යෙදුමෙන් කියවන්න

12. 6

12. 6.

12. 6.

යමාහු සච‍්චං තථියන‍්ති එකෙ තමාහු අඤ‍්ඤෙ තුච‍්ඡං මුසාති, එවම‍්පි විග‍්ගය‍්හ විවාදයන‍්ති කස‍්මා න එකං සමණා වදන‍්ති.

ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දෘෂ්ටිසත්‍යයක් සැබැවැයි කියත් ද, එයින් අන්‍ය වූ මහණබමුණෝ ඒ දෘෂ්ටිසත්‍යය තුච්ඡ වූ මෘෂායෙකැයි කියත්. (ඔහු) මෙසේත් දෘෂ්ටිය දැඩිව ගෙන විවාද කෙරෙති. කුමක් හෙයින් ශ්‍රමණයෝ එක් සත්‍යයක් නො කියත් ද?

යමාහු සච‍්චං තථියන‍්ති එකෙති - යං දිට‍්ඨිං පටිපදං මග‍්ගං එකෙ සමණබ්‍රාහ‍්මණා ඉදං සච‍්චං තථං භූතං යාථාවං අවිපරීතන‍්ති එවමාහංසු, එවං කථෙන‍්ති, එවං භණන‍්ති එවං දීපයන‍්ති, එවං වොහරන‍්තීති - යමාහු සච‍්චං තථියන‍්ති එකෙ.

යමාහු සච්චං තථියන්ති එකෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් මේ සැබව නො සිස් යැ අවිපරීත යැ විද්‍යාමාන යැ සංවිද්‍යාමාන යැ අවිසංකෙත යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු සච්චං තථියන්ති එකෙ’ යනු වේ.

තමාහු අඤ‍්ඤෙ තුච‍්ඡං මුසාතීති - තමෙව ධම‍්මං දිට‍්ඨිං පටිපදං මග‍්ගං එකෙ සමණබ්‍රාහ‍්මණා තුච‍්ඡං එතං මුසා එතං අභූතං එතං අලිකං එතං අයාථාවං එතන‍්ති එවමාහංසු, එවං කථෙන‍්ති, එවං භණන‍්ති, එවං දීපයන‍්ති, එවං වොහරන‍්තීති - තමාහු අඤ‍්ඤෙ තුච‍්ඡං මුසාති.

තමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති - ඇතැම් මහණබමුණු කෙනෙක් ඒ මැ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල සිස් යැ තෙල මෘෂා යැ තෙල අභූත යැ තෙල බොරු යැ තෙල අසංවිද්‍යාමාන යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති’ යනු වේ.

එවම‍්පි විග‍්ගය‍්හ විවාදයන‍්තීති - එවං ගහෙත්‍වා උග‍්ගහෙත්‍වා ගණ‍්හිත්‍වා පරාමසිත්‍වා අභිනිවිසිත්‍වා විවාදයන‍්ති, කලහං කරොන‍්ති, භණ‍්ඩනං කරොන‍්ති විග‍්ගහං කරොන‍්ති, විවාදං කරොන‍්ති, මෙධගං කරොන‍්ති, ‘න ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානාසි -පෙ- නිබ‍්බෙඨෙහි වා සචෙ පහොසී’ති - එවම‍්පි විග‍්ගය‍්හ විවාදයන‍්ති. ‘

එවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන විරුද්ධවාදකෙරෙති කලහ කෙරෙති ඩබර කෙරෙති විග්‍රහ කෙරෙති විවාද කෙරෙති මෙධග කෙරෙති; ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ … ඉදින් සමර්‍ත්‍ථ වූවහු නම් මුදාගනැ’ යි (කියත්) නුයි ‘එවම්පි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.

කස‍්මා න එකං සමණා වදන‍්තීති - ‘කස‍්මා’ති කස‍්මා කිඞ‍්කාරණා කිංහෙතු කිම‍්පච‍්චයා කින‍්නිදානා කිංසමුදයා කිඤ‍්ජාතියා කිම‍්පභවා න එකං වදන‍්ති? නානා වදන‍්ති විවිධං වදන‍්ති? අඤ‍්ඤමඤ‍්ඤං වදන‍්ති? කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්තීති - කස‍්මා න එකං සමණා වදන‍්ති.

කස්මා න ඒකං සමණා වදන්ති - ‘කස්මා’ යනු: කුමක් හෙයින් කිකරුණෙන් කවර හේතුයෙන් කවර ප්‍රත්‍යයෙන් කවර නිදානයකින් කවර සමුදයකින් කවර දැයකින් කවර ප්‍රභවයකින් එකක් නො කියත් ද? නොයෙක් ලෙස කියත් ද? විවිධ ව කියත් ද එකිනෙක කියත් ද වෙන වෙන කියත් ද පවසත් ද බෙණෙත් ද දක්වත් ද ව්‍යවහාර කෙරෙත් දැයි ‘කස්මා න ඒකං සමණා වදන්ති’ යනු වේ.

තෙනාහ සො නිම‍්මිතො:

එයින් වදාළහ බුදුහු:

“යමාහු සච‍්චං තථියන‍්ති එකෙ තමාහු අඤ‍්ඤෙ තුච‍්ඡං මුසාති, එවම‍්පි විග‍්ගය‍්හ විවාදයන‍්ති කස‍්මා න එකං සමණා වදන‍්තී”ති.

“යමාහු සච්චං -පෙ- කස්මා න ඒකං සමණා වදන්ති” යි.