4. 2 බ්රාහ්මණකඤ්ඤාභික්ඛුනීනං අපදානං
4. 2 බ්රාහ්මණකඤ්ඤාභික්ඛුනීනං අපදානං
4. 2 බ්‍රාහ්මණකන්‍යා භික්ෂුණීන්ගේ අපදානය
1116. චුල්ලාසීතිසහස්සානි බ්රහ්මඤ්ඤකුලසම්හවා සුඛුමාලහත්ථපාදා පුරෙ තුය්හං මහාමුනෙ.
1116. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට (සුළු) අසූදහසක් සියුමැලි අත්පා ඇති බමුණුකුලයෙහි උපන් (කන්‍යාවෝ වූහ.)
1117. වෙස්සසුද්දකුලෙ ජාතා දෙවා නාගා ච කින්නරා චාතුද්දීපා බහූ කඤ්ඤා පුරෙ තුය්හං මහාමුනෙ.
1117. මහාමුනිවරයන් වහන්ස, පෙර නුඹ වහන්සේට වෛශ්‍ය ශුද්‍ර කුලයෙහි උපන්නා වූ ද දේව නාග කින්නර වූ ද සිවුමහ දිවයින්හි, වූ බොහෝ කන්‍යාවෝ වූහ.
1118. කෙචි පබ්බජිතා අත්ථි සච්චදස්සාවිනො බහූ දෙවා ච කින්නරා නාගා බුජ්ඣිස්සන්ති අනාගතෙ.
1118. කිසි කෙනෙක් පැවිදි වූවාහු ඇත, බොහෝ දෙන සිවුසස් දක්නාසුලු වෙති, දෙවියෝ ද කින්නරයෝ ද නාගයෝ ද අනාගතයෙහි සිවුසස් අවබෝධ කරන්නාහ.
1119. අනුභොත්වා යසං සබ්බං පත්වාන සබ්බසම්පදා ත්වයි පසාදං පටිලද්ධා බුජ්ඣිස්සන්ති අනාගතෙ.
1119. සියලු යශස් වළඳා සියලු සම්පතට පැමිණ නුඹ වහන්සේ කෙරෙහි ප්‍රසාදය උපදවා අනාගතයෙහි සත්‍යාවබෝධය කරන්නාහ.
1120. අම්හෙ බ්රාහ්මණධීතා තු බ්රහ්මඤ්ඤකුලසම්හවා පෙක්ඛතො නො මහාවීර පාදෙ වන්දාම චක්ඛුම.
1120. පසැස් ඇති මහාවීරයන් වහන්ස, බමුණු කුලයෙහි උපන් බ්රාහ්මණධීතෘ වූ අපි වැලිත් දක්නා වූ නුඹ වහන්සේගේ පාසඟුළුවන් වඳුම්හ.
1121. උපහතා භවා සබ්බෙ මූලතණ්හා සමූහතා සමුච්ඡින්නා අනුසයා පුඤ්ඤසඞ්ඛාරා දාලිතා.
1121. සියලු භවයෝ නසන ලදහ, තෘෂ්ණාමූලය මුලුසුන් කරන ලද, අනුශයයෝ සිඳින ලදහ, පුණ්යසංස්කාරයෝ බිඳින ලදහ.
1122. සමාධිගොචරා සබ්බා සමාපත්තිවසී තථා ඣානෙන ධම්මරතියා විහරිස්සාම නො සදා
1122. සියල්ලෝ සමාධි ගෝචර කොට ඇත්තාහ, එසේ මැ සමවත්හි වශී වූහ, හැම කල්හි ඇපි ධ්‍යානය හේතු කොට ධර්‍මරතියෙන් යුක්ත වැ වාසය කරම්හ.
1123. භවනෙත්තී අවිජ්ජා ච සඞ්ඛාරා’පි ච ඛෙපිතා සුදුද්දසං පදං ගන්තුං අනුජානාථ නායක.
1123. භවනෙත්ති වූ අවිද්‍යාව ද සංස්කාරයෝ ද ගෙවන ලදහ, නායකයන් වහන්ස, සුදුර්දශ වූ නිර්වාණ පදයට යන්නට අනුදැන වදාළ මැනැව.
1124. උපකාරා මමං තුම්හෙ දීඝරත්තං කතාවිනො බහුන්නං සංසයං ඡෙත්වා සබ්බා ගච්ඡන්තු නිබ්බුතිං.
1124. කළ කිස ඇති තෙපි බොහෝ කලක් මට උපකාර වූවහු යැ, බොහෝ දෙනාගේ සැක සිඳපියා සියල්ලෝ නිවනට යෙත්වා.
1125. වන්දිත්වා මුනිනො පාදෙ කත්වා ඉද්ධිවිකුබ්බණං. කාචි දස්සෙන්ති ආලොකං අන්ධකාරමථාපරා.
1125. මුනීන්ද්රයන්ගේ පාසඟුළුවන් වැඳ ඍද්ධිවිකුර්‍වණ කොට කිසි කෙනෙක් ආලෝකය දක්වති, යළි අන්‍යයෝ අන්ධකාරය දක්වත්.
1126. දස්සෙන්ති චන්දසුරියෙ සාගරං ච සමච්ඡකං සිනෙරුපරිභණ්ඩං ච දස්සෙන්ති පාරිඡත්තකං.
1126. සඳහිරු දක්වති. මසුන් සහිත සයුර ද මහමෙර හා කුලපව් ද පරසතු රුක ද දක්වත්.
1127. තාවතිංසං ච භවනං යාමං දස්සෙන්ති ඉද්ධියා තුසිතං නිම්මිතෙ දෙවෙ වසවත්තී මහිස්සරෙ.
1127. තව්තිසා භවන ද යාමය ද තුසිතය ද නිර්මාණරති දෙවියන් ද මහත් ඉසුරු ඇති වසවර්තී දෙවියන් ද ඍද්ධියෙන් දක්වත්.
1128. බ්රහ්මානො කාචි දස්සෙන්ති චඞ්කමං ච මහාරහං බ්රහ්මවණ්ණං ච මාපෙත්වා ධම්මං දෙසෙන්ති සුඤ්ඤතං.
1128. කිසි කෙනෙක් බඹුන් දක්වති, මාහැඟි සක්මන ද කෙරෙති, බ්රහ්මවේශය ද මවා ශුන්‍යත ධර්මය දේශනා කෙරෙත්.
1129. නානාවිකුබ්බණං කත්වා ඉද්ධිං දස්සිය සත්ථුනො දස්සයිංසු බලං සබ්බා පාදෙ වන්දිංසු සත්ථුනො.
1129. නානා විකුර්වණ කොට ශාස්තෘන් වහන්සේට ඍද්ධි දක්වා සියල්ලෝ බලය දැක් වූහ, ශාස්තෘන් වහන්සේගේ පාසඟුළුවන් වැන්දාහ.
1130. ඉද්ධිසු ච වසී හොම දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොම මහාමුනෙ.
1130. මහාමුනිවරය, ඍද්ධියෙහි ද වශී වම්හ, දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙහි ද චේතෝපරියඥානයෙහි ද වශී වම්හ.
1131. පුබ්බෙනිවාසං ජානාම දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
1131. පෙර විසූ කඳපිළිවෙළ දනුම්හ, දිව ඇස පිරිසිදු කරන ලද, සියලු ආස්‍රවයෝ ක්ෂය කරන ලදහ, දැන් පුනර්භවයෙක් නැති.
1132. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං අම්හං මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
1132. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අපට අර්ත්ථධර්මනිරුක්තීන්හි ද ප්‍රතිභානයෙහි ද ඥානය උපන.
1133. පුබ්බානං ලොකනාථානං සඞ්ගමං නො නිදස්සිතං අධිකාරා බහූ අම්හං තුය්හත්ථාය මහාමුනෙ.
1133. මහාමුනිවරය, පූර්වලෝකනාථයන්ගේ සංගමය අපට දක්වන ලද, නුඹ වහන්සේ සඳහා අපගේ බොහෝ අධිකාරයෝ වූහ.
1134. යං අම්හෙහි කතං කම්මං කුසලං සරතං මුනෙ තුය්හත්ථාය මහාවීර පුඤ්ඤා’නුපචිතානි නො.
1134. මුනිවරය, යම් කුශලකර්මයක් කරන ලද ද, එය සිහි කළ මැනැව, මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා අප විසින් පින් රැස්කරන ලද.
1135. සතසහස්සෙ ඉතො කප්පෙ පදුමුත්තරො මහාමුනි පුරං හංසවතී නාම සම්බුද්ධස්ස කුලාසයං.
1135. මෙයින් සියදහස්වන කල්පයෙහි පියුමතුරා නම් මහා මුනිහු වූහ, ඒ සම්බුදුන්ට කුලභවන වූ නුවර හංසවතී නම් විය.
1136. ද්වාරෙන හංසවතියා ගඞ්ගා සන්දති සබ්බදා උබ්බාළ්හා නදියා භික්ඛූ ගමනං න ලභන්ති තෙ.
1136. හංසවතී නගරද්වාරයෙන් හැම කල්හි ගංගානදිය ගලයි, නදියෙන් බාධිත වූ ඒ භික්ෂුහු (පරතෙර) ගමන නො ලබත්.
1137. දිවසං ද්වෙ තයො චෙව සත්තාහං මාසකං තතො චතුමාසම්පි සම්පුණ්ණං ගමනං න ලභන්ති තෙ.
1137. ඒ භික්ෂූහු දවසක් දෙකක් තුනක් ද සතියක් මාසයක් ද යළි සපුරා සාරමසක් ද (පරතෙර) ගමන නො ලබත්.
1138. තදා අහු සත්තසාරො ජටිලො නාම රට්ඨිකො ඔරුද්ධෙ භික්ඛවො දිස්වා සෙතුං ගඞ්ගාය කාරයී.
1138. එකල්හි සත්ත්වසාර වූ බෝසත් ජටිල නම් රැටියෙක් විය, හේ ඇවිරුණු භික්ෂූන් දැක ගඞ්ගායෙහි හෙයක් කැරැවී.
1139. තදා සතසහස්සෙහි සෙතුං ගඞ්ගාය කාරයී සඞ්ඝස්ස ඔරිමෙ තීරෙ විහාරං ච අකාරයී.
1139. එකල්හි සියදහසකින් ගඞ්ගායෙහි හෙයක් කැරැවී සඞ්ඝයාට (ගඟින්) මෙතෙර විහාරයක් ද කැරැවී.
1140. ඉත්ථියො පුරිසා චෙව උච්චනීචකුලානි ච තස්ස සෙචුවිහාරෙ ච සමභාගං අකංසු තෙ.
1140. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද උස්පහත් කුලවැසියෝ ද යන ඔහු ඒ හෙයෙහි ද විහාරයෙහි ද සම කොටස් කළහ.
1141. අම්හෙ අඤ්ඤෙ ච මනුජා විප්පසන්නෙන චෙතසා තස්ස කම්මෙසු දායාදා නගරෙ ජනපදෙසු ච.
1141. ඇපිදු නගරයෙහි ද ජනපදයෙහි ද වූ අන් මිනිස්සු ද පහන් සිතින් යුක්ත වැ ඔහුගේ කුශලකර්මයන්හි හිමිකරු වූම්හ.
1142. ඉත්ථි පුරිසා කුමාරා ච බහූ චෙව කුමාරිකා සෙතුනො ච විහාරස්ස වාලුකා ආකිරිංසු තෙ.
1142. බොහෝ ස්ත්‍රීපුරුෂයෝ ද කුමරු කුමරියෝ ද යන ඔහු හෙයට ද විහාරයට ද වැලි විසුළහ.
1143. වීථිසම්මජ්ජනං කත්වා කදලී පුණ්ණඝටෙ ධජෙ ධූපං චුණ්ණං ච මාලං ච කාරං කත්වාන සත්ථුනො.
1143. වීදි හැමදැ රඹගස් පුන්කලස් හා ධජ ද සුවඳ දුම් හා සුණු ද මල්මාලා ද (යන මෙයින්) ශාස්තෘන් වහන්සේට සත්කාර කොට -
1144. සෙතුවිහාරෙ කාරෙත්වා නිමන්තෙත්වා විනායකං මහාදානං දදිත්වාන සම්බොධිං අභිපත්ථයී.
1144. හෙය හා විහාරය කරවා විනායක වූ බුදුරදුන් පවරා මහදන් දී සම්බෝධිය ප්‍රාර්‍ත්‍ථනා කෙළේ යි.
1145. පදුමුත්තරො මහාවීරො තාරකො සබ්බපාණිනං අනුමොදනියං‘කාසි ජටිලස්ස මහාමුනි.
1145. මහාවීර වූ, සියලු ප්‍රාණීන් (සසරින්) තරණය කරවන පියුමතුරා මහාමුනිහු ජටිල රැටියාට අනුමෙවෙනි කළහ.
1146. “සතහසස්සෙ අතික්කන්තෙ කප්පො හෙස්සති භද්දකො භවාභවෙ’නුභොත්වාන පාපුණිස්සති බොධියං.
1146. කප් සියදහසක් ඉක්මැගිය කල්හි භද්රකල්පයෙක් වන්නේ යැ, කුදුමහත් භවයෙහි සුවදුක් විඳ සම්බෝධියට පැමිණෙන්නේ යැ.
1147. යෙ කෙචි හත්ථපරිකම්මං කතාවී නරනාරියො අනාගතස්මිං අද්ධානෙ සබ්බා හෙස්සන්ති සම්මුඛා.
1147. යම්කිසි ස්ත්‍රී පුරුෂ කෙනෙක් එහි අත්තම් කළාහු ද, ඔහු සියල්ලෝ අනාගත කාලයෙහි (ඒ බුදුන්ට) හමු වන්නාහ.
1148. තෙන කම්මවිපාකෙන චෙතනාපණිධීහි ච උපපන්නා දෙවභවනං තුය්හං තා පරිචාරිකා.
1148. ඒ කර්මවිපාකයෙන් ද චිත්තප්‍රණිධියෙන් ද ඒ (අපි) දෙව්ලොවට පැමිණියමෝ නුඹ වහන්සේට පිරිවර වූම්හ.
1149. දිබ්බං සුඛං අසඞ්ඛෙය්යං මානුසං ච අසඞ්ඛ්යයං අනුභොන්තී චිරං කාලං සංසරිම්හ භවාභවෙ.
1149. අසංඛ්‍ය වූ දිව සුව ද අසංඛ්‍ය වූ මිනිස් සුව ද විඳිමින් බොහෝ කලක් කුදුමහත් භවයෙහි සැරිසැරූම්හ.
1150. සතසහස්සෙ ඉතො කප්පෙ සුකතං කම්මසම්පදං සුඛුමාලී මනුස්සෙසු අථො දෙවපුරෙ වරෙ.
1150. මෙයින් සියදහස්වන කපෙහි මොනොවට කළ යම් කර්මසම්පත්තියෙක් වී ද එයින් මිනිසුන් කෙරෙහි ද යළි උතුම් දෙව්ලොව ද සියුමැලි වැ උපනුම්හ.
1151. රූපභොගයසෙ චෙව අථො කිත්තිං ච සක්කතං ලභාම සතතං සබ්බං සුකතං කම්මසම්පදං.
1151. සුකෘත වූ යම් කර්මසම්පත්තියක් ඇද්ද එයින් රූප භෝග යශස් ද යළි කීර්තිය ද සත්කාර ද යන සියල්ල නිරතුරු ලබම්හ.
1152. පච්ඡිමෙ භවෙ සම්පත්තෙ ජාතාම්හ බ්රාහ්මණෙ කුලෙ සුඛුමාලහත්ථපාදා සක්යපුත්තනිවෙසනෙ.
1152. පශ්චිම භවය පැමිණි කල්හි බමුණුකුලෙහි උපනුම්හ, සියුමැලි අත්පා ඇතියමෝ ශාක්‍යපුත්‍රයන්ගේ මාළිගායෙහි විසූම්හ.
1153. සබ්බකාලම්පි පඨවිං න පස්සාම’නලඞ්කතං චීක්ඛල්ලභූමිමසුචිං න පස්සාම මහාමුනෙ.
1153. මහාමුනිවරය, සියලු කල්හි මැ නො සැරැසූ පොළොවක් නො දකුම්හ, නො පිරිසිදු මඩබිමක් නො දකුම්හ.
1154. අගාරං වසන්තෙ අම්හෙ සක්කාරං සබ්බකාලිකං උපනෙන්ති තදා සබ්බං පුබ්බකම්මබලෙන නො.
1154. ගිහිගෙයි වසන අපට සාර්වකාලික සත්කාරය විය, පූර්ව කර්මබලයෙන් අපට හැම කල්හි සියල්ල එළවත්.
1155. අගාරං පජහිත්වාන පබ්බජිත්වා’නගාරියං සංසාරපථනිත්තිණ්ණා වීතරාගා භවාමසෙ.
1155. ගිහිගෙය හැරපියා ශාසනයට වැද සසරමහ තරණය කළමෝ වීතරාග වූම්හ.
1156. චීවරං පිණ්ඩපාතං ච පච්චයං සයනාසනං උපනෙන්ති සදා අම්හෙ සහස්සානි තතො තතො.
1156. හැම කල්හි අපට ඒ ඒ තැනින් දහස්ගණන් සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් එළවත්.
1157. කිලෙසා ඣාපිතා’ම්හාකං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාම අනාසවා.
1157. අප විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ ඇතින්නන් සෙයින් ආස්‍රව රහිත වැ වාස කරම්හ.
1158. ස්වාගතං වත නො ආසී බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
1158. බුද්ධශ්‍රේෂ්ඨයන් සමීපයෙහි ඒකාන්තයෙන් අපගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යා ලබන ලද. බුදුසසුන් කරන ලද.
1159. පටිසම්භිදා ... කතං බුද්ධස්ස සාසනං.
1159. සිවුපිළිසිඹියා ලබන ලද ... බුදුසසුන් කරන ලදී.
ඉත්ථං සුදං චතුරාසීතිබ්රාහ්මණකඤ්ඤාභික්ඛුනීසහස්සානි භගවතො සම්මුඛා ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ සුවාසූදහසක් බමුණු කන්‍යා මෙහෙණහු භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා කීවාහු යැ.
චතුරාසීතිභික්ඛුනීසහස්සාපදානං දුතියං.
දෙවැනි සුවාසූ මෙහෙණදහසුන්ගේ අපදාන යි.