3. 8 යසොධරාපදානං
3. 8 යසොධරාපදානං
3. 8 යසෝධරාපදානය
952. එකස්මිං සමයෙ රම්මෙ ඉද්ධෙ රාජගහෙ පුරෙ පබ්භාරම්හි වරෙකස්මිං වසන්තෙ නරනායකෙ.
952. එක්සමයෙක්හි රම්‍ය වූ සමෘද්ධිමත් රජගහ නුවරැ එක්තරා ගිරිගුහායෙක්හි නරනායක වූ තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන සෙමෙහි -
953. වසන්තියා තම්හි නගරෙ රම්මෙ භික්ඛුනුපස්සයෙ යසොධරා භික්ඛුනියා එවං ආසි විතක්කිතං;
953. එනුවරැ මනරම් මෙහෙණවරෙකැ වෙසෙන යශෝධරා තෙරණියනට මෙබඳු විතර්කයෙක් වූයේ යැ:
954. “නන්දො රාහුලභද්දො ච සාවකග්ගා තථෙව ච සුද්ධොදනො මහාරාජා ගොතමී ච පජාපතී.
954-955. “නන්ද යැ, රාහුලභද්‍ර යැ, එසෙයින් මැ අග්‍රශ්‍රාවක යැ, සුද්ධෝදන මහරජ යැ, පජාපතිගෝතමී යැ, ප්‍රසිද්ධ මහතෙරණුවෝ යැ, මහත් ඍද්ධි ඇති තෙරණියෝ යැ යන ඔබ ආස්‍රව රහිත වූවාහු (තෙල් රහිත) පහන්සිළු සෙයින් ශාන්තියට ගියාහු මැ වූහු.
955. අභිඤ්ඤාතා ච මහාථෙරා ථෙරියො ච මහිද්ධිකා සන්තිං ගතාව ආසුං තෙ දීපච්වීව නිරාසවා.
956. ලොකනාථෙ ධරන්තෙව අහම්පි ච සිවං පදං ගමිස්සාමී”ති චින්තෙත්වා පස්සන්තී ආයුමත්තනො.
956. ලෝකනාථයන් වහන්සේ ධ්‍රියමාන කල්හි මැ මම් දු ශාන්තියට යන්නෙමි” යි සිතා තමන් ආයු පමණ බලන්නී -
957. පස්සිත්වා ආයුසඞ්ඛාරං තදහෙව ඛයං ගතං පත්තචීවරමාදාය නික්ඛමිත්වා සකස්සමා.
957. එදවසැ මැ ක්ෂයයට ගිය අයුසංස්කාර දැක පා සිවුරු ගෙන සිය අසපුවෙන් නික්මැ -
958. පුරක්ඛතා භික්ඛුනීහි සතෙහි සහස්සෙහි සා මහිද්ධිකා මහාපඤ්ඤා සම්බුද්ධං උපසඞ්කමි.
958. සිය ගණන් දහස්ගණන් මෙහෙණන් විසින් පෙරටු කරනලද මහත් ඍද්ධි ඇති මහත් ප්‍රඥා ඇති ඒ යශෝධරාවෝ සම්බුදුරජුන් කරා එළැඹුණාහ.
959. සම්බුද්ධං අභිවාදෙත්වා සත්ථුනො චක්කලක්ඛිනො නිසින්නා එකමන්තම්හි ඉදං වචනමබ්රවී:
959. සම්බුදුහු වැඳ සක් ලකුණු ඇති ස්ථරහු වෙතැ එකත් පසෙකැ හුන්නා මෙවදන් බිණූහු:
960. “අට්ඨසත්තතිවස්සා’හං පච්ඡිමො වත්තතෙ වයො පබ්භාරං හි අනුප්පත්තා ආරොචෙමි මහාමුනෙ.
960. “මහාමුනිතුමනි, (ඔබට) සැලකරමි: මම අටසැත්තෑ හැවිරිදි වෙමි. (මේ) පැසුළු වයස වෙයි, මරණ නමැති ප්‍රපාතයට පැමිණ සිටියා වෙමි.
961. පරිපක්කො වයො මය්හං පරිත්තං මම ජීවිතං පහාය වො ගමිස්සාමි කතං මෙ සරණමත්තනො.
961. මාගේ වයස මුහුකුරා සිටුනේ යැ, මාගේ ජීවිතය මද කල් පවත්නේ යැ, තොප හැර යන්නෙමි, මා විසින් තමහට පිහිට කරගන්නා ලදි.
962. වයං හි පච්ඡිමෙ කාලෙ මරණං උපරුන්ධති අජ්ජ රත්තිං මහාවීර පාපුණිස්සාමි නිබ්බුතිං.
962. මරණ තෙම පශ්චිමකාලයෙහි ආයු පෙළ යි, මහාවීරයන් වහන්ස අද රැය නිවනට පැමිණෙන්නෙමි.
963. නත්ථි ජාති ජරා ව්‍යාධි මරණඤ්ච යහිං මුනෙ තත්ථ ගච්ඡාම’හං වීර ගතො යත්ථ න දිස්සති.
963. මුනිවරයන් වහන්ස, යම් තෙනෙකැ ජාති - ජරා - ව්‍යාධි - මරණ නැත් ද, යම් තෙනෙකැ ගිය සත්ව නො පැනේ ද, වීරයන් වහන්ස, මම එහි යන්නෙමි.”
964. යාවතා පරිසා එත්ථ සමුපාසන්ති සත්ථුනො අපරාධං පජානන්ති ඛමන්තං සම්මුඛා මුනෙ.
964. මෙහි යම් පමණ පිරිස් කෙනෙක් ශාස්තෲන් වහන්සේ වෙතැ රැස් වැ හිඳිත් ද, (ඔහු මා කළ) දොසක් දනිත් නම් මුනිඳුන් හමියෙහි කමත්වා!
965. සංසරිත්වා ච සංසාරෙ ඛලිතං චෙ මමං තයි ආරොචෙමි මහාවීර අපරාධං ඛමස්සු මෙ.
965. මහාවීරයාණෙනි, සැලකරමි: සසරැ සරා ඇවිදුනා සෙමෙහි තොප කෙරෙහි ඉදින් මාගේ දොසෙක් වී නම් එය ක්ෂමා කරව.”
966. සුත්වාන තස්සා වචනං මුනින්දො ඉදමබ්රවි කිමුත්තරං තෙ වක්ඛාමි නිබ්බානාය වජන්තියා.
966. ඇගේ වදන් අසා මුනීන්ද්රයන් වහන්සේ මෙය වදාළසේකැ: “නිවනට යන තොපට මතු කුමක් නම් කියම් ද?
967. ඉද්ධිං චාපි නිදස්සෙහි මම සාසනකාරිකෙ පරිසානඤ්ච සබ්බාසං කඞ්ඛං ඡින්දස්සු සාසනෙ.
967. මාගේ අනුසසුන් කරන්න, ඍද්ධි ද දක්ව, සසුන්හි ලා සියලු පිරිස් හි සැක ද සිඳලව” යි.
968. සුත්වා තං මුනිනො වාචං භික්ඛුනී සා යසොධරා වන්දිත්වා මුනිරාජං තං ඉදං වචනමබ්රවි:
968. මුනිඳුන්ගේ එවදන් අසා ඒ යශෝධරා මෙහෙණ එ මුනිරජුන් වැඳ මේ වචන කිවු:
969. “යසොධරා අහං වීර අගාරෙ තෙ පජාපති සාකියම්හි කුලෙ ජාතා ඉත්ථියඞ්ගෙ පතිට්ඨිතා.
969. වීරයන් වහන්ස, ශාක්‍යකුලයෙහි උපන් ස්ත්රීලක්ෂණයෙහි පිහිටි මම් යශෝධරා වෙමි, ගිහිගෙහි දී තොපගේ ප්‍රජාපති (භාර්‍ය්‍යා) වූමු.
970. ථිනං සතහසස්සානං නවුතීනං ඡළුත්තරි අගාරෙ තෙ අහං වීර පාමොක්ඛා සබ්බඉස්සරා.
970. වීරයාණෙනි, මම තොපගේ නිවසෙහි එක්ලක්ෂසයානූදහසක් කාන්තාවනට ප්රමුඛ වූමු. සියල්ලට ඉසුරු ද වූමු.
971. රූපාචාරගුණූපෙතා යොබ්බනට්ඨා පියංවදා සබ්බා මං අපචායන්ති දෙවතා විය මානුසා.
971. රූප - ආචාර ගුණයෙන් යුතු යොවුන් වියෙහි සිටි මම ප්‍රියතෙපුල් ඇති වූමු, මිනිසුන් දෙවියන් පුදනු සෙයින් සියල්ලෝ මා පුදත්.
972. කඤ්ඤාසහස්සප්පමුඛා සක්යපුත්තනිවෙසනෙ සමානසුඛදුක්ඛා තා දෙවතා විය නන්දනෙ.
972. ශාක්‍යපුත්‍රයන්ගේ නිවෙස්හි සහස්රකන්යාවනට ප්රමුඛ වූමු. සමාන සුවදුක් ඇති උහු (ඒ කන්‍යාවෝ) නඳුනුයනෙහි දේවතා බඳු වූහු.
973. කාමධාතුමතික්කන්තා සණ්ඨිතා රූපධාතුයා රූපෙන සදිසා නත්ථි ඨපෙත්වා ලොකනායකං.”
973. කාමධාතු ඉක්මැ වූවා රූපධාතුහි සිටියා වෙමි. ලෝකනායකයන් තබා රූපයෙන් (මට) සමාන වූවක් නැති.
974. එවමාදීනි වත්වාන උප්පතිත්වාන අම්බරං ඉද්ධි අනෙකා දස්සෙසි බුද්ධානුඤ්ඤා යසොධරා.
974. යශෝධරාවෝ මේ ආදිය කියා අහසට පැන නැගැ බුදුරදුන්ගේ අනුදැන්මෙන් නොයෙක් ඍද්ධි දැක් වූහ.
975. චක්කවාළසමං කායං සීසං උත්තරතො කුරු උභො පක්ඛා දුවෙ දීපා ජම්බුදීපො සරීරතො.
975. කය සක්වළ හා සම යැ, හිස උතුරුදෙසින් වූ කුරු දිවයින යැ, පියාපත් යුවළ (පූර්වවිදේහ - අපරගොයාන යන) දෙ දිව් යැ, සිරුරින් දඹදිව යැ.
976. දක්ඛිණඤ්ච සරං පිඤ්ජං නානාසාඛා තු පත්තකා චන්දො ච සුරියො අක්ඛි මෙරුපබ්බතතො සිඛා.
976. පිල්කළඹ දකුණු සයුර යැ, පියාපත් නානා (වෘක්ෂ) ශාඛා යැ, දෙයැස සඳහිර යැ, මේරුපර්වතයෙන් ශිඛා යැ.
977. චක්කවාළගිරි තුණ්ඩං ජම්බුරුක්ඛං සමූලකං වීජමානා උපාගන්ත්වා වන්දතෙ ලොකනායකං.
977. තුඩ සක්වළ ගිර යැ (මෙබඳු ළිහිණි රුවක් මවා දඹදිවට සලකුණු වූ) දඹරුක මුල් සහිත වැ උපුටා (එයින්) පවන් සලමින් එළැඹැ ලෝකනායකයන් වහන්සේ වඳිති.
978. හත්ථිවණ්ණං තථෙව’ස්සං පබ්බතං ජලධිං තථා වන්දිමං සුරියං මෙරුං සක්කවණ්ණඤ්ච දස්සයි.
978. ඇත්රුවක් ද, එසෙයින් ම අස්රුවක් ද, පව්වක් ද, මහසයුර ද, එසේ ම සඳු ද හිරු ද මෙරුව ද සක්රුව ද දැක්වූහ.
979. “යසොධරා අහං වීර පාදෙ වන්දාමි චක්ඛුම” සහස්සං ලොකධාතූනං ඵුල්ලපද්මෙන ඡාදයි.
979. වීරයන් වහන්ස, මම යශෝධරා යැ, චක්ෂුර්මතුන් වහන්ස, (තොප) පා වඳිමි යි (කියමින්) දහසක් ලෝධා විකසිත පද්මයකින් වැසූහ.
980. බ්රහ්මවණ්ණඤ්ච මාපෙත්වා ධම්මං දෙසෙසි සුඤ්ඤතං “යසොධරා අහං වීර පාදෙ වන්දාමි චක්ඛුම.
980. බ්රහ්මවේශ ද මවා ශුන්‍යතාප්‍රතිසංයුක්ත ධර්මදේශනා කළාහ. (යළි මෙසේ ද කියයි:) වීරයාණෙනි, මම් යශෝධරා යැ, චක්‍ෂුර්මතාණනි, (තොප) පා වඳිමි.
981. ඉද්ධිසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොමි මහාමුනි.
981. මහාමුනිතුමනි, ඍද්ධියෙහි ද, දිබ්බසෝතධාතුයෙහි (දිව කන්හි) ද වසී වෙමි. මෙරමාසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි.
982. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං. සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
982. පෙරැ විසූ කඳපිළිවෙළ දන්මි, දිවැස් පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රව ක්ෂීණ යැ, දැන් පුනර්භවයෙක් නැති.
983. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මය්හං මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
983. මහාවීරයන් වහන්ස, අර්ත්ථ - ධරුම - නිරුක්තියෙහි ද, එසෙයින් ම ප්‍රතිභානයෙහි ද ඥානය තොප හමියෙහි දී මට උපන.
984. බුද්ධානං ලොකනාථානං සඞ්ගමං තෙ සුදස්සිතං අධිකාරං බහුං මය්හං තුය්හත්ථාය මහාමුනෙ.
984. මහාමුනිතුමනි, ලෝකනාථ වූ බුදුවරයන්ගේ සඞ්ගමය තොප විසින් මොනොවට දක්වන ලද යැ, තොප පිණිස මාගේ අධිකාර ද බොහෝ යි.
985. යං මය්හං පුරිමං කම්මං කුසලං සරසෙ මුනෙ තුය්හත්ථාය මහාවීර පුඤ්ඤං උපචිතං මයා.
985. මුනිතුමනි, පෙරැදෑහි (කළ) මාගේ යම් කුශලකර්මයෙක් වේ ද එය සිහි කරනු මැනැවි, මහාවීරයාණෙනි, තොප පිණිස මා විසින් පින් රැස්කරනලද යැ.
986. අභබ්බට්ඨානෙ වජ්ජෙත්වා වාරයිත්වා අනාචරං තුය්හත්ථාය මහාවීර සඤ්චත්තං ජීවිතං මයා.
986. මහාවීරයාණනි, අභව්‍යස්ථාන හැරපියා අනාචාර දුරු කොට තොප සඳහා මා විසින් ජීවිතපරිත්‍යාග කරන ලදී.
987. නෙකකොටිසහස්සානං භරියත්ථාය’දාසි මං න තත්ථ විමනා හොමි තුය්හත්ථාය මහාමුනි
987. මහාමුනිතුමනි, නොයෙක් කෙළදහස්ගණන් දෑහි භාර්‍ය්‍යා පිණිස මා දුන්නහු. තොපට වැඩ පිණිස එහිලා දොම්නස් නො ද වෙමි.
988. නෙකකොටිසහස්සානං උපකාරාය’දාසි මං න තත්ථ විමනා හොමි තුය්හත්ථාය මහාමුනි.
988. නොයෙක් කෙළදහස් අත්බව්හි (අනුනට) උපකාර පිණිස මා දුන්නහු, මහාමුනිතුමනි, තොපට වැඩ සඳහා එහිලා නො ද දොම්නස් වෙමි.
989. නෙකකොටිසහස්සානං භොජනත්ථාය’දාසි මං න තත්ථ විමනා හොමි තුය්හත්ථාය මහාමුනි.
989. මහාමුනීන්ද්රයන් වහන්ස, අනේකකෝටි සහස්රජාතීන්හි ආහාර සඳහා මා (යක්ෂ රාක්ෂසාදීන්ට) දුන්නහු, තොපට අර්ත්ථ පිණිස එහිලා විරුද්ධමනස් ඇති නො වෙමි.
990. නෙකකොටිසහස්සානි ජීවිතානි පරිච්චජිං භයමොක්ඛං කරිස්සං ති චජාමි මම ජීවිතං.
990. නොයෙක් කෙළදහස්ගණන් ජාතිවලැ (තොප සඳහා මාගේ) ජීවිතය පරිත්‍යාග කළමු. (සිංහව්‍යාඝ්‍රාදීන්ගෙන් වන) බියෙන් (තොප) මුදවන්නෙමැ යි මාගේ ජීවිතය (ඔවුනට) දුන්මු.
991. අඞ්ගගතෙ අලඞ්කාරෙ වත්ථෙ නානාවිධෙ බහූ ඉත්ථිමණ්ඩෙ න ගූහාමි තුය්හත්ථාය මහාමුනි.
991. ශරීරගත පලඳනා ද නන්වැදෑරුම් බොහෝ වස්ත්‍ර ද ස්ත්‍රී ආභරණ ද මහාමුනිතුමනි, තොප පිණිස නො ද සඟවා තබමි. (යදිනට දෙමි).
992. ධනධඤ්ඤපරිච්චාගං ගාමානි නිගමානි ච ඛෙත්තා පුත්තා ච ධීතා ච පරිච්චත්තා මහාමුනෙ.
992. මහාමුනිතුමනි, (තොප පිණිස) ධනධාන්‍ය පරිත්‍යාග කළමු. ගම් නියම්ගම් ද කෙත් ද දූපුත්හු ද පරිත්‍යාග කරන ලදහ.
993. හත්ථි අස්සා ගවා චාපි දාසියො පරිචාරිකා තුය්හත්ථාය මහාවීර පරිච්චත්තා අසඞ්ඛියා.
993. මහාවීරයාණෙනි, සංඛ්‍යා රහිත ඇත්තු ද අස්හු ද ගවයෝ ද දැස්සෝ ද සේවිකාවෝ ද තොප සඳහා මා විසින් පරිත්‍යාග කරන ලදහ.
994. යං මය්හං පටිමන්තෙසි දානං දස්සාමි යාචකෙ විමනං මෙ න පස්සාමි දදතො දානමුත්තමං.
994. ‘යදියනට දන් දෙමි’ යි යම් බසක් මට පවසන්නහු ද (එලෙසින්) උතුම් දන් සේන තොප පිළිබඳ වූ මාගේ දොම්නසෙක් නො ද දක්මි.
995. නානාවිධං බහුං දුක්ඛං සංසාරෙ ච බහුබ්බිධෙ තුය්හත්ථාය මහාවීර අනුභුත්තං අසඞ්ඛියං.
995. මහාවීරයාණනි, සසරැ විවිධ ජාතිවලැ අපමණ වූ නන් වැදෑරුම් බොහෝ දුක් තොප පිණිස විඳුනා ලද යැ.
996. සුඛප්පත්තා න මොදාමි න ච දුක්ඛෙසු දුම්මනා සබ්බත්ථ තුලිතා හොමි තුය්හත්ථාය මහාමුනෙ.
996. මහාමුනිතුමනි, සුවපත් වූවා (උදම් වැ) නො ද සතුටු වෙමි, දුකෙහි දි නො ද දුමනස් ඇති වෙමි. තොප සඳහා සැම තැන්හි තුලා බඳු (සම) වෙමි.
997. අනුමග්ගෙන සම්බුද්ධො යං ධම්මං අභිනීහරි අනුභුත්වා සුඛං දුක්ඛං පත්තො බොධිං මහාමුනි.
997. සම්බුදුරජාණන් වහන්සේ මගපිළිවෙළින් යම් ධර්මයක් ගෙනහැර වදාළසේක් ද, මහාමුනීන්ද්රයන් වහන්සේ සුවදුක් අනුභව කොට (ඒ) සම්මා සම්බෝධියට පැමිණි සේකැ.
998. බ්රහ්මදෙවඤ්ච සම්බුද්ධං ගොතමං ලොකනායකං. අඤ්ඤෙසං ලොකනාථානං සඞ්ගමා තෙ බහූ මයා.
998. බ්‍රහ්මදේව නම් වු ලෝකනායක (පුරාණ) ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අපි දෙදෙනමෝ දුටුම්හ. (අපරභාගයෙහි පහළ වූ) අන්‍ය ලෝකනාථයන් වහන්සේගේ සමාගම් ද තොප විසිනුදු මා විසිනුදු ලබන ලද යැ.
999. අධිකාරං බහුං මය්හං තුය්හත්ථාය මහාමුනෙ ගවෙසතො බුද්ධධම්මෙ අහං තෙ පරිචාරිකා.
999. මහාමුනිතුමනි, තොප පිණිස මා විසින් කරනලද අධිකාර බෙහෙව, බුදුකුරුදහම් සොයන තොපට මම් පරිචාරිකා වූමු.
1000. කප්පෙ සතසහස්සෙ ච චතුරො ච අසඞ්ඛියෙ දීපඞ්කරො මහාවීරො උප්පජ්ජි ලොකනායකො.
1000. (මෙ කපින්) චතුරාසඞ්ඛ්යයක් අධික කොට ඇති සුවහස්වන කප්හි ලෝකනායක වූ දීපඞ්කර බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
1001. පච්චන්තදෙසවිසයෙ නිමන්තෙත්වා තථාගතං තස්ස ආගමනං මග්ගං සොධෙන්ති තුට්ඨමානසා.
1001. පසල් දනව්වෙකැ (දනෝ) තථාගතයන් වහන්සේට නිමන්ත්‍රණය කොට ඔබ වඩනා මඟ තුටුසිත් ඇත්තාහු පිරිසිදු කෙරෙත්.
1002. තෙන කාලෙන සො ආසි සුමෙධො නාම බ්රාහ්මණො. මග්ගඤ්ච පටියාදෙසි ආයතො සබ්බදස්සිනො.
1002. එ සමයෙහි සුමේධ නම් බ්‍රාහ්මණයෙක් වූයේ යැ, හේ සියල්ල දක්නාසුලු වඩනා බුදුරදුනට මඟ ද සකසා දුන්නේ යි.
1003. තෙන කාලෙන’හං ආසිං කඤ්ඤා බ්රාහ්මණසම්හවා සුමිත්තා නාම නාමෙන උපගඤ්ඡිං සමාගමං.
1003. එකල්හි මම බමුණුකුලෙහි උපන්නෙම් නමින් සුමිත්තා නම් වූ කන්‍යාවක් වූමු. (තථාගත) සමාගමයට ද එළැඹුණුමු.
1004. අට්ඨ උප්පලහත්ථානි පූජනත්ථාය සත්ථුනො ආදාය ජනසම්මෙජ්ඣ අද්දසං ඉසිමුග්ගතං.
1004. ශාස්තෲන් වහන්සේ පුදනු සඳහා උපුල් අටමිටක් රැගෙන (ගිය මම) ජනසමාගම මධ්‍යයෙහි (හුන්) උග්‍ර තපෝව්‍රත ඇති ඍෂි කෙනෙකුන් දුටුමු.
1005. චීරානුපරි ආසීනං අතිකන්තං මනොහරං දිස්වා තදා අමඤ්ඤිස්සං “සඵලං ජීවිතං මම.”
1005. එසඳ වැහැරි මතුයෙහි හුන් අතිකාන්ත වූ මනෝහර වූ ඍෂිහු දැක “මාගේ ජීවිතය සඵල යැ” යි සිතමු.
1006. පරක්කමං තං සඵලං අද්දසං ඉසිනො තදා පුබ්බකම්මෙන සම්බුද්ධෙ චිත්තඤ්චාපි පසීදි මෙ.
1006. එදවසැ (සුමේධ) ඍෂිහුගේ ඵල සහිත ඒ (ජීවිත පරිත්‍යාග සඞ්ඛ්‍යාත) පරාක්‍රමය දුටුමු. පූර්වපුණ්යකර්ම හේතුයෙන් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි මාගේ සිත ද ප්‍රසන්න වී.
1007. භිය්යො චිත්තං පසාදෙසිං ඉසෙ උග්ගතමානසෙ දෙය්යං අඤ්ඤං න පස්සාමි දෙමි පුප්ඵානි තෙ ඉසෙ.
1007. උදාර මනස් ඇති ඍෂිවරයා කෙරෙහි බෙහෙවින් සිත පහදවාලූමු. (මෙසේ ද කීමු:) තපස්වීතුමනි, දියයුතු අන්දැයක් නො දක්මි, තොපට (මේ) මල් දෙමි.
1008. පඤ්ච හත්ථා තව හොන්තු තයො හොන්තු මමං ඉසෙ තෙන සිද්ධි සමා හොතු බොධත්ථාය තවං ඉසෙ.
1008. තවුසාණනි, (මේ උපුල් අට මිටෙන්) පස් මිටෙක් තොපට වේවා. තුන් මිටෙක් මට වේවා. එයින් (අපගේ ප්‍රාර්‍ත්‍ථනා) සිද්ධිය සම වේවා. ඍෂිතුමනි, තොපගේ බුද්ධත්වය පිණිස ද වේවා.
භාණවාරං චතුත්ථං.
1009. ඉසි ගහෙත්වා පුප්ඵානි ආගච්ඡන්තං මහායසං පූජෙසි ජනසම්මජ්ඣෙ බොධත්ථාය මහාඉසිං.
1009. සුමේධ තවුස් තෙමේ ඒ මල් රැගෙන බුදුබව පිණිස (එයින්) ජනසන්නිපාත මධ්‍යයෙහි වැඩම කරන මහායශස් ඇති මහර්ෂි බුදුරජාණන් වහන්සේ පිදුයේ යි.
1010. පස්සිත්වා ජනසම්මජ්ඣෙ දීපඞ්කරො මහාමුනි වියාකාසි මහාවීරො ඉසිං උග්ගතමානසං.
1010. ජනසමාගම මධ්‍යයෙහි (සිටුනා) උදාරසිත් ඇති ඍෂිහු දැක මහාවීර වූ දීපඞ්කර මුනීන්ද්රයන් වහන්සේ මෙසේ වදාළ සේකැ:
1011. සමචිත්තා සමකම්මා සමකාරී භවිස්සති පියා හෙස්සති කම්මෙන තුය්හත්ථාය මහාඉසෙ.
1011. (මෝ තොප හා) සමසිත් ඇති, සමකර්ම ඇති සමවැ ක්‍රියා කරන්නක් වෙයි, මහාතවුස, තොපට වැඩ පිණිස ක්‍රියායෙන් ප්‍රිය ද වේ.
1012. සුදස්සනා සුප්පියා ච මනාපා පියවාදිනී තස්ස ධම්මෙසු දායාදා පියා හෙස්සති ඉත්ථිකා,
1012. මනාදැකුම් ඇති, මොනොවට ප්‍රිය වූ, මන වඩන, ප්‍රිය තෙපුල් බණන, ඒ තොපගේ ධර්මයට දායාද වූ ප්‍රිය භාර්‍ය්‍යාවක් වෙයි.
1013. යථාපි භණ්ඩසාමුග්ගං අනුරක්ඛන්ති සාමිනො එවං කුසලධම්මානං අනුරක්ඛිස්සතෙ අයං.
1013. යම්සේ ධනහිමයෝ භාණ්ඩසමුද්ගය (ධනාගාරය) රකිත් ද, එසෙයින් කුසල්දහම් පිළිබඳ සමුද්ගය මෝ තොමෝ රක්නී යැ.
1014. තස්ස තෙ අනුකම්පන්තී පූරයිස්සති පාරමී සීහොව පඤ්ජරං භෙත්වා පාපුණිස්සති බොධියං.
1014. ඒ තොපට අනුකම්පා කරමින් පාරමි ධර්ම පුරන්නී යැ, පඤ්ජරය (කූඩුව) බිඳ පියා පලායන සිංහයකු සෙයින් මෝ අර්හත්වයට පැමිණෙයි.
1015. අපරිමෙය්යෙ ඉතො කප්පෙ යං මං බුද්ධො වියාකරි තං වාචං අනුමොදන්තී එවංකාරී භවිං අහං.
1015. මෙකපින් පෙර අපරිමේය කපෙක්හි (දීපඞ්කර) බුදුරජාණන් වහන්සේ මට යමක් ප්‍රකාශ කළසේක් ද, එවදන් අනුව සතුටුවන මම් එසේ කරන්නක් වූමු.
1016. තස්ස කම්මස්ස සුකතස්ස තත්ථ චිත්තං පසාදයිං දෙවමානුසකං යොනිං උපපජ්ජ අසඞ්ඛියං.
1016-1017. එ බුදුන් කෙරෙහි සිත පහසවා ලූමු. ඒ කුශල කර්ම බලයෙන් අපමණ දෙව්මිනිස්දෑහි උපත ලබා දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සුවදුක් වළඳ කොට පැසුළු භවය එළැඹැ සිටි කල්හි ශාක්‍ය කුලයෙහි උපන්මු.
1017. අනුභොත්වා සුඛං දුක්ඛං දෙවෙසු මානුසෙසු ච පච්ඡිමෙ භවෙ සම්පත්තෙ අජායිං සාකියෙ කුලෙ.
1018. රූපවතී භොගවතී යසසීලවතී තථා සබ්බඞ්ගසම්පදා හොමි කුසලෙසු අතිසක්කතා.
1018. රූ ඇති වෙමි, භෝග ඇත් වෙමි, යශස් හා සිල් ඇති වෙමි. එසෙයින් සර්වාඞ්ග සම්පත් ඇති වෙමි. කුසල් දහම්හි අතිසත්කෘත ද, (බෙහෙවින් කරනලද සත්කාර ඇති) වෙමි.
1019. ලාභං සිලොකං සක්කාරං ලොකධම්මසමාගමං චිත්තඤ්ච දුක්ඛිතං නත්ථි වසාමි අකුතොභයා.
1019. ලාභ යැ, ගුණකර්ම යැ, සත්කාර යැ, ලෝකධර්ම සමාගම යැ යන සියල්ල ලබමි. දුඃඛිත වූ ද සිතෙක් නැති. බිය රහිත වැ වෙසෙමි.
1020. නිබ්බින්දිත්වාන සංසාරෙ පබ්බජිං අනගාරියං සහස්සපරිවාරෙන පබ්බජිත්වා අකිඤ්චනා.
1020. සසරැ කලකිරී දහසක් පිරිවරින් යුක්ත වැ ශාසනයෙහි පැවැදි වූමු. පැවිදි වැ පළිබෝධ රහිත වූමු.
1021. අගාරං විජහිත්වාන පබ්බජිං අනගාරියං අද්ධමාසෙ අසම්පත්තෙ චතුසච්චං අපාපුණිං.
1021. ගිහිගෙය හැරපියා අනගාරිය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූමු, අඩමසක් නො පත් කල්හි සිව්සස් අවබෝධ කළමු.
1022. චීවරං පිණ්ඩපාතං ච පච්චයං සයනාසනං උපනෙන්ති බහූ නෙකෙ සාගරස්සෙව ඌමියො.
1022. බොහෝ දෙන සාගරයාගේ රළ මෙන් නොයෙක් සිවුරු ද පිණ්ඩපාතය ද ගිලන්පස ද සෙනසුන් ද එළවත්.
1023. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවා.
1023. මා විසින් ක්ලේශයෝ දවන ලදහු. සියලු භවයෝ නසන ලදහු, බැඳුම් සිඳ ඇතින්නක මෙන් ආස්‍රව රහිත වැ වෙසෙමි.
1024. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
1024. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි ඒකාන්තයෙන් මාගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහු, බුදුන්ගේ අනුසසුන් කරන ලදී.
1025. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
1025. සිවු පිළිසිඹියාවෝ ද මේ අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද පසක් කරන ලදහු, බුදුන්ගේ අනුසසුන් කරන ලදී.
1026. එවං බහුවිධං දුක්ඛං සම්පත්ති ච බහුබ්බිධා විසුද්ධභාවං සම්පත්තා ලභාමි සබ්බසම්පදා.
1026. මෙසේ බහුවිධ වූ දුකට ද බහුප්‍රකාර වූ සම්පත්තීන්ට ද විශුද්ධභාවයට ද පැමිණියමු, සියලු සම්පත් ලබමි.
1027. සා දදාති සකත්තානං පුඤ්ඤත්ථාය මහෙසිනො සහායසම්පදා හොන්ති නිබ්බානපදමසඞ්ඛතං.
1027. ඕ යසෝධරා පින් සඳහා මහර්ෂීන්ට සිය අත්බැව දෙයි, ඈට සහායසම්පත්තීහු වෙති, නිර්වාණපදය අසංඛත යි.
1028. පරික්ඛීණං අතීතං ච පච්චුප්පන්නං අනාගතං සබ්බං කම්මං මමං ඛීණං පාදෙ වන්දාමි චක්ඛුම.
1028. අතීත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද අනාගත වූ ද කර්මය ගෙවී ගියේ ය, මාගේ සියලු කර්ම ක්ෂය වී, පසැස් ඇති සර්වඥයෙනි, ඔබගේ පාසඟුළුවන් වඳිමි.
ඉත්ථං සුදං යසොධරා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ යසෝධරා මෙහෙණ මේ ගාථා කිවු යැ.
යසොධරාථෙරියාපදානං අට්ඨමං.
අටවැනි යසෝධරා ථේරි අපදාන යි.