12. 13
12. 13.
12. 13.
පරස්ස චෙ හි වචසා නිහීනො තුමො සහා හොති නිහීනපඤ්ඤො, අථ චෙ සයං වෙදගූ හොති ධීරො න කොචි බාලො සමණෙසු අත්ථි.
ඉදින් (යමෙක් දෘෂ්ටිවිනිශ්චයෙහි සිටි) අන්‍යයාගේ නින්දාවචනයෙන් නිහීනයෙක් වේ නම්, තෙමේත් ඔහු සමග ම නිහීනප්‍රඥා ඇත්තේ වෙයි. යලි තෙමේ මැ ඉදින් වේදාන්තයට ගියා වූ ධීරයෙක් වේ නම්, ශ්රමණයන් කෙරෙහි බාල වූ කිසිවෙක් නැත්තේ යි.
පරස්ස චෙ හි වචසා නිහීනොති - පරස්ස චෙ වාචාය වචනෙන නින්දිතකාරණා ගරහිතකාරණා උපවදිතකාරණා පරො බාලො හොති හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තොති - පරස්ස චෙ හි වචසා නිහීනො.
පරස්ස චෙ හි වචසා නිහීනො - ඉදින් අන්‍යයාගේ වචනයෙන් භාෂිතයෙන් නින්දාහෙතුයෙන් අවමානහෙතුයෙන් උපවාදකාරණයෙන් අන්‍යයා බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් අහේතුකයෙක් අල්පයෙක් වේ නම් යී ‘පරස්ස චෙ හි වචසා නිහීනො’ යනු වේ.
තුමො සහා හොති නිහීනපඤ්ඤොති - සො පි තෙනෙව සහා හොති හීනපඤ්ඤො නිහීනපඤ්ඤො ඔමකපඤ්ඤො ලාමකපඤ්ඤො ඡත්තකපඤ්ඤො පරිත්තපඤ්ඤොති - තුමො සහා හොති නිහීනපඤ්ඤො.
තුමො සහා හොති නිහිනපඤ්ඤෙ - හෙතෙමේ ත් ඔහු සමග මැ හීනප්‍රඥා ඇත්තේ වෙයි, නිහීනප්‍රඥා ඇත්තේ අවමතප්‍රඥා ඇත්තේ ලාමක ප්‍රඥා ඇත්තේ අහෙතුකප්‍රඥා ඇත්තේ අල්ප වූ ප්‍රඥා ඇත්තේ වේ නුයි ‘තුමො සහා හොති නිහිනපඤ්ඤෙ’ යනු වේ.
අථ චෙ සයං වෙදගූ හොති ධීරොති - අථ චෙ සයං වෙදගූ හොති ධීරො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවීති - අථ චෙ සයං වෙදගූ හොති ධීරො.
අථ චෙ සයං වේදගු හොති ධීරො - යලි ඉදින් තෙමේ වේදාන්තයට පැමිණියේ වේ නම්, ධීර වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ වීමංසනප්‍රඥා ඇත්තේ තීරණප්‍රඥා ඇත්තේ වී නම් යී ‘අථ චෙ සයං වේදගු හොති ධීරො’ යනු වේ.
න කොචි බාලො සමණෙසු අත්ථිති - සමණෙසු න කොචි බාලො හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තො අත්ථි, සබ්බෙව සෙට්ඨපඤ්ඤා විසිට්ඨපඤ්ඤා පාමොක්ඛපඤ්ඤා උත්තමපඤ්ඤා පවරපඤ්ඤාති න කොචි බාලො සමණෙසු අත්ථි.
න කෝචි බාලො සමණෙසු අත්ථි - ශ්රමණයන් කෙරෙහි කිසි බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් ඡත්තකයෙක් පරිත්තයෙක් නැති. සියල්ලෝ මැ ශ්‍රෙෂ්ඨප්‍රඥා ඇත්තාහු විශිෂ්ඨප්‍රඥා ඇත්තාහු ප්‍රමුඛප්‍රඥා ඇත්තාහු උත්තමප්‍රඥා ඇත්තාහු ප්‍රවරප්‍රඥ ඇත්තාහු නුයි ‘න කෝචි බාලො සමණෙසු අත්ථි’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“පරස්ස චෙ හි වචසා නිහීනො තුමො සහා හොති නිහීනපඤ්ඤො, අථ චෙ සයං වෙදගූ හොති ධීරො න කොචි බාලො සමණෙසු අත්ථි”ති.
“පරස්ස චෙ හි -පෙ- න කෝචි බාලො සමණෙසු අත්ථි” යි.