12. 2
12. 2.
12. 2.
එවම්පි විග්ගය්හ විවාදයන්ති බාලො පරො අක්කුසලො’ති චාහු, සච්චො නු වාදො කතමො ඉමෙසං සබ්බෙව හි’මෙ කුසලාවදානා.
මෙසේ (ස්වකීය ලබ්ධිය) දැඩිව ගෙන විවාද කෙරෙති, මෙරමා බාල යැයි ද අදක්ෂ යැයි ද කියති, මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මේ සියලු මැ මහණබමුණෝ පණඩිතවාද ඇත්තාහු ද?
එවම්පි විග්ගය්හ විවාදයන්තීති - එවං ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා විවාදයන්ති, කලහං කරොන්ති, භණ්ඩනං කරොන්ති, විග්ගහං කරොන්ති, විවාදං කරොන්ති, මෙධගං කරොන්ති; ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති - එවම්පි විග්ගය්හ විවාදයන්ති.
එවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන විරුද්ධවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්රහ කෙරෙති, විවාද කෙරෙති, මෙධග කෙරෙත්; ‘තෙපි මේ ධර්මවිනය නො දන්නවුය, … ඉදින් පොහොසත්හු නම්, (තෙමේ මැ) මුදාලව’ යි ‘එවමපි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
බාලො පරො අක්කුසලොති චාහූති - පරො බාලො හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තො අකුසලො අවිද්වා අවිජ්ජාගතො අඤ්ඤාණී අවිභාවී දුප්පඤ්ඤොති එවමාහංසු, එවං කථෙන්ති, එවං භණන්ති, එවං දීපයන්ති, එවං වොහරන්තීති - බාලො පරො අකුසලො’ති චාහු.
බාලො පරො අකකුසලොති චාහු - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ අහේතුක යැ අල්ප යැ අදක්ෂ යැ අපණ්ඩිත යැ අවිද්‍යාවට පැමිණියේ යැ අඥාන යැ අවීමංසක යැ දුෂ්ප්‍රාඥ යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘බාලො පරො අකකුසලොති චාහු’ යනු වේ.
සච්චො නු වාදො කතමො ඉමෙසන්ති - ඉමෙසං සමණබ්රාහ්මණානං කතමො සච්චො තච්ඡො තථො භූතො යාථාවො අවිපරීතොති සච්චො නු වාදො කතමො ඉමෙසං.
සච්චො නු වාදො කතමෝ ඉමෙසං - මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය ද? නො සිස් ද? අවිපරීත ද? විද්‍යාමාන ද? යථා ස්වභාව ද? විපරීත නො වේ ද? යී ‘සච්චො නු වාදො කතමෝ ඉමෙසං’ යනු වේ.
සබ්බෙව හි’මෙ කුසලාවදානාති - සබ්බෙපි ඉමෙ සමණබ්රාහ්මණා කුසලවාදා පණ්ඩිතවාදී ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියාති - සබ්බෙව හි’මෙ කුසලාවදානා,
සබ්බේව හිමෙ කුසලාවදානා - මේ සියලු මැ මහණබමුණෝ ස්වලබ්ධියෙහි කුශලවාද ඇත්තෝ යැ පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘සබ්බේව හි’මෙ කුසලාවදානා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“එවම්පි විග්ගය්හ විවාදයන්ති බාලො පරො අක්කුසලො’ති චාහු, සච්චා නු වාදො කතමො ඉමෙසං? සබ්බෙව හිමෙ කුසලාවදානා”ති.
“එවම්පි විග්ගය්හ විවාදයන්ති - පෙ - සබ්බේව හිමෙ කුසලාවදානා” යි