3. 9 දසභික්ඛුනීසහස්සාපදානං
3. 9 දසභික්ඛුනීසහස්සාපදානං
3. 9 දසදහසක් භික්ෂුණීන්ගේ අපදානය
1029. කප්පෙ ච සතසහස්සෙ චතුරො ච අසඞ්ඛියෙ දීපඞ්කරො නාම ජිනො උප්පජ්ජි ලොකනායකො.
1029. මෙයින් පෙර සාරාසංඛ්යකල්පලක්ෂයෙහි ලෝකනායක වූ දීපංකර නම් ජිතපඤ්චමාරයෝ උපන්හ.
1030. දීපඞ්කරො මහාවීරො වියාකාසි විනායකො සුමෙධං ච සුමිත්තං ච සමානසුඛදුක්ඛතං.
1030. සත්වයන් විනයනය කරන මහාවීර වූ දීපඞ්කර සර්වඥයන් වහන්සේ සුමේධ ද සුමිත්ත ද යන මොවුන් සමාන සුවදුක් ඇතිබව ප්‍රකාශ කළ සේක.
1031. සදෙවකං ච පස්සන්තා චිවරන්තා සදෙවකං තෙසං පකිත්තනෙ අම්හෙ උපගම්ම සමාගමං.
1031. ඒ ප්රකීර්තනයෙහි දී දෙවියන් සහිත ලෝවැසියන් දක්නමෝ සදේවක ලෝකයෙහි හැසිරෙන්නමෝ අපි ඔවුන්ගේ සමාගමයට පැමිණ -
1032. අම්හං සබ්බපති හොහි අනාගතසමාගමෙ සබ්බාව තුය්හං භරියා මනාපා පියවාදිකා.
1032. අනාගත සමාගමයෙහි අප සියල්ලන්ට ස්වාමි වුව මැනැව, අප සියල්ලෝ ම ඔබට මනවඩන ප්‍රිය වදන් කියන භාර්‍ය්‍යා වම්හ.
1033. දානසීලමයං සබ්බං භාවනා ච සුභාවිතා දීඝරත්තං ච නො සබ්බං පරිච්චත්තං මහාමුනෙ.
1033. මහාමුනි වූ සර්වඥයෙනි, අප විසින් දාන - සීලමය වූ සියලු කුසල් කරන ලද, භාවනා ද මොනොවට වඩන ලදු. බොහෝ කලක් සියල්ල පරිත්‍යාග කරන ලදි.
1034. ගන්ධං විලෙපනං මාලං දීපං ච රතනාමයං යං කිඤ්චි පත්ථිතං සබ්බං පරිච්චත්තං මහාමුනෙ.
1034. මහාමුනි වූ සර්වඥයෙනි, සුවඳ විලෙවුන් මල් හා පහන් ද පතන ලද රුවන්මුවා වූ යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල පරිත්‍යාග කරන ලදී.
1035. අඤ්ඤං චා’පි කතං කම්මං පරිභොගං ච මානුසං දීඝරත්තං හි නො සබ්බං පරිච්චත්තං මහාමුනෙ.
1035. මහාමුනි වූ සර්වඥයෙනි, අන්‍ය වූ ද කුශලකර්ම කරන ලද, මානුෂික වූ පරිභෝග වස්තු ද යන සියල්ල අප විසින් බොහෝ කලක් පරිත්‍යාග කරන ලදී.
1036. අනෙකජාතිසංසාරං බහුං පුඤ්ඤං හි නො කතං ඉස්සරමනුභොත්වාන සංසරිත්වා භවාභවෙ.
1036. නොයෙක් ජාති ඇති සංසාරයෙහි අප විසින් බොහෝ පින්කම් කරන ලදි. ඓශ්වර්ය්යය වළඳා කුදුමහත් භවයෙහි සැරිසරා -
1037. පච්ඡිමභවෙ සම්පත්තෙ සක්යපුත්තනිවෙසනෙ නානාකුලූපපන්නායො අච්ඡරාකාමවණණිනී.
1037. පශ්චිම භවය පැමිණි කල්හි කැමැති වර්ණ ඇති අප්සරාවෝ නානාකුලයෙහි උපන්නාහු ශාක්‍යපුත්‍ර වූ සිදුහත් කුමරුන්ගේ නිවේසනයෙහි -
1038. ලාභග්ගෙන යසං පත්තා පූජිතා සබ්බසක්කතා ලාභියො අන්නපානානං සදා සම්මානිතා මයං.
1038. අග්‍ර වූ ලාභයෙන් යුක්ත ව පුදනු ලැබූ සියල්ලන් විසින් සත්කාර කරන ලද හැම කල්හි සම්මානිත වූ අපි ආහාර පාන ලබනසුලු වූම්හ.
1039. අගාරං පජහිත්වාන පබ්බජිත්වානගාරියං අඩ්ඪමාසෙ අසම්පත්තෙ සබ්බා පත්තාම්හ නිබ්බුතිං.
1039. ගිහිගෙය හැර ශාසනයෙහි පැවිදි ව අඩමසක් නො පත් කල්හි සියල්ලෝ නිවනට පැමිණියම්හ.
1040. ලාභියො අන්නපානානං වත්ථසෙනාසනානි ච උපෙන්ති පච්චයා සබ්බෙ සදා සක්කතපූජිතා.
1040. ආහාර පාන ද වස්ත්‍ර හා සෙනසුන් ද ලාභී වූම්හ. සියලු ප්‍රත්‍යයෝ ලැබෙත්. හැම කල්හි සත්කෘත පූජිත වූම්හ.
1041. කිලෙසා ඣාපිතාම්හාකං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාම අනාසවා.
1041. අප විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් මෙන් අස්රව රහිත වැ වාස කරම්හ.
1042. ස්වාගතං වත නො ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
1042. බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ ශාසනයට ඒකාන්තයෙන් අපගේ මනා පැමිණීම විය, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ, බුදුසසුන් කරන ලද.
1043. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1043. සිවුපිළිසිඹියාවෝ ද ... බුදුසසුන් කරන ලදි.
ඉත්ථං සුදං යසොධරාපමුඛානි දසභික්ඛුනීසහස්සානි භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ යසෝධරාවන් ප්රමුඛ දසදහසක් භික්ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා ප්‍රකාශ කළහ.
දසභික්ඛුනීසහස්සාපදානං නවමං.
නවවැනි දසදහසක් භික්ෂුණීන්ගේ අපදාන යි.