12. 3
12. 3.
12. 3.
පරස්ස චෙ ධම්මමනානුජානං බාලො මගො හොති නිහීනපඤ්ඤො, සබ්බෙව බාලා සුනිහීනපඤ්ඤා සබ්බෙ විමෙ දිට්ඨිපරිබ්බසානා.
ඉදින් මෙරමාගේ දෘෂ්ටිය අනුඥා නො කරනුයේ බාලයෙක් මෘග (සදෘශ) යෙක් ලාමක ප්‍රඥා ඇතියෙක් වේ නම්, (එකල්හි) සියලු මැ මහණබමුණෝ බාලයෝ වෙති අතිශයින් නිහීනප්‍රඥා ඇතියෝ වෙත්, මේ සියලු මැ මහණ බමුණෝ තමතමාගේ දෘෂ්ටියෙහි වසන්නාහු ද, එහෙයිනි.
පරස්ස චෙ ධම්මමනානුජානන්ති - පරස්ස ධම්මං පටිපදං මග්ගං අනනු ජානන්තො අනනුපස්සන්තො අනනුමනන්තො අනනුමඤ්ඤන්තො අනනුමොදන්තොති - පරස්ස චෙ ධම්මමනානුජානං.
පරස්ස චෙ ධම්ම මනානුජානං - අන්‍යයාගේ ධර්මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්ගය නො දන්නේ නො දක්නේ අනුඥා නො කරනුයේ නො පිළිගන්නේ නො අනුමෝදන් වනුයේ නුයි ‘පරස්ස චෙ ධම්ම මනානුජානං’ යනු වේ.
බාලො මගො හොති නිහීනපඤ්ඤො’ති - පරො බාලො හොති, හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තො හීනපඤ්ඤො නිහීනපඤ්ඤො ඔමකපඤ්ඤො ලාමකපඤ්ඤො ඡත්තකපඤ්ඤො පරිත්තපඤ්ඤො’ති - බාලො මගො හොති නිහීනපඤ්ඤො.
බාලො මගො හොති නිහිනඤ්ඤො - මෙරමා අපණ්ඩිත වූයේ වෙයි, හීන වූයේ නිහීන - ඔමක - ලාමක ඡත්තක - පරිත්ත වූයේ හීනප්‍රඥා ඇත්තේ නිහීනප්‍රඥා ඇත්තේ අවමතප්‍රඥා ඇත්තේ ලාමකප්‍රඥා ඇත්තේ ඡත්තකප්‍රඥා ඇත්තේ පරිත්තප්‍රඥා ඇත්තේ නුයි ‘බාලො මගො හොති නිහිනපඤ්ඤො’ යනු වේ.
සබ්බෙව බාලා සුනිහීනපඤ්ඤාති - සබ්බෙවිමෙ සමණබ්රාහ්මණා බාලා හීනා නිහීනා ඔමකා ලාමකා ඡත්තකා පරිත්තා, සබ්බෙව හීනපඤ්ඤා නිහීනපඤ්ඤා ඔමකපඤ්ඤා ලාමකපඤ්ඤා ඡත්තකපඤ්ඤා පරිත්තපඤ්ඤා’ති - සබ්බෙව බාලා සුනිහීනපඤ්ඤා.
සබ්බේව බාලා සුනිහීනපඤ්ඤා - මේ සියලු මැ මහණබමුණෝ බාලයෝ යැ හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ අහේතුකයෝ යැ අල්පයෝ යැ සියල්ලෝ මැ හීනප්‍රඥා ඇත්තෝ යැ අවමත ප්‍රඥා ඇත්තෝ යැ ලාමකප්‍රඥා ඇත්තෝ යැ ඡත්තකප්‍රඥා ඇත්තෝ යැ අල්ප වූ ප්‍රඥා ඇත්තාහු නුයි ‘සබ්බේව බාලා සුනිහීනපඤ්ඤා’යනු වේ.
සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා’ති - සබ්බෙවිමෙ සමණබ්රාහ්මණා දිට්ඨිගතිකා. තෙ ද්වාසට්ඨියා දිට්ඨිගතානං අඤ්ඤතරඤ්ඤතරං දිට්ඨිගතං ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා, සකාය සකාය දිට්ඨියා වසන්ති සංවසන්ති ආවසන්ති පරිවසන්ති. යථා අගාරිකා වා ඝරෙසු වසන්ති, සාපත්තිකා වා ආපත්තීසු වසන්ති, සකිලෙසා වා කිලෙසෙසු වසන්ති, එවමෙවං සබ්බෙවිමෙ සමණබ්රාහ්මණා දිට්ඨිගතිකා. -පෙ- පරිවසන්තීති. සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා.
සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා - මේ සියලු මැ මහණබමුණෝ දෘෂ්ටිගතිකයෝ යැ, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන ස්වකීය ස්වකීය දෘෂ්ටියෙහි වෙසෙති, මොනවට වෙසෙති, පැමිණ වෙසෙති, හාත්පසින් වෙසෙත්; ගෙහිමියෝ හෝ සිය ගෙවල යම් සේ වෙසෙත් ද, ඇවැත් බහුලයෝ හෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ හෝ කෙලෙස්හි වෙසෙත් ද, එසෙයින් මේ සියලු මැ මහණබමුණෝ දෘෂ්ටිගතිකයෝ යැ … හාත්පසින් වෙසෙත් නුයි ‘සබ්බේවිමෙ දිට්ඨිපරිබ්බසානා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“පරස්ස චෙ ධම්මමනානුජානං බාලො මගො හොති නිහීනපඤ්ඤො, සබ්බෙව බාලා සුනිහීනපඤ්ඤා සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා”ති.
“පරස්ස චෙ ධම්ම මනානුජානං -පෙ- සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා” යී