3. 10 අට්ඨාරසභික්ඛුනීසහස්සාපදානං
3. 10 අට්ඨාරසභික්ඛුනීසහස්සාපදානං.
3. 10 යසෝධරා ප්රමුඛ අටළොස්දහසක් භික්ෂුණීන්ගේ අපදානය
1044. අට්ඨාරසසහස්සානි භික්ඛුනී සක්යසම්හවා යසොධරාපමුඛානි සම්බුද්ධං උපසඞ්කමුං.
1044. යසෝධරාවන් ප්රමුඛ ශාක්‍යවංශයෙහි උපන් අටළොස් දහසක් භික්ෂුණීහු සම්බුදුන් කරා පැමිණායාහු ය.
1045. අට්ඨාරසසහස්සානි සබ්බා හොන්ති මහිද්ධිකා වන්දන්තී මුනිනො පාදෙ ආරොචෙන්ති යථාබලං.
1045. අටළොස්දහසක් භික්ෂුණීහු සියල්ලෝ මහත් ඍද්ධි ඇත්තාහු වෙති, මුනීන්ද්රයන්ගේ පාසඟුළුවන් වඳිති, ශක්ති පරිදි දන්වා සිටිත්.
1046. ජාති ඛීණා ජරා ව්‍යාධි මරණං ච මහාමුනි අනාසවං පදං සන්තං අමතං යාම නායක.
1046. මහාමුනිතුමනි, ජාතිය ද ජරාව ද ව්‍යාධිය ද මරණය ද ක්ෂය විය. නායකයාණනි, අනාස්‍රව වූ ශාන්ත වූ අමෘතපදයට යම්හ.
1047. ඛලිතං චෙ පුරෙ අත්ථි සබ්බාසම්පි මහාමුනි අපරාධමජානන්තී ඛම අම්හං විනායක.
1047. මහාමුනීන්ද්රයෙනි, ඉදින් පෙර සියල්ලන්ගේ මැ යම් දොසක් ඇද්ද, විනායකයෙනි, ඒ අපරාධය නො දන්නා වූ අපට කමා කළ මැනැව.
1048. “ඉද්ධිං චාපි නිදස්සෙථ මම සාසනකාරිකා පරිසානං ච සබ්බාසං කඞ්ඛං ඡින්දථ යාවතා.”
1048. මාගේ සසුන් කරන මෙහෙණියනි, ඍද්ධිය ද දක්වවු. යම්පමණ පිරිස් වැසියන්ගේ සැකය ද සිඳිවු.
1049. යසොධරී මහාවීර මනාපා පියදස්සනා සබ්බා තුය්හං මහාවීර අගාරස්මිං පජාපතී.
1049. මහාවීරයන් වහන්ස, යශස් දරන මනවඩන ප්‍රියදර්ශන ඇති සියල්ලෝ ගිහිගෙයි දී නුඹ වහන්සේගේ ප්‍රජාපතී වූම්හ.
1050. ථිනං සතසහස්සානං නවුතීනං ඡළුත්තරි අගාරෙ තෙ මයං වීර පාමොක්ඛා සබ්බඉස්සරා.
1050. වීරයන් වහන්ස, අපි නුඹ වහන්සේගේ භවනයෙහි සියදහසක් ස්ත්රීන්ට ද, සයක් අධික වූ අනූවකට ද ප්රමුඛව සියල්ලන්ට ඉසුරු ඇති වූම්හ.
1051. රූපාචාරගුණූපෙතා යොබ්බනට්ඨා පියංවදා සබ්බායො අපචායන්ති දෙවතා විය මානුසා.
1051. රූපයෙන් හා ආචාරගුණයෙන් යුක්ත වූ යොවුන් වියෙහි සිටි ප්‍රියවදන් ඇති සියල්ලෝ මිනිස් ලොවැ දෙවියකුට මෙන් පුදත්.
1052. අට්ඨාරසසහස්සානි සබ්බා සාකියසම්හවා යසොධරා සහස්සානි පාමොක්ඛා ඉස්සරා තදා.
1052. ශාක්‍යකුලයෙහි උපන් සියල්ලෝ අටළොස්දහසක් වූහ, (ඔවුනතුරෙහි) යශස්ධර වූ දහසක් දෙන එකල්හි ප්රමුඛ වූවාහු ඉසුරු ඇති වූහ.
1053. කාමධාතුමතික්කන්තා සණ්ඨිතා රූපධාතුයා රූපෙන සදිසා නත්ථි සහස්සානං මහාමුනි.
1053. මහාමුනීන්ද්රයෙනි, කාමධාතුව ඉක්මවූවාහු, රූපධාතුයෙහි සිටියාහු ඒ දහසක් ස්ත්රීන්ට රූපයෙන් සදෘශ වූවාහු නැති.
1054. සම්බුද්ධං අභිවාදෙත්වා ඉද්ධිං දස්සෙසු සත්ථුනො නෙකා නානාවිධාකාරා මහාඉද්ධිපි දස්සයුං.
1054. සම්බුදුන් වැඳ ශාස්තෘන් වහන්සේට ඍද්ධි දැක්වූහ, ලොවැ නන්වැදෑරුම් වූ මහත් ඍද්ධි ද දැක්වූහ.
1055. චක්කවාළසමං කායං සීසං උත්තරතො කුරු උභො පක්ඛා දුවෙ දීපා ජම්බුදීපං සරීරතො.
1055. සක්වළ සම වූ කය ඇති උතුරුකුරුයෙහි හිස ඇති (විදේහ ගොයාන යන) දෙදිවයිනැ දෙපියා ඇති ශරීරයෙන් දඹදිව වසා සිටි -
1056. දක්ඛිණං ච සරං පිඤ්ජං නානාසාඛා තු පත්තකා චන්දසූරවිසාලක්ඛා මෙරුපබ්බතතො සිඛා.
1056. දකුණු සයුර විල්කලබ ඇති නානාශාඛා බඳු පත්‍ර ඇති සඳු හිරු මෙන් විශාල ඇස් ඇති මේරුපර්වතයෙහි සිළු ඇති -
1057. චක්කවාළගිරිතුණ්ඩා ජම්බුරුක්ඛං සමූලකං වීජමානා උපගන්ත්වා වන්දන්ති ලොකනායකං.
1057. සක්වළගිරෙහි තුඩු ඇති ව (ගුරුළුවෙස් ගෙන) මුල් සහිත දඹරුක සලමින් සමීපයට පැමිණ ලෝකනායකයන් වඳිති.
1058. හත්ථිවණ්ණං තථෙවස්සං පබ්බතං ජලධිං තථා චන්ද ච සුරියං මෙරුං සක්කවණ්ණං ච දස්සයුං.
1058. හස්තිවේශය ද එසේ මැ අශ්වවේශය ද පර්වත ද එසේ මැ සයුර ද සඳු ද හිරු ද මෙරගල් ද ශක්රවේශය ද දැක්වූහ.
1059. යසොධරා මයං වීර පාදෙ වන්දාම චක්ඛුම තව වීර පභාවනෙ නිප්ඵන්තා නරනායක.
1059. පසැස් ඇති වීරයන් වහන්ස, යශස්ධර වූ ඇපි පා සඟුළුවන් වඳුම්හ. නරනායක වූ වීරයන් වහන්ස, ඔබගේ මහිමයෙන් නිෂ්පන්නයම්හ.
1060. බුද්ධීසු ච වසී හොම දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොම මහාමුනෙ.
1060. මහාමුනින්ද්රයන් වහන්ස ඍද්ධිවිෂයෙහි ද දිවසෝධාභි ද වශී වම්හ, පරසිත් දන්නා නුවණෙහි වශී වම්හ.
1061. පුබ්බෙ නිවාසං ජානාම දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
1061. පෙර විසූ කඳපිළිවෙළ දැනුම්හ, දිව ඇස පිරිසිදු කරනලද සියලු ආස්‍රවයෝ ක්ෂය වූහ, දැන් පුනර්භවයෙක් නැති.
1062. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං අම්හං මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
1062. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අපට අත්ථ, ධම්ම, නිරුත්ති විෂයෙහි ද පටිභානයෙහි ද නුවණ උපන.
1063. පුබ්බානං ලොකනාථානං සඞ්ගමං නො නිදස්සිතං අධිකාරා බහූ අම්හං තුම්හත්ථාය මහාමුනෙ.
1063. මහාමුනිවරය, පූර්වලෝකනාථයන්ගේ සංගමය අපට දක්වනලද, නුඹ වහන්සේ සඳහා අපගේ අධිකාරයෝ බොහෝ වූහ.
1064. යං අම්හං පුරිමං කම්මං කුසලං සරසෙ මුනෙ තුම්හත්ථාය මහාවීර පුඤ්ඤානුපචිතානි නො.
1064. මුනීන්ද්රයන් වහන්ස, අපගේ යම් පූර්වකුශලකර්මයක් සිහිකරන්නහු ද, මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් පුණ්‍යයෝ රැස්කරන ලදහ.
1065. අභබ්බට්ඨානෙ වජ්ජෙත්වා වාරයිමහ අනාචරං තුය්හත්ථාය මහාවීර චත්තානි ජීවිතානි නො.
1065. අභව්යස්ථානයන් හැරපියා අනාචාරය වැළැකුම්හ. මහා වීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් දිවි පුදන ලද.
1066. නෙකකොටිසහස්සානං භරියත්ථාය’දාසි නො න තත්ථ විමනා හොම තුය්හත්ථාය මහාමුනෙ.
1066. මහාමුනිවරය, නොයෙක් කෙළසුවහසුන්ට භාර්‍ය්‍යා පිණිස අප දුන්නේ ය, එහි ලා නුඹ වහන්සේ සඳහා නො සතුටු නො වම්හ.
1067. නෙකකොටිසහස්සානං උපකාරාය’දාසි නො න තත්ථ විමනා හොම තුය්හත්ථාය මහාමුනෙ.
1067. නොයෙක් කෙළසුවහසුන්ට උපකාර පිණිස අප දුන්නේ ය, මහාමුනිවරය, එහි ලා නුඹ වහන්සේ ට නො සතුටු නො වම්හ.
1068. නෙකකොටිසහස්සානං භොජනත්ථාය’දාසි නො න තත්ථ විමනා හොම තුය්හත්ථාය මහාමුනෙ.
1068. නොයෙක් කෙළසුවහසුන්ට භෝජන සඳහා අප දුන්නේ ය, මහාමුනිවරය එහි ලා නුඹ වහන්සේට නො සතුටු නො වම්හ.
1069. නෙකකොටිසහස්සානි ජීවිතානි චජිම්හ නො ‘භයමොක්ඛං කරිස්සාම’ ජීවිතානි චජිම්හ සෙ.
1069. අපගේ නොයෙක් කෙළ සුවහස් ජීවිතයන් පිදුම්හ, භයින් මිදීම කරම්හ’යි ජීවිතයන් ත්‍යාග කළම්හ.
1070. අඞ්ගගතෙ අලඞ්කාරෙ වත්ථෙ නානාවිධෙ බහූ ඉත්ථිභණ්ඩෙ න ගූහාම තුය්හත්ථාය මහාමුනෙ.
1070. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා ශරීරගත ආභරණ ද නන්වැදෑරුම් බොහෝ වස්ත්‍ර ද ස්ත්‍රී භාණ්ඩ ද නො සඟවම්හ.
1071. ධනධඤ්ඤපරිච්චාගං ගාමානි නිගමානි ච ඛෙත්තා පුත්තා ච ධීතා ච පරිච්චත්තා මහාමුනෙ.
1071. මහාමුනිවරය, ධනධාන්‍ය පරිත්‍යාග කළම්හ, ගම් ද නියම්ගම් ද කෙත් ද පුත්‍රයෝ ද දුහිතෲහු ද පරිත්‍යාග කරන ලදහ.
1072. හත්ථි අස්සා ගවා චාපි දාසියො පරිචාරිකා තුය්හත්ථාය මහාවීර පරිච්චත්තා අසඞ්ඛියා.
1072. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අසංඛ්‍ය වූ ඇත් අස් ගවයෝ ද දාසීහු ද පිරිවර ස්ත්‍රීහු ද පරිත්‍යාග කරන ලදහ.
1073. යං අම්හෙ පටිමන්තෙසි දානං දස්සාම යාචකෙ විමනං නො න පස්සාම දදතො දානමුත්තමං.
1073. යම්හෙයකින් අප යාචකයන්ට දන් දෙම්හ යි ප්‍රතිඥා කෙළේ ද එකල්හි උතුම් දානය දෙන නුඹ වහන්සේට අපගේ නො සතුටක් නො දක්වම්හ.
1074. නානාවිධං බහුං දුක්ඛං සංසාරෙ ච බහුබ්බිධෙ තුය්හත්ථාය මහාවීර අනුභුත්තං අසඞ්ඛියං.
1074. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා බහුප්‍රකාර වූ සංසාරයෙහි අසංඛ්‍ය වූ නන්වැදෑරුම් බොහෝ දුක් විඳුනා ලද.
1075. සුඛප්පත්තා න මොදාම න ච දුක්ඛෙසු දුම්මනා සබ්බත්ථ තුලිතා හොම තුය්හත්ථාය මහාමුනෙ.
1075. මහාමුනිවරය, නුඹවහන්සේ සඳහා සුවපත් වූවමෝ සතුටු නො වම්හ, දුකෙහි නොසතුටු නො ද වම්හ, හැම තන්හි ම සම වම්හ.
1076. අනුමග්ගෙන සම්බුද්ධො යං ධම්මං අභිනීහරි අනුභුත්වා සුඛං දුක්ඛං පත්තො බොධිං මහාමුනි.
1076. සම්බුද්ධයන් වහන්සේ (අන් බුදුවරයන්) ගියමඟින් යම් බෝසඹර දහමක් රැස් කළාහු ද, එයින් මහාමුනිහු සුවදුක් විඳ බුද්ධ බෝධියට පැමිණියහ.
1077. බ්රහ්මදෙවං ච සම්බුද්ධං ගොතමං ලොකනායකං අඤ්ඤෙසං ලොකනාථානං සඞ්ගමා තෙහි නො බහූ.
1077. බ්‍රහ්මදේව සම්බුදුන් ද ගෞතම ලෝකනායකයන් වහන්සේ ද අන්‍ය ලෝකනාථයන් වහන්සේ ද යන ඒ බුදුවරුන් සමග අපගේ බොහෝ සංගමයෝ වූහ.
1078. අධිකාරා බහූ අම්හං තුය්හත්ථා මහාමුනෙ ගවෙසතො බුද්ධධම්මෙ මයං තෙ පරිචාරිකා.
1078. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා අපගේ බොහෝ අධිකාරයෝ වූහ, බුද්ධධර්මයන් ගවේෂණය කරන නුඹ වහන්සේට ඇපි පරිචාරිකා වූම්හ.
1079. කප්පෙ ච සහතහස්සෙ චතුරො ච අසඞ්ඛියෙ දීපඞ්කරො මහාවීරො උප්පජ්ජි ලොකනායකො.
1079. සාරාසංඛ්යකල්පලක්ෂයකින් මතුයෙහි මහාවීර වූ දීපඞ්කර නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.
1080. පච්චන්තදෙසවිසයෙ නිමන්තෙත්වා තථාගතං තස්ස ආගමනං මග්ගං සොධෙන්ති තුට්ඨමානසා.
1080. ප්‍රත්‍යන්ත දේශයෙහි (මනුෂ්‍යයෝ) තථාගතයන් වහන්සේ පවරා සතුටු සිත් ඇත්තාහු උන් වහන්සේ වඩනා මඟ ශුද්ධ කෙරෙත්.
1081. තෙන කාලෙන සො ආසි සුමෙධො නාම බ්රාහ්මණො මග්ගං ච පටියාදෙසි ආයතං සබ්බදස්සිනො.
1081. එකල්හි ඒ ගෞතම බුදුහු සුමේධ නම් බමුණු වූහ, සර්වදර්ශී වූ බුදුරදුන්ට දීර්ඝ වූ මාර්ගය ද පිළියෙළ කළහ.
1082. තෙන කාලෙන ආසිම්හ සබ්බා බ්රාහ්මණසම්හවා ථලූදජානි පුප්ඵානි ආහරිම්හ සමාගමං.
1082. එකල්හි අප සියල්ලෝ බමුණු කුලයෙහි උපනුම්හ, දිය ගොඩ උපදනා මල් ඒ සමාගමයට ගෙන ආම්හ.
1083. තස්මිං සො සමයෙ බුද්ධො දීපඞ්කරො මහායසො වියාකාසි මහාවීරො ඉසීමුග්ගතමානසං.
1083. එසමයෙහි මහායශස් ඇති මහාවීර වූ ඒ දිවකුරු බුදුහු උද්ගත වූ සිත් ඇති ඍෂිහුට විවරණ දුන්හ.
1084. චලතී රවති පඨවී සඞ්කම්පති සදෙවකං තස්ස කම්මං පකිත්තෙන්තෙ ඉසිනුග්ගතමානසො.
1084. උද්ගත වූ සිත් ඇති ඒ ඍෂිහුගේ අධිකාර කර්මය පවසන කල්හි මහ පොළොව සැලෙයි නාද කෙරෙයි සදේවක ලෝකය කම්පා වෙයි.
1085. දෙවකඤ්ඤා මනුස්සා ච මයං චා’පි සදෙවකා නානාපූජනියං භණ්ඩං පූජයිත්වාන පත්ථයුං.
1085. දිව්‍යකන්‍යාවෝ ද මනුෂ්‍යයෝ ද ඇපි ද දෙවියන් සහිත ලෝවැසියෝ ද නානාපූජනීය භාණ්ඩ පුදා ප්‍රාර්‍ත්‍ථනා කළම්හ.
1086. තෙසං බුද්ධො වියාකාසි ජොතිදීපසනාමකො “අජ්ජ යෙ පත්ථිතා අත්ථි තෙ භවිස්සන්ති සම්මුඛා.”
1086. දීපඞ්කර නම් බුදුහු ඔවුනට ‘අද ප්‍රාර්‍ත්‍ථනා කළ යම් කෙනෙක් ඇද්ද ඔහු සම්මුඛ වන්නාහ’ යි ප්‍රකාශ කළ සේක.
1087. අපරිමෙය්යෙ ඉතො කප්පෙ යං නො බුද්ධො වියාකරි තං වාචමනුමොදන්තී එවඞ්කාරී අහුම්හ නො.
1087. මෙයින් අපරිමේය කල්පයෙහි දිවකුරු බුදුහු අපට යමක් ප්‍රකාශ කළසේක් ද, අපි ඒ බස අනුමෝදන් වෙමින් එ පරිදි කරනසුලු වූම්හ.
1088. තස්ස කම්මස්ස සුකතස්ස තත්ථ චිත්තං පසාදිය දෙවමානුසකං යොනි අනුභොත්වා අසඞ්ඛියං.
1088. එහි සිත් පහදවා මොනවට කළ ඒ කර්මයාගේ විපාකයෙන් අසංඛ්‍ය වූ දෙව්මිනිස් දෙගතිය ලබා -
1089. සුඛදුක්ඛෙ’නුභොත්වාන දෙවෙසු මානුසෙසු ච පච්ඡිමභවෙ සම්පත්තෙ ජාතා’ම්හ සාකියෙ කුලෙ.
1089. දෙව්ලොව ද මිනිස්ලොව ද සුවදුක් විඳ පශ්චිම භවය පැමිණි කල්හි ශාක්‍යකුලයෙහි උපනුම්හ.
1090. රූපවතී භොගවතී යසසීලවතී තතො සබ්බඞ්ගසම්පදා හොම කුලෙසු අතිසක්කතා.
1090. රූ ඇත්තමෝ භෝග ඇත්තමෝ යශස් හා සිල් ඇත්තමෝ යළි සියලු ශරීර සම්පත් ඇත්තමෝ කුලයන්හි අතිශයින් සත්කාර කරන ලදුවම්හ.
1091. ලාභං සිලොකං සක්කාරං ලොකධම්මසමාගමං චිත්තං ච දුක්ඛිතං නත්ථි වසාම අකුතොභයා.
1091. ලාභය ප්‍රශංසාය සත්කාරය ලෝකධර්මසමාගමය හා දුප්පත් සිත ද නැති, කොයිනුත් නො බිය වැ වාස කරම්හ.
1092. වුත්තං හෙතං භගවතා රඤ්ඤො අන්තෙපුරෙ තදා ඛත්තියානං පුරෙ වීරො උපකාරං ච නිද්දිසි.
1092. එකල්හි (සුදොවුන්) රජුගේ ඇතොවුරෙහි දී භාග්‍යවතුන් විසින් තෙල වදාරන ලද මැ යි, වීරයන් වහන්සේ ක්ෂත්රියයන්ගේ කිඹුල්වත් පුරෙහි දී, (පෙර ලද) උපකාරය ද ප්‍රකාශ කළහ.
1093. උපකාරා ච යා නාරී යා ච නාරී සුඛෙ දුඛෙ අත්ථක්ඛායී ච යා නාරී යා ච නාරී’නුකම්පිකා.
1093. යම් ස්ත්‍රියක් උපකාර ඇති වූ ද යම් ස්ත්‍රියක් සුව දුක් දෙකෙහි සම වූ ද, යම් ස්ත්‍රියක් හිතවැඩ පවසන්නී ද යම් ස්ත්‍රියක් (ස්වාමියාට) අනුකම්පා කරන්නී ද -
1094. ධම්මං චරෙ සුචරිතං න නං දුච්චරිතං චරෙ ධම්මචාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච.
1094. සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේ යැ, දුශ්චරිතයෙහි නො හැසිරෙන්නේ යැ, ධම්මචාරී පුද්ගල මෙලොවැ ද පරලොවැ ද සුවසේ හැසිරෙයි.
1095. අගාරං විජහිත්වාන පබ්බජිම්හ’නගාරියං අඩ්ඪමාසෙ අසම්පත්තෙ චතුසච්චං ඵුසිම්හ නො.
1095. ගිහිගෙය හැරපියා ශාසනයෙහි පැවිදි වූම්හ, අඩමසක් නො පත් කල්හි ඇපි සිවුසස් අවබෝධ කළම්හ.
1096. චීවරං පිණ්ඩපාතං ච පච්චයං සයනාසනං උපනෙන්ති බහුං අම්හෙ සාගරස්සෙව ඌමියො.
1096. සාගරයාගේ රළ මෙන් අපට බොහෝ දෙන සිවුරු ද පිඬුවා ද ගිලන්පස ද සෙනසුන් ද එළවත්.
1097. කිලෙසා ඣාපිතා අම්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාම අනාසවා.
1097. අප විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතිනියන් මෙන් ආස්‍රව රහිත වැ වාස කරම්හ.
1098. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
1098. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි අපගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යාවෝ පසක් කරන ලදහ, බුදුසසුන් කරන ලද.
1099. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1099. සිව්පිළිසිඹියාවෝ ද පසක් කරන ලදහ ... බුදුසසුන් කරන ලද.
1100. එවං බහුවිධං දුක්ඛං සම්පත්තී ච බහුබ්බිධා විසුද්ධභාවං සම්පන්නා ලභාම සබ්බසම්පදා.
1100. මෙසේ බහුප්‍රකාර දුක් විඳ බහුප්‍රකාර සම්පත් ලැබ විසුද්ධභාවයට පැමිණියමෝ සියලු සම්පත් ලබම්හ.
1101. යා දදන්ති සකත්තානං පුඤ්ඤත්ථාය මහෙසිනො සහායසම්පදා හොන්ති නිබ්බානපදමසඞ්ඛතං.
1101. යම් ස්ත්‍රී කෙනෙක් ස්වකීය ආත්මභාවය පින් සඳහා මහර්ෂීන්ට පුදත් ද ඔවුනට සහායසම්පත්තීහු වෙති, අසංඛත වූ නිවන ද වේ.
1102. පරික්ඛීණං අතීතං ච පච්චුප්පන්නං අනාගතං සබ්බං කම්මම්පි නො ඛීණං පාදෙ වන්දාම චක්ඛුම.
1102. අතීතය ද ප්‍රත්‍යුත්පන්නය ද අනාගතය ද ගෙවී ගියේ යැ, අපගේ සියලු කර්ම ද ක්ෂය වී, පසැස් ඇති සර්වඥයෙනි, ඔබගේ පාසඟුළුවන් වඳුම්හ.
1103. නිබ්බානාය වජන්තීනං කිං වො වක්ඛාම උත්තරිං සන්තසඞ්ඛතදොසං හි පප්පොථ අමතං පදං.
1103. නිවනට වදනා වූ තොපට මතුයෙහි කුමක් කියන්නෙම් ද, යම් හෙයෙකින් සන්හුන් සංඛතදෝස ඇති අමෘතපදයට පැමිණෙ වූ ද එහෙයිනි.
ඉත්ථං සුදං යසොධරාපමුඛානි අට්ඨාරසභික්ඛුනීසහස්සානි භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ යසෝධරාවන් ප්රමුඛ වූ අටළොස්දහසක් භික්ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා ප්‍රකාශ කළාහු යැ.
යසොධරාපමුඛඅට්ඨාරසභික්ඛුනිසහස්සාපදානං දසමං.
දසවැනි යසෝධරා ප්රමුඛ අටළොස් මෙහෙණදහසුන්ගේ අපදාන යි.
කූණ්ඩලකෙසීවග්ගො තතියො.
තුන්වැනි කුණ්ඩලකේසී වර්ග යි.
තත්ථුද්දානං:
එහි උද්දානය:
කුණ්ඩලා ගොතමී චෙව ධම්මදින්නා ච සකුලා චරනන්දා ච සොණා ච කාපිලානී යසොධරා, දසසහස්සභික්ඛුනී අට්ඨාරසසහස්සකා ගාථාසතානි චත්තාරි ඡ ච සත්තති මෙව ච.
කුණ්ඩලකෙසි අපදාන යැ, කිසාගෝතමී අපදාන යැ, ධම්මදින්නා අපදාන යැ, සකුලාපදාන යැ, ජනපදකල්යාණී නන්දාපදාන යැ, සෝණාපදාන යැ, කාපිලානී අපදාන යැ, යසොධරාපදාන යැ - දසදහසක් භික්ෂුණීන්ගේ අපදාන යැ, අටළොස්දහසක් භික්ෂුණීන්ගේ අපදාන යැ යි දසයෙකි. ගාථා සාරසිය සැත්තෑසයෙක් ද වේ.