යෙදුමෙන් කියවන්න

12. 5

12. 5.

12. 5.

න චාහමෙතං තථියන‍්ති බ්‍රූමි යමාහු බාලා මිථු අඤ‍්ඤමඤ‍්ඤං, සකං සකං දිට‍්ඨිමකංසු සච‍්චං තස‍්මා හි බාලොති පරං දහන‍්ති.

මම තෙල ද්වාෂෂ්ටිදෘෂ්ටිජාතය සත්‍ය යැයි නො ද කියමි, යම් හෙයකින් කලහකාරක වූ දෙදෙනෙක් ඔවුනොවුන් බාල හෙයින් කියත් ද, (ඔහු) තමතමාගේ ලබ්ධිය සැබවැයි වාද කළාහු ද, එහෙයින් මැ වාදකාරක වූ අන්‍යයා බාලයෙකැයි සලකත්.

න චාහමෙතං තථියන‍්ති බ්‍රූමීති - ‘නා’ති පටික‍්ඛෙපො; ‘එත’න‍්ති ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි; නාහං එතං තච‍්ඡං තථං භූතං යාථාවං අවිපරීතන‍්ති බ්‍රූමි, ආචික‍්ඛාමි, දෙසෙමි, පඤ‍්ඤපෙමි, පට‍්ඨපෙමි, විවරාමි, විභජාමි, උත‍්තානීකරොමි, පකාසෙමීති - න චාහමෙතං තථියන‍්ති බ්‍රූමී.

න චාහමෙතං තථියන්ති බ්‍රෑමි - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; ‘එතං’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ; මම තෙල දෘෂ්ටිගතය නො සිස් යැ අවිපරීත යැ විද්‍යාමාන යැ සංවිද්‍යාමාන යැ අවිසංවාදක යැයි නො කියමි, නො පවසමි, නො දෙසමි, නො පනවමි, නො තබමි, විවරණය නො කරමි, විභාග නො කරමි, ප්‍රකට නො කරමි, ප්‍රකාශ නො කෙරෙමි, ‘න චාහමෙතං තථියන්ති බ්‍රෑමි’ යනු වේ.

යමාහු බාලා මිථු අඤ‍්ඤමඤ‍්ඤන‍්ති - ‘මිථූ’ති ද‍්වෙ ජනා, ද‍්වෙ කලහකාරකා, ද‍්වෙ භණ‍්ඩනකාරකා, ද‍්වෙ භස‍්සකාරකා, ද‍්වෙ විවාදකාරකා, ද‍්වෙ අධිකරණකාරකා, ද‍්වෙ වාදිනො, ද‍්වෙ සල‍්ලාපකා; තෙ අඤ‍්ඤමඤ‍්ඤං බාලතො හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත‍්තකතො පරිත‍්තතො එවමාහංසු, එවං කථෙන‍්ති, එවං භණන‍්ති, එවං වොහරන‍්තීති යමාහු බාලා මිථු අඤ‍්ඤමඤ‍්ඤං.

යමාහු බාලා මිථු අඤ්ඤාමඤ්ඤං - ‘මිථු’ යනු: දෙදෙනෙක්, කලහකරුවෝ දෙදෙන ඩබර කරුවෝ දෙදෙන බසින් කලහ කරනුවෝ දෙදෙන විවාදකරුවෝ දෙදෙන අධිකරණකරුවෝ දෙදෙන වාදකරුවෝ දෙදෙන සංලාප කරනුවෝ දෙදෙන, ඔවුහු ඔවුනොවුන් බාල හෙයින් හීන හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු බාලා මිථු අඤ්ඤාමඤ්ඤං’ යනු වේ.

සකං සකං දිට‍්ඨිමකංසු සච‍්චන‍්ති - සස‍්සතො ලොකෙ ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති සකං සකං දිට‍්ඨිමකංසු සච‍්චං. අසස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති - සකං සකං දිට‍්ඨිමකංසු සච‍්චං.

සකං සකං දිට්ඨිමකංසු සච්චං - ‘ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’ යි - ‘සකං සකං දිට්ඨිමකංසු සච්චං ’ යනු වේ.

තස‍්මා හි බාලොති පරං දහන‍්තීති - ‘තස‍්මා’ති තස‍්මා තඞ‍්කාරණා තංහෙතු තප‍්පච‍්චයා තන‍්නිදානා; පරං බාලතො හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත‍්තකතො පරිත‍්තතො; දහන‍්ති, පස‍්සන‍්ති, දක‍්ඛන‍්ති, ඔලොකෙන‍්ති, නිජ‍්ඣායන‍්ති, උපපරික‍්ඛන‍්තී’ති - තස‍්මා හි බාලො’ති පරං දහන‍්ති.

තස්මා හි බාලො’ති පරං දහන්ති - ‘තස්මා’ යනු: එ හෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මෙරමා බාල හෙයින් හීනහෙයින් නිහීන හෙයින් ඔමකහෙයින් ලාකමහෙයින් ඡත්තක හෙයින් සලකති, බලති දකිති අවලොකනය කෙරෙති, සිතති,විමසත් නුයි ‘තස්මා හි බාලො’ති පරං දහන්ති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“න චාහමෙතං තථියන‍්ති බ්‍රූමි යමාහු බාලා මිථු අඤ‍්ඤමඤ‍්ඤං, සකං සකං දිට‍්ඨිමකංසු සච‍්චං තස‍්මා හි බාලොති පරං දහන‍්ති”ති.

“න චාහමෙතං -පෙ- තස්මා හි බාලොති පරං දහන්ති” යි.