12. 8
12. 8.
12. 8.
කස්මා නු සච්චානි වදන්ති නානා පවාදියා සෙ කුසලාවදානා, සච්චානි සුතානි බහූනි නානා උදාහු තෙ තක්කමනුස්සරන්ති.
විරුද්ධවාද ඇති (ස්වලබ්ධියෙහි) පණ්ඩිතවාද ඇති (ඔහු) කුමක් හෙයින් නානා සත්‍යයන් කියත් ද? (ඔවුන් විසින්) බොහෝ වූ නානා සත්‍යයන් අසන ලද්දාහු ද? නොහොත් ඔවුහු තර්කමාත්රයක් අනුව යෙත් ද?
කස්මා නු සච්චානි වදන්ති නානාති - ‘කස්මා’ති කස්මා කිං කාරණා කිංහෙතු කිම්පච්චයා කින්නිදානා සච්චානි නානා වදන්ති? විවිධානි වදන්ති? අඤ්ඤමඤ්ඤානි වදන්ති? පුථූනි වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - කස්මා නු සච්චානි වදන්ති නානා.
කස්මා නු සච්චානි වදන්ති නානා - ‘කස්මා’ යනු: කුමක් හෙයින් කිකරුණෙන් කවර හේතුයෙකින් කවර ප්‍රත්‍යයෙකින් කවර නිදානයෙකින් සත්‍යයන් නන් ලෙස කියත් ද? විවිධ ව කියත් ද? අනන්මන කියත් ද? වෙන වෙන ම පවසත් ද? කියත් ද? වෙන වෙන මැ පවසත් ද? කියත් ද? බෙණෙත් ද? දක්වත් ද? ව්‍යවහාර කෙරෙත් දැ’යි ‘කස්මා නු සච්චානි වදන්ති නානා’ යනු වේ.
පවාදියා සෙ කුසලාවදානාති - පවාදියාසෙ’ති විප්පවදන්තීති පි පවාදියා සෙ; අථවා සකං සකං දිට්ඨිගතං පවදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති, සස්සතො ලොකෙ ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති පවදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති අසස්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති පවදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති. කුසලාවදානාති කුසලවාදා පණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා, සකාය ලද්ධියාති - පවාදියා සෙ කුසලාවදානා.
පවාදියා සෙ කුසලාවදානා - ‘පවාදියා සෙ’ යනු: විවිධ ව කියත් නුයි ද ‘පාවාදියා සෙ’ යනු වේ; නොහොත් තමතමාගේ දෘෂ්ටිගතය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්: ‘ශාශ්වත යැ ලෝකය, මෙ මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ‘අශාශ්වත යැ ලෝකය … සත්ත්වයා මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි. මේ මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. කුසලාවදානා - ස්වලබ්ධියෙහි කුශල යැ යන වාද ඇත්තාහු පණ්ඩිතවාද ඇත්තාහු ස්ථිරවාදඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු සථානවාද ඇත්තාහු නුයි ‘පවාදියා සෙ කුසලාවදානා’ යනු වේ.
සච්චානි සුතානි බහූනි නානාති - සච්චානි සුතානි බහුකානි නානානි විවිධානි අඤ්ඤමඤ්ඤානි පුථූනීති - සච්චානි සුතානි බහූනි නානා.
සච්චානි සුතානි බහූති නානා - බොහෝ වූ නන් වැදැරුම් වූ විවිධ වූ අනන්මන වූ වෙන් වෙන් වූ සත්‍යයෝ අසන ලද්දාහු දැ’ යි ‘සච්චානි සුතානි බහූති නානා’ යනු වේ.
උදාහු තෙ තක්කමනුස්සරන්තී’ති - උදාහු තක්කෙන විතක්කෙන සඞ්කප්පෙන යායන්ති නීයන්ති වුය්හන්ති සංහරිය්යන්තීති එවම්පි - උදාහු තෙ තක්කමනුස්සරන්ති. අථවා තක්කපරියාහතං වීමංසානුචරිතං සයම්පටිභානං වදන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති එවම්පි - උදාහු තෙ තක්කමනුස්සරන්ති.
උදාහු තෙ තක්කමනුස්සරන්ති - නොහොත් තර්කයෙන් සංකල්පයෙන් යවනු ලැබෙති, පමුණුවනු ලැබෙති, වහනය කරනු ලැබෙති, මොනොවට හරිනු ලැබෙත් නුයි - මෙසේ ත් ‘උදාහු තෙ තක්කමනුස්සරන්ති’ යනු වේ. නොහොත් තර්කයෙන් හාත්පසින් එළවන ලද තමාගේ හැඟීමෙන් විමසන ලද ස්වකීය ප්‍රතිභානය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි - මෙසේත් ‘උදාහු තෙ තක්කමනුස්සරන්ති’ යනු වේ.
තෙනාහ සො නිම්මිතො:
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“කස්මා නු සච්චානි වදන්ති නානා පවාදියා සෙ කුසලාවදානා, සච්චානි සුතානි බහූනි නානා උදාහු තෙ තක්කමනුස්සරන්තී”ති.
“කස්මා නු සච්චානි -පෙ- උදාහු තෙ තක්කමනුස්සරන්ති” යි.