12. 14
12. 14.
12. 14.
අඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලී තෙ, එවම්පි තිත්ථ්යා පුථුසො වදන්ති සන්දිට්ඨිරාගෙන හි තෙ’භිරත්තා.
යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දහමක් (- දෘෂ්ටියක්) කියා නම්, අපරිපූර්ණ වූ ඔහු ශුද්ධිය වැරැද්දාහුය, මෙසේත් තීර්‍තථකයෝ බොහෝ දෘෂ්ටිවශයෙන් කියති, යම් හෙයකින් ඔවුහු ස්වකීය දෘෂ්ටිරාගයෙන් ඇලුණාහු ද එහෙයිනි.
අඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලී තෙති - ඉතො අඤ්ඤං ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං යෙ අභිවදන්ති, තෙ සුද්ධිමග්ගං විසුද්ධිමග්ගං වොදාතමග්ගං පරියොදාතමග්ගං විරද්ධා අපරද්ධා ඛලිතා ගලිතා අඤ්ඤාය අපරද්ධා අකෙවලී තෙති අසමත්තා තෙ අපරිපුණ්ණා තෙ හීනා නිහීනා ඔමකා ලාමකා ඡත්තකා පරිත්තාති - අඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවඩී තෙ.
අඤ්ඤං ඉතො යාභිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලි තෙ - යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්ගයක් කියත් නම්, ඔවුහු ශුද්ධිමාර්ගය විශුද්ධිමාර්ගය පරිශුද්ධිමාර්ගය පණ්ඩරමාර්ගය ප්රභාවත්මාර්ගය වැරැද්දාහුය පැරැද්දාහුය පිරිහුණාහුය ගිලිහුණාහුය නො දැන පරාජයට පැමිණියාහුය; අකෙවලි තෙ - ඔවුහු අසමස්තයෝ යැ, ඔවුහු අපරිපූර්ණයෝ යැ, හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්තක වූවාහු නුයි ‘අඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලි තෙ’ යනු වේ.
එවම්පි තිත්ථ්යා පුථුසො වදන්තීති - ‘තිත්ථං’ වුච්චති දිට්ඨිගතං, තිත්ථියා වුච්චන්ති දිට්ඨිගතිකා; පුථු තිත්ථියා පුථු දිට්ඨිගතානි වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - එවම්පි තිත්ථ්යා පුථුසො වදන්ති.
එවමපි තිත්ථ්යා පුථුසො වදන්ති - ‘තිත්ථ’ යි දෘෂ්ටිගතය කියනු ලැබෙයි, දෘෂ්ටිගතිකයෝ ‘තිත්ථිය’ යි කියනු ලැබෙත්, බොහෝ දෘෂ්ටිගතිකයෝ නානා දෘෂ්ටිගතයන් පවසති කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘එවමපි තිත්ථ්යා පුථුසො වදන්ති’ යනු වේ.
සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තාති - සකාය දිට්ඨියා දිට්ඨිරාගෙන රත්තා අභිරත්තාති - සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා.
සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා - ස්වකීය දෘෂ්ටියෙහි දෘෂ්ටිරාගයෙන් රැඳුණාහු වෙසෙසින් රැඳුනණාහු නුයි ‘සන්දිටඨිරාගෙන හි තෙභිරත්තා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“අඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලී තෙ, එවම්පි තිත්ථ්යා පුථුසො වදන්ති සන්දිට්ඨිරාගෙන හි තෙ’භිරත්තා’ති.
“අඤ්ඤං ඉතො -පෙ- සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා” යි.