යෙදුමෙන් කියවන්න

4. 1 යසවතීපමුඛභික‍්ඛුනීනං අපදානං

4. 1 යසවතීපමුඛභික‍්ඛුනීනං අපදානං

4. 1 යසවතීප්‍රමුඛ භික්‍ෂුණීන්ගේ අපදානය

1104. භවා සබ‍්බෙ පරික‍්ඛීණා භවසන්‍ධි විමොචිතා සබ‍්බාසවා ච නො නත්‍ථි ආරොචෙම මහාමුනෙ.

1104. මහාමුනිවරය, ඔබට ආරෝචනය කරම්හ. අපගේ සියලු භවයෝ ක්‍ෂය වූහ. භවසන‍්ධිය මුදනා ලදු, අපගේ සියලු ආස්‍රවයෝ නැති.

1105. පුරිමං කුසලං කම‍්මං යං කිඤ‍්චි සාධූ පත්‍ථිතං පරිභොගමයං දින‍්නං තුය‍්හත්‍ථාය මහාමුනෙ.

1105. මහාමුනිවරය, පූර්‍වකුශලකර්‍ම (ජනිත වූ) මනා කොට පතන ලද යම් කිසි පරිභෝගාර්‍හ (වස්තුවක් ඇද්ද) එය නුඹවහන්සේ සඳහා දෙන ලද.

1106. බුද‍්ධපච‍්චෙකබුද‍්ධානං බුද‍්ධානං සාවකාන ච පරිභොගමයං දින‍්නං තුය‍්හත්‍ථාය මහාමුනෙ.

1106. මහාමුනිවරය, නුඹ වහන්සේ සඳහා බුදු පසේබුදුවරයන්ට ද බුද්ධශ්‍රාවකයන්ට ද පරිභෝගාර්‍හ වස්තු දෙන ලද.

1107. උච‍්චනීචමයං කම‍්මං භික‍්ඛූනං සාධු පත්‍ථිතං උච‍්චාකුලපරිකම‍්මං කතමෙතං මහාමුනෙ.

1107. මහාමුනිවරය, භික්‍ෂූන්ට (පරිත්‍යාගයෙන්) කුදුමහත් පින්කම් කොට මොනවට පතන ලද උච්චාකුල (උපතට නිසි) වතාවත් කරන ලද.

1108. තෙනෙව සුක‍්කමූලෙන චොදිතා කම‍්මසම‍්පදා මානුසිකමතික‍්කන‍්තා ජායිංසු ඛත‍්තියෙ කුලෙ.

1108. එ මැ කුශලමූලයෙන් මෙහෙයන ලද කර්‍මසම්පත්තියෙන් මානුෂික (රූපාදිය) ඉක්මවූවාහු කැත් කුලයෙහි උපන්හ.

1109. උප‍්පත‍්තෙ ච කතෙ කම‍්මෙ ජාතියා චා’පි එකතො පච‍්ඡිමෙ එකතො ජාතා ඛත‍්තියා කුලසම‍්හවා.

1109. උපතෙහි ද පින්කම් කරන කල්හි ද ජාතියෙන් ද එක්ව විසුම්හ, පශ්චිම භවයෙහි එක්ව ක්‍ෂත්‍රිය කුලයෙහි උපනුම්හ.

1110. රූපවතී භොගවතී ලාභසක‍්කාරපූජිතා අන‍්තෙපුරෙ මහාවීර දෙවානං විය නන්‍දනෙ.

1110. මහාවීරයන් වහන්ස, රූපවත් ව භෝගවත් ව ලාභසත්කාරයෙන් පූජිත ව දෙවියන්ගේ නන්‍දනයෙහි මෙන් අන්තඃපුරයෙහි විසුම්හ.

1111. නිබ‍්බින්‍දිත්‍වා අගාරම‍්හා පබ‍්බජිම‍්හ’නගාරියං කතිපාහං උපාදාය සබ‍්බා පත‍්තා’ම‍්හ නිබ‍්බුතිං.

1111. ගිහිගෙයින් කලකිරී ශාසනයෙහි පැවිදි වූම්හ, කිහිප දවසක් ඉක්මැයෑමෙන් ඇපි සියලු දෙන නිවනට පැමිණියම්හ.

1112. චීවරං පිණ‍්ඩපාතං ච පච‍්චයං සයනාසනං උපනෙන‍්ති බහූ අම‍්හෙ සදා සක‍්කතපූජිතා.

1112. හැම කල්හි අපට සත්කාර පූජා කරන බොහෝ ජනයෝ සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් ද එළවත්.

1113. කිලෙසා ඣාපිතා අම‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගීව බන්‍ධනං ඡෙත්‍වා විහරාම අනාසවා.

1113. අප විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් මෙන් ආස්‍රව රහිත ව වාස කරම්හ.

1114-1115. ස‍්වාගතං වත නො ආසි -පෙ- පටිසම‍්භිදා චතස‍්සො ච -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1114. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි අපගේ පැමිණීම ස්වාගත විය ... බුදුසසුන් කරන ලද.

1115. සිවිපිළිසිඹියා ලබන ලද ... බුදුසසුන් කරන ලදී.

ඉත්‍ථං සුදං යසවතීපමුඛානි අට‍්ඨාරසඛත‍්තියකඤ‍්ඤා භික‍්ඛුනීසහස‍්සානි භගවතො සම‍්මුඛා ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ යසවතී ප්‍රමුඛ අටළොස්දහසක් ක්‍ෂත්‍රියකන්‍යා භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා කීහු.

යසවතීපමුඛඅට‍්ඨාරසභික‍්ඛුනීසහස‍්සාපදානං පඨමං.

යසවතී ප්‍රමුඛ අටළොස් මෙහෙණදහසුන්ගේ අපදාන යි.