12. 9
12. 9.
12. 9.
නහෙව සච‍්චානි බහූනි නානා අඤ‍්ඤත්‍ර සඤ්ඤාය නිච‍්චානි ලොකො, තක‍්කඤ‍්ච දිට‍්ඨීසු පකප‍්පයිත්‍වා සච්චං මුසාති ද‍්වයධම‍්මමාහු.
ලොවැ සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයන් තබා නන්වැදෑරුම් වූ බොහෝ සත්‍යයෝ නො මැ වෙති, දෘෂ්ටිවිෂයෙහි (තමා ගේ ) මිථ්‍යාසංකල්පමාත්‍රය ද උපදවා (මාගේ වචනය) සැබව, තාගේ වචනය) බොරු යැ යන යුග්මධර්‍මය (- දෙ කරුණ) කියත්.
න හෙව සච‍්චානි බහූනි නානාති - නහෙව සච‍්චානි බහුකානි නානානි විවිධානි අඤ‍්ඤමඤ‍්ඤානි පුථූනීති - න හෙව සච‍්චානි බහූනි නානා.
නහෙව සච්චානි බහූති නානා - බොහෝ වූ නානා වූ විවිධ වූ අන්‍යෝන්‍ය වූ වෙන් වෙන් වූ සත්‍යයෝ නො මැ වෙත් නුයි ’ නහෙව සච්චානි බහුති නානා’ යනු වේ.
අඤ‍්ඤත්‍ර සඤ්ඤාය නිච‍්චානි ලොකෙති - අඤ‍්ඤත්‍ර සඤ‍්ඤාය නිච‍්චගාහා එකඤ‍්ඤෙව සච‍්චං ලොකෙ කථීයති භණීයති දීපියති වොහරීයති දුක‍්ඛනිරොධො නිබ‍්බානං, යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. අථවා, එකං සච‍්චං වුච‍්චති මග‍්ගසච‍්චං නිය්‍යානසච‍්චං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො; සෙය්‍යථීදං? සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධීති - අඤ‍්ඤත්‍ර සඤ්ඤාය නිච‍්චානි ලොකෙ.
අඤ්ඤත්‍ර සඤ්ඤාය නිච්චානි ලෝකේ - සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයෙන් වෙන් ව ලොවැ දුඃඛනිරෝධ යයි කියන ලද නිර්‍වාණ නම් වූ එක මැ සත්‍යය කියනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, ව්‍යවහාර කරනු ලැබේ; යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව නැසීමෙක් ක්ලෙශවිරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. නොහොත් එක් සත්‍ය යැ’යි මාර්‍ගසත්‍යය කියනු ලැබෙයි, නෛර්‍ය්‍යාණික සත්‍යය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය යි, ඒ කවරේ ද යත්? සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක් සමාධිය නුයි ‘අඤ්ඤත්‍ර සඤ්ඤාය නිච්චානි ලෝකේ’ යනු වේ.
තක‍්කඤ‍්ච දිට‍්ඨීසු පකප‍්පයිත්‍වා සච්චං මුසාති ද‍්වයධම‍්මමාහූති තක‍්කං විතක‍්කං සඞ‍්කප‍්පං තක‍්කයිත්‍වා විතක‍්කයිත්‍වා සඞ‍්කප‍්පයිත්‍වා දිට‍්ඨිගතානි ජනෙන‍්ති සඤ‍්ජනෙන‍්ති නිබ‍්බත‍්තෙන‍්ති අභිනිබ‍්බත‍්තෙන‍්ති; දිට‍්ඨිගතානි ජනෙත්‍වා සඤ‍්ජනෙත්‍වා නිබ‍්බත‍්තෙත්‍වා අභිනිබ‍්බත‍්තෙත්‍වා ‘මය‍්හං සච‍්චං තුය‍්හං මුසා’ති එවමාහංසු, එවං කථෙන‍්ති, එවං භණන‍්ති, එවං දීපයන‍්ති, එවං වොහරන‍්තීති - තක‍්කඤ‍්ච දිට‍්ඨීසු පකප‍්පයිත්‍වා සච්චං මුසාති ද‍්වයධම‍්මමාහු.
තක්කඤ්ච දිටඨිසු පකප්පයිත්වා සච්චං මුසා’ ති ද්වයධම්මමාහු - තර්‍කය විතර්‍කය සඞ්කල්පය තර්‍කණය කොට විතර්‍කණය සඞ්කල්පනය කොට දෘෂ්ටිගතයන් උපදවති, මොනවට උපදවති, නිපදවති, වෙසෙසින් නිපදවත්, දෘෂ්ටිගතයන් (මතු මත්තෙහි) උපදවා මොනොවට උපදවා නිපදවා වෙසෙසින් නිපදවා මාගේ (- වදන) සැබව, තාගේ (වදන) බොරු යයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තක්කඤ්ච දිටඨිසු පකප්පයිත්වා සච්චං මුසාති ද්වයධම්මමාහු’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“න හෙව සච‍්චානි බහූනි නානා අඤ‍්ඤත්‍ර සඤ්ඤාය නිච‍්චානි ලොකො, තක‍්කඤ‍්ච දිට‍්ඨීසු පකප‍්පයිත්‍වා සච්චං මුසාති ද‍්වයධම‍්මමාහූ”ති.
“න හෙව සච්චානි -පෙ- සච්චං මුසාති ද්වයධම්මමාහු” යි.