යෙදුමෙන් කියවන්න

12. 7

12. 7.

12. 7.

එකං හි සච‍්චං න දුතියමත්‍ථි යස‍්මිං පජා නො විවදෙ පජානං, නානා තෙ සච‍්චානි සයං ථුනන‍්ති තස‍්මා න එකං සමණා වදන‍්ති.

සත්‍යය එකෙක් මැ (නිරෝධය හෝ මාර්‍ගය හෝ) වෙයි, දෙවැන්නෙක් නැත, යම් සත්‍යයක් දන්නාවූ පුද්ගල තෙමේ විවාද නො කරන්නේ නම් එය යි; ඒ මහණබමුණෝ නානා සත්‍යයන් තුමූ මැ කියති, එ කරුණෙන් මහණබමුණෝ එක් සත්‍යයක් නො කියත්.

එකං හි සච‍්චං න දුතියමත්‍ථිති - එකං සච‍්චං වුච‍්චති දුක‍්ඛනිරොධො නිබ‍්බානං, යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. අථවා එකං සච‍්චං වුච‍්චති මග‍්ගසච‍්චං නිය්‍යාණසච‍්චං දුක‍්ඛනිරොධගාමිනීපටිපදා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධීති - එකං හි සච‍්චං න දුතියමත්‍ථි.

ඒකං හි සච්චං න දුතියමත්ථි - එක් සත්‍ය යැයි දුඃඛනිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය කියනු ලැබෙයි, යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් නැසීමෙක් ක්ලේශවිරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එයයි: නොහොත් එක් සත්‍ය යැයි මාර්‍ගසත්‍යය කියනු ලැබෙයි, නෛර්‍ය්‍යාණිකසත්‍යය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යි, ඒ කවරේ ද යත්: සම්‍යග්දෘෂ්ටිය සම්‍යක් සංකල්පය සම්‍යග්වචනය සම්‍යක්කර්‍මාන්තය සම්‍යගාජීවය සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය සම්‍යක්සමාධිය නුයි ‘ඒකං හි සච්චං න දුතියමත්ථි’ යනු වේ.

යස‍්මිං පජා නො විවදෙ පජානන‍්ති - ‘යස‍්මි’න‍්ති යස‍්මිං සච‍්චෙ; ‘පජා’ති සත‍්තාධිවචනං; ‘පජානං’ යං සච‍්චං පජානන‍්තා විජානන‍්තා පටිවිජානන‍්තා පටිවිජ‍්ඣන‍්තා න කලහං කරෙය්‍යුං, න භණ‍්ඩනං කරෙය්‍යුං, න විග‍්ගහං කරෙය්‍යුං, න විවාදං කරෙය්‍යුං, න මෙධගං කරෙය්‍යුං, කලහං භණ‍්ඩනං විග‍්ගහං විවාදං මෙධගං පජහෙය්‍යුං, විනොදෙය්‍යුං, බ්‍යන‍්තීකරෙය්‍යුං, අනභාවං ගමෙය්‍යුන‍්ති - යස‍්මිං පජා නො විවදෙ පජානං.

යස්මිං පජා නො විවදෙ පජානං - ‘යස්මිං’ යනු: යම් සත්‍යයක්; ‘පජා’ යනු: සත්ත්‍වයනට නමෙකි; පජානං - යම් සත්‍යයක් ප්‍රකර්‍ෂයෙන් දන්නහු හාත්පසින් දන්නාහු වෙසෙසින් දන්නාහු මැනවින් දන්නාහු සිතින් අවබෝධ කරන්නාහු කලහ නො කරන්නාහු ය, ඩබර නො කරන්නාහු ය, විග්‍රහ නො කරන්නාහු ය, විවාද නො කරන්නාහු ය, මෙධග නො කරන්නාහු ය, කලහ භණ්ඩන විග්‍රහ විවාද මෙධග හරනාහු ය, දුරලන්නාහු ය, බැහැර කරන්නාහු ය, අනභාවයට පමුණුවන්නාහු නුයි ‘යස්මිං පජා නො විවදෙ පජානං’ යනු වේ.

නානා තෙ සච‍්චානි සයං ථුනන‍්තීති - නානා තෙ සච‍්චානි සයං ථුනන‍්ති වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්ති, ‘සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති, සයං ථුනන‍්ති, වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්තීති - නානා තෙ සච‍්චානි සයං ථුනන‍්ති.

නානා තෙ සච්චානි සයං ඵුනන්ති - ඔවුහු නානා සත්‍යයන් තුමූ මැ පසසති, පවසති, කියති, බෙණෙති දක්වති බැව්හර කෙරෙත්; ‘ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’ යි පසසති පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘නානා තෙ සච්චානි සයං ඵුනන්ති’ යනු වේ.

තස‍්මා න එකං සමණා වදන‍්තීති - ‘තස‍්මා’ති තස‍්මා තඞ‍්කාරණා තංහෙතු තප‍්පච‍්චයා තන‍්නිදානා න එකං වදන‍්ති, නානා වදන‍්ති, විවිධං වදන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං වදන‍්ති පුථු වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්තීති - තස‍්මා න එකං සමණා වදන‍්ති.

තස්මා න ඒකං සමණා වදන්ති - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් එකක් නො කියති, නොයෙක් සේ කියති, විවිධ ව කියති අනන්මන කියති, වෙන වෙන මැ කියති පවසති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘තස්මා න ඒකං සමණා වදන්ති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“එකං හි සච‍්චං න දුතියමත්‍ථි යස‍්මිං පජා නො විවදෙ පජානං, නානා තෙ සච‍්චානි සයං ථුනන‍්ති තස‍්මා න එකං සමණා වදන‍්ති”ති.

“ඒකං හි සච්චං -පෙ- තස්මා න ඒකං සමණා වදන්ති” යි.