12. 1
12. 1.
12. 1.
සකං සකං දිට්ඨිපරිබ්බසානා විග්ගය්හ නානා කුසලා වදන්ති, එවං පජානාති ස වෙදි ධම්මං ඉදං පටික්කොසමකෙවලී සො.
තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙන්නාහු (ඒ දෘෂ්ටිය) දෘඪග්‍රහයෙන් ගෙන (ඇපි එහි) දක්ෂයම්හ’යි වෙන වෙන ම කියති. (යමෙක්) මෙසේ දනී නම්, හෙතෙම දහම් දැනගත්තේ ය, මෙය ගරහන්නා වූ (යමෙක් වේ නම් හෙතෙම) ලාමක වන්නේ යයි ද (කියත්.)
සකං සකං දිට්ඨිපරිබ්බසානා’ති - සන්තෙකෙ සමණබ්රාහ්මණා දිට්ඨිගතිකා; තෙ ද්වාසට්ඨියා දිට්ඨිගතානං අඤ්ඤතරඤ්ඤතරං දිට්ඨිගතං ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා සකාය සකාය දිට්ඨියා වසන්ති සංවසන්ති ආවසන්ති පරිවසන්ති. යථා අගාරිකා වා ඝරෙසු වසන්ති, සාපත්තිකා වා ආපත්තීසු වසන්ති, සකිලෙසා වා කිලෙසෙසු වසන්ති. එවමෙවං සන්තෙකෙ සමණබ්රාහ්මණා දිට්ඨිගතිකා, තෙ ද්වාසට්ඨියා දිට්ඨිගතානං අඤ්ඤතරඤ්ඤතරං දිට්ඨිගතං ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා අභිනිවිසිත්වා සකාය සකාය දිට්ඨියා වසන්ති සංවසන්ති ආවසන්ති පරිවසන්තීති - සකං සකං දිට්ඨිපරිබ්බසානා.
සකං සකං දිට්ඨි පරිබ්බසාතා - දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට පරාමර්‍ෂ කොට පිවිසැගෙන තමතමා ගේ දෘෂ්ටියෙහි වෙසෙති මොනොවට වෙසෙති පිවිසැ වෙසෙති හාත්පසින් වෙසෙත්; ගෙහිමියෝ හෝ සිය ගෙවල යම් සේ වෙසෙත් ද, ඇවැත් බහුලයෝ හෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ හෝ කෙලෙස්හි වෙසෙත් ද, එසෙයින් ම දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන දැඩිව ග්‍රහණය කොට පරාමර්‍ෂ කොට අභිනිවේශ කොට තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙති පිවිසැ වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත් නුයි ‘සකං සකං දිට්ඨිපරිබ්බසානා’ යනු වේ.
විග්ගය්හ නානා කුසලා වදන්තී’ති - ‘විග්ගය්හා’ති ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා, නානා වදන්ති විවිධං වදන්ති අඤ්ඤමඤ්ඤං වදන්ති පුථු වදන්ති න එකං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති. කුසලා’ති කුසලවාදා පණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියාති - විග්ගය්හ නානා කුසලා වදන්ති.
විග්ගය්හ නානා කුසලා වදන්ති - ‘විග්ගය්හ’ යනු : ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන; නානා වදන්ති - විවිධ ව කියති, එකිනෙක කියති, වෙන වෙනම කියති, එකක් නො කියති, නො බෙණෙති නො දක්වති, ව්‍යවහාර නො කෙරෙත්; කුසලා - ස්වකීය ලබ්ධියෙහි කුසලවාද ඇත්තාහු පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘විග්ගය්හ නානා කුසලා වදන්ති’ යනු වේ.
එවං පජානාති ස වෙදි ධම්මන්ති - යො ඉදං ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං ජානාති, සො ධම්මං වෙදි, අඤ්ඤාසි, අපස්සි, පටිවිජ්ඣීති - එවං පජානාති ස වෙදි ධම්මං.
එවං පජානාති ස වෙදි ධම්මං - යමෙක් මේ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්ගය දනී නම්, හෙතෙම ධර්මය දත්තේ ය, දැනගත්තේ ය, දැක්කේ ය, අවබෝධ කෙළේ නුයි ‘එවං පජානාති ස වෙදි ධම්මං’ යනු වේ.
ඉදං පටික්කොසමකෙවලී සොති - යො ඉමං ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං පටික්කොසති, අකෙවලී සො අසමත්තො සො අපරිපුණ්ණො සො, හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තොති.
ඉදං පටික්කොසමකෙවලී සො - යමෙක් මෙ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්ගය ගරහා ද; අකෙවලී සො - හෙ අසමස්ත යැ, හේ අපරිපූර්ණ යැ, නිහීන යැ අවමත යැ අප්රත්ය යැ අල්පවූයේ නුයි ‘ඉදං පටික්කොසමකෙවලී සො’ යනු වේ.
තෙනාහ සො නිම්මිතො:
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“සකං සකං දිට්ඨිපරිබ්බසානා විග්ගය්හ නානා කුසලා වදන්ති, එවං පජානාති ස වෙදි ධම්මං ඉදං පටික්කොසමකෙවලී සො”ති.
“සකං සකං දිට්ඨි - පෙ - ඉදං පටික්කොසමකෙවලී සො” යී.