යෙදුමෙන් කියවන්න

12. 12

12. 12.

12. 12.

අතිසාරදිට‍්ඨියා සො සමත‍්තො මානෙන මත‍්තො පරිපුණ‍්ණමානී, සයමෙව සාමං මනසාභිසිත‍්තො දිට‍්ඨී හි සා තස‍්ස තථා සමත‍්තා.

හෙතෙම ද්වාෂෂ්ටිදෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ ( - ඉදිමුණේ) දෘෂ්ටිමානයෙන් මත් වූයේ පරිපූර්‍ණයෙමී මාන ඇතියේ තමා මැ තෙමේ සිතින් අභිෂේක කරන ලදුයේ වෙයි, යම් හෙයෙකින් ඔහු විසින් ඒ දෘෂ්ටිය එපරිදේදෙන් ගන්නා ලද්දී ද එහෙයිනි.

අතිසාරදිට‍්ඨියා සො සමත‍්තොති - අතිසාරදිට‍්ඨියො වුච‍්චන‍්ති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානි, කිංකාරණා අතිසාරදිට‍්ඨියො වුච‍්චන‍්ති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානි? සබ‍්බා තා දිට‍්ඨියො කාරණාතික‍්කන‍්තා ලක‍්ඛණාතික‍්කන‍්තා ඨානාතික‍්කන‍්තා තංකාරණා අතිසාරදිට‍්ඨියො වුච‍්චන‍්ති ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි; සබ‍්බාපි දිට‍්ඨියො අතිසාරදිට‍්ඨියො; කිංකාරණා සබ‍්බාපි දිට‍්ඨියො වුච‍්චන‍්ති අතිසාරදිට‍්ඨියො? තෙ අඤ‍්ඤමඤ‍්ඤං අතික‍්කමිත්‍වා සමතික‍්කමිත්‍වා වීතිවත‍්තිත්‍වා දිට‍්ඨිගතානි ජනෙන‍්ති සඤ‍්ජනෙන‍්ති නිබ‍්බත‍්තෙන‍්ති අභිනිබ‍්බත‍්තෙන‍්ති; තඞ‍්කාරණා සබ‍්බාපි දිට‍්ඨියො වුච‍්චන‍්ති අතිසාරදිට‍්ඨියො. අතිසාරදිට‍්ඨියා සො සමත‍්තොති අතිසාරදිට‍්ඨියා සමත‍්තො පරිපුණ‍්ණො අනොමොති අතිසාරදිට‍්ඨියා සො සමත‍්තො.

අතිසාරදිටඨියා සො සමත්තො - ‘අතිසාරදිටඨි’ යයි දෙසැට දිටුගතයෝ කියනු ලැබෙති, කවර කරුණෙකින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද යත්: ඒ සියලු දෙසැට දෘෂ්ටීහු කාරණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ස්ථාන ඉක්මවූවාහුය, ඒ කරුණෙන් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙති; සියලු මැ දෘෂ්ටීහු අතිසාර දෘෂ්ටිහු යැ, කවර කරුණෙකින් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද? ඔවුහු ඔවුනොවුන් ඉක්මවා මොනොවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා දෘෂ්ටිගතයන් උපදවති, මොනොවට උපදවති - නිපදවති වෙසෙසින් නිපදවත්; එ කරුණෙන් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යයි කියනු ලැබෙත්. අතිසාරදිටඨියා සො සමත්තො - දෙසැට දෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ පරිපූර්‍ණ වූයේ අනූන වූයේ නුයි ‘අතිසාරදිටඨියා සො සමත්තො’ යනු වේ.

මානෙන මත‍්තො පරිපුණ‍්ණමානීති - සකාය දිට‍්ඨියා දිට‍්ඨිමානෙන මත‍්තො පමත‍්තො උම‍්මත‍්තො අතිමත‍්තොති - මානෙන මත‍්තො; පරිපුණ‍්ණමානීති පරිපුණ‍්ණමානී සමත‍්තමානී අනොමමානීති - මානෙන මත‍්තො පරිපුණ‍්ණමානී.

මානෙන මත්තො පරිපුණ්ණමානී - ස්වකීය දෘෂ්ටියෙහි දෘෂ්ටිමානයෙන් මත්වූයේ පමත්වූයේ උමතු වූයේ ඉතා මත්වූයේ නුයි ‘මානෙන මත්තො ’ යනු වේ; පරිපුණ්ණමානී පරිපූර්‍ණමාන ඇතියේ සම්පූර්‍ණමාන ඇතියේ අනූනමාන ඇතියේ නුයි ‘මානෙන මත්තො පරිපුණ්ණමානී’ යනු වේ.

සයමෙව සාමං මනසාභිසිත‍්තොති - සයමෙව අත‍්තානං චිත‍්තෙන අභිසිඤ‍්චති: ‘අහමස‍්මි කුසලො පණ‍්ඩිතො පඤ‍්ඤවා බුද‍්ධිමා ඤාණී විභාවී මෙධාවී’ති ‘සයමෙව සාමං මනසාභිසිත‍්තො.’

සයමෙව සාමං මනසාභිසිත්තො - ‘මම් දක්‍ෂයෙමි පණ්ඩිතයෙමි ප්‍රඥාවත්මි බුද්ධිමත්මි ඥානවත්මි වීමංසනප්‍රඥා ඇත්තෙමි තීරණප්‍රඥා ඇත්තෙමි’ යි තෙමේ ම තමා විසින් අභිෂේක කෙරේ නුයි ‘සයමෙව සාමං මනසාභිසිත්තො’ යනු වේ.

දිට‍්ඨී හි සා තස‍්ස තථා සමත‍්තාති - තස‍්ස සා දිට‍්ඨි තථා සමත‍්තා සමාදින‍්නා ගහිතා පරාමට‍්ඨා අභිනිවිට‍්ඨා අජ‍්ඣොසිතා අධිමුත‍්තාති - දිට‍්ඨි හි සා තස‍්ස තථා සමත‍්තා.

දිට්ඨි හි සා තස්ස තථා සමත්තා - ඔහු විසින් ඒ දෘෂ්ටි තොමෝ එපරිද්දෙන් පුරන ලද්දී සමාදන් වූවා ගන්නා ලද්දී දැහැගන්නා ලද්දී පිහිටා ගන්නාලද්දී පිවිසියා බැසගන්නා ලද්දී නුයි ‘දිට්ඨි හි සා තස්ස තථා සමත්තා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“අතිසාරදිට‍්ඨියා සො සමත‍්තො මානෙන මත‍්තො පරිපුණ‍්ණමානී, සයමෙව සාමං මනසා’භිසිත‍්තො දිට‍්ඨි හි සා තස‍්ස තථා සමත‍්තා”ති

“අතිසාරදිටඨියා සො -පෙ- දිට්ඨි හි සා තස්ස තථා සමත්තා” යි.