යෙදුමෙන් කියවන්න

4. 4 සිගාලමාතාපදානං

4. 4 සිගාලමාතාපදානං

4. 4 සිගාලමාතාපදානය

1185. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මානපාරගූ ඉතො සතසහස‍්සම‍්හි කප‍්පෙ උපපජ‍්ජි නායකො.

1185. මෙයින් සියක්දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පියුමතුරා නම් ජිතපඤ්චමාරයෝ පහළ වූහ.

1186. තදාහං හංසවතියං ජාතාමච‍්චකුලෙ අහුං නානාරතනපජ‍්ජොතෙ ඉද‍්ධෙ ඵීතෙ මහද‍්ධනෙ.

1186. එකල්හි මම හංසවතියෙහි නන්රුවනින් බබළන සමෘද්ධ වූ ආඪ්‍ය වූ මහත් ධන ඇති ඇමැතිකුලයෙක උපන්මු.

1187. පිතුනා සහ ගන‍්ත්‍වාන මහාජනපුරක‍්ඛතා ධම‍්මං බුද‍්ධස‍්ස සුත්‍වාන පබ‍්බජිං අනගාරියං.

1187. මහාජනයා විසින් පෙරටු කරන ලදු වැ පියා සමග ගොස් බුදුරදුන්ගේ දහම් අසා ශාසනයට පැමිණියෙමි.

1188. පබ‍්බජිත්‍වාන කායෙන පාපකම‍්මං විවජ‍්ජයිං වචීදුච‍්චරිතං හිත්‍වා ආජීවං පරිසොධයිං.

1188. පැවිදි වැ කයින් පව්කම් දුරු කළමු, වාක් දුසිරිත හැරපියා ආජීවය පිරිසිදු කළමු.

1189. බුද‍්ධෙ පසන‍්නා ධම‍්මෙ ච සඞ‍්ඝෙ ච තිබ‍්බගාරවා සද‍්ධම‍්මසවනෙ යුත‍්තා බුද‍්ධදස‍්සනලාලසා.

1189. බුදුන් කෙරෙහි පහන් වූවා දහම්හි ද සඟුන් කෙරෙහි ද දැඩි ගෞරව ඇති වැ බණ ඇසීමෙහි යෙදුණි, බුදුන් දැකීමෙහි ලොල් වූමු.

1190. අග‍්ගං සද‍්ධාධිමුත‍්තානං අස‍්සොසිං භික‍්ඛුනිං තදා තං ඨානං පත්‍ථයිත්‍වාන තිස‍්සො සික‍්ඛා අපූරයිං, තතො මං සුගතො ආහ කරුණානුගතාසයො.

1190. එකල්හි සද්ධාධිමුත්ත වූවන් කෙරෙහි අග්‍ර වූ මෙහෙණක ඇසූමු, ඒ තනතුර පතා ත්‍රිවිධ ශික්‍ෂාවන් පිරූමු, ඉක්බිති කරුණායෙන් යුත් සිත් ඇති සුගතයන් වහන්සේ මට මේ වදාළහ.

1191. “යස‍්ස සද‍්ධා තථාගතෙ අචලා සුප‍්පතිට‍්ඨිතා සීලං ච යස‍්ස කල්‍යාණං අරියකන‍්තං පසංසිතං.

1191. “තථාගතයන් කෙරෙහි යමක්හුගේ ශ්‍රද්ධා නො සැලී පිහිටියා ද, යමක්හට (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත හෙයින්) ආර්‍ය්‍යකාන්ත වූ පසස්නා ලද කල්‍යාණ ශීලය ඇද්ද,

1192. සඞ‍්ඝෙ පසාදො යස‍්සත්‍ථි උජුභූතං ච දස‍්සනං අදළිද‍්දොති තං ආහු අමොඝං තස‍්ස ජීවිතං.

1192. යමක්හට සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදය ඇද්ද, ධර්‍මදර්‍ශනය ඍජු වූයේත් වේ ද, ඔහු නො දිළින්දෙකැයි කියති, ඔහුගේ ජීවිතය නො සිස් වේ.

1193. තස‍්මා සද‍්ධං ච සීලං ච පසාදං ධම‍්මදස‍්සනං අනුයුඤ‍්ජෙථ මෙධාවී සරං බුද‍්ධානසාසනං.”

1193. එහෙයින් නුවණැතියේ බුදුන්ගේ අනුසසුන් සිහි කෙරෙමින් ශ්‍රද්ධාව ද ශීලය ද ප්‍රසාදය ද ධර්‍මදර්‍ශනය ද යන මෙහි යෙදෙන්නේ” යයි.

1194. තං සුත්‍වා’හං පමුදිතා අපුච‍්ඡිං පණිධිං මම තදා අනොමො අමිතො ව්‍යාකරිත්‍ථ විනායකො.

1194. ඒ අසා මම සතුටුව ප්‍රණිධිය (ගෙන) පුළුවුස්මු, එකල්හි අමිත ගුණ ඇති අනෝම නම් විනායකයන් වහන්සේ මේ ප්‍රකාශ කළහ.

1195. බුද‍්ධෙ පසන‍්නා කල්‍යාණි ලච‍්ඡසෙ තං සුපත්‍ථිතං සතසහස‍්සෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලසම‍්භවො ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

1195. කල්‍යාණිය, (තෝ) බුදුන් කෙරෙහි පහන් වූවා තෙල පතන ලද්ද ලබන්නාව, මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි ඔක්කාක කුලයෙහි උපන් නමින් ‘ගොතම’ නම් වූ ශාස්තෘන් වහන්සේ ලොවැ පහළ වන්නාහ.

1196. තස‍්ස ධම‍්මෙසු දායාදා ඔරසා ධම‍්මනිම‍්මිතා සිගාලකස‍්ස මාතා ති හෙස‍්සති සත්‍ථු සාවිකා.

1196. ඔබගේ දහම්හි දායාද ඇති ඖරස වූ ධර්‍ම නිර්මිත වූ ‘සිගාලමාතු’ යන නම් ඇති ශාස්තෘශ්‍රාවිකාවක් වන්නී ය.

1197. තං සුත්‍වා මුදිතා හුත්‍වා යාවජීවං තදා ජිනං මෙත‍්තචිත‍්තා පරිචරිං පටිපත‍්තීහි නායකං.

1197. ඒ අසා සතුටු වැ එකල්හි යාවජ්ජීවයෙන් මෙත් සිත් ඇති වැ ජින වූ ලෝකනායකයන් වහන්සේට පිළිවෙතින් පරිචරියා කළමු.

1198. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසං අගච‍්ඡහං.

1198. මනා කොට කරන ලද ඒ පින්කමින් ද සිත පිහිටුවීමෙන් ද මම මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවට ගියමු.

1199. පච‍්ඡිමෙ ච භවෙ’දානි ගිරිබ‍්බජපුරුත‍්තමෙ. ජාතා සෙට‍්ඨිකුලෙ ඵීතෙ මහාරතනසඤ‍්චයෙ.

1199. යළි දැන් පශ්චිම භවයෙහි ගිරිව්‍රජ (රජගහ) පුරවරයෙහි මහත් රත්නසඤ්චය ඇති සමෘද්ධ වූ සිටුකුලයෙහි උපන්මු.

1200. පුත‍්තො සිගාලකො නාම මමාසි විපථො රතො දිට‍්ඨිගහනපක‍්ඛන‍්නො දිසාපූජනතප‍්පරො.

1200. මට විරුද්ධ මාර්‍ගයෙහි ඇලුණු දෘෂ්ටිගහනයට පිවිසි දිශාවන් පිදීමෙහි, තත්පර වූ, ‘සිගාලක’ නම් පිතෙක් වී.

1201. නානාදිසා නමස‍්සන‍්තං පිණ‍්ඩාය නගරං වජං තං දිස‍්වා ඔවදී බුද‍්ධො මග‍්ගෙ ඨත්‍වා විනායකො.

1201. පිඬු සිඟා නුවරට වඩනා විනායක වූ බුදුහු නානාදිශාවන් නමස්කාර කරන ඔහු දැක මාර්‍ගයෙහි සිට -

1202. තස‍්ස දෙසයතො ධම‍්මං නිනාදො විම‍්හයො අහු දෙවකොටිනරනාරීනං ධම‍්මා’භිසමයො අහු.

1202. ඔහුට දහම් දෙසන බුදුරදුන්ගේ නිනාදය විස්මය දනවනු විය, දෙකෙළක් ස්ත්‍රී පුරුෂයනට ධර්‍මාවබෝධය වී.

1203. තදාහං පරිසං ගන‍්ත්‍වා සුත්‍වා සුගතභාසිතං සොතාපත‍්තිඵලං පත‍්තා පබ‍්බජිං අනගාරියං.

1203. එකල්හි මම පිරිස කරා ගොස් සුගතයන්ගේ භාෂිතය අසා සෝවත් ඵලයට පැමිණියා ශාසනයට පැමිණියමු.

1204. න චිරෙනෙව කාලෙන බුද‍්ධදස‍්සනලාලසා අනුස‍්සතිං තං භාවෙත්‍වා අරහත‍්තං අපාපුණිං

1204. නොබෝ කලකින් ම බුදුන් දැකීමෙහි ලොල් වූ මම ඒ බුද්ධානුස්මෘතිය වඩා රහත්බවට පැමිණියමු.

1205. දස‍්සනත්‍ථාය බුද‍්ධස‍්ස සබ‍්බදාව වජාමහං අතිත‍්තායෙව පස‍්සාමි රූපං නයනනන්‍දනං.

1205. බුදුන් දැකීම පිණිස මම හැම දින මැ යමි, නයන නන්‍දන වූ බුද්ධ රූපය තෘප්ති රහිත ව මැ දක්මි.

1206. සබ‍්බපාරමිසම‍්භූතං ලක‍්ඛීනිලයනං වරං රූපං සබ‍්බසුභාකිණ‍්ණං අතිත‍්තා විහරාමහං.

1206. සියලු පාරමී බලයෙන් හටගත් ලක්‍ෂමී නිවාස වූ සියලු ශුභ ලක්‍ෂණයෙන් ගැවැසීගත් උත්තම රූපය මම අතෘප්ත වැ (බලමින්) වෙසෙමි.

1207. ජිනො තස‍්මිං ගුණෙ තුට‍්ඨො එතදග‍්ගෙ ඨපෙසි මං “සිගාලකස‍්ස යා මාතා අග‍්ගා සද‍්ධාධිමුත‍්තිකා.”

1207. ඒ ගුණයෙහි සතුටු වූ ජින වූ බුදුහු ‘සිගාලක’ ගේ මාතෘ වූ මෙහෙණ අග්‍ර වූ ශ්‍රද්ධාධිමුක්ති ඇත්තී යයි මා ඒතදග්‍රයෙහි තැබූහ.

1208. ඉද‍්ධීසු ච වසී හොමි දිබ‍්බාය සොතධාතුයා චෙතොපරියඤාණස‍්ස වසී හොමි මහාමුනි.

1208. මහාමුනීද්‍රයන් වහන්ස, ඍද්ධි විෂයෙහි ද දිව්‍යශ්‍රෝත්‍ර ධාතුයෙහි ද වශී වෙමි, පරසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි.

1209. පුබ‍්බෙ නිවාසං ජානාමි දිබ‍්බචක‍්ඛු විසොධිතං සබ‍්බාසවා පරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.

1209. පූර්‍වනිවාස දනිමි, දිවඇස පිරිසිදු කරන ලද සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ, දැන් පුනර්‍භවයෙක් නැති,

1210. අත්‍ථධම‍්මනිරුත‍්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මම මහාවීර උප‍්පන‍්නං තව සන‍්තිකෙ.

1210. මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ සමීපයෙහි අත්‍ථ ධම්ම නිරුක්තීන්හි ද එසේ මැ පටිභානයෙහි ද මාගේ ඤාණය උපන.

1211-1213. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1211. – 1213. මා විසින් ක්ලේශයෝ දවන ලදහු ... බුදුන්ගේ අනුසසුන් කරන ලද.

ඉත්‍ථං සුදං සිගාලමාතා භික‍්ඛුනී භගවතො සම‍්මුඛා ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් සිගාලමාතා මෙහෙණ මේ ගාථා කිවු යැ.

සිගාලමාතාථෙරීයාපදානං චතුත්‍ථං.

හතරවැනි සිගාලමාතා ස්ථවිරාපදාන යි.