යෙදුමෙන් කියවන්න

11. 16

11. 16.

11. 16.

එතෙ ච ඤත්‍වා උපනිස‍්සිතාති ඤත්‍වා මුනි නිස‍්සයෙ සො විමංසී, ඤත්‍වා විමුත‍්තො න විවාදමෙති භවාභවාය න සමෙති ධීරො.

තවද තෙල දෘෂටිගතිකයන් (මොහු ශාශවතොචේද) ‘දෘෂ්ටි ඇසුරු කළාහු යැ’ යි දැන, තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රයන් දැන, ඒ පණ්ඩිත වූ බුද්ධමුනි තෙම (දුඃකඛානිත්‍යාදි විසින්) ධර්‍මයන් දැන (අනුපාදාවිමොක්ෂයෙන්) මිදුණේ විරුද්ධවාදයට නො පැමිණෙයි, ඒ ධීර තෙම පුනපුනා භවයට ද නො පැමිණේ.

එතෙ ච ඤත්‍වා උපනිස‍්සිතාති - ‘එතෙ’ති දිට‍්ඨිගතිකෙ; උපනිස‍්සිතාති සස‍්සතදිට‍්ඨිනිස‍්සිතා’ති ඤත්‍වා, උච‍්ඡෙදදිට‍්ඨිනිස‍්සිතාති ඤත්‍වා, සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨිනිස‍්සිතාති ඤත්‍වා, ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා’ති - එතෙ ච ඤත්‍වා උපනිස‍්සිතා”ති.

එතෙ ච ඤත්‍වා උපනිස්සිතාති - ‘එතෙ’ යනු: දෘෂ්ටිගතිකයන්; උපනිස්සිතාති - ශාශ්වතදෘෂ්ටිනිඃශ්‍රිතයෝ යැයි දැන, උච්ේඡදෘෂ්ටිනිඃශ්‍රිතය යැයි දැන, ශාශ්වතොඡෙඡදදෘෂටිනිඃශරිතයෝ යැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි - ‘එතෙ ච ඤතවා උපනිස්සිතාති’ යනු වේ.

ඤත්‍වා මුනී නිස‍්සයෙ සො විමංසී’ති - ‘මුනී’ති මොනං වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනි; මුනි සස‍්සතදිට‍්ඨිනිස‍්සිතාති ඤත්‍වා, උච‍්ඡෙදදිට‍්ඨිනිස‍්සිතාති ඤත්‍වා, සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨිනිස‍්සිතාති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා; සො විමංසී’ති පණ‍්ඩිතො පඤ‍්ඤවා බුද‍්ධිමා ඤාණී විභාවී මෙධාවීති - ඤත්‍වා මුනී නිස‍්සයෙ සො විමංසී.

ඤත්‍වා මුනී නිස්සයෙ සො විමංසි - ‘මුනි’ යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි මුනි තෙම (ඔවුන්) , ශාශ්වතදෘෂ්ටිනිඃශරිතයෝ යැයි දැන, උචෙඡදෘෂටිනිඃශ්‍රිතයෝ යැයි දැන, ශාශ්වතොඡෙඡදදෘෂටිනිඃශරිතයෝ යැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට; විභූත කොට, සො විමංසි - පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවී වූයේ මේධාවී වූයේ නුයි - ‘ඤතවා මුනී නිස්සයෙ සො විමංසි’ යනු වේ.

ඤත්‍වා විමුත‍්තො න විවාදමෙතීති - ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා, විමුත‍්තො’ති මුත‍්තො විමුත‍්තො සුවිමුත‍්තො පරිමුත‍්තො අච‍්චන‍්තඅනුපාදාවිමොක‍්ඛෙන, “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”ති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා මුත‍්තො විමුත‍්තො සුවිමුත‍්තො පරිමුත‍්තො අච‍්චන‍්තඅනුපාදාවිමොක‍්ඛෙන, “සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා”ති -පෙ- “සබ‍්බෙ ධම‍්මා අනත‍්තා”ති -පෙ- “යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බන‍්තං නිරොධධම‍්ම”න‍්ති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා, මුත‍්තො විමුත‍්තො සුවිමුත‍්තො පරිමුත‍්තො අච‍්චන‍්තඅනුපාදාවිමොක‍්ඛෙනාති - ඤත්‍වා විමුත‍්තො; න විවාදමෙතී’ති - න කලහං කරොති, න භණ‍්ඩනං කරොති, න විග‍්ගහං කරොති, න විවාදං කරොති, න මෙධගං කරොති. වුත‍්තං හෙතං භගවතා: “එවං විමුත‍්තචිත‍්තො ඛො අග‍්ගිවෙස‍්සන, භික‍්ඛු න කෙන චි සංවදති. න කෙනචි විවදති, යඤ‍්ච ලොකෙ වුත‍්තං. තෙන ච වොහරති අපරාමස”න‍්ති - ඤත්‍වා විමුත‍්තො න විවාදමෙති.

ඤත්‍වා විමුතෙතා න විවාදමෙති - දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට; විමුතෙතා - අත්‍යන්ත වූ අනුපාදාවිමොක්ෂයෙන් මිදුණේ මැනවින් මිදුණේ වෙසෙසින් මිදුණේ හාත්පසින් මිදුණේ ‘සර්‍වසංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට අත්‍යන්ත අනුපාදාවිමොක්ෂයෙන් මුක්ත විමුක්ත සුවිමුක්ත පරිමුක්ත වූයේ, ‘සර්‍වසංස්කාරයෝ දුඃඛයෝ යැ’ යි … ‘සර්‍වසංස්කාරයෝ අනාත්මයෝ යැ’ යි … ’යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම්, ඒ සියල්ල නැසෙනසුලු යැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට අත්‍යන්ත අනුපාදාවිමොක්ෂයෙන් මුක්ත විමුක්ත සුවිමුක්ත පරිමුක්ත වූයේ නුයි - ‘ඤතවා විමුතෙතා’ යනු වේ; න විවාදමෙති - කලහ නො කෙරෙයි, ඩබර නො කෙරෙයි, විග්‍රහ නො කෙරෙයි, විරුද්ධවාද නො කෙරෙයි, කෝලාහල නො කෙරෙයි; මේ වදාරන ලද මයැ, භාග්‍යවතුන් විසින්: ‘ගිනිවෙස්න, මෙසේ මිදුණු සිත් ඇති මහණ තෙම කිසිවක්හු සමග සංවාද නො කෙරෙයි, කිසිවක්හු සමග විවාද නො කෙරෙයි, ලොවැ යමකුත් කියන ලද නම්, දැඩිව නො ගනිමින් එයින් ව්‍යවහාර කෙරේ යැ” යි -‘ඤතවා විමුතෙතා න විවාදමෙති’ යනු වේ.

භවාභවාය න සමෙති ධීරො’ති - “භවාභවායා”ති භවාභවාය කම‍්මභවාය පුනබ‍්භවාය කාමභවාය; කම‍්මභවාය කාමභවාය පුනබ‍්භවාය; රූපභවාය කම‍්මභවාය රූපභවාය පුනබ‍්භවාය; අරූපභවාය කම‍්මභවාය අරූපභවාය පුනබ‍්භවාය; පුනප‍්පුන භවාය; පුනප‍්පුන ගතියා පුනප‍්පුනඋප‍්පත‍්තියා පුනප‍්පුන පටිසන්‍ධියා පුනප‍්පුන අත‍්තභාවාය පුනප‍්පුනාභිනිබ‍්බත‍්තියා න සමෙති න සමාගච‍්ඡති න ගණ‍්හාති න පරාමසති නාභිනිවිසති. ධීරො’ති ධීරො පණ‍්ඩිතො පඤ‍්ඤවා බුද‍්ධිමා ඤාණී විභාවී මෙධාවී’ති - භවාභවාය න සමෙති ධීරො.

භවාභවාය න සමෙති ධීරො - ‘භවාභවාය’ යනු: කාමභවයෙහි හා රූපාරූපභවයෙහි කර්මවෘත්තයට (පුනර්‍භවික වූ) විපාකවෘත්තයට, කාමධාතුයෙහි කර්‍මවෘතතයට, කාමධාතුයෙහි විපාකවෘතතයට, රූපධාතුයෙහි කර්‍මවෘතතයට රූපධාතුයෙහි විපාකවෘත්තයට, අරූපධාතුයෙහි කර්‍මවෘතතයට, අරූපධාතුයෙහි විපාකවෘත්තයට, පුනපුනා භවයට පුනපුනා ගතියට පුනපුනා උපතට පුනපුනා පිළිසඳට පුනපුනා අත්බවට නැවත නැවත පහළ වීමට නො එයි, නො පැමිණෙයි, නො ගනී, නො පරාමර්‍ෂ කෙරෙයි, නො පිවිසේ; ධීරො - ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවී මේධාවී නුයි - ‘භවාභවාය න සමෙති ධීරො’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“එතෙ ච ඤත්‍වා උපනිස‍්සිතාති ඤත්‍වා මුනී නිස‍්සයෙ සො විමංසී, ඤත්‍වා විමුත‍්තො න විවාදමෙති භවාභවාය න සමෙති ධීරො”ති.

“එතෙ ච ඤත්‍වා - පෙ - භවාභවාය න සමෙති ධීරො” යි.

කලහවිවාදසුත‍්තනිද‍්දෙසො සමත‍්තො එකාදසමො.

එකොළොස් වැනි කලහවිවාද සූත්‍රනිර්දේශය යි.