ සෑය නිමවන කල්හි ප්‍රමුදිත වූ මම රන්මුවා ගඩොලක් දුන්මු.

925. චතුජ‍්ජාතෙන ගන්‍ධෙන නිචයිත්‍වා තමිට‍්ඨකං මුත‍්තා දුග‍්ගන්‍ධදොසම‍්හා සබ‍්බඞ‍්ගසුසමාගතා.

925. සිවුදෑගඳින් ඒ ගඩොල ලබා දුගඳදොසින් මිදුණී සියල් අඟින් මොනොවට යුතු වූමු.

926. සත‍්තපාතිසහස‍්සානි රතනෙහෙව සත‍්තහි කාරෙත්‍වා ඝතපූරානී වට‍්ටියො ච සහස‍්සසො.

926-927. (මාගේ ස්වාමිපුරුෂ) සත්රුවනින් මැ ගිතෙල් පුරාලු (පහන්) තැටි සත්දහසක් කරවා දහස්ගණනින් වැටි ද බහා (එ පහන්) දල්වා වෙසෙසින් පහන් වූ සිතින් යුතු වැ ලෝකනාථයන් වහන්සේ ට පූජා පිණිස පඞ්කති (පේලි) සතක් කොට තැබූයේ යි.

927. පක‍්ඛිපිත්‍වා පදීපෙත්‍වා ඨපයී සත‍්තපන‍්තියො පූජත්‍ථං ලොකනාථස‍්ස විප‍්පසන‍්නෙන චෙතසා.

928. තදාපි තම‍්හි පුඤ‍්ඤම‍්හි භාගිනී’හං විසෙසතො පුන කාසිසු සඤ‍්ජාතො සුමිත‍්තො ඉති විස‍්සුතො.

928. එදවසැ ද මම් එපින්කම්හි වෙසෙසින් සහභාගිනී වූමු. යළි (ස්වාමිපුරුෂ) කසී දනවුහි උපන්නේ සුමිත්‍ර යයි ප්‍රසිද්ධ වූයේ යැ.

929. තස‍්සා’හං භරියා සුඛිතා සජ‍්ජිතා පියා තදාපි පච‍්චෙකමුනිනො අදාසි ඝනවෙඨනං.

929. මම ඔහුට භාර්‍ය්‍යා වූමු. සුඛිත වූවා සර්‍වාකාරයෙන් සජ්ජිත වූවා ප්‍රිය වූමු. එකල්හි දු (ස්වාමිපුරුෂ) පසේ බුදුකෙනෙකුන්හට ඝන (රන්) නළල්පටක් දුන්නේ යැ.

930. තස‍්සා’පි භාගිනී ආසිං මොදිත්‍වා දානමුත‍්තමං පුනා’පි කාසිරට‍්ඨම‍්හි ජාතො කොලියජාතියා.

930. උතුම් දානය අනුමෝදන් වැ ඒ පුණ්‍යකර්‍මයට ද සහභාගිනී වූමු. යළිදු (ස්වාමිපුරු) කසීරට කෝලිය ජාතියෙහි උපන්නේ යැ.

931. තදා කොලියපුත‍්තානං සතෙහි සහ පඤ‍්චහි පඤ‍්ච පච‍්චෙකබුද‍්ධානං සතානි සමුපට‍්ඨහි.

931. එසඳ (හේ) කෝලියපුතුන් පන්සියයක් සමඟ පන්සියයක් පසේබුදුන් වහන්සේට උපස්ථාන කෙළේ යැ.

932. තෙමාසං තප‍්පයිත්‍වාන අදාසි ච තිචීවරං ජායා තස‍්ස තදා ආසිං පුඤ‍්ඤකම‍්මපථානුගා.

932. තෙමසක් මුළුල්ලෙහි (බොජුනෙන්) සතප්වා තුන්සිවුරු ද දුන්නේ යි. එකලැ (මම) පුණ්‍යකර්‍මපථානුගත වූ ඔහුගේ භාර්‍ය්‍යා වූමු.

933. තතො චුතො අහූ රාජා නන්‍දො නාම මහායසො තස‍්සාපි මහෙසී ආසිං සබ‍්බකාමසමිද‍්ධිනී.

933. (හේ) එතැනින් ච්‍යුත වූයේ මහායශස් ඇති නන්‍ද නම් රජ වූයේ යැ. (මම් ද) ඔහුට සියලුකාමයෙන් සමෘද්ධ වූ මෙහෙසි වූමු.

934. තදා ච සො භවිත්‍වාන බ්‍රහ‍්මදත‍්තො මහීපති පදුමවතීපුත‍්තානං පච‍්චෙකමුනිනං තදා.

934-935. එකලැ හේ බඹදත් රජ වැ පදුමවතීගේ පුතුන් වූ පන්සියයක් පසේමුනිඳුන් රාජෝද්‍යානයෙහි නිවාසග්‍රහණ කරවා දිවිහිම් කොට උපස්ථාන කෙළේ යැ. පිරිනිවන් පෑ කල්හි දු ඔබ පිදුයේ යි.

935. සතානි පඤ‍්ච’නූනානි යාවජීවං උපට‍්ඨහි රාජුය්‍යානෙ නිවාසෙත්‍වා නිබ‍්බුතානි ච පූජයි.

936. චෙතියානි ච කාරෙත්‍වා පබ‍්බජිත්‍වා උභො මයං භාවෙත්‍වා අප‍්පමඤ‍්ඤායො බ්‍රහ‍්මලොකං අගම‍්හසෙ.

936. චෛත්‍යය ද කරවා අපි දෙදෙන පැවිදි වැ අප්පමඤ්ඤා වඩා බඹලොව ගියෙමු.

937. තතො චුතො මහාතිත්‍ථෙ සුජාතො පිප‍්ඵලායනො මාතා සුමනදෙවීති කොසියගොත‍්තො දිජො පිතා.

937. (හේ) එයින් ච්‍යුත වූයේ මහාතිත්‍ථ බමුණුගම පිප්‍ඵලායන නමින් උපන්නේ යැ. මවු සුමනදේවි නම් වූ කෝසියගොත්ත බමුණු පියා වියැ.

938. අහං මද‍්දජනපදෙ සාගලායං පුරුත‍්තමෙ කපිලස‍්ස දිජස‍්සා’සිං ධීතා මාතා සුචීමති.

938. මම මදද දනවුහි සාගල පුරවරයෙහි කපිල බමුණුහුගේ දුහිතෘ වූමු. මවු සුවිමතී නම් වූ.

939. ඝනකඤ‍්චනබිම‍්බෙන නිම‍්මිණිත්‍වාන මං පිතා අදා කස‍්සපධීරස‍්ස කාමාසාවජ‍්ජිතස‍්ස මං.

939. පිය තෙමේ ඝනරන් ප්‍රතිබිම්බයකින් මා පිළිරුව නිමවා කාමාසායෙන් තොර වූ කස්සප ධීරයන් (පිප්‍ඵල මාණවකයන්) හට මා (සරණ කොට) දුන්නේ යි.

940. කදාචි සො කාරුණිකො ගන‍්ත්‍වා කම‍්මන‍්තපෙක‍්ඛනං කාකාදිකෙහි ඛජ‍්ජන‍්තෙ පාණෙ දිස‍්වාන සංවිජි.

940. කිසියම් දිනෙකැ හේ (මාගේ ස්වාමිපුරුෂ) කර්‍මාන්ත ස්ථානය දක්නට ගොස් කාකාදීන් විසින් කනු ලබන පණුවන් දැක සංවේගයට පත් වියැ.

941. ඝරෙ චා’හං තිලෙ ජාතෙ දිස‍්වානාතපතාපනෙ කිමී කාකෙහි ඛජ‍්ජන‍්තෙ සංවෙගමලභිං තදා.

941. මම් දු එවේලෙහි ගෙහි වූ තල අව්වෙහි ලා වියලන කල්හි කවුඩන් විසින් කනුලබන කෘමීන් දැක සංවේග ලත්මු.

942. තදා සො පබ‍්බජී ධීරො අහං තමනූපබ‍්බජිං පඤ‍්ච වස‍්සානි නිවසිං පරිබ‍්බාජවතෙ අහං.

942. එකල්හි ඒ ධීර වූ කාශ්‍යප පැවිදි වූයේ යැ. මම ඔහු අනු වැ පැවිදි වූමු. මම් හවුරුදු පසක් මුළුල්ලෙහි පිරිවැජිවත්හි වුසූමු.

943. යදා පබ‍්බජිතා ආසි ගොතමී ජිනපොසිකා තදා’හං තමුපාගන‍්ත්‍වා බුද‍්ධෙන අනුසාසිතා.

943. යම් කලෙකැ බුදුරදුන් හැදූ වැඩූ මවු වූ මහාපජාපති ගෝතමි පැවිදි වූවා ද, එකලැ මම බුදුරදුන් විසින් අනුශාසිත වූවා ඔබ කරා එළැඹැ (මහණ මහලු පැවිදි ලත්මු.)

944. න චිරෙනෙව කාලෙන අරහත‍්තමපාපුණිං අහො කල්‍යාණමිත‍්තත‍්තං කස‍්සපස‍්ස සිරීමතො.

944. නොබෝකලෙකින් ම රහත්බවට පැමිණියමු. කාශ්‍යප ශ්‍රීමත්හුගේ කල්‍යාණමිත්‍රතාව ආශ්චර්‍ය්‍ය යි.

945. සුතො බුද‍්ධස‍්ස දායාදො කස‍්සපො සුසමාහිතො පුබ‍්බෙනිවාසං යො වෙදී සග‍්ගාපායඤ‍්ච පස‍්සති.

945. බුදුහු අනුජාත පුත්‍ර වූ එහෙයින් ම බුද්ධදායාද වූ මොනොවට සමාහිත වූ යම් කාශ්‍යප ස්ථවිර කෙනෙක් පෙරවිසූ කඳපිළිවෙළ දනිත් ද ස්වර්‍ගය හා අපාය හා (සිවැසින්) දකිත් ද.

946. අථො ජාතික‍්ඛයං පත‍්තො අභිඤ‍්ඤාවොසිතො මුනි එතාහි තීහි විජ‍්ජාහි තෙවිජ‍්ජො හොති බ්‍රාහ‍්මණො.

946. වැළි අර්‍හත්‍වයට පැමිණියාහු ද මාර්‍ගඥානයෙන් දැන කරණී අවසන් කළ ඒ ක්‍ෂීණාස්‍රව මුනිහු තෙල ත්‍රිවිද්‍යා හේතුකොට ගෙන ත්‍රිවිද්‍යාප්‍රාප්ත බ්‍රාහ්මණ වෙත්.

947. තථෙව භද‍්දා කාපිලානී තෙවිජ‍්ජා මච‍්චුහායිනී ධාරෙති අන‍්තිමං දෙහං ජෙත්‍වා මාරං සවාහිනිං.

947. එසෙයින් ම භද්දාකාපිලානී ත්‍රිවිද්‍යාප්‍රාප්ත යැ, මරු පලවා හරනාසුලු යැ. සේනා සහිත මරු දිනා පැසුළු කය ධරන්නී වෙයි.

948. දිස‍්වා ආදීනවං ලොකෙ උභො පබ‍්බජිතා මයං ත්‍යම‍්හා ඛීණාසවා දන‍්තා සීතිභූතාම‍්හ නිබ‍්බුතා.

948. ලෝකයෙහි ආදීනව දැක අපි දෙදෙනා පැවිදි වූම්හ, ඒ අපි ක්‍ෂීණාස්‍රවයම්හ, දාන්තයම්හ, ශීතිභූතයම්හ, නිර්‍වෘතයම්හ.

949-951. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

949. - 951. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහ ... බුදුසසුන් කොට නිමවන ලදී.

ඉත්‍ථං සුදං භද‍්දාකාපිලානී භික‍්ඛුනී ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් භද්දාකාපිලානී මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.

භද‍්දාකාපිලානි ථෙරියාපදානං සත‍්තමං.

සත්වැනි භද්දාකාපිලානී ස්ථවිරාපදාන යි.