යෙදුමෙන් කියවන්න

12. 4

12. 4.

12. 4.

සන්‍දිට‍්ඨියා චෙව න වෙවදාතා සංසුද‍්ධපඤ‍්ඤා කුසලා මුතීමා, කෙසං න කොචි පරිහීනපඤ‍්ඤො දිට‍්ඨි හි තෙසම‍්පි තථා සමත‍්තා.

ඉදින් ස්වකීය දෘෂ්ටියෙන් පිරිසුදු නො වූවාහු සංශුද්ධප්‍රඥා ඇත්තාහු දක්‍ෂ වූවාහු බුද්ධිමත් වූවාහු වෙත් නම්, ඒ මහණබමුණන් අතුරෙන් කිසිවෙක් පිරිහුණු නුවණැතියේ නො වෙයි, යම් හෙයකින් දෘෂ්ටිය ඔවුන් විසිනු දු එසේ සමාදන් වූවාහු ද එහෙයිනි.

සන්‍දිට‍්ඨියා චෙව න වෙවදාතා’ති - සකාය දිට‍්ඨියා සකාය ඛන‍්තියා සකාය රුචියා සකාය ලද‍්ධියා, න වෙවදාතා අවොදාතා අපරියොදාතා සඞ‍්කිලෙසිකාති - සන්‍දිට‍්ඨියා චෙව න වෙවදාතා.

සන්දිට්ඨියා චෙව න වෙවදාතා - ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්‍ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි නො බබළන්නාහු අපරිශුද්ධ වූවාහු ප්‍රභාස්වර නො වූවාහු සංක්ලිෂ්ට වූවාහු සංක්ලේෂික වූවාහු නුයි ‘සන්දිට්ඨියා චෙව න වෙවදාතා’ යනු වේ.

සංසුද‍්ධපඤ‍්ඤා කුසලා මුතීමාති - “සංසුද‍්ධපඤ‍්ඤා”ති සුද‍්ධපඤ‍්ඤා පරිසුද‍්ධපඤ‍්ඤා ඔදාතපඤ‍්ඤා පරියොදාතපඤ‍්ඤා; අථවා, සුද‍්ධදස‍්සනා විසුද‍්ධදස‍්සනා පරිසුද‍්ධදස‍්සනා වොදාතදස‍්සනා පරියොදාතදස‍්සනා’ති සංසුද‍්ධපඤ‍්ඤා; ‘කුසලා’ති කුසලා පණ‍්ඩිතා පඤ‍්ඤවන‍්තො බුද‍්ධිමන‍්තො ඤාණිනො විභාවිනො මෙධාවිනොති සංසුද‍්ධපඤ‍්ඤා කුසලා; ‘මුතිමා’ති මුතිමා පණ‍්ඩිතා පඤ‍්ඤවන‍්තො බුද‍්ධිමන‍්තො ඤාණිනො විභාවිනො මෙධාවිනොති සංසුද‍්ධපඤ‍්ඤා කුසලා මුතීමා.

සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා - ‘සංසුද්ධපඤ්ඤා’ යනු ශුද්ධප්‍රඥා ඇත්තාහු පරිශුද්ධප්‍රඥා ඇත්තාහු අවදාතප්‍රඥා ඇත්තාහු හාත්පසින් බබළන ප්‍රඥා ඇත්තාහු, නොහොත් ශුද්ධදර්‍ශන ඇත්තාහු විශුද්ධදර්‍ශන ඇත්තාහු පරිශුද්ධදර්‍ශන ඇත්තාහු ව්‍යවදාතදර්‍ශන ඇත්තාහු පර්‍ය්‍යාවදාතදර්‍ශන ඇත්තාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා’ යනු වේ. කුසලා - දක්‍ෂ වූවාහු පණ්ඩිත වූවාහු ප්‍රඥාවත් වූවාහු බුද්ධිමත් වූවාහු ඥානවත් වූවාහු විමංසනප්‍රඥා ඇත්තාහු තීරණප්‍රඥා ඇත්තාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා කුසලා ’ යනු වේ. මුතිමා - ස්මෘතිමත් වූවාහු පණ්ඩිත -ප්‍රඥාවත් - බුද්ධිමත් - ඥානවත් - විමංසන - ප්‍රඥාවත් වූවාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා’ යනු වේ.

තෙසං න කොචි පරිහීනපඤ‍්ඤොති - තෙසං සමණබ්‍රාහ‍්මණානං න කොචි හීනපඤ‍්ඤො නිහීනපඤ‍්ඤො ඔමකපඤ‍්ඤො ලාමකපඤ‍්ඤා ලාමකපඤ‍්ඤො ඡත‍්තකපඤ‍්ඤො පරිත‍්තපඤ‍්ඤො අත්‍ථි, සබ‍්බෙව සෙට‍්ඨපඤ‍්ඤා විසිට‍්ඨපඤ‍්ඤා පාමොක‍්ඛපඤ‍්ඤා උත‍්තමපඤ‍්ඤා පවරපඤ‍්ඤාති - තෙසං න කොචි පරිහීනපඤ‍්ඤො.

තෙසං න කෝචි පරිහිනපඤ්ඤො - ඒ මහණබමුණන් අතුරෙන් හීනප්‍රඥා ඇති නිහීනප්‍රඥා ඇති පහත් වූ ප්‍රඥා ඇති ලාමක වූ ප්‍රඥා ඇති ඡත්තකප්‍රඥා ඇති අල්ප වූ ප්‍රඥා ඇති කිසිවෙක් නැති, සියල්ලෝ මැ ශ්‍රේෂ්ඨප්‍රඥා ඇත්තාහු විශිෂ්ටප්‍රඥා ඇත්තාහු ප්‍රමුඛප්‍රඥා ඇත්තාහු උත්තම ප්‍රඥා ඇත්තාහු ප්‍රවරප්‍රඥා ඇත්තාහු නුයි ‘තෙසං න කෝචි පරිහිනපඤ්ඤො’ යනු වේ.

දිට‍්ඨි හි තෙසම‍්පි තථා සමත‍්තාති - තෙසං සමණබ්‍රාහ‍්මණානං දිට‍්ඨි තථා සමත‍්තා සමාදින‍්නා ගහිතා පරාමට‍්ඨා අභිනිවිට‍්ඨා අජ‍්ඣොසිතා අධිමුත‍්තාති - දිට‍්ඨි හි තෙසම‍්පි තථා සමත‍්තා.

දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා - ඒ මහණබමුණන් විසින් දෘෂ්ටිය එපරිද්දෙන් සපුරන ලද්දී මොනවට ගන්නා ලද්දී ග්‍රහණය කරන ලද්දී පරාමර්‍ෂ කොට ගන්නා ලද්දී අභිනිවේශ කරන ලද්දී පිවිස ගන්නා ලද්දී බැසගන්නා ලද්දී නුයි ‘දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සන්‍දිට‍්ඨියා චෙව න වෙවදාතා සංසුද‍්ධපඤ‍්ඤා කුසලා මුතීමා, කෙසං න කොචි පරිහීනපඤ‍්ඤො දිට‍්ඨි හි තෙසම‍්පි තථා සමත‍්තා.

“සන්දිට්ඨියා වෙව - පෙ - දිට්ඨි හි තථා සමත්තා” යී.