යෙදුමෙන් කියවන්න

4. 3 උප‍්පලදායිකාපදානං

4. 3 උප‍්පලදායිකාපදානං

4. 3 උප්පලදායිකාපදානය

1160. නගරෙ අරුණවතියා අරුණො නාම ඛත‍්තියො තස‍්ස රඤ‍්ඤො අහං භරියා එකජ‍්ඣං චාරයාමහං.

1160. අරුණවතී නගරයෙහි අරුණ නම් රජෙක් විය, එ රජුට භාර්‍ය්‍යා වූ මම් එක් තැනැ සිත් අලවා වෙසෙමි.

1161. රහොගතා නිසීදිත්‍වා එවං චින‍්තෙස’හං තදා ආදාය ගමනීයං හි කුසලං නත්‍ථි මෙ කතං.

1161. එකල්හි මම රහෝගත වැ හිඳ මෙසේ සිතීමි; යම් හෙයකින් මා විසින් කළ ගෙනයායුතු කුශලයක් නැද්ද, එහෙයින් -

1162. මහාසිතාපං කටුකං ඝොරරූපං සුදාරුණං නිරයං නූන ගච‍්ඡාමි එත්‍ථ මෙ නත්‍ථි සංසයො.

1162. මහත් තැවුලි ඇති කටුක වූ කැකුළු පියවි ඇති ඉතා දරුණු වූ නිරයට ඒකාන්තයෙන් යෙමි, මෙහි ලා මට සැකයෙක් නැති.

1163. එවාහං චින‍්තයිත්‍වාන පහංසෙත්‍වාන මානසං රාජානං උපගන‍්ත්‍වාන ඉදං වචනමබ්‍රවිං.

1163. මම මෙසේ සිතා සිත පහදවාගෙන රජු සමීපයට ගොස් මෙවදන් කීමි:

1164. “ඉත්‍ථි නාම මයං දෙව පුරිසානුගතා සදා එකං මෙ සමණං දෙහි භොජයිස‍්සාමි ඛත‍්තිය.”

1164. “දේවයන් වහන්ස, ඇපි ස්ත්‍රීහු නම් හැම කල්හි පුරුෂයන් අනුව ගියම්හ, ක්‍ෂත්‍රියය, මට එක් මහණකු දුන මැනැවැ, වළඳවන්නෙමි” යි.

1165. අදාසි මෙ තදා රාජා සමණං භාවිතින්‍ද්‍රියං තස‍්ස පත‍්තං ගහෙත්‍වාන පරමන‍්නෙන පූරයිං.

1165. එකල්හි රජ, වැඩූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති මහණකු මට දින, ඔබගේ පාත්‍රය ගෙන උතුම් අහරින් පිරැවීමි.

1166. පූරෙත්‍වා පරමං අන‍්නං සහස‍්සග‍්ඝනකෙනහං මහාචෙලෙන ඡාදෙත්‍වා අදාසිං තුට‍්ඨමානසා.

1166. උතුම් අහර පුරවා මම දහසක් අගනා මහත් වස්ත්‍රයකින් වසා සතුටු සිත් ඇති වැ දිනිමි.

1167. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසං අගච‍්ඡහං.

1167. මොනවට කළ ඒ පින්කමින් ද චිත්තප්‍රණිධියෙන් ද මම මිනිස්කය හැරපියා තවුතිසා දෙව්ලොවට ගියෙමි.

1168. සහස‍්සං දෙවරාජූනං මහෙසිත‍්තමකාරයිං. සහස‍්සං චක‍්කවත‍්තීනං මහෙසිත‍්තමකාරයිං.

1168. දහසක් දෙව්රජුන්ට මෙහෙසිබව කළමු, දහසක් සක්විත්තනට මෙහෙසිබව කළමු.

1169. පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං නානාවිධං බහුං අඤ‍්ඤං තස‍්ස කම‍්මඵලං තතො.

1169. මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් අසංඛ්‍ය වෙයි, ඒ කුශලයාගේ එයින් අන්‍ය වූ නන්වැදෑරුම් බොහෝ කර්‍මඵලය විය.

1170. උප‍්පලස‍්සෙව මෙ වණ‍්ණො අභිරූපා සුදස‍්සනා ඉත්‍ථි සබ‍්බඞ‍්ගසම‍්පන‍්නා අභිජාතා ජුතින්‍ධරා.

1170. මාගේ පැහැය උපුලකට බඳු වෙයි, අභිරූප වූ දැකුම් කලු වූ සර්‍වාඞ්ග සම්පන්න අභිජාත වූ සෝභාවත් ස්ත්‍රියක් වෙමි.

1171. පච‍්ඡිමභවෙ සම‍්පත‍්තෙ අජායිං සාකියෙ කුලෙ නාරීසහස‍්සපාමොක‍්ඛා සුද‍්ධොදනසුතස‍්සහං.

1171. පැසුළු භවය පැමිණි කල්හි ශාක්‍යකුලයෙහි උපන්මු, මම ශුද්ධෝදන පුත්‍රයාගේ ස්ත්‍රීන් දහසකට පාමොක් වූමු.

1172. නිබ‍්බින්‍දිත්‍වා අගාරෙහං පබ‍්බජිං අනගාරියං සත‍්තමිං රත‍්තිමප‍්පත්‍වා චතුසච‍්චමපාපුණිං.

1172. මම ගිහිගෙයි කලකිරී ශාසනයෙහි පැවිදි වූමු, සත්වැනි රාත්‍රියට නො පැමිණ චතුස්සත්‍යාවබෝධයට පැමිණියමු.

1173. චීවරං පිණ‍්ඩපාතං ච පච‍්චයං සයනාසනං පරිමෙතුං න සක‍්කොමි පිණ‍්ඩපාතස‍්සිදං ඵලං

1173. සිවුරු පිඬුවා ගිලන්පස හා සෙනසුන් ද පමණ කරන්නට නො හැකි වෙමි, මේ පිණ්ඩපාතයාගේ අනුසසි.

1174. යං මය‍්හං පුරිමං කම‍්මං කුසලං සරසෙ මුනි තුය‍්හත්‍ථාය මහාවීර පරිච‍්චත‍්තං බහුං මයා.

1174. මුනිවරයන් වහන්ස, මාගේ යම් පූර්‍වකුශලකර්‍මයක් සිහි කරන්නහු ද මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සඳහා මා විසින් බොහෝ දෑ පරිත්‍යාග කරන ලද.

1175. එකතිංසෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා දුග‍්ගතිං නාභිජානාමි පිණ‍්ඩපාතස‍්සිදං ඵලං.

1175. මෙයින් එක්තිස්වැනි කපැ එකල යම් දනක් දුනුමු ද, එයින් දුගතිය නො දනිමි, පිණ්ඩපාතයාගේ මේ විපාක යි.

1176. ද‍්වෙ ගතියො පජානාමි දෙවත‍්තං අථ මානුසං අඤ‍්ඤං ගතිං න ජානාමි පිණ‍්ඩපාතස‍්සිදං ඵලං

1176. දෙවිබව ද යළි මිනිස්බව ද යන දෙගතිය දනිමි, අන් ගතියක් නො දනිමි, මේ පිණ්ඩපාතයාගේ විපාක යි.

1177. උච‍්චෙ කුලෙ පජායාමි මහාසාලෙ මහද‍්ධනෙ අඤ‍්ඤෙ කුලෙ න ජානාමි පිණ‍්ඩපාතස‍්සිදං ඵලං.

1177. මහාසාර වූ මහද්ධන ඇති උදිච්‍යකුලයෙහි උපදිමි, අන් කුලයක් නො දනිමි, පිණ්ඩපාතයාගේ මේ විපාක යි.

1178. භවාභවෙ සංසරිත්‍වා සුක‍්කමූලෙන චොදිතා අමනාපං න පස‍්සාමි සොමනස‍්සකතං ඵලං.

1178. කුදුමහත් භවයෙහි සැරිසරා කුශලමූලයෙන් මෙහෙයන ලදු වැ අමනාප දැයක් නො දක්මි, සොම්නස් සහගියබැව්හි මේ විපාක යි.

1179. ඉද‍්ධීසු ච වසී හොමි දිබ‍්බාය සොතධාතුයා චෙතොපරියඤාණස‍්ස වසී හොමි මහාමුනි.

1179. ඍද්ධියෙහි ද දිවසෝධාහි ද වශී වෙමි, මහා මුනිවරය, චේතෝපරියඤාණයෙහි වශී වෙමි.

1180. පුබ‍්බෙ නිවාසං ජානාමි දිබ‍්බචක‍්ඛු විසොධිතං සබ‍්බාසවා පරික‍්ඛීණා නත්‍ථි’දානි පුනබ‍්භවො.

1180. පෙර විසූ කඳපිළිවෙළ දනිමි, දිව ඇස පිරිසිදු කරන ලද සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ, දැන් පුනර්‍භවයෙක් නැති.

1181. අත්‍ථධම‍්මනිරුත‍්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මම මහාවීර උප‍්පන‍්නං තව සන‍්තිකෙ.

1181. මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ සමීපයෙහි අර්‍ත්‍ථ ධර්‍ම නිරුක්තීන්හි ද එසේ ම ප්‍රතිභානයෙහි ද මාගේ ඤාණය උපන.

1182-1184. කිලෙසා ඣාපිතා මය‍්හං ... කතං බුද‍්ධස‍්ස සාසනං.

1182. – 1184. මා විසින් කෙලෙස් දවන ලදහ ... බුදුසසුන් කරන ලද.

ඉත්‍ථං සුදං උප‍්පලදායිකා භික‍්ඛුනී භගවතො සම‍්මුඛා ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ උප්පලදායිකා මෙහෙණ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මේ ගාථා පැවසූ යැ යි.

උප‍්පලදායිකාථෙරියාපදානං තතියං.

තුන්වැනි උප්පලදායිකා මෙහෙණියගේ අපදාන යි.